What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

The Night Manager (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x3

Mehmaan

The Night Manager Sinhala Sub
The Night Manager Sinhala Subtitles
The Night Manager (2023) Sinhala Sub
The Night Manager (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Disney Hotstar වෙතින් අලුතින්ම එලි දැක්වුණු ඉන්දියන් කතාමාලාව තමයි දැන් ඔයාලා බලාගෙන යන්නේ, The Night Manager. මේක ඇවිල්ලා BBC වෙතින් කාලෙකට කලින් එලියට දාපු, අතිශය ජනප්‍රියත්වයට පත් වුණු The Night Manager කතාමාලාවේම ප්‍රතිනිර්මාණයක්. ප්‍රති නිර්මාණයක් කියලම කියන එක ටිකක් අසාධාරණයි, මොකද කිව්වොත් මේක ඉන්දියානු හුරුවට ගොඩක් වෙනස්කම් කරලා හදලා තියෙන නිසා. මේ වෙද්දි මේ ඉන්දියන් නිර්මාණයටත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. IMDb 7.9ක දැවැන්ත අගයකටත් හිමිකම් කියන මේ කතාමාලාවට රංගනයෙන් අනිල් කපූර්, ආදිත්‍ය රෝයි කපූර්, ශෝභිතා, තිලෝතමා වගේ ගොඩක් අය දායක වෙනවා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ තුන්වෙනි කොටසට.

දැන් ඔයාලා දන්නවා ශාන් සෙන්ගුප්තා ගැන. වසර කිහිපයකට කලින් සිද්ධ වුණු කම්පනකාරි සිදුවීම නිසා ඒ ගැන වැරදිකාර හැඟීමක්, පසුතැවිල්ලක් තමන්ගේ හිතේ උඩු දුවන නිසා ශාන් සෙන්ගුප්තා දැන් ඉන්නේ ශිම්ලා වල ඉහල පෙලේ හෝටලයක රාත්‍රී කළමනාකරු විදිහට සේවය කරන ගමන්. ඉතින් ශාන්ගේ ජීවිතය ආයෙත් සුළියකට ඇද දාන ගමන් තමයි උඩ කියපු කම්පනකාරි සිදුවීමට හේතු වුණු පුද්ගලයා ඇතුළු පිරිස එදා රෑ හදිසියේම ශාන් සේවය කරන හෝටලයේ නවාතැන් ගන්න එන්නේ. ශයින්ලේන්ද්‍රව දැක්ක හැටියෙම ශාන්ට ඇතිවුණු ඒ කම්පනය මිනිහා දරාගත්තේ ගොඩක් අමාරුවෙන් බව දකින්න ඇති. ඒ කම්පනය නිසාම ශාන් ශයිලේන්ද්‍ර ඇතුළු පිරිස ගැන ගොඩක් දේවල් හොයාගෙන ඒ දේවල් තැපැල් කරලා යවනවා ලිපිකාට. ඇය තමයි ශයිලේන්ද්‍රව දඩයම් කරගන්න ඉවසුමක් නැතිව ඉන්න එකම කෙනා. මේ තැපෑලට අමතරව වෙන කිසිම විදිහකට මේකට ගෑවෙන්න කැමැත්තක් ශාන්ට තිබුණේ නැති වුණත් පහුවදාම ඒ දේ වෙනස් වුණේ හදිසියේම ලිපිකා ශාන් ඉන්න හෝටලේට ආපු නිසයි. දැන් මෙහෙයුම ඇරඹෙනවා.

The Night Manager (2023) වෙනුවෙන් IMDb අගය දැක්වෙන්නේ 7.6ක අගයක්. මිශ්‍ර ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර තමා දැකගන්න ලැබෙන්නෙත්. හොඳද නරකද කියලා ඔයාලත් බලලම කියන්නකෝ එහෙනම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සිසිත සමරතුංග (සිසියා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The Night Manager:- S1:E3
The Night Manager:- S1:E3
Feb. 17, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published