Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: Season 2

Jan. 17, 2020
Your rating: 0
7 1 vote
Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් අරගෙන ආවා Sex Education දෙවෙනි කතාසමය. නම දැක්ක ගමන් දැනගත්තනේ, ආයෙ අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ. ගොඩක් අය මේක බලලත් ඇති. කොහොම උනත් ඉතින් ලංකාවෙ ලිංගික අධ්‍යාපනය කියන දේ තියෙන්නේ සෑහෙන පහත තැනක නිසා සෙක්ස් කියන වචනය ඇහුනත් චීයා,  ඊයා වගේ කියන තත්වෙකට පත්වෙලා තියෙන්නේ. නමුත් මෙන්න මේ වගේ කතාවක් බැලුවානම් දැනගන්න තිබුනා ඔය සෙක්ස් කියන වචනෙ ඇතුලේ තියෙන්නේ ඒකම විතරක් නෙමෙයි කියලා. එහෙනම් වැඩිය කියවන්නේ නැතුව පලවෙනි කතාසමය ගැන මතක් කරගෙන ඉමු.

හැමදාම ආදරයෙන්, ලිංගිකත්වයෙන් පරාජය වෙලා හිටිය ඕටිස් කොහොමහරි අන්තිමේදී අර ඕලා කියන කෙල්ලව සෙට් කරගන්නව. ඒ විතරක් නෙමෙයි අන්තිම කොටසේදී කොහොමහරි හාදුවකුත් හුවමාරු කරගන්නවා. ජැක්සන් එක්ක තිබුනු සම්බන්ධය නතරවුන නිසා ඒ ගැන අමතක කරන්න හදපු මේව් ට, හිතේ කොනක හැංගිලා තිබුනු ආදරයක් නැවත උඩට මතුවෙනවා, ඒ ඕටිස් ගැන. ඒකනිසා මේව් ඕටිස්ව හොයාගෙන ගෙදරට එනකොට ඕටිස් සහ මේව් සිපගන්නවා දැකලා මේව් හිත රිද්දවගෙන ආපහු යනවා. එවගේම ඕලාගේ තාත්තත් එක්ක ඕටිස්ගෙ අම්මට තිබුනු සම්බන්ධයත් ඇය අහවර කරනවා. ඒ තමන්ගේ පුතාගෙ අනාගතයට හානියක් වෙයි කියන බය නිසා.

ගලේ ගහලාවත් හදන්න බැරි ඇඩම්ව ග්‍රොෆ් විදුහල්පතිතුමා හමුදා පාසලකට යවනවා. ඒවගේම අන්තිම හරියේ එරික් එක්ක තිබුනු සීන් එකෙන් අපි දැනගත්තා මිනිහත් සමලිංගිකයෙක් කියලා. ඉතින් එරික්ගේ පවා ඇඩම් යනවට කැමැත්තක් තිබුනේ නෑ කියලා අපිට තේරුනා. කලින් සීසන් එක ගැන කිවුවා ඇති වගේ.

එහෙනම් අලුත් කොටස් ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්.,

පුරුදු පරිදි Netflix එකෙන් ගෙඩිය පිටින්ම එපි 8ම ජනවාරි 17ත් වෙනිදා අන්තර්ජාලයට මුදාහැරියා. දැනට IMDb අගය 8.3ක් තියෙනවා. ඇත්තම කියනවනම් කලින් සීසන් එකට වඩා හිතට වදින්න මෙදා පාර සීසන් එක හදලා තියෙනවා.යථාර්තය පැහැදිලි කරලා දීලා බොරු මානසික මතවාද වලින් දුරස් කරලා දාලා තියෙනවා මේක බලන හැමෝවම. ඒවගේම හැමදාම Netflix ලා කරනවා වගේ කතාව එකතැන පල් නොකර අපි නොහිතන පැත්තකට තල්ලු කරලා දැම්මා අවසානයේ. ඉතින් ඒ ලස්සන අවසානය කියන්න හොඳනෑනෙ… අවසානයට ආරම්භය මේ කොටසින් අරගන්න කියන ගමන් දැනට සමුගන්නවා…

එහෙනම් ඔයාලට අපි ආරාධනා කරනවා මෙ සුපිරි කතාසමය රසවිඳින්න කියල… ආයෙ අලුත් කතාසමයෙන් හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රඛිත රණතුංග සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published