හැමෝටම සුබ දවසක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා
අද ඔයාලට අරගෙන එන්නෙ මලයාලම් සිනමා ඉතිහාසයේ අතිසාර්ථකම සිනමාපටය , මලයාලම් ඉතිහාසයේ වැඩිම ආදායමක් හොයපු ෆිල්ම් එක , කේරලේ මිනිස්සු වැල නොකැඩී සිනමාශාලා වලට ගෙන්වපු , ආපු අය අඩවපු සුපිරිම ෆිල්ම් එක , ඔව් ඒ තමයි 2018 ෆිල්ම් එක
2018 කියන්නෙ නිකන්ම නිකන් තවත් මලයාලම් කතාවක් නෙවෙයි , මේ තමයි කේරලේ 2018 වසරෙ සිදුවුණු දරුණු ගංවතුර ඇසුරින් හදපු ෆිල්ම් එක , මේ තමයි මලයාලියොන්ගෙම කතාව , ඒ වගේම අපෙත් කතාව , ලංකාවෙත් වසරකට ගංවතුර ආශ්රයෙන් කොතරම් ජීවිත හා දේපල හානි සිදුවෙනවද
PS 2 වගේ ෆිල්ම් තියටර් වල දුවපු කාලෙ ආරම්භක දිනයේ ඉදන් ආදායම් අතින් හොදම තැනක රැදෙන්න මේ ෆිල්ම් එක සමත් උනා
මීට කලින් මලයාලම් සිනමාවෙ කෝටි 100 ක් හොයපු ෆිල්ම් දෙකයි තිබුනෙ ,
ඒ PULIMURUGAN (2016) LUCIFER (2019), අන්තිමට 2018 නැවතුණේ ඒ වාර්ථාත් කඩාගෙනම ගිහින් කෝටි 175 ක් පමණ හොයලා , ෆිල්ම් එක මුලදිම sony ලට ස්ට්‍රීම් කරන්න අත්සන් කරපු නිසා නොවෙන්න ( ෆිල්ම් එක මෙච්චර සාර්ථක වෙයි කියලා මුලින් හිතන්නැතුව ඇති ) තව මාසයක් උනත් සාර්ථකව සිනමාශාලා වල තිරගත කරන්න තිබුණ බව කියන්නත් ඕන , එහෙම උනානම් අනිවාරෙන් කෝටි 200 හොයනවා
කතාව ගැන මුකුත්ම කියන්න යන්නෑ , අධ්‍යක්ශණය JUDE ANTHANY JOSEPH , මිනිහා වැඩේ ලස්සනට ගොඩ දාලා
TOVINO THOMAS , ASIF ALI , KUNCHACKO BOBAN , KALAIYARASAN , VINEETH SREENIVASAN , LAL , INDRANS , AJU VARGHESE , RENJI PANICKER , JOY MATHEW , APARNA BALAMURALI , TANVI RAM , ඇතුලු සුපිරිම නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙන IMDb 8.8/10 ක සුපිරි අගයක් ලබාගනිපු , SURVIVAL THRILLER කාණ්ඩයට අයත් මේ ෆිල්ම් පැය 2.15 ක් පුරා ත්‍රාසය භීතිය කුතුහලය සමගින් රසවිදින්න ආරාධනා කරමින් අදට සමුගන්නවා , තවත් උපසිරැසියකින් හමුවෙමු
හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!
ELLAVARUM NAYAKANMAAR AANU – සෑම කෙනෙක්ම වීරයෙක් – EVERYONE IS A HERO
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයාගේ ලිපිය