Final Destination Bloodlines Sinhala Sub
Final Destination Bloodlines Sinhala Subtitles
Final Destination Bloodlines 2025 Sinhala Sub
Final Destination Bloodlines (2025) Sinhala Sub
Final Destination Bloodlines (2025) Sinhala Subtitles
කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ.

Final Destination කියන්නේ සෑහෙන දෙනෙක් දන්න කියන චිත්‍රපටි මාලාවක්නේ. පුංචි කාලෙම මරණය කියන්නේ කොයිවගේ භයානක දෙයක්ද කියලා අපේ මනසට රිංගවන්න සමත්වුණු චිත්‍රපටි මාලාවක් විදිහට තමයි මම නම් Final Destination චිත්‍රපටි මාලාව හඳුන්වන්නේ. ඒ දවස්වල මාරම බයයි චිත්‍රපටිවල තිබ්බ දේවල් වලට. හුඟක් අයට අර කොට ලොරියේ සීන් එක ඔලුවට එනවා Final Destination කියද්දී. 2000 අවුරුද්දේ පටන්ගත්ත චිත්‍රපටි මාලාව අවුරුදු 11ක් ඇතුළත චිත්‍රපටි 5ක් නිකුත් කළා.
Jeffrey Reddick තමයි මේ කතාවේ නිර්මාණකරුවා වෙන්නේ. ඔයාලා දන්නවද එයා මේ පිටපත මුලින්ම ලියලා තියෙන්නේ ඔයාලා හැමෝම දන්න කියන The X-Files කතාමාලාවේ එක එපිසෝඩ් එකක් විදිහට. පස්සේ මෙයාට හිතිලා තියෙනවා මේකෙන් චිත්‍රපටියක් නිර්මාණය කරන්න. ඊටපස්සේ Warner Bros. Entertainment ආයතනයේ සමාගමක් වුණු New Line Cinema එකේ යාලුවෙක් එක්ක කතා කරලා මේකට The X-Files රචකයෝ වුණු James Wong සහ Glen Morganව සම්බන්ධ කරගෙන පළවෙනි චිත්‍රපටිය නිර්මාණය කරනවා. ඊටපස්සේ විවිධ අධ්‍යක්ෂකවරු සහ රචකයෝ යටතේ චිත්‍රපටි මාලාව ඉදිරියට කරගෙන ගියා.
ඉතිං මේ Final Destination Bloodlines කියන්නේ චිත්‍රපටි මාලාවේ 6වෙනි චිත්‍රපටිය. 5වෙනි චිත්‍රපටියෙන් අවුරුදු 14කට පස්සෙයි මේක නිර්මාණය වෙන්නේ.
Horror/Mystery ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Zach Lipovsky සහ Adam Stein. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 49ක් වෙනවා වගේම බෙදාහරින්නේ Warner Bros. Pictures ආයතයනය. මේ චිත්‍රපටිය Final Destination 5 චිත්‍රපටියට ප්‍රීක්වල් එකක් වෙනවා. ඒවගේම චිත්‍රපටි මාලාවේ වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටිය වෙන්නෙත් මේක. ඩො.මි. 50ක වියදමක් දරලා මේ වෙනකොට ඩො.මි 230කට වැඩි ඉතා ඉහල ආදායමක් ලබලා තියෙනවා.
හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.
හැබැයි පරණ චිත්‍රපටි ටික වගේම සුපිරියටම තියෙනවා කියලා නම් කියන්න ඕන. ලේ කියන එක හොඳටම පෙන්නනවා. ඒ ගැනත් අවදානෙන්.

එහෙනම් අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ඔයාලට ජය
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Den WEB – DL avilla thiyenne 🙂
Original Enne 17 wenidata,