එහෙනම් මෙ ජනප්රිය Sex Education කතා මාලාවේ අවසන් කතාමාලාවේ හතරවෙනි කොටසයි මේ රැගෙන එන්නේ. කතාවේ කලින් තිබූ විනෝද ගතිය දැන් නැති උනත් කතාව වෙනම පැත්තකට හැරෙන බව අපට පේනවා. ඒනිසා අපි කලින් එපියේ මොකද උනේ කියලා මතක් කරගෙන ඉමු.
පසුගිය කොටසින්…
කතාවේ මුලදිම අපි දැක්කා ගොඩ කාලෙකට කලින් රූබිට තිබුන ප්රශ්න ගැන සහ එයා ඒවට මුහුන දුන්න හැටි. ඒවගේම අපිට දකින්න ලැබුනා ඕටිස්ගේ අම්මා තමන්ගේ අලුත උපන් දරු පැටිය එක්ක තමන්ගේ ජීවිතේ කඩාගෙන වැටෙන්න නොදී ඉස්සරහට යන්න වෙර දරන හැටි. ඒ අතරේ මේව්ගෙයි ඕටිස්ගෙයි රන්ඩුව නිසා ඒ දෙන්නත් අමනාපෙන් ඉන්නේ. ඒ වගේම ඕටිස් තමන්ගේ ක්ලිනික් එක බේරගන්න රූබි ගෙ උදව්වෙන් හොද ප්රචාරක වීඩියෝ එකකුත් හදාගන්නවා. ඔය සේරම අතරේ ඒමිගෙයි අයිසැක්ගෙයි අතරේ සම්බන්දයක් ගොඩ නැගීගෙන එන හැටිත් අපට බලාගන්න පුලුවන්. අන්තිමේදී තමන්ගෙ සහෝදරයගෙන් ආපු හදිසි ඇමතුම නිසා මේව් නැවතත් ගෙදර බලා එන්න පිටත් වෙනවා. එතනින් තමා තුන් වෙනි එපිය ඉවර වුනේ.
අද කොටසින්…
මේව් නැවතත් ගෙදර එනවා. මේක ආරංචි උන ඕටිසුත් සේරම වැඩ පැත්තකින් තියලා මේව් ව හම්බවෙන්න යනවා. ඒ වගේම මයිකලුත් තමන්ට ඇති වෙලා තියෙන ලොකු ප්රශ්නයක් නිසා හරිම කනස්සල්ලෙන් තමා ඉන්නේ. ජීන් ගේ වැඩසටහනත් ඒ තරම් ම හොද මට්ටමක නැති නිසා ජීනුත් තමන්ගේ රස්සාව නැතිවෙයිද කියන බයෙන් තමා ඉන්නේ.
එහෙනම් ඔයාලට කතාව රසවිදින්න දීලා අපි මෙතනින් සමුගන්නව. ඊලඟ කොටසෙන් නැවත හමුවෙමු…
එහෙනම් අපි මෙ හතරවෙනි කොටස බලමු…