What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 4x8

Episode 8

Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

සෑහෙන කලකිරීමක් ඇති කරපු සීසන් එකක් මේක
ගොඩක් අය කියලා තිබුනා මීටවඩා තුන්වෙනි සීසන් එකෙන් නතරකළා නම් හොඳයි කියලා.
ඒත් fb එකේ ලිපියකින් උපුටාගත්ත දේවල් ටිකක් කියන්නම්.
ඩිරෙක්ටර් සර් කියලා තිබුනා එයාට මේ සීසන් එකෙන් ඇත්ත ජීවිතේ
අවුරුදු 18-25 කාලේ මොනවගේද කියලා පෙන්වන්න ඕනේ වුනාලු.
ඒකයි එච්චර කොමඩි ගතිය නැතුව සීරියස් මූඩ් එකක් අරන් තියෙන්නේ.
අනික ගොඩක් චරිත සීරිස් එකෙන් වෙන ප්‍රොජෙක්ට් වලට ගිහින් තියනවා.
ඒකනිසා එයාලට අලුත් චරිත ගොඩක් ගේන්න වෙලා තියනවා.
ඒවුනත් මේ නම් ඕනවට වැඩී, යකෝ සාමාන්‍ය එවුන් ඇත්තෙම නෑනේ මේකේ.
ලජබට සමාජයක් මේක. මෙච්චර ජාති ඉන්නවා කියලා දන්නෙත් මේ සීරිස් එකෙන්
තව මේව්ට රඟපාන Emma Mackey කියලා තියනවා අපි දැන් වයස් අවුරුදු 30 ත් පහුවෙන්න එනවා
එහෙම අය හයිස්කූල් යන ළමාචරිත රඟපාන එක ගැලපෙන්නේ නෑ කියලා.
මෙව්වා ගිහින් අර දෙවනි ඉනිම කරපු එකාට තමා කියන්න ඕනේ.
තවත් දෙයක් හැටියට මේක රචනා කරපු Laurie nunn අදහසක් පලකරලා තියනවා.
Moordale හයිස්කූල් එකේ ස්ටෝරිය ගැන තව ටිකක් පුළුල් විදිහට විස්තර කරන්න.
එහෙම කතාමාලාවක් ආවොත්….,
සමහරවිට ආයේ ඕටිස් සහ මේව් එකට දැකගන්න ලැබෙන්න ඉඩ තියෙයි.

ඉතින් කලින් එපිසෝඩ් එකෙන් ඔයාලා දකින්න ඇති ගොඩක් චරිත වල අවසානයට ගෙනාවා.
ජීන් එයාගේ ජෝ එක්ක සහයෝගයෙන් ඉන්න හදනවා.
ඒත් වැඩක් වෙන්නේ නෑ රණ්ඩුවක් යනවාමයි.
ඇඩම් තාත්තට කියන්න තියන තිත්ත ඇත්ත කියලා දෙනවා.
හැමදේටම වඩා වැදගත් ඕටිස් , ඕ එක්ක ලිෆ්ට් එකේ හිරවෙනවා.
මේකෙන් හැමෝටම තේරෙනවා කවුද උපදේශකට ගැලපෙන්නේ කියලා
රූබි ඡන්දයට අළුත් තරඟකාරයෙක් අරගෙන එනවා
ඒමි අයිසැක් එක්ක සැට් වෙනවා.
ඕටිස්ගේ අම්මා (ජීන්) මේව්ගේ ඇමරිකා යන අදහසට උපදෙස් දෙනවා.
මෙතනින් අපිට අඩුමතරමේ කියලා හිත හදාගන්න තිබුන අන්තිම චාන්ස් එකත් නැතිවුනා.
මොකද මේ සීරිස් එකේ ගොඩක් අය බලාපොරොත්තු වුන දේ තමා මේ දෙන්නගේ
ලව් ස්ටෝරියට සතුටුදායක අවසානයක් ලැබෙයි කියන එක.
මේව් ඕටිස් එක්ක රැයක් ගතකරලා
වටිනම සිහිවටනයකුත් අරගෙන ආපහු ඇමරිකාවට ගියා
හැබැයි ඉතින් එච්චරම අවුලකුත් නෑ.
මොකද වෙන කෙනෙක් එක්ක යාළුවුනේ නෑ.
සිතින් විතරක් පෙම් කරන්නම්, දුරින්හිඳ ඔබ දෙස බලන්නම්
සීන් එකක් තමා වුනේ.
ඇත්ත ජීවිතේ ඔහොම දේවල් වෙනවා, ඒවා කොච්චර දුක්බර වුනත්
අපිට ඒ හැඟීම විඳින්න වෙනවා.

අද කොටස මේ සීරිස් එකේ අවසාන කොටස
ඕටිස් දාලා ගියාට හිතින් කොච්චර මේව් බැඳිලද ඉන්නේ කියලා බලාගන්න පුළුවන්
අන්තිමට ඕටිසුත් තමන්ගේ වැරදි ඉගෙනගෙන අතාරින්න පුරුදු වෙනවා.
හැබැයි ඕටිස්ගේ අම්මා කියන දේ අහපු ඕටිස්ට යක්ෂාවේශ වෙනවා.
ඒත් අන්තිමේදී අම්මා කියපු දේ තේරුම් ගන්නවා.
ඉතින් සෙසු චරිත වලටත් ගොඩක් හොඳ අවසානයක් දෙන්න උත්සාහ කරනවා.
එරික් පාස්ටර් කෙනෙක් වෙන්න තීරණය කරනවා.
ඇඩම් තාත්තා එක්ක සමාදාන වෙනවා.
ජැක්සන්ට එයාගේ තාත්ත ගැන දැනගන්න ලැබෙනවා.
ඒමි, අයිසැක් එක්ක යාළුවෙනවා.
ඒත් රූබි මැණිකට කිසිම අවසානයක් නැතුව අසාධාරණේ වෙන්නේ
ඉතින් එහෙනම් ඕටිස්ට ලැබෙන ලියුමේ කොටසක් ලියලා මමත් සමුගමී.

“I want you to know that however much it fucking hurts
that we can’t be together, I won’t ever close myself off again.
Meeting you cracked my heart open,
and now it’s forever changed. And because of that,
I will carry a part of you with me wherever I go.
I think what I’m trying to say is thanks for everything,

dickhead.”

From your loving Maeve

හැබැයි කතාව ලියපු කෙනාට තිබුනා සතුටුදායක අවසානයක් දෙන්න.

එහෙනම් අපි මෙ අවසාන කතා මාලාවේ අවසාන කොටස බලමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Sex Education:- S4:E8
Sex Education:- S4:E8
Sep. 21, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published