What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (1080p)
  • Player 02 (720p)

Dhootha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x4

Crime Report

Dhootha Sinhala Sub
Dhootha Sinhala Subtitles
Dhootha (2023) Sinhala Sub
Dhootha (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ක්‍රාන්ති, SI ඝෝෂ්ගෙන් කෝටි ගැන ප්‍රශ්න කලත් ඔහු ඇප ලැබී පිටවී ගිය බවත් ඊට වැඩි දෙයක් එයා දන්නෙ නැහැ කියලා කිව්වා. අනතුර සිදු කරපු කෝටිගේ ටිපර් රථය පරීක්ෂා කරලා බලද්දී තෙල් ටැංකියට ඇලලූ රහසිගත කුටියකින් දේශීයව නිෂ්පාදනය කළ තුවක්කු කිහිපයක් හොයාගත්තා. ක්‍රාන්ති මන්කාපුරම් පොලිස් ස්ථානයෙන් පිටවෙලා ගියත් ඝෝෂ්ගේ කතාව විශ්වාස කළේ නම් නැහැ. කෝටිට වුණ දේ ගැන මොනවම හරි දන්නවා ඇති කියලා තදින්ම විශ්වාස කළා.

මේ අතරෙ සමාචාර් පුවත්පත එළිදැක්වීමේ උත්සවය සිද්ධ වෙනවා. මේ වෙනුවෙන් ඇමති චක්‍රවර්ති සහභාගී වුණා. සගර් සමාචර් පුවත්පත හරහා ඉදිරි මැතිවරණය වෙනුවෙන් චක්‍රපානිගේ මැතිවරණ ව්‍යාපාර කටයුතු කරන්න එකඟ වෙනවා. ඒ වෙනුවෙන් පුවත්පතේ කොටස් කිහිපයක්ම වෙන් කරනවා. එකිනෙකාට උදවු කරගනිමින් දේශපාලනයයි මාධ්‍යවේදයයි එකට මිශ්‍ර වෙලා ඉන්න ඕනේ කියන එකයි සාගර්ගේ අදහස. ඒ වුණත් මේ තීරණයට චන්ද්‍ර මූර්ති කියන සමාගමේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා කැමති වුණේ නැහැ. මේ ගැන කතා කරද්දි සාගර්ට කේන්ති ගිය නිසා චන්ද්‍ර මූර්තිව පුවත්පතෙන් අස් කරනවා.

ඔය අතරෙදි සාගර්ට පත්තර කොළ කැබලි කිහිපයක් හමුවුණ නිසා කලබලයෙන් වගේ ඒවා එකින් එක කියවන්න ගන්නවා. ඒ කිසිම කොල කැබැල්ලක අනාවැකි සඳහන් වෙලා තිබුණේ නැහැ. ඔළුවම කුරුවල් වෙලා පාර දිහ බලාගෙන ඉද්දි අර බයික් කාරයා තවමත් සාගර්ව ලුහුබඳිනවා දකින්න ලැබෙනවා. මේ වෙලාවෙදිම සාගර්ගෙ ලඟට පත්තර කොල කැබැල්ලක් එනවා. “ඔබට ලැබෙන්නට සිටින දරුවා මව් කුසේ සිටියදීම මිය යාවි” කියලා ඒ කොලයේ සටහන් වෙලා තිබුණා. ඒ වෙලාවෙදිම සාගර්ට ප්‍රියාගෙන් කෝල් එකක් එනවා. ඒත් කතා කලේ ප්‍රියා නෙවෙයි, ගෙදර දවැඩකරිය.

ප්‍රියා පඩිපෙළින් ලෙස්සලා ගිහින් වැටිලා. ලේ ගොඩක් පිටවෙලා තිබුණා. කඩිමුඩියේම සාගර් ඉස්පිරිතාලෙට දුවගෙන ගියා. ඒත් බයවෙන්න දෙයක් තිබුණෙ නැහැ. ප්‍රියාටවත් දරුවට වත් කරදරයක් නැහැ කියලා දොස්තර තහවුරු කළා. හරියටම ප්‍රියාගේ කාමරයට අනිත් පැත්තෙ කාමරයේ අමෘතා රෝහල්ගත වෙලා හිටියා. සාගර් අමෘතාගේ කාමරයට ගියාම තමයි අමෘතාට ගොඩක් තුවාල වෙලා වෙලුම් පටි ඔතාගෙන ඉන්නවා දැක්කෙ. අමෘතා එක පාරටම මට සමාවෙන්න සාගර්, අපේ බබා මැරුණා කියන් අඬන්න ගත්තා. සාගර් පුදුමයෙන් පුදුමයට පත් වුණා මේ කියන්නෙ මොකක්ද කියලා තේරෙන්නේ නැතිව.

ඇත්තටම මීට අවුරුදු තුනකට කලින් චක්‍රවර්තිගේ පුතා සම්බන්ධ වුණ මත්ද්‍රව්‍ය ජාවාරමක් ගැන සාක්ෂි අරගන්න වැඩකට අමෘතා හා සාගර් දිල්ලියට එනවා. ආපහු එන්න ලැහැස්ති වෙද්දි ගුවන් සැරිය අවලංගු වෙලා තිබුණා. ඊලඟ ගුවන් සැරිය තියෙන්නෙ උදේ නිසා සාගර් හා අමෘතා එදා රෑ කාමරයක ගත කරනවා. මේ සිද්ධිය වුණ දවසේ(වර්ථමානයේ) උදේ වෙනතුරු අමෘතා ගැබ් ගෙන ඉන්න වගක් එයාවත් දැනගෙන හිටියේ නැහැ. අමෘතා ඒක හරියටම තහවුරු කරගන්න උපකරණයක් ගෙනත් පරික්ෂා කළා. වෙළඳ නාවික හමුදාවේ සේවය කළ අමෘතාගේ සැමියා තපස් මේ වෙලාවෙදිම ගෙදරට එනවා.

උපකරණයේ ගර්භනී බව සටහන් වෙලා තියෙනවා දකින තපස් අමෘතාට සතෙකුට වගේ ගහන්න ගන්නවා. බඩට වැදුණු පහරවල් නිසා අමෘතාගේ බඩේ තිබුණ කලලය මිය යනවා. අමෘතා මේක කොච්චර දුකකින් සාගර්ට කියමින් හිටියත් සාගර් මේකෙන් සතුටු වුණා. මොකද ප්‍රියාට ලැබෙන්න හිටිය දරුවා බේරුණ නිසා. දෙදෙන්නාම එකම තැනක වැඩ කරන එක හරි නැති නිසා සාගර් අමෘතාට වෙනත් තැනක ‍රැකියාවක් හොයාගන්න කියනවා. සාගර්ගේ මේ හැසිරීම ගැන අමෘතාට අප්‍රමාණ කේන්තියක් ඇති වුණා. මේකට පළිගන්න අමෘතා හිතාගත්තා.

දෙසැම්බර් 1 දා නිකුත් කරපු මේ කතා මාලාව කොටස් 8කින් යුක්තයි. මේක ඇමසන් ප්‍රයිම් හරහා තෙළිඟු භාෂාවෙන් නිකුත් වුණ Neo Noir(Dark Film), Cime, Thriller කාණ්ඩයට අයත් කතා මාලාවක්. ඉතින් මේ කතා මාලාවට නාගා චෛතන්‍යා, ප්‍රියා භවානි ශංකර්, පාර්වතී තිරුවෝතු, ප්‍රචි දේසායි, පසුපති, රවීන්ද්‍රා විජයි, ජයප්‍රකාශ්, අනිශ් කුරුවිල, තරුන් බාස්කර්, රෝහිණී, තනිකෙල්ලා බරණි වගේ ප්‍රසිද්ධ නළු නිළියන් කීප දෙනෙක් චරිතවලට ජීවය දෙනවා. බොහෝ අය දන්නවා මලයාලම් සිනමාවේ පාර්වතී තිරුවෝතු සහ දෙමළ සිනමාවේ පසුපති අති දක්ෂ නළුවන් දෙපළක්. ප්‍රධාන චරිතය කළ චෛතන්‍යාට වඩා ඔහුගේ සහය රංගන ශිල්පීන් මේ සීරීස් එක පුරාම ලකුණු දාගත්තා. ඇත්තටම පටන් ගත්ත ගමන්ම කතාව කෘතීම ගතියක් දැණුනත් අනෙක් චරිත එක්ක මිශ්‍ර වෙලා යද්දි ඒ වෙනස නොදැනීම යනවා.

මේ කතා මාලාව අධ්‍යක්ෂක සහ රචනය කළේ වික්‍රම් කේ කුමාර් කියන අති දක්ෂ අධ්‍යක්ෂකවරයා. ඔහු සම්මානලාභී අධ්‍යක්ෂකවරයෙක්. ඔහු 24, Manam, Yavarum Nalam, Ishq, Gang Leader චිත්‍රපට ඔහු විසින් රචනා කර අධ්‍යක්ෂණය කළා. ඔහු මේ සීරීස් එක Neo Noir ආකාරයට නිර්මාණය කර තිබෙනවා. Neo Noir සාමාන්‍ය විදියට Dark Film එකක් කියලා හඳුන්වනවා. ඩාර්ක් ෆිල්ම් එකක් කිව්වම ගොඩක් අපරාධ, ත්‍රාසජනක චිත්‍රපටි මේ ආකාරයෙන් නිෂ්පාදනය කරනවා. ඩාර්ක් ෆිල්ම් ගැන කිව්වම ගොඩක් DC කොමික් චිත්‍රපට වලට මේ ක්‍රමය පාවිච්චි කරනවා. මේ ප්‍රභේදයේ චිත්‍රපටි, කතා මාලා වලට ආස කරන වෙනම රසික කොට්ඨාසයකුත් ඉන්නවා. හරි, සීරීස් එක දිහාට හැරිලා බැලුවොත් පළවෙනි කොටසේ ඉඳන්ම අපිට යම් යම් දේවල් ඉඟි කරනවා. කතා මාලාවේ තිර රචනය අවසානය වෙනකල්ම ත්‍රාසජනක භාවය ඒ අයුරින්ම පවත්වාගෙන යනවා. අධ්‍යක්ෂක වරයාගේ අද්විතීය තිර රචනය හැම අවස්ථාවකදීම පෙනෙනෙවා. දිගින් දිගටම ඉඟි දුන්නත් අවසානයේ බලාපොරොත්තු නොවෙන නිමාවක් දීලා කතා මාලාව නිම කළා.

පෞද්ගලිකවම මමත් මේ අධ්‍යක්ෂක වරයාගේ ලැයිස්තුවට කැමතියි. 13B නැත්නම් Yavarum Nalam කියන චිත්‍රපටය බලපු අයට වෙනස්ම අත්දැකීමක් ලැබෙන්න ඇති. ඒ විදියේම වෙනස්ම අතදැකීමක් මේ කතා මාලාවෙන් ලබාගන්න පුළුවන්. යවරුම් නලම් චිත්‍රපටියේ වීරයගේ පවුල අලුත් ගෙදර පදිංචියට ගියා. මේ ගෙදරදි වීරයගේ පවුලෙ අය ගෙදර ටීවි එකේ ගිය ‘යවරුම් නලම්”(සැවොම සතුටින්) කියන නාට්‍යය බලන්න පුරුදු වෙලා හිටියා. මේ නාට්‍යයේ සිද්ද වෙන දේවල් එයාලටත් සිද්ද වෙන්න ගන්නවා. තාමත් බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න කියලා නිර්දේශ කරනවා. සූරියා රඟන 24 චිත්‍රපටිය කාල තරණය සම්බන්ධ චිත්‍රපටයක්. ගොඩාක් අය දන්නවා මේ චිත්‍රපටියේ සූරියා ත්‍රිත්ව චරිත මවනවා. කෙනෙක් මේක බලලා නැත්නම් ඇත්තටම ඒක පුදුමයක්. Gang Leader චිත්‍රපටය පළිගැනීමක් වෙනුවෙන් එක්වෙන පවුල් 5ක ධෛර්යමත් කාන්තාවන් 5 දෙනෙකු නවකතා රචකයෙකු සමඟින් එක් වී කරන මෙහෙයුමක් ගැන කතාවක්. Ishq ගැන ලොකුවට කියන්න දෙයක් නැහැ. ලස්සන ආදර කතාවක්.

ධූතා අධ්‍යක්ෂකවරයාගේ වගේම චෛතන්‍යාගේත් පලමු කතා මාලාව ද වෙනවා. මේ අධ්‍යක්ෂකවරයා අක්කිනේනි පවුල එක්ක සමීප සබඳතාවයක් තියෙනවා ඇති. මොකද අක්කිනේනි පවුල වෙනුවෙන් Manam, Thank You, Hello කියන චිත්‍රපට තුන කළා. Manam චිත්‍රපටයේ අක්කිනේනි නාගේෂ්වර් රාඕ මුණුබුරා ලෙසත්, නාගා චෛතන්‍යා පියා ලෙසත්, නාගර්ජුනා සීයා ලෙසත් ආත්මීය සබඳතා, පුනර්ජන්මය මත දිවෙන කතාවක් නිර්මාණය කර තිබුණා. මනම් චිත්‍රපටය ආදායම්, ප්‍රතිචාර වශයෙනුත් අති සාර්ථක වුණා. ඒත් Thank You චිත්‍රපටයට ප්‍රේක්ෂකයින්ව තෘප්තිමත් කරන්න පුළුවන් වුණේ නැහැ. චෛතන්‍යා Bangarraju (2022) චිත්‍රපටයෙන් පස්සෙ කරපු Thank You, Custody චිත්‍රපට දෙකම අසාර්ථක වුණා. චෛතන්‍යා, අමීර් ඛාන්ගේ Laal Singh Chaddha චිත්‍රපටයත් රංගනයෙන් දායක වුණා. චෛතන්‍යාට විතරක් නෙවෙයි, අක්කිනේනි පවුලේම චිත්‍රපට දිගින් දිගටම අසාර්ථක වුණා. ඒවා පිළිවෙලින් නාගර්ජුන්ගේ The Ghost (2022), අඛිල්ගේ Agent (2022) හා චෛතන්‍යාගේ Custody (2023). කොහොම වුණත් චෛතන්‍යාගේ Thandel නම් චිත්‍රපටය ලබන වසරේ තිරගත වීමට නියමිතයි.

කෙනෙකුට මේ කතා මාලාව තේරුම් ගන්න ලෙහෙසියි. දරුවන් ඇරෙන්න තරුණ, මහළු කාටත් අපහසුතාවයක් නැතිව බලන්න පුළුවන්. විශාල වශයෙන් ප්‍රචණ්ඩත්වය දැක්වෙන දර්ශන හෝ ලිංගික දර්ශන ඇතුලත් වෙන්නෙ නැහැ. ඇමසන් ප්‍රයිම් එකේ සීරීස් එකක් වුණාම ඒ ගැන විශ්වාසය තියන්න පුළුවන්. ඔයාලා වැය කරන කාලයට උපරිම තෘප්තිමත් කිරීමක් ලැබෙනවා අනිවාර්යයෙන්ම. සීසන් 2 ගැන අදහසක් තියෙනවා කියලා අන්තිමටම චූටි ඉඟියකින් කියනවා. ඉස්සරහට කොහොම වේවිද කියලා බලමු.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ කතාමාලාව රසවිඳින්න… හැමදාම වගේ අදහස් දක්වන සහ සිංහලසබ්නෙට් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි💕!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිඳු නවින් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Dhootha:- S1:E4
Dhootha:- S1:E4
Nov. 30, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published