සුභ දවසක් හැමෝටම!!
ඔන්න එහෙනම් රසිකයන් අතර අතිශය ජනප්රිය වුන Sex Education තුන්වන කතාමාලාවේ හතරවෙනි කොටස අරන් ආවා. පහුගිය කොටස් ගැන මතක් කරන්න ඕන නැහැනෙ. හතරවෙනි කොටසෙ මොකද වෙන්නෙ කියලා පොඩ්ඩක් කියන්නම් එහෙනම්.
අලුතින් ඉස්කෝලෙට ආව හෝප් ලමයින්ව පුනරුත්ථාපනය කරන්න වෙනම වර්ධනය සහ සංවර්ධනය කියලා පාඩමක් උගන්වනවා.මේකෙන් කරන්නෙ නව යෞවනයන් අතර සිද්ද වෙන ලිංගික ක්රියාකාරකම් බොහොම නරක දෙයක් කියලා පෙන්නන එක.කොටින්ම කියනවනම් මේ පාඩම් කරන්නෙ ගැහැණු සම පිරිමි ළමයින්ව වෙනම වෙන් කරලා.මේ පාඩමෙන් පස්සෙ සමහරුන්ට සෙක්ස් කියන වචනෙ ඇහෙද්දිත් බය හිතෙනවා.කලින් ආදරවන්තයින්ගෙන් සමහර අය වෙන් වෙලා දැන් ඒ අයට අලුත් පෙම්වතුන් පෙම්වතියන් ඉන්නවා.ඕටිස් සහ රූබි කියන්නෙත් ඒ වගේ දෙන්නෙක් හැබැයි මේ දෙන්නා පොඩි ප්රශ්ණයක් නිසා තරහා වෙලයි ඉන්නෙ.අයිසැක් සහ මේව් කියන්නෙත් එහෙම දෙන්නෙක්.මේ අයගෙන් දෙන්නෙක් අද කතාව අන්තිමේදි වෙන් වෙනවා.ඒ වගේම තව දෙන්නෙක් වැඩේ දුරදිග ගෙනියනවා.ඒකට නම් කට්ටිය කැමති වෙන එකක් නෑ.ඒ කවුද කියලා ඔයාලම බලන්නකෝ.
එහෙනම් අපි මෙ හතරවෙනි කොටස බලමු…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ LaHIRU සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |