What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (1080p)
  • Player 02 (720p)

Loki (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 2x3

Episode 3

Loki Season 02 Sinhala Sub
Loki Season 02 Sinhala Subtitles
Loki Sinhala Sub
Loki Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

එහෙනම් මේ උණු උණුවේ අරගෙන එන්නේ මේ දවස්වල සතිපතා Disney Plus ඔස්සේ විකාශය වෙන Loki Season 02 හි තුන්වෙනි එපිසෝඩ් එකයි. මේක නම් කරල තියෙන්නේ “1893” කියලා. මොකද එපිසෝඩ් එකේ තියෙන්නේ ලෝකි සහ මෝබියස් 1839 අවුරුද්දේ කරන වික්‍රමයක්.

ලිපියෙ මාතෘකාව දැක්කාම පේනවා ඇතිනේ මේ එපිසෝඩ් එකේ අපට වික්ටර් ටයිම්ලිව දකින්න ලැබෙන බව. ඉතින් අපි බලමු මේ වික්ටර් ටයිම්ලි කියන්නෙ කවුද කියලා.

Victor Timely (Marvel Comics)

වික්ටර් ටයිම්ලි කියන චරිතය මුලින්ම මාවල් කොමික්ස් තුළ දකින්න ලැබෙන්නේ The Avengers Annual #21 වල. ඒ, 1992 අවුරුද්දෙදී. චරිතය නිර්මාණය කරන්නේ Peter Sanderson සහ Rich Yanizeski විසිනුයි. MCU එකේ නම් අපි එයාව Antman and the Wasp: Quantumania චිත්‍රපටයේ post-credit සීන් එකේදී දැක්කා.

අපි දැනටම දන්නවනේ Kang the Conqueror ට එක එක ටයිම්ලයින්ස් වල එයාගේ versions එහෙමත් නැත්නම් “වේරියන්ට්ලා” ඉන්න බව. ඉතින් මේ වික්ටර් ටයිම්ලි කියන්නෙත් කෑන්ග් ගේ වේරියන්ට් එකක්. නමුත් කොමික්වල ඉන්න අනිත් වේරියන්ට්ලා (රාමා-ටට්, ස්කාලට් සෙන්චූරියන් වගේ අය) තරම් මෙයා ප්‍රසිද්ධ නැහැ. නමුත් කෑන්ග් ගේ අතීත කතාව ගැන කතා කරද්දි මෙයා වැදගත් චරිතයක් වෙනවා.

ඉතින් Marvel Comics වල ප්‍රධාන කෑන්ග් 616 ටයිම්ලයින් එක අල්ලගන්න ඇවෙන්ජර්ස්ලත් එක්ක කරන සටනින් පස්සේ එයාට තේරුම් යනවා තමන් හිතුව තරම් ලේසියෙන් ඇවෙන්ජර්ස්වල පරද්දන්න බැරි බව. ඉතින් එයා තීරණය කරනවා එයාට ඕන විදියට 616 ටයිම්ලයින් එක හදාගන්න. එයා ඒක කරන විදිය තමයි අතීතයට, ඒ කියන්නේ 1901 අවුරුද්දට ගිහිල්ලා “වික්ටර් ටයිම්ලි” කියල අලුත් අනන්‍යතාවයක් හදාගනන්වා. ඉතින් මේ තමයි ඇමරිකාවේ කාර්මික විප්ලවය වෙමින් තිබුණු කාලෙ. වික්ටර් ටයිම්ලි එයාගේ අනාගතය පිළිබඳ දැනුම පාවිච්චි කරලා අලුත් අලුත් සොයාගැනීම් හඳුන්වා දෙනවා. එයා තෝමස් එඩිසන් හා හෙන්රි ෆෝඩ් වගේ කට්ටියත් අබිබවා යනවා.

එයා Timely Industries නමින් සමාගමකුත් පටන් ගන්නවා. එයා ව්‍යාජ මරණයක් පෙන්නලා වික්ටර් ටයිම්ලිගේ පුතා, වික්ටර් ටයිම්ලි ජූනියර් ලෙසත්, එයාගෙන් ව්‍යාජ මරණයක් පෙන්නලා ඔරිජිනල් විකටර් ටයිම්ලිගේ මුණුබුරා, තෙවන වික්ටර් ටයිම්ලි ලෙසත් පෙනී සිටිනවා. ඉතින් මේ තෙවන වික්ටර් ටයිම්ලි ගෙ කාලෙ වෙනකොට Timely Industries කොච්චර දියුණු වෙලාද කියනවා නම් Avengers Tower එකේ සහ Baxtor Building එකේ security එක පවා මෙහෙයවන්නේ මෙයාලා විසිනුයි. ඉතින් ඒක එයාලට කොච්චර වාසියක් ද කියලා හිතාගන්න පුළුවන්නේ.

ඒවගේම එයාලා තමයි Marvel Universe එකේ ඉන්න හැම cyborg කෙනෙක්ගේම රොබෝ අංගෝපාංග නිෂ්පාදනය කරන්නෙත්. ඉතින් ඒක නිසා මෙයාලට පුළුවන් එයාලව කැමති විදියකට හසුරවන්න. ඒ මදිවට එයාලා තමයි ඔරිජිනල් Human Torch ව නිෂ්පාදනය කරන්නෙත්. (“හියුමන්” ටෝච් කිව්වට ඔරිජිනල් Human Torch ඇත්තටම රොබෝ කෙනෙක්). ඉතින් Kang Dynasty කොමික් එක වෙනකොට Kang Prime බවට පත්වෙන්නෙත් මේ වික්ටර් ටයිම්ලි තමයි.

MCU එකට චරිතයක් ගන්නකොට එයාලා පොඩි පොඩි වෙනස්කම් කරන බව රහසක් නෙමෙයිනේ. වික්ටර් ටයිම්ලිටත් ඒ කතාව එහෙමමයි. එහෙනම් අද කොටස බලන්නකෝ.

එහෙනම්, Loki හතරවෙනි එපිසෝඩ් එකෙන් ආයෙත් හමුවෙමු…

ඉතින් රැඳීසිටින්න Sinhalasub.lk සමඟ… ඉදිරි එපිසෝඩ් වලින් හමුවෙන බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සනුප රන්මෙත් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Loki:- S2:E3
Oct. 19, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published