Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: Season 4

Sep. 21, 2023
Your rating: 0
6 1 vote
Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොහෝ දෙනෙක් බලාගෙන හිටපු සෙක්ස් එඩියුකේශන් කතා මාලාවේ හතර වෙනි සීසන් එක. එහෙමත් නැති නම් අවසාන සීසන් එක. කට්ටියට මතක ඇතිනේ සීසන් තුනක් පුරාවට මේ ගමනෙදි වුණ දේවල්. මතක නැති අයට අපි සීසන් තුනේ වුණ දේවල් ටිකක් මතක් කරගෙන ඉමු. සීසන් තුනේදි අපිට ගොඩක්ම බලාගන්න පුළුවන් වුණේ බ්‍රේකප් සීන්නෙ. ඒ අනුව,

එරික් සහ ඇඩම් දෙන්නා වෙන් වෙනවා. මොකද එරික් පවුලෙ අය එක්ක ලේගොස් ගිය වෙලාවෙදි එයාට තමන් වගේම සමලිංගික යාලුවො ටිකක් සෙට් වෙනවා. එහෙදි එරික් ඕබාව කිස් කරනවත් එක්කනෙ. ඒ බව පස්සෙ එරික් ඇඩම්ට කිව්වට පස්සෙ දෙන්න අවසානෙදි තීරණේ කරනවා වෙන් වෙන්න.

ඊලඟට අපිට බලාගන්න පුළුවන් වුණා ඇඩම්ගෙ අම්මයි තාත්තයි වෙන මොරීනුයි මයිකල් දෙන්නත් වෙන් වෙන්න යනවා. ඒකට හේතුව වෙන්නෙ මොරීන් තේරුම් ගන්නවා එයාලගෙ සම්බන්දෙ ඇඩම්ට ගොඩක් සංකීර්ණ වැඩී ඒ නිසා දෙන්න වෙන් වෙන්න ඕනෙ කියලා.

තවද අපිට බලාගන්න පුළුවන් වුණා කැලුයි ජැක්සන්ගෙයි සම්බන්දෙකුත්. ඒත් කැල් තේරුම් ගන්නවා එයාව හරියටම තේරුම් අරන් නෑ කියල ජැක්සන්. මොකද කැල් කියන්නේ නන්-බයිනරි කෙනෙක් ඒත් ජැක්සන් කැල්ව පිලිගන්නේ ගොඩක් දුරට කෙල්ලෙක් විදිහට. ඒකට කැල්ට ගොඩක් අවුල් යනවා සහ එයා ජැක්සන්ට කියනවා අපි තවත් මේක කරගෙන යන්න ඕන්නෑ කියලා.

ඒ විතරක් නෙවේ ඒමී සහ ස්ටීව්ගෙ සම්බන්දෙටත් තිත වැටෙනව අපිට කලින් සීසන් එකේ අවසානෙදි බලාගන්න පුළුවන් වෙනවා. ඒකට හේතුව වෙන්නේ ඒමිට සිද්ධ වුණ කරදර නිසා එයා බය වෙනවා ස්ටීව්ව ආශ්‍රය කරන්න. ඒක ස්ටීව්ගෙ වරදක් නොවුනත් ඒමිට එයාලගෙ සම්බන්දෙ තියාගන්න අපහසු වෙනවා. කොහොමින් හරි අවසානෙදි ඒමි තීරණේ කරනවා එයාලගෙ සම්බන්දෙ නවත්තන්න.

හැබැයි සීසන් තුනේදි වුණ හොඳම කොටස විදිහට අපිට බලාගන්න පුළුවන් උනා ස්කූල් ට්‍රිප් එකේදි මේව් සහ ඕටිස් දෙන්නගෙ හැඟීම් ප්‍රකාශ කරලා අන්තිමේදි දෙන්න සෙට් වෙනවා. හැබැයි ඒකත් වැඩි කාලෙකට නම් නෙවේ, මතක ඇතිනෙ කට්ටියට මේව් අවසානෙදි තීරණේ කරනවා ඇමරිකාවෙ යන්න.

මේත් එක්කම ඕටිස්ගෙ අම්මා වෙන ජීන්ට සෑහෙන ප්‍රශ්න ගොඩකට මුහුන දෙන්න වෙනවා. මොකද එයාට ජේකබ්ගෙන් ලමයෙන් ළමයෙක් ලැබෙන්න ඉන්න නිසා. කොහොම හරි සෑහෙන ප්‍රශ්න ගොඩකට පස්සේ ආයෙත් දෙන්න එකතු වෙලා ළමයට ජෝයි කියලත් නම තියනවා. ඒත් ජීන්ගෙ ප්‍රශ්න නම් ඉවර වෙන්නෑ, මොකද අවසානෙදි එයා කරපු පරීක්ශනෙන් ජෝයිගෙ ඇත්තම තාත්තා ජේකබ්ද කියන එක ගැනත් ප්‍රශ්න මතු වෙනවා.

එහෙනම් ඔය විදිහට තමයි අපිට කලින් සීසන් එකේ දේවල් බලාගන්න හැකි වුණේ. මේ දේවල් ඉදිරියට කොහොමින් කොහොම වෙයිද කියන එක ගැන අපිට දැං හරියටම බලාගන්න පුළුවන්.

එහෙනම් ඔයාලට අපි ආරාධනා කරනවා මෙ අලුත්ම හතරවෙනි කතාසමය රසවිඳින්න කියල…

අධ්‍යක්ෂණය – Laurie Nunn
කතා මාලාවේ IMDb අගය – 8.3/10
කතා මාලාවේ කුණු තක්කාලි – 95%
කතාංගය විකාශය වූ දිනය – September 21, 2023

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ Bimsara Yashan (ඔලිව) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published