Loki (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Loki (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Jun. 09, 2021
Your rating: 0
7.9 7 votes

Seasons and episodes

1Season 1 Jun. 10, 2021
10
2Season 2 Oct. 05, 2023
10

Creator

Cast

Tom Hiddleston isLoki Laufeyson
Loki Laufeyson
Owen Wilson isMobius M. Mobius
Mobius M. Mobius
Sophia Di Martino isSylvie / The Variant
Sylvie / The Variant
Gugu Mbatha-Raw isRavonna Renslayer
Ravonna Renslayer
Wunmi Mosaku isHunter B-15
Hunter B-15
Tara Strong isMiss Minutes (voice)
Miss Minutes (voice)

Video trailer

Synopsis

Loki Sinhala Subtitles
Loki Sinhala Sub
Loki 2021 Sinhala Subtitles
Loki 2021 Sinhala Sub

සුභ දවසක් හැමෝටම!!

Loki කතා මාලාව ආරම්භ කරන්නයි මේ සූදානම. මේ වෙනකොට MCU එකට ඍජුවම සම්බන්ධ වන කතා මාලා තුනක් ඇවිත්. WandaVision, The Falcon and the Winter Soldier (2021) සහ අද මේ ඔබ වෙත ලැබෙන Loki. මේ කතා මාලාවට දෙවෙනි කතා සමයක් එනවා කියලා තහවුරු කරලා අවසන් වගේම දැනටමත් එහි නිර්මාණය කිරීමේ වැඩකටයුතු කෙරෙමින් පවතිනවා. මෙම පළමු කතා සමය කොටස් 6කින් සමන්විතයි.

 

කවුද මේ ලෝකි?

ලෝකි ලෆේසන් කියන්නේ ලෆේගෙ ජෛව පුත්‍රයා. ලෆේ කියන්නේ යෝට්න්හයිම් (Jotunheim)හි පාලකයා. ඔහු ෆ්‍රොස්ට් ජයන්ට් කෙනෙක්. ලෝකි ඉපදුණාට පස්සේ ලෆේ ඔහුව මැරෙන්න දාලා යනා. ලෝකිව, ඔඩින් විසින් හොයාගන්නවා. ඊටපස්සෙ ඇස්ගාඩ්වවලට ලෝකිව අරගෙන යනවා. ඊට පස්සෙ ෆ්‍රිගා සහ ඔඩින් යටතේ ඇස්ගාඩියානු කුමාරයෙක් විදිහට තමයි ලෝකි, තෝර් සමගම උස් මහත් වෙන්න‍ේ. 

ඉතින් පළමු, දෙවෙනි සහ තුන්වැනි Thor චිත්‍රපට, Avengers පළමු සහ තුන්වන චිත්‍රපට එහෙම ඔයාලා බැලුවනම් ලෝකි කියන්නෙ මොන තරම් බුද්ධිමත්, කපටි හාදයෙක්ද කියලා නොදන්නවා වෙන්නනම් බෑ. කොටින්ම MCU එකේදි වැඩිම වාර ගණනක් මරණයට පත් වුණා කියලා ව්‍යාජව රඟපාලා නැවත ආපු චරිතය වෙන්නෙ ලෝකි. Avengers කතාවෙදි සෙංකෝලයක් සමග තැනොස්ට සේවය කරමින් චිටෝරි හමුදාව ගෙන්නලා මහා විනාශයක් සිදු කරන්නේත් මේ ලෝකිම තමා.

 

අහිංසකයෙක් ලෙස උපත ලැබුවෙමි, සතුරෙකු ලෙස දිවි ගෙව්වෙමි, වීරයෙකු ලෙස මියදුනෙමි

කරන තරමක් නසරානි වැඩම කරලා, හතුරෙක් විදිහට හැමතැනදිම හංවඩු ගැහුණත්, Thor: Ragnarok සිනමාපටයේ සිට යම් යහපත් කල්ක්‍රියාවක් පෙන්නුම් කරමින්, තැනොස්ව රවටන්න හදන ලෝකි Infinity War’හිදි මිය යන්නේ වීරයෙක් විලසින්. බොරුවට කිහිප වරක්ම මිය ගිය ලෝකිගේ ජීවිතේ අවසානයම වෙන්නට ඉඩ තිබුණා, Endgame කියලා කතාවක් නාවනම්.

 

යළි ආගමනය

ඉතින් Endgame එකේදි අපි දැක්කා Infinity Warහිදි තැනොස් ලෝකයෙන් ඉවත් කළ ජීවීන් අඩ නැවත ගෙන ඒමට දරන වෑයමේදි  කළ කාල කොල්ලය. (Time Heist) මේකෙදි 2012 කාල රාමුවෙදි වෙන මෙම කාල රාමුවේම හල්ක් නිසා සිදු වූ අලකලංචිය නිසා ලෝකි සමත් වෙනවා ටෙසරක්ට් එක අරගෙන මාරු වෙන්න. මෙතනින් පසුව ලෝකිට ‌වුණේ මොකක්ද? ‌සියලු මාවල් ප්‍රේක්ෂකයන් වගේම මගේ හිතෙත් මේ ප්‍රශ්ණය දැවි දැවී පැවතුණා. ඔව් මේ කතා මාලාවෙන් ඔබ වෙත ගෙන එනු ලැබෙන්නේ අන්න ඒ පිළිබඳ කතාවයි. ඉතින් මතක තියාගන්න මෙහි කාල රාමුව. තාම මේ කාල රාමුවෙ ‌ලෝකි Thor: The Dark Worldවත් Thor: Ragnarokවත්, අපි විසින් ලෝකිව වීරයෙක් ලෙස දුටු Infinity War සිදු වීම්වත් සිදු වී නැහැ. එවැන්නක් ඉදිරියේදිද සිදු නොවේවි. ඉතින් මේ අපි දකින්න යන්නෙ Avengers පළමු චිත්‍රපටයෙදි දුටු ලෝක නසරානි ලෝකි චරිතයමයි. ‌

 

Time Variance Authority (TVA)

TVA ලෝගෝව

ඔයාලා ලෝකි කතා මාලාවේ පූර්ව ප්‍රචාරක පට බලද්දි මේ Time Variance Authority (TVA) කියන දේ දකින්න ඇති. අපි සිංහලෙන් මේකට කාල විචල්‍යය අධිකාරිය කියලා කියමුකො. මේ සංවිධානය විසින් කරන්නෙ කාලය හා අවකාශය පිළිබඳ දේවල් නිරීක්ෂණය කිරීම. Multiverse නොහොත් මේ බහු විශ්වයන් තුළ පවතිනා සෑම කාල රාමුවක්ම පිළිබඳ මොවුන් අවධානය යොමු කරනවා. ඉතින් 2012දි ටෙස්රැක්ට් එක අරගෙන මාරු වෙච්ච ලෝකිව TVA එකෙන් අත්තඩංගුවට අරගෙන, ඔහුට ජීවත් වෙන්න අවස්ථාව දෙනවා හැබැයි ඒ වෙනුවෙන් ඔහුව සේවයට බඳවගන්නවා කාල රාමුවට කරපු බලපෑම් හරිගැස්වීමට‍. ඉතින් ලෝකිගේ හොඳ හොඳ සෙල්ලම් ටිකක් අද ඉඳලා බලන්න ලැබේවි.

Director: Kate Herron.

Writers: Tom Kauffman, Michael Waldron.

IMDB Ratings : 8.2

Air Date: 09 June 2021

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශාන් විමුක්ති [විමා] සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Loki (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Loki (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Loki (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Loki (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Loki (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Loki (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Loki (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Loki (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Loki (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Loki (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Original title Loki
TMDb Rating 8.2 8,522 votes
First air date Jun. 09, 2021
Last air date Jul. 14, 2021
Seasons 1
Episodes 6
Average Duration 52 minutes

Similar titles

Bodyguard (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Soundtrack #1 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alchemy of Souls (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Passage (2019)  Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Resident Evil (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Money Heist (2017 – 2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Cars on the Road (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mask Girl (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
House of Ninjas (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
WandaVision (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Lord of the Rings: The Rings of Power (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Squid Game (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(3) comments

  • Vinuth 2023-10-30 Reply

    S2 E4 danne kawadda

    • Ishan Madusanka 2023-11-19 Reply

      දාලා තියෙන්නේ

  • Ishan Madusanka 2023-11-19 Reply

    Superb ඇඩෙන්න වගේ අවසානේට .😕☹️😢😢😢

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published