What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3

Banshee (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x1

බැන්ෂී නගර සීමාවට සාදරයෙන් පිලිගනිමු!

මිනිහෙක් මොකක්දෝ වරදකට හිරේට යනවා. අවුරුදු 15ක් හිරබත් කාලා ඔන්න මිනිහා නිදහස් වෙනවා. ලොකු අරමුණක් ඇතිව මිනිහා යනවා කෙනෙක්ව හොයාගෙන එක්තරා පොඩි නගරයකට. යන පලවෙනි දවසෙම ඒ ‍මිනිහා ඒ නගරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකයා එහෙම නැත්තම් නගරේ ෂෙරිෆ් බවට පත් වෙනවා කිව්වොත් විශ්වාස කරනවද? අමාරු වුනත් කරන්න වෙනවා. ඊයේ හිරකාරයෙක් වුන මිනිහා අද ෂෙරිෆ් කෙනෙක්. කොහොමද එහෙම වෙන්නේ? ඔතනින් තමයි මේ කතාවේ ආරම්භය.

ඔන්න එහෙනම් බයිස්කෝපියන්ස්ලට අලුතෙන්ම කතා මාලාවක් අරගෙන ආවා. බැන්ෂී. ටිකක් අමුතු නමක් නේද? ඔව් අමුතු නමක් වගේම පිස්සු නමක්. මේක ඇමෙරිකා‍වේ පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ තියෙන ටිකක් හුදෙකලා කැලෑබද වෙන්න තියෙන කුඩා නගරයක්. ඒ නගෙරේ සිද්ධ වෙන සිද්ධි දාමයක් තමයි කතාවේ තියෙන්නේ. ටීවී සීරිස් පිස්සෙක් නම් ඇත්තටම මේක මිස් කරගෙන තියෙන්න විදියක් නෑ. ගොඩක්ම කතාබහට ලක් නොවුන ලෝකේ හොඳම සීරිස් එක මොකක්ද කියලා කෙනෙක් ඇහුවොත් මේක ගැන දන්න අය කියයි “බැන්ෂී” තමයි කියලා. 2013 අවුරුද්දේ Cinemax ලා එලියට දාපු සුපිරිම ගනයේ කතා මාලාවක් කියලා කිසිම විවාදයක් නැතිව කියන්න පුලුවන්. ගොඩක් ටීවී සීරිස් බලන අය හොඳම යැයි කියාගන්නා සීරිස් රාමුවකට කොටු වෙලා ඉන්නවා. ඒවා නරකයි කියනවා නෙවෙයි. නමුත් මෙවැනි සීරිස් එකක් මගඇරගන්නවා කියන්නේ ඒක ලොකු පාඩුවක්. බැන්ෂී කතාව ගැන කියන්න දෙයක් නෑ. මම පලවෙනි ඡේදයෙන් පොඩි ආරම්භයක් අරන් දුන්නා. ඊට වඩා අවශ්‍ය නෑ ඒ හොඳටම ඇති.

IMDb 8.4 ක් වගේ ලොකු අගයක් වගේම Rotten Tomatoes අගය 89%කට හිමිකම් කියන මේ අපූරු කතා මාලාව සීසන් 4ක් වැනි පොඩි ප්‍රමාණයකින් අවසන් කර තිබෙනවා. එක් කතා සමයක පැයකට ආසන්න කතා මාලා 8-10ත් අතර ගණනක් තමයි තියෙන්නේ. ඉතාමත් හොඳ විදියට පටන් අරන් ඉතාමත් හොඳ විදියට අවසන් වෙන මේ කතා මාලාවේ රේටින් ගැන කිව්වොත්, නිකමට ගූගල් ගිහින් පරිශීලක අදහස් බලන්න. නරකක් කියපු කිසිම කෙනක් නැති වෙයි. සීරිස් එකේ ප්‍රධාන චරිතයට ඉන්නේ Antony Starr. එහෙම කිව්වට දන්නෙ නැත්තම් The Boys එකේ හෝම්ලෑන්ඩර්ට ඉන්න ඩයල් එක. ඊට අමතරව සුපිරිම චරිත ටිකක් ඉන්නවා. මේක බලන ඔයාලට සමහර චරිත කතා‍වේ දකිනකම් ඉවසිල්ලක් නැති වෙයි. ඒ තරම් ඒ අයගෙ කතාව, සටන් වගේම හැසිරීම රඟපෑම සුපිරි.

ඊලඟට කියන්න ඕනේ මේක අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. හේතුව අධික ලෙස කුණුහබ්බ භාවිතය. විශේෂයෙන්ම අපේ ප්‍රධාන නලුවගෙ අතිජාත මිත්‍රයා Job. සෑම කතාංගයකම වචන වලින් 50%ක් විතරම තියෙන්නේ අපි කවුරුත් දන්න පොදු ඉංග්‍රීසි කුණුහබ්බය. ඊට අමතරව තව අලුත් ඉංග්‍රීසි කුණුහපර ටිකක් ඉගෙන ගන්නත් පුලුවන් වෙයි. ඒ විතරක් නෙවෙයි. අතිශය තාත්වික ලිංගික දර්ශන. කොහොම රඟපානවද මන්දා එහෙම. සෑම කතාංගයකම ලිංගික දර්ශන අඩුම ගානේ එකක් හෝ කීපයක් තියෙනවාමයි. ඒ විතරක් නෙවෙයි. බිහිසුණු කැපුම් කෙටුම් මිනීමැරුම් මත්ද්‍රව්‍ය මෙවැනි නානාප්‍රාකාර විදියේ පොඩි අයට නුසුදුසු දර්ශන සෑහෙන්න තියෙනවා. ඒ නිසා පවුලේ සැමට නැරඹිය හැකි ‍එකක් නෙවෙයි. එහෙම බලනවා නම් රෙදි ටිකත් පැක් කරගෙන බලන්න.

එහෙනම් අද ඉඳන් පලවෙනි කතාංගයේ ඉඳන් අවසන් කතාංගය දක්වා බයිස්කෝප් හරහා මේ සුපිරිම සීරිස් එක ඔන්න මම දෙනවා. මඟ නොහැර බලන්න. ඊලඟ එපියෙන් හම්බවෙමු…!!

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ රංග ප්‍රසන්න සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Banshee:- S1:E1
Banshee:- S1:E1
Jan. 11, 2013

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published