Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: Season 3

Sep. 17, 2021
Your rating: 0
7 1 vote
Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ හැමෝම වගේ මගබලාගෙන හිටිය කතාමාලාවක්. හැමෝම දන්නවනේ මේක බ්‍රිතාන්‍ය කතාමාලාවක් කියල. IMDb හි 8.3 ක අගයක් ලබාගෙන තියෙනවා මම මේ ලිපිය ලියන අවස්තාව වෙද්දී. තුන්වෙනි සීසන් එක ඉවර වෙද්දීනම් කොහොම වෙනස් වෙයිද කියල කියන්න බෑ. ඒවගේම රුපවාහිනි සම්මාන 35කට නිර්දේශ වෙලා 11ක් ජයග්‍රහණය කරලා තියෙනවා.

හදිසි කෙනෙක් ඉන්නවනම් හරි කතාවේ මෙතෙක් සිදුවුණ දේවල් මතකයේ තියෙනවනම් කෙලින්ම උපසිරැසිය ලබාගන්න යන්න පුළුවන්. නැවත අතීත ආවර්ජනයක් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ලිපිය පොඩ්ඩක් කියවලා මතකය අලුත්කරගෙනම යන්න කියලා ඉල්ලනවා. එතකොට කෝකටත් හොඳයිනේ.

ඕටිස් ගේ අම්මා ජීන් ඉස්කෝලෙට ඇවිත් කරපු දේශනය නිසා හැමෝම ටිකක් කලබල උනානේ, ඒවගේම අලුත් අදහස් ගැන කුතුහලයක් ඇතිවුනා. ඊටපස්සේ පාසලේ තියෙන ලිංගික උපදේශන වැඩමුළුවට සහභාගී උන ඇඩම්ගේ අම්මා තමන්ගේ මනුස්සය ගැන කලකිරිලා, කසාද ජිවිතේ නීරස වෙලා දික්කසාද වෙන්න ඕනේ කියනවා. මේ හැමදේමත් එක්ක ජීන් ගැන තිබුණු අප්‍රසාදය ඉවසගන්න බැරුව විදුහල්පති ග්‍රොෆ් මහතා ප්‍රධාන උත්සවයක් වෙලාවේ ජීන් ට බැනවදිනවා. ඒක අවසන් වෙන්නේ ග්‍රොෆ්ට තාවකාලික නිවාඩුවක් ලබාදීමෙන්. ඒවගේම ඕලාහේ තාත්තත් එක්ක තිබුණු සම්බන්ධය නිසා ජීන් දැනගන්නවා එයා ගැබ්ගෙන කියලා.

හමුදා පුහුණුවකට යැව්ව ඇඩම් ආපහු ආවට පස්සේ එයා දකිනවා එරික් රහීම් එක්ක සම්බන්ධයක් ඇතිකරගෙන ඉන්න බව. නමුත් අවසානෙදි උත්සවය දවසේ ඇඩම් මුළු පාසලම ඉදිරියේ එරික්ට තමන්ගේ හිතේ තියෙන ආදරේ ප්‍රකාශ කරනවා. ඔය අතරේ අපි හැමෝම බලාගෙන හිටියේ ඕටිස් සහ මේව් අතර ආදර සම්බන්ධය ආරම්භ වෙයි කියල. නමුත් මේව් කියනවා එයාට කිසිම තරහක් නෑ, තියෙන්නේ කලකිරීමක් විතරයි කියල. කොහොම උනත් තමන්ගේ පෙර වැරදි වලට සමාව ඉල්ලලා සහ ආදරය ප්‍රකාශ කරලා ඕටිස් වොයිස්මේල් එකක් යවනවා මේව්ගේ ෆෝන් එකට. නමුත් අපි හැමෝගෙම බලාපොරොත්තු බිඳදමමින් රෝද පුටුවේ ඉන්න අයිසැක් ඒ මැසේජ් එක මකලා දානවා. බොහොම කෙටියෙන් කියනවනම් ඔය ටික තමයි කතාවේ මෙතෙක් දුරට සිදුවුනේ.

එහෙනම් ඉක්මනට අලුත් සීසන් එකේ ආරම්භය ගැන පොඩි හැඳින්වීමක් දීලම ලිපිය ඉවරයක් කරන්නම්.,

විදුහල්පති ග්‍රොෆ් ගියාට පස්සේ අලුතෙන් පත්වෙලා ඇවිත් තියෙන්නේ විදුහල්පතිනියක්. එයා මේ වතාවේ ඇවිත් තියෙන්නේ හැමෝවම බ්‍රේන් වොෂ් කරලා ගන්න අදහසින් වගේ. හතරවටේට ලිංගිකව එකතුවෙන පාසල් දරුවන් නිසා මේ ඉස්කෝලේ දැන් අමුතුම තැනක් වීගෙනයි එන්නේ. ඒනිසා හැමෝටම නිල ඇඳුමක් ලබාදීලා, මේ මොර්ඩේල් පාසල ආයෙත් සුපුරුදු රිද්මයට ගන්නයි ඇයට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒවගේම අර අයිසැක් මේව්ගෙන් වෙන්කරන එක අමාරු වේගෙනයි එන්නේ. මොකද තවමත් ඕටිස් ගැන මේව්ගේ හිතේ තියෙන්නේ අප්‍රසාදයක්. ඉතින් අපි බලමු අවුරුද්දක් ඉවසගෙන ඉඳලා අපි බලාපොරොත්තු උන අවසානයක් කරා කතාමාලාව ගලාගෙන යයිද කියල.

එහෙනම් ඔයාලට අපි ආරාධනා කරනවා මෙ සුපිරි කතාසමය රසවිඳින්න කියල… ආයෙ අලුත් කතාසමයෙන් හමුවෙමු.

“අප, පෙරට වඩා පරිණත වෙමු,
පෙරට වඩා ශක්තිමත් වෙමු,
පෙර සිටියාටත් වඩා හදවතින් එක්වෙමු! “

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රඛිත රණතුංග සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published