Sweet Tooth (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: Season 2

Apr. 27, 2023
Your rating: 0
8 1 vote
Sweet Tooth 2021 Sinhalasub
Sweet Tooth 2021 Sinhala Subtitles
Sweet Tooth 2021 Sub
Sweet Tooth 2021 Subtitles

සුභ දවසක් හැමෝටම!!

21 වෙනි ශතවර්ෂයේ ඇති වුන දරුණුතම වෛරසය. වැළඳුණු කවුරුත් ජීවත් නොවුණු අතර වෛරසයේ බලපෑම හේතුවෙන් සත්ව හා මිනිස් ලක්ෂණ සහිත දරුවන් උපත ලැබිනි. ඔවුන් “හයිබ්‍රිඩ්” යන නමින් හැදින්වූ අතර කාලයත් සමග මිනිසුන් ඔවුන්ව දඩයම් කිරීමට පටන් ගත්තා.

විස්තරේ දකිද්දි මතක් උනේ මොකද්ද? ඔව් ඔයාලා හරි… Sweet Tooth. 2021 ජුනි 04 වෙනිදා Netflix වලින් නිකුත් වුන මේ කතාංගෙ පලවෙනි කතා සමය ඉවර උනේ බලපු අයට ප්‍රශ්න ගොඩක් තියල. ඔන්න ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න වෙලාව. 2023 අප්‍රේල් 27 වෙනිදා නිකුත් වුන Sweet Tooth දෙවනි කතා සමය මේ වෙනකොට Imdb 7.8 ක් වගේම 95 % ක කුණු තක්කාලි අගයක් ලැබිලා තියනවා. දෙවනි කතා සමයට යන්න කලින් අපි පළවෙනි කතා සමය හෑලි නැතුව කෙටියෙන් මතක් කරගමු…

පළවෙනි කතා සමයෙන්,

වෛරස් එක පටන් ගන්නවත් එක්කම පුංචි ගස් එක්ක රිචඩ් කැලේට පදිංචියට එනවා. කාලයත් එක්ක හයිබ්‍රිඩ්ලව දඩයම් කරන්න දඩයක්කාරයො බිහි වෙනවා. එයාලට කියන නමක් තමා “Last Men” කියන්නෙ. ගස් ගැන ඉව වැටුන Last Men ලට විරුද්දව සටන් කරන්න ගිහින් රිචඩ් මැරෙන්නෙ වෛරස් එක හැදිලා. ඊට පස්සෙ ගස්ට ලොකු මිනිහව සෙට් වෙනවා. ගස් ගෙ වදේ හින්දම ගස් ගෙ අම්මා හොයන්න ලොකු මිනිහා කැමති වෙනවා. ඒ අතර මැදදි බෙකී නැත්තං බෙයාර්ව හම්බවෙනවා. කොහොමහරි ගස්ගෙ අම්මා ගැන තොරතුරු හොයාගෙන මේ තුන්දෙනා ගස්ගෙ අම්මා හිටියයි කියන ගෙදරට යනකොට අම්මා වෙන ගමනක් ගිහිල්ලා. ගෙදර හිටපු අම්මගෙ යාලුවා අම්මගෙ බඩු තියන අට්ටාලෙ යතුර දෙනවා. එතනට ගිහින් විස්තර හොයද්දි ගස් දැනගන්නවා එයා එක පරීක්ෂනේක ප්‍රතිඵලයක් වගේම අම්මෙක් තාත්තෙක් එයාට නෑ කියලා. හිතේ අමාරුවට පැනලා යන ගස් කඩා වැටුන ප්ලේන් එකක රේඩියෝ එකකින් හයිබ්‍රිඩ් අල්ලන Last Men කණ්ඩායමට කතා කරනවා. ගස්ව හොයාගෙන ආපු ලොකු මිනිහට වෙඩි තියලා ගස්ව Last Men ලා අරන් යනවා.

ඒ විදිහ ඉවර වුන Sweet Tooth පලවෙනි කතා සමයේ ඉදිරි සිදුවීම් ටික දෙවන කතා සමයේ කොටස් 8 කින් ඔයාලට බලන්න පුලුවන්. ඒ වගේම මේ කතා මාලාව තවත් කතා සමයකට අරගෙන යන්න තීරණේ කරලා තියනවා. ඒ කතා සමය මේ කතා මාලාවෙ අවසාන කතා සමය කියල තමයි නිවේදනේ කරලා තියෙන්නෙ. එහෙනං ගස්ගෙ වික්‍රමයන් ඉදිරියටත් බලන්න එන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.

මතක තියාගන්න සමහර වෙලාවට ජීවිතේ කියන්නෙ අහඹු පුද්ගලයින් සමග යන පුදුමාකාර චාරිකාවක් . ඒ චාරිකාවේදි බැදීම් කියන දේ ඇති වෙනවා නැති වෙනවා . මේ සේරම එකට ගත්විට අපිට වැඩියෙන්ම වටින්නෙ ප්‍රියයන් සමග අපි ගෙවන කාලය . අන්න ඒ කාලය පසුතැවීම් වලට ඉඩ නොතිය බොහොම ආදරයෙන් වැලද ගන්න කියලා ඉල්ලනවා .

ජය වේවා!!

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published