
නැවතත් සැරයක් සුබ දවසක් වේවා සහෝලා සියලුම දෙනාට. මගේ කුළුඳුල් නිර්මාණය වුන Da Vinci Code එකෙන් පස්සේ හිතුවා තවත් එකක් කරන්න ඕන කියලා. එකට දාල තිබුන කමෙන්ට් වලට ගොඩක් ස්තූතියි. ඒ වගේම කීප දෙනෙක් මේ නිර්මාණයට සබ් දෙන්න කියලා ඉල්ලපු නිසාත් මගේ කැමතිම ෆිලුමක් නිසාත් Angels & Demons අරන් එන්න හිතුවා.
මේකේ කතාව අනුවාදනය කරලා තියෙන්නෙත් Da Vinci Code ලියපු Dan Brown කියන ලේඛකයාගේ මේ නමින්ම නිකුත් වුන නවකතාව ඇසුරින්. ඉතිහාසයේ සිදු වුන යම් සත්‍ය සිද්ධීන් ඇසුරින් ගොඩනංවලා තියෙන මේ ප්‍රබන්ධයත් ලෝකයේ ගොඩක් කතා බහට ලක් වුන නිර්මාණයක්. මේකේ අන්තර්ගත කතෝලික පල්ලියට අදාළ යම් දේවල් නිසා සමහර රටවල් වල මේක තහනමට පවා ලක් වුනා. ඒ වගේම මේක බොක්ස් ඔෆීස් වාර්තා තියන්නත් සමත් වුනා කියලා කියන්න ඕන.
කතාව කෙටියෙන් කියනවනම් මේකෙත් ප්‍රධාන භූමිකාව වෙන්නේ මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් කියන සංකේත විශේසඥයා. ඒ වගේම කතාව ගොඩ නැඟෙන්නේ වතිකානුව හා එහි සම්ප්‍රදායන් වටා. අතීතයේදී විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් වැඩ කළ පිරිසට වතිකානුව විසින් කළ බලපෑම් නිසා ඇති වූ රහසිගත සතුරු සංවිධානයක් සහ ඒ හේතුවෙන් වර්තමානයේදී වතිකානුව තර්ජනයට ලක් වෙන හැටි මෙහි කියවෙනවා. නමුත් කලින් වගේම මේකෙත් කතාව අපි හිතනවට වඩා වෙනස් දෙයක් බවට හැරෙනවා. ඒක නිසා හොඳ අවධානයෙන් බලන්න මොකද නැතිනම් සමහර දේවල් තේරුම් ගන්න අමාරු වෙයි.
රෝමයේ සහ ඉතාලියේ දර්ශන තල වල රූගත කළ මේ චිත්‍රපටය ඉතා මනරම් සංගීතයන්ගෙන්ද යුක්ත වෙනවා. Da Vinci Code බැලුවා නම් දන්නවා, මේකත් ඒ වගේම අවසන් මොහොත දක්වාම කිසි කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් කුතුහලය කැටි වුන කතාවක්. එහෙනම් මේකටත් කමෙන්ට් දාන්න කියලා ඉල්ලමින් ඔයාලාගෙන් සමු ගන්නවා. හැමෝටම ජය ශ්‍රී……..
කලින් පළවූ ලිපිය
මේ කියන්න යන චිත්‍රපටය මම බලපු උපරිම රසාස්වාදයක් ලබා දෙන චිත්‍රපට වලින් එකක්,ඒ වගේම අලුත්ම ෆිල්ම් එකක්..ඇත්තටම උපරිමයි.. යම් ආන්දෝලනයකටත් තුඩු දුන් චිත්‍රපටයක්..මේ ලිපිය නිසා වත් හැමෝම බලයි කියල මම බලපොරොත්තු වෙනව. මේකෙ කතාව නම් මට කියන්නත් ලෝබයි මොකද ඔයාලට චිත්‍රපටය උපරිමෙන් රස විදින්න ඒක බාදාවක් වෙයි කියල හිතෙන නිසා..මම යම් පමණකට කියන්නම් කතාව..පාප් වහන්සේ මියයාමෙන් තමයි කතාව පටන් ගන්නෙ..නව පාප් වහන්සේ පත් කරගැන්මේ ක්‍රියාදාමය ඇරඹෙනව..මේ අතරතුර විද්‍යාගාරයක වෙන සිදුවීමක් අපිට පෙන්වනව..මේ විද්‍යාගාරයේ හදනව පරමාණු බෝම්බයක් වගේම බලවත් දෙයක් ! (මේ පිළිබද සම්පූර්ණ විස්තර සිංහල බසින් අහන්න මෙතන කොටන්න..)මේ නිශ්පාදන ක්‍රියාවලින අවසන් වෙනවත් සමගම මින් කොටසක් අතුරුදහන් වෙනව..මේ සිද්දියත් එක්කම වතිකානුවේ මීළගට පාප් වහන්සේ වීමට වැඩි ඉඩකඩක් තිබූ කාදිනාල් වරු 4 දෙනෙක් පැහැර ගැනීමකට ලක් වෙනව..පසුව වතිකානුවට ලිපියක් එනව අමුතුම සළකුණක් ඇතුලත් කරල.
මෙතැනදී බලධාරීන් සහය පතනව ළකුණු පිළිබද මහාචාර්ය වරයෙකුගෙන්(Symbologist)..(මේ චරිතය රගපාන්නෙ ප්‍රතිභා පූර්ණ නළු ටොම් හෑන්ක්ස්) ඔහු මේ ළකුණු සොයා යමින් බුද්ධිමත්ව කටයුතු කරනව..ඇත්තටම ඇග හිරි වැටෙන තරම් සිදුවීම් සහිත ප්‍රේක්ෂකයාට උපරිම රසාස්වාදයක් ලබා දෙන මේ චිත්‍රපටය දැන්ම බාගෙන බලන්න (මේ චිත්‍රපටයේ හොද කොපියක් නිකුත් උනේ මීට දින තුනකට කලින්.). මේ චිත්‍රපටයෙන් කතෝලික ආගමට අගෞරවයක් නොවෙනු ඇතයි බලාපොරොත්තු වෙනව.
තව දුරටත්….
මේ ෆිල්ම් එකේ නම ඇහුවමත්,පෝස්ටර් දැක්කමත් මට හිතුනෙ මේක කතෝලික ආගම සම්බන්දයෙන් නාට්‍යමය ස්වරූපයෙන් ගලාගෙන යන චිත්‍රපටයක් වෙන්න ඇති කියල,ඔයාලටත් ඒ අදහස ඇති උනා නම් දැන්ම ඒක වෙනස් කරගන්න..මේක කුතුහලය ක්‍රියාදාම මෙන්ම අනපේක්ෂිත සිද්ධි වලින් පිරුන චිත්‍රපටයක්..ඒ වගේම මෙමගින් කතෝලික ආගමේ චාරිත්‍ර විධිත් ඊට සම්බන්ද කලාත්මක පූජනීය ස්ථාන වල ලස්සන දර්ශන වගේම යම් දැනුමකුත් අපිට ලබා දෙනව..
Options | Quality | Size |
---|---|---|
HD 720p | 1.62 GB | |
SD 480p | 845 MB |
Options | Quality | Size |
---|---|---|
HD 720p | 1.62 GB | |
SD 480p | 845 MB |
Options | Quality | Size |
---|---|---|
HD 720p | 1.62 GB | |
SD 480p | 845 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |