What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (1080p)
  • Player 02 (720p)

Gen V (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x6

Jumanji

Gen V Sinhala Sub
Gen V Sinhala Subtitles
Gen V (2023) Sinhala Sub
Gen V (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

එහෙනම් මේ අද Gen V කතාමාලාවේ හයවෙනි කොටසයි අරගෙන එන්නේ. කතාව එන්න එන්නම උද්වේගකර වෙනවා. මේ වෙද්දි මේ කතාමාලාවට ලැබිලා තියෙන IMDB අගයත් ඉතා හොද මට්ටමක තියෙනවා. Amazon Prime සමාගම නිළ වශයෙන්ම දැනුම් දීලා තියෙනවා Gen V කතා මාලාව සීසන් 02  එනවා කියලා. රසිකයන්ට නම් ඒක බොහොම හොද ආරංචියක්. එහෙනම් වැඩි කතා නැතුව අපි පහුගිය කොටස් වල මොකද උනේ කියලා මතක් කර ගමු.

මෙතෙක් ආ මඟ…

ගෝල්ඩන් බෝයිගේ සියදිවිහානිකරගැනීම මුලු ගෝඩ්ල්කින් පාසලම කැලබීමට පත් කරපු කාරණාවක් වුනා. අමතක කරන්න හොද නෑ බ්‍රින්ක් ගෝල්ඩන් බෝයිගේ අතින් මැරුම් කෑවා කියලා. බලාපොරොත්තු පොදි බැදගෙන සුපිරිවීර පාසලට ආව මරී මොරූ ටත් නොහිතපු සිදුවීම් ටිකක් උනා. අන්තිමට උනේ ඒකෙන් මරී පාසලේ ශ්‍රේනිගත කිරීම් වලින් දෙවෙනි ස්ථානයට පත් වුන එක. මේ ගැන අනිත් ලමයි අකමැත්තෙන් හිටියත් ඒ අයට කරන්න පුලුවන් දෙයක් තිබ්බේ නෑ. විශේශයෙන්ම ජෝඩන්ට. තමන් මරීට වඩා පහල ශ්‍රේණිගතකිරීමක ඉන්න එක ගැන ජෝඩන් කනස්සල්ලෙන් ඉන්නේ. ඒ මේ අතරේ අභිරහස් එකින් එක එලිදරව් වෙන්න පටං ගන්නවා. හැමෝම මැරුණයි කියලා හිතාගෙන හිටපු ගෝල්ඩන් බෝයිගේ මල්ලි සෑම් පණපිටින් ඉන්නවා සහ වූඩ්ස් කියල තැනක එයාව හිරකරගෙන ඉන්නවා කියලා අන්ඩ්‍රේ ඇතුලු පිරිසට දැනගන්න ලැබෙනවා.

ඉතින් අන්ඩ්‍රේ තීරණය කරනවා එමා ලව්වා වූඩ්ස් එක ගැන ඔත්තු බලන්න. ඒ වඩේ හරියන්නේ නෑ. එමා වත් අහුවෙන්න යනවා. ඒ නිසා සෑම් තීරණය කරනවා එමාවත් බේරගෙන එතනින් පැනලා යන්න. අපිට දකින්න ලැබෙනවා සෑම් ගෝල්ඩන් බෝයිට වඩා ගොඩක් ශක්තිමත්, ඒ වගේම කුරිරුයි කියලා. වුඩ්ස් වල හිටපු ආරක්ශකයන්ගෙන් භාගයක් විතර මරලා දාලා සෑම් එතනින් පැනගන්නවා. සෑම්ට මොකක් හරි මානසික ගැටලුවක් තියෙනවා කියලත් අපට පැහැදිලිව පේනවා. අන්තිමට ඩීන් ශෙටීත් මේ වුඩ්ස් එකේ වැඩ වලට හවුල් කියලා අනිත් අයට දැනගන්න ලැබෙනවා. පස් වෙනි කොටසෙදි දැනගන්න ලැබෙනවා කේට් එයාගේ යාලුවෝ හැමෝටම ද්‍රෝහි වුනා කියලා.

අද කොටසින්…

කේට් කියන්නේ ද්‍රෝහියෙක්. කාටවත් මේ වෙලාවේ එයාව විශ්වාස කරන්න ඕනි නෑ. අන්ඩ්‍රේ ඇතුලු අය කේට්ගේ ද්‍රෝහිකටම ප්‍රතිචාර දක්වන විදිහ මේ එපියෙන් බලාගන්න පුලුවන්. ගෝල්ඩන් බෝයි ඇත්තටම සියදිවිනහගන්න තිබ්බ හේතුව අද කතාවෙන් බලාගන්න පුලුවන්. වූඩ්ස් එක පවත්වාගෙන යන එකේ අරමුණත් අද කොටසින් විස්තර වෙනවා..

දැනට එපිසෝඩ් 6ක්  රිලීස් වුණා. ඉතුරු එපිසෝඩ් ටිකත් ආව ගමන් ඉක්මණටම අරං එන්නම්. එහෙනම් දිගටම සිංහලසබ්.නෙට් වෙතින් Gen V සමඟ රැඳිල ඉන්න කියල ආරාධනා කරමින් දැනට සමුගන්නවා.

ජය වේවා!!

Gen V:- S1:E6
Gen V:- S1:E6
Gen V:- S1:E6
Gen V:- S1:E6
Oct. 19, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscopelk