What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (1080p)
  • Player 02 (720p)

Loki (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 2x4

Episode 4

Loki Season 02 Sinhala Sub
Loki Season 02 Sinhala Subtitles
Loki Sinhala Sub
Loki Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හැමෝම හොඳින් ඉන්නවා නේද… මේ අරගෙන එන්නේ Disney Plus ඔස්සේ සතිපතා විකාශය වන Loki කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ හතරවෙනි කොටස. අද එපිය නම් කරලා තියෙන්නේ “Heart of the TVA” හෙවත් “TVA හි හදවත” කියලා. ඉතින් මේකෙන් කියන්නේ ‘Temporal Loom’ එක හෙවත් ‘කාල වියනය’ ගැනයි.

පසුගිය කතාංගයෙන්…

ගිය එපිසෝඩ් එකේදී අපට දකින්න ලැබුණා රෙන්ස්ලේයර්ව සහ මිස් මිනිට්ස්ව. ඒ දෙන්නා ‘ඉතිරිව හුන් ඔහු’, එයා මැරුණයින් පස්සේ ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස් දීල තිබුණ සැලසුම ක්‍රියාත්මක කරන ගමන් හිටියේ. ඒ හරහා අපට ඉතිරිව හුන් ඔහුගේ වේරියන්ට් කෙනෙක් වන ‘වික්ටර් ටයිම්ලි’ව හම්බවුණා. පේන විදියට MCU එක කොමික්වලට වඩා වෙනස් විදියට වික්ටර් ටයිම්ලිව හොඳ වේරියන්ට් කෙනෙක් විදියට පෙන්නනවා වගේ.

කොහොමහරි, රෙන්ස්ලේයර් පස්සෙන් එන අපේ ලෝකිට සහ මෝබියස්ට ටයිම්ලිව හම්බවෙනවා. එයාලට තේරුම් යනවා මෙයාව අරගෙන TVA එකට ගියොත් එයාගේ ටෙම්පෝරල් ඕරා එක ස්කෑන් කරලා කාල වියනයේ දොරටු ඇරගන්න පුළුවන් කියලා. එහෙම වුණොත් meltdown වෙන්න ඔන්න මෙන්න තියෙන කාල වියනය හදාගන්න පුළුවන්. මේ අතරේ සිල්වි, ටයිම්ලිව මරන්න හිතාගෙන එයාගේ ටයිම්ලයින් එකට ආවා. ඒත් අන්තිමේදී ඒක නවත්තගනන් පුළුවන් වුණා.

ඊටපස්සේ කාල වියනය හදන්න කියල හිතාගෙන ටයිම්ලිව TVA එකට අරගෙන ගියා. රෙන්ස්ලේයර්ව ‘ඉතිරිව හුන් ඔහුගේ’ වාසභවන හෙවත් “The Citadel at the End of Time” වෙත යැව්වා. එතනදී මිස් මිනිට්ස් එළිකරනවා එයා ඉතිරිව හුන් ඔහුගේ හැම රහසක් වගේම ඔහු සහ රෙන්ස්ලේයර් ගැනත් ලොකු රහසක් දන්න බව…

ඉතින් මොකක්ද මේ රහස? ලෝකි, මෝබියස් සහ O.B. ඇතුළු කට්ටියට පුළුවන් වෙයිද කාල වියනය හදාගන්න? එයාලට ඇත්තටම ටයිම්ලිව විශ්වාස කරන්න පුළුවන්ද? එහෙනම් මේ එපිසෝඩ් එක බලලා හොයාගන්න කියලා ඉල්ලමින් දැනට සමුගන්නම්.

එහෙනම්, Loki පස්වෙනි එපිසෝඩ් එකෙන් ආයෙත් හමුවෙමු…

ඉතින් රැඳීසිටින්න Sinhalasub.lk සමඟ… ඉදිරි එපිසෝඩ් වලින් හමුවෙන බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සනුප රන්මෙත් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Loki:- S2:E4
Oct. 26, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published