What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Loki (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 2x2

Episode 2

Loki Season 02 Sinhala Sub
Loki Season 02 Sinhala Subtitles
Loki Sinhala Sub
Loki Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් උණු උණුවෙම Loki කතා මාලාවේ දෙවෙනි කතා සමයේ දෙවෙනි කතාංගය අරගෙන ආවා. පළවෙනි කතාංගයට මාවල් රසිකයෙන්ගෙන් සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතින් මේක ඉස්සරහටත් තියාගෙන යාවි කියලා හිතමු.

පසුගිය කොටසින්…

සතියක්ම ගත වෙච්ච එකේ පළමු කතාංගයේ විස්තර ආපහු මතක් කරගමු. පළවෙනි එපිසෝඩ් එකේ තිබුණ ප්‍රධානම දේ තමයි ලෝකි කාලය හරහා ඉස්සරහට සහ පස්සට යන්න පටන් ගැනීම. මේකට එයාලා කියන්නේ “Time-slipping” කියලා. TVA එක ඇතුළේ ටයිම්ස්ලිප් කරන්න බැරි නමුත් ඒක සිද්ධ වෙන්නේ ඇයි කියලා හොයාගන්න ලෝකි සහ මෝබියස් යනවා Repairs and Advancements අංශයට. ඉතින් එතනදී තමයි අපට මේ සීසන් එකේ ප්‍රධාන තැනක් ගන්න අලුත් චරිතයක් හඳුන්වා දෙන්නේ. එයා තමයි ඕරොබෝරස් හෙවත් O.B. මේ ටයිම්ස්ලිප් වෙන එක විසඳන්න නම් ලෝකිව කාලධාරාවේ හැමතැනකින්ම ගළවලා (එයාව පෲන් කරලා) කාල වියනය හෙවත් temporal loom එක හරහා එයාව වර්තමානයට ඇදලා ගත යුතු වෙනවා. නැත්නම් ලෝකි සදහටම කාලය අතරේ අතුරුදහන් වෙලා යනවා කියලයි O.B. කියන්නේ. කොහොමහරි එපිසෝඩ් එක අවසානයේදී එයාලා ඒක කරන්න සමත් වෙනවා.

ඒ අතරේ අපි දැක්කනේ TVA එක ඇතුළේ තියෙන අවුල. සේක්‍රඩ් ටයිම්ලයින් එක ආපහු හරවන්න බැරි තරමට ශාඛාවලට බෙදිලයි තියෙන්නේ. කාල වියනයට දරාගන්න බැරි තරම් අතු ප්‍රමාණයක් එකට වියන්න සිද්ධ වෙලා තියෙන නිසා ඒක කොයි වෙලා meltdown වෙයිද කියලා කියන්න බෑ. TVA එකේ ප්‍රධානීන්ගෙන් සමහරු කියන්නේ අමතර ශාඛා ටික පෲන් කරලා දාන්න කියලයි. සමහරු ඒකට විරුද්ධයි. ඉතින් මේ ප්‍රශ්න ඉවසගන්න බැරි තැන ඩොක්ස් සහ X-5 ඇතුළු කට්ටියක් ආයුධ ගබඩාව හිස් කරගෙන මේ ඔක්කොටම මුල වෙච්ච සිල්විව හොයාගන්න යනවා මතක ඇතිනේ. එතනින් තමයි පළවෙනි එපිසෝඩ් එක අවසන් වුණේ.

ඒවගේම post-credit scene එකේදි අපි දැක්කා සිල්වි, ටයිම්ලයින් එකේ ශාඛාවකට ඇවිත් මැක්ඩොනල්ඩ්ස් එකකට යන විදිය. පේන විදියට නම් ඉතිරිව හුන් ඔහු මැරුවට පස්සේ එයා අලුත් ජිවීතයක් පටන් ගන්න තීරණය කරලා වගේ.

අද කොටසින්…

අද කොටස නම් කරලා තියෙන්නේ “Breaking Brad” කියලා. ලෝකි සහ මෝබියස් X-5 හෙවත් “බ්‍රැඩ්ව” අල්ලගෙන එයා හරහා සිල්විව හොයාගෙන යන ගමන තමයි මේ එපිසෝඩ් එකේදී දැකගන්න පුළුවන් වෙන්නේ. ඒවගේම මේ අතරේ TVA එකේ වෙනත්ම සැලසුමකුත් ක්‍රියාත්මක වෙනවා. ඒ මොකක්ද කියලා බලලම හොයාගන්නකෝ.

එහෙනම්, තුන්වෙනි එපිසෝඩ් එකෙන් ආයෙත් හමුවෙමු…

ඉතින් රැඳීසිටින්න Sinhalasub.lk සමඟ… ඉදිරි එපිසෝඩ් වලින් හමුවෙන බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සනුප රන්මෙත් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Loki:- S2:E2
Loki:- S2:E2
Loki:- S2:E2
Oct. 12, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published