ඕෂද එරංග - SinhalaSub https://sinhalasub.lk/subtitle/oshada-eranga/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 26 Jul 2025 04:28:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png ඕෂද එරංග - SinhalaSub https://sinhalasub.lk/subtitle/oshada-eranga/ 32 32 Undead (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/undead-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/undead-2025-sinhala-subtitles/#comments Sat, 26 Jul 2025 04:00:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=107317 Undead Sinhala Sub Undead Sinhala Subtitles Undead Sinhala Sub Undead Malayalam (2025) Sinhala Sub Undead Malayalam (2025) Sinhala Subtitles රික්සන්, ලියා, මෙරින්, කාර්තික්, විෂ්ණු, එරික් කියන්නේ යාළුවො 6 දෙනෙක්. මේ හයදෙනාම එක දවසක් යනවා කැලයකට විනෝද චාරිකාවක්. ඉතින් මේ හය දෙනාම කැලේට ගිහින් ඉද්දි අමුතු අමුතු දේවල් සිද්ද වෙනවා. ඒ විතරක් නෙවෙයි.. මේ කැලේ ඉද්දි […]

The post Undead (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Undead Sinhala Sub
Undead Sinhala Subtitles
Undead Sinhala Sub
Undead Malayalam (2025) Sinhala Sub
Undead Malayalam (2025) Sinhala Subtitles

රික්සන්, ලියා, මෙරින්, කාර්තික්, විෂ්ණු, එරික් කියන්නේ යාළුවො 6 දෙනෙක්. මේ හයදෙනාම එක දවසක් යනවා කැලයකට විනෝද චාරිකාවක්. ඉතින් මේ හය දෙනාම කැලේට ගිහින් ඉද්දි අමුතු අමුතු දේවල් සිද්ද වෙනවා. ඒ විතරක් නෙවෙයි.. මේ කැලේ ඉද්දි කාර්තික්ට මොකක්හරි අමුතුම දෙයක් සිද්ද වෙනවා. ඒ විතරක් නෙවෙයි.. මේ කැලෙන් හරි අමුතු කට්ටියක් හම්බවෙනවා..

මොකක්ද මේ වෙන්නේ?
යාළුවෝ 6 දෙනාට බේරෙන්න පුළුවන් වෙයිද?
කාර්තික්ට මොකක්ද වෙන මේ අමුතුම දේ?
මේ කැලේ අමුතු අමුතු දේවල් වෙන්නේ ඇයි?
කවුද මේ අමුතු කට්ටිය?
අන්තිමට මොනා වෙයිද?

ටිකක් පැටලුණා නේද? එහෙම නම් ඉතින් ෆිල්ම් එකම බලන්නකෝ.. එතකොට උත්තර ටික නිකම්ම ලැබේවි..

සබ ඕනේ අය පහලට ගිහිල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.

සුපුරුදු විදිහට අදත් මං ගෙනාවේ හොරර් ගනයේ චිත්‍රපටයක්. හැබැයි මේක නිකම්ම නිකම් හොරර් එකක් නෙවෙයි. සොම්බ් ඉන්නවා හොදේ.. VFX නෙවෙයි.. ඇත්තම සොම්බි ඈ.. කට්ටිය උඩ යන්න ඇති ඉතින් 😹.. ඈ..? කොච්චර සොම්බි ෆිල්ම් අපි බැලුවත් මලයාලම් වල සොම්බි ෆිල්ම් අපි මෙච්චර කල් දන්නේ නෑනේ දෙයියනේ.. 🥲🥲🥲 අනිත් එක ටයිම් ලූප් ෆිල්ම් එකක්. 🥲🥲 ඔන්න තවත් අවුල් වෙනවා ඇති නේද ?? පළමු එක ගැන වාලියේ කියන මලයාලම් ෆිල්ම් එකේ ලිපියේ පොඩි ඉගියක් දාලා ඇති. බලපු නැති කට්ටිය  ගිහින් බලන්නකෝ.. එතකොට මේ ගැන හොද අදහසක් ගන්න පුළුවන්.

එහෙනම් යමු විස්තරේ දිහාට..

මේ චිත්‍රපටයේ නම Undead. (මේ නමින්ම තව ෆිල්ම් එකක් තියෙනවා. පටලවගන්න එපා.) 2025 ජුනි 18 වෙනිදා Direct OTT විදිහට මුදා හැරුණු මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය කරන්නේ සෙන් වර්ගිස් කියලා අලුත් අධ්‍යක්ෂක වරයෙක්. රචනයත් එයාමයි කලේ.
නිෂ්පාදනය සරම්මා වර්ගිස්ගෙන්. සංගීතය විජයානන්ද්ගෙන්.

රංගනයෙන් කාර්තික්.බ්, හරිශන්කර් ඩ්., වර්ගිස් ජනාරියස්, අස්සීල් ෆාතිමා මරික්කාර්, මංජු මෝහන්, අරවින්ද් ආර් නායිර්, අබින් සුකුමාරන් වගේ අලුතින් මලයාලම් සිනමාවට අඩිය තියන කට්ටියක් තමයි මේකේ රගපාන්නේ.

මේ චිත්‍රපටයට ලබා දී තියෙන IMDB අගය 2.6/10ක්. මේකේ ධාවන කාලය පැය 1යි විනාඩි 25ක්.

ඔයාලගේ අදහස් හරි අඩුපාඩු හරි තියෙනවා නම් කමෙන්ට් එකකින් දන්වන්න අමතක කරන්න එපා වගේම ඔයාලට ඕනේ චිත්‍රපටි ඉල්ලීම් එහෙම තියෙනවා නම් කමෙන්ටුවකින් දැනුවත් කරන්න.

හැමදාම වගේ මගේ උපසිරැසි වලට අදහස් උදහස් දක්වන ප්‍රේක්ෂක ඔයාලට මගෙන් තුති.

ඉස්සරහට තව ෆිල්ම් අරන් එනකල් අදට මං ගොහින් එන්නම්කෝ. තවත් සබකින් ආයේ හමුවෙනකම් ඔයාලට සුබ දවසක් !

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Undead (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/undead-2025-sinhala-subtitles/feed/ 1
Vazhiye (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/vazhiye-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/vazhiye-2022-sinhala-subtitles/#respond Thu, 24 Jul 2025 14:07:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=106763 Vazhiye Sinhala Sub Vazhiye Sinhala Subtitles Vazhiye 2022 Sinhala Sub Vazhiye (2022) Sinhala Sub Vazhiye (2022) Sinhala Subtitles ඇල්බින් කියන්නේ යූටියුබර් කෙනෙක්. මෙයාගේ පෙම්වතිය තමයි රීමා. ඉතින් මේ දෙන්නා කසාරගෝඩ් වල තියෙන එක කැලේකට යනවා. හැබැයි යන්නේ එහේ තියෙනවා කියලා සැලකෙන අද්භුත බිමක් ගවේෂණය කරන්න.. ඒ යන්නෙත් ඊට පස්සේ හවස් වෙන්න කලින් එන්න හිතාගෙන. ඒත් […]

The post Vazhiye (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vazhiye Sinhala Sub
Vazhiye Sinhala Subtitles
Vazhiye 2022 Sinhala Sub
Vazhiye (2022) Sinhala Sub
Vazhiye (2022) Sinhala Subtitles

ඇල්බින් කියන්නේ යූටියුබර් කෙනෙක්. මෙයාගේ පෙම්වතිය තමයි රීමා. ඉතින් මේ දෙන්නා කසාරගෝඩ් වල තියෙන එක කැලේකට යනවා. හැබැයි යන්නේ එහේ තියෙනවා කියලා සැලකෙන අද්භුත බිමක් ගවේෂණය කරන්න.. ඒ යන්නෙත් ඊට පස්සේ හවස් වෙන්න කලින් එන්න හිතාගෙන. ඒත් ඒක නවතින්නෙත් නොහිතු මොහොතක.

සරන් කියන්නේ ඇල්බින් වගේම යූටියුබර් කෙනෙක්. එයත් මේ කැලේට එන්නේ අර ඇල්බින් – රීමා දෙන්නාගේ ගමනමයි. හැබැයි මේ සරන් එයාගේ තව යාලුවෙක් එක්කමයි එයාලගේ චැනල් එක කරන්නේ. මේ දෙන්නට අර ඇල්බින් – රීමා ජෝඩුව මුණ ගැහෙනවා. ඒ හමුවෙන්නෙත් අර දෙන්නගේ උගුලේ ප්‍රතිපලයක් විදිහට.

හැබැයි මේ දෙගොල්ලොන්ටම ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදුවෙනවා.

මොකක්ද මේ වෙන්නේ?
ඇයි එයාලට එහෙම දේකට මුහුණ දෙන්න වෙන්නේ?
සරන්ගෙයි යාලුවාගෙයි රීමාට අටවපු උගුල මොකක්ද?
අවසානය කුමකින් කුමක් වෙයිද?

මේ ප්‍රශ්නවලට උත්තර මේ චිත්‍රපටයෙන් දැකගන්න පුළුවන් වෙයි.

සබ ඕනේ අය පහලට ගිහිල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.

නිර්මාල් බේබි වර්ගිස්.. මේ නම ඒ තරම් හුරුපුරුදු නමක් නොවෙන්න පුළුවන්. හැබැයි Dreadful Chapters කියන චිත්‍රපටය බැලුවා නම් ඒකත් අධ්‍යක්ෂණය කලේ මෙන්න මේ නිර්මාල් බේබි වර්ගිස් කියන කෙනා. මේක මලයාලම් සිනමාවේ පළමු ටයිම් ලූප් චිත්‍රපටය. ඔයාලා තාමත් ඒක බැලුවේ නැත්නම් සිනෙරු වෙබ් අඩවියේ ඒ චිත්‍රපටයේ උපසිරැසි තියෙනවා. අරන් බලන්න කියලා ආරාධනා කරනවා..

අද මං උපසිරැසි ගෙන එන්නේ නිර්මාල්ගේම තවත් චිත්‍රපටයකට. විශේෂම දේ මේක තමයි පළමු Found – Footage මලයාලම් චිත්‍රපටය. ඒ විතරක් නෙවෙයි. මේක සම්මාන ලාභී මලයාලම් හොරර් චිත්‍රපටයක්. මේකත් උපසිරැසියක් ගෙන එන්න මට හේතුවක් වුණා.

Found-Footage කියන්නේ සිනමා නිර්මාණයේදි භාවිතා කරන එක්තරා ක්‍රමයක් වගේම කැටගරියක්. උදාහරණයක් විදිහට හිතන්න යම් කිසි චරිත කිහිපයක් ඉන්නවා. එයාලට කතාවක් කරන්න ඕනේ වෙනවා. ඒ කතාවට සම්බන්ධ ඒ චරිත විසින් කරන ලද වීඩියෝ රෙකෝඩ්න් හරි ෆිල්ම් එකක් හරි ජනතාව හොයාගන්නවා නම් අපි ඒකට කියන්නේ Found Footage කියලා..

එහෙනම් යමු විස්තරේ දිහාට..

මේ චිත්‍රපටයේ නම Vazhiye. 2022 ජුනි 11 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය නිර්මාල් බේබි වර්ගිස්ගෙන්. රචනයත් එයාමයි කලේ. නිෂ්පාදනය බේබි චයිතන්‍යාගෙන්. සංගීත අධ්‍යක්ෂණය ඇමරිකානු ජාතික එවන් එවන්ස්ගෙන්. මේක අයිති වෙන්නේ Found-Footage / හොරර් ගණයට.

රංගනයෙන් දායක වෙන්නේ අලුත් කට්ටියක්. ජෙෆින් ජෝසෆ්, අශ්වති අනිල් කුමාර්, වරුන් රවින්ද්‍රන්, ශ්‍යාම් සලාෂ්, ශලිනි බේබි, ජොජි ටොමි, සානියා පවුලෝස්, රාජන් වගේ අය දායක වෙනවා.

මේ චිත්‍රපටයට ලබා දී තියෙන IMDB අගය 3.8/10ක්. ඒ වගේම ගූගල් පරිශීලක අගය 42%ක්. ධාවන කාලය විනාඩි 80ක්.

විශේෂ කරුණු:
* මේ චිත්‍රපටය මුලින්ම තිරගත කලේ 2022 වසරේ මැයි මාසයේ පැවැත්වූ ටොරෙන්ටෝ ඉන්දි හොරර් ෆිල්ම් ෆෙස්ට් එකෙන්.

* ඉන් පසු මේ චිත්‍රපටයේ OTT නිකුත් කරන්නේ ඇමරිකානු OTT ප්ලැට්ෆෝම් එකක් වෙන Diverse Cinema කියන ප්ලැට්ෆෝම් එකෙන්. ඉන් පසුව තමයි ඒ අවුරුද්දෙම අගෝස්තු 12 වෙනිදා Amazon Prime Video හරහා මුදා හැරුණේ.

* මේ චිත්‍රපටය සම්මානයකිනුත් පිදුම් ලබලා තියෙනවා. ඒ හොඳම පර්යේෂණාත්මක චිත්‍රපට අධ්‍යක්ෂකගේ සම්මානය හිමිකරගනිමින්.

* ඉන්පසු 2024 අවුරුද්දේ මේ චිත්‍රපටි කණ්ඩායම ආරම්භ කළා “Vazhiye Indie Film Fest” කියලා වැඩසටහනක්.

නිර්මාල්ගේ මීලග චිත්‍රපටය සොම්බි ගැන සම්බන්ධයෙන් යන චිත්‍රපටයක්. ඒකේ නම Disease X: The Zombie Experiment. මේක තවම නිකුත් කරන දිනයක් තවම දන්වලා නෑ. ආවොත් උපසිරැසියක් ගෙන්න උත්සහ කරන්නම්..

ඔයාලගේ අදහස් හරි අඩුපාඩු හරි තියෙනවා නම් කමෙන්ට් එකකින් දන්වන්න අමතක කරන්න එපා වගේම ඔයාලට ඕනේ චිත්‍රපටි ඉල්ලීම් එහෙම තියෙනවා නම් කමෙන්ටුවකින් දැනුවත් කරන්න.

හැමදාම වගේ මගේ උපසිරැසි වලට අදහස් උදහස් දක්වන ප්‍රේක්ෂක ඔයාලට මගෙන් තුති.

ඉස්සරහට තව ෆිල්ම් අරන් එනකල් අදට මං ගොහින් එන්නම්කෝ. තවත් සබකින් ආයේ හමුවෙනකම් ඔයාලට සුබ දවසක් !

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Vazhiye (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/vazhiye-2022-sinhala-subtitles/feed/ 0
Yuddhakaanda Chapter 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/yuddhakaanda-chapter-2-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/yuddhakaanda-chapter-2-2025-sinhala-subtitles/#respond Mon, 21 Jul 2025 08:47:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=106803 Yuddhakaanda Chapter 2 Sinhala Sub Yuddhakaanda Chapter 2 Sinhala Subtitles Yuddhakaanda Chapter 2 2025 Sinhala Sub Yuddhakaanda Chapter 2 (2025) Sinhala Sub Yuddhakaanda Chapter 2 (2025) Sinhala Subtitles නිවේදිතා කියන්නේ අහිංසක අම්මා කෙනෙක්. මෙයාට දුවෙක් ඉන්නවා ශ්‍යාම්ලි කියලා. තාම ඉස්කෝලේ යනවා. මේ අහිංසක ගෑණු ළමයාව බැලුන් එකක් අරන් දීලා කෙනෙක් එයාව පැහැරගෙන ගෙනිහින් ඒ අහිංසක […]

The post Yuddhakaanda Chapter 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yuddhakaanda Chapter 2 Sinhala Sub
Yuddhakaanda Chapter 2 Sinhala Subtitles
Yuddhakaanda Chapter 2 2025 Sinhala Sub
Yuddhakaanda Chapter 2 (2025) Sinhala Sub
Yuddhakaanda Chapter 2 (2025) Sinhala Subtitles

නිවේදිතා කියන්නේ අහිංසක අම්මා කෙනෙක්. මෙයාට දුවෙක් ඉන්නවා ශ්‍යාම්ලි කියලා. තාම ඉස්කෝලේ යනවා. මේ අහිංසක ගෑණු ළමයාව බැලුන් එකක් අරන් දීලා කෙනෙක් එයාව පැහැරගෙන ගෙනිහින් ඒ අහිංසක කෙල්ලව දූෂණය කරනවා. ඉතින් උසාවියේදී ඒ කෙනාට නිවේදිතා වෙඩි තියලා දානවා.

භාරත් හනුමන්තා රාඕ කියන්නේ නීති වෘත්තියට පිවිසුණු කෙනෙක්. මෙයාට රස්සාවක් හොය හොයා අන්තිමේදී එයාට කොහොමහරි රස්සාවක් සෙට් වෙනවා. ඒකත් පොඩි තැනක. මෙයා ටික කාලයක් යනකොට මේ පොඩි තැනට අලුතින් කෙනෙක් එනවා. එයාගේ නම සප්නා. කාලයක් යද්දී අපේ කතා නායකයා වගේම සප්නා යාළුවෙලා අන්තිමේදී පෙම්වතුන් වෙනවා.

එක දවසක් මෙයා උසාවියට එද්දී ඔය නිවේදිතාගේ නඩුව අහන්න ලැබෙනවා. පස්සේ තමන් තනියෙන් මේ සෙල්ලමට සම්බන්ධ වෙනවා.. හැබැයි උසාවියේ ඒ නඩුවේ විරුද්ධ පාර්ශවයේ ප්‍රතිවාදියා වෙන්නේ එයා හොදට දන්නා කෙනෙක්..

මේ නඩුවෙන් දිනන්නේ කවුද?
ඇයි නිවේදිතා එයාට වෙඩි තිබ්බේ?
කවුද ඒ හොදට දන්නා ප්‍රතිවාදියා?

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ඕනේ නම් ෆිල්ම් එක බලන්න වෙනෝ..

සබ ඕනේ අය පහලට ගිහිල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.

චැප්ටර් 2 බලන්න ආවේ චැප්ටර් 1 බලන්නේ නැතුවද? නෑ නෑ මේක එකම එක ෆිල්ම් එකක්.. හැබැයි මේක ප්‍රචාරණ කටයුතු වලට ගහපු ගැටයක් විතරයි. එහෙම නැතුව චැප්ටර් 1 එකක් එන්නේ නෑ. ඒ හින්දා කලබල වෙන්න ඕනේ නෑ. බය වෙන්න දේකුත් නෑ. (ගුගල් ගැහුවත් එන්නේ මේකම තමයි හැබැයි හොදේ. 😁😁)

ඉන්දීය සිනමාවට Courtroom / Drama කැටගරිය කියන්නේ මහා අමුතු දෙයක් නෙවෙයිනේ. මේ අවුරුද්දේ ඔය කැටගරියෙන් ගොඩක් ෆිල්ම්ස් එලියට ආවා. එකක් Kesari Chapter 2: The Untold Story of Jallianwala Bagh. අනිත් එක Court: The State vs Nobody. තව ගත්තොත් JSK: Janaki v/s State of Kerala කියන ෆිල්ම් එක. ඒක තාම තියටර් වල දුවන ගමන්. අනිත් දෙකට මේ වෙද්දීත් අපේ වෙබ් අඩවියෙන් උපසිරැසි දීලා තියෙන්නේ. පුළුවන් වුනොත් JSK එකටත් උපසිරැසියක් ගේන්න බලන්නම්. (ඔය ප්‍රධාන කිහිපය විතරයි. අර හැංගිච්ච ඒවා කියලා තියෙනවනේ. අන්න ඒ ගොඩ ඇතුලේ තියෙන එකක් තමයි මේක.)

ඉතින් වෙනදා ගේන එක නෙවෙයි මෙදා පොටේ අරන් ආවේ. මේ පාර නම් වෙනස්, ටිකක් අභියෝගකාරී උපසිරැසියකට තමයි අත තිබ්බේ. (Geethanjali Malli Vachindi තෙලිගු එකට පස්සේ ගහපු දෙවෙනි අහියෝගකාරි උපසිරැසිය) ඒත් නිකම් හිටපු එකේ ගහන්නත් එපැයි. එකක් මං ආසම කැටගරියක්. අනිත් දේ බාරත් අරගෙන පොල්ල තිබ්බොත් මට තමයි ප්‍රශ්නේ 😹. ඉතින් ඒ හින්දම පස්ස ගහන්නේ නැතුව පුළුවන් වෙලාවට ගහලා ගහලා කොහොමහරි කටු කාගෙන ගහලම ගැහුවා ඔන්න. එහෙනම් යමු විස්තරේට..

2025 අප්‍රේල් 18 වෙනිදා නිකුත් කරපු මේ ෆිල්ම් එකේ නම Yuddhakaanda Chapter 2. අධ්‍යක්ෂණය පවන් භාත් ගෙන්. නිෂ්පාදනය අජේ රාඕගෙන්. සංගීතය හේමන්ත් ජොයිස්ගෙන්. මේක අයිති වෙන්නේ Legal Drama ගණයට.

රංගනයෙන් අජේ රාඕට අමතරව KGF වල රගපාපු අර්චනා ජොයිස්, ප්‍රකාශ් බෙලාවාදී, සත්වික් ක්‍රිෂ්ණන්, සුප්‍රිතා සතයනාරයනා ඇතුළු රංගන ශිල්පින් ගොඩක් මේකට දායකත්වය සපයනවා.

මේ චිත්‍රපටයට ලබා දිලා තියෙන IMDB අගය 7.2/10ක්. මේ චිත්‍රපටයේ OTT නිකුත් කලේ Amazon Prime Video හරහා ජුනි 20 වෙනිදා. (මේක ඝටිකාචලම් චිත්‍රපටයත් එක්කම OTT නිකුත් කරපු ෆිල්ම් එකක්.)

පොඩි දෙයක් කියන්න ඕනේ. ඒ තමයි මේ ෆිල්ම් එක උපසිරැසි පරිවර්තනය කරද්දී සමහරක් වචනවල නුහුරු ගතියක් තිබුනා. (Courtroom Drama එකක් පළමු වතාවට උපසිරැසි කරන නිසා වෙන්න ඇති.) ඒ වගේම සමහරක් වචන වල තේරුම් අන්තර්ජාලයෙන් හොයලා තොරතුරු අරන් ඒවා වරහන් ඇතුලේ දාලා ඇති. ඒ නිසා මොකක්හරි බාධාවක් හරි අඩුපාඩුවක් හරි වුණා නම් සමාව ඇයද සිටිනවා. (නැත්නම් මං ප්‍රේක්ෂකයාට කරන ලොකු අසාධාරණයක් හා සමානයි.)

ඔයාලගේ අදහස් හරි අඩුපාඩු හරි තියෙනවා නම් කමෙන්ට් එකකින් දන්වන්න අමතක කරන්න එපා වගේම ඔයාලට ඕනේ චිත්‍රපටි ඉල්ලීම් එහෙම තියෙනවා නම් කමෙන්ටුවකින් දැනුවත් කරන්න.

හැමදාම වගේ මගේ උපසිරැසි වලට අදහස් උදහස් දක්වන ප්‍රේක්ෂක ඔයාලට මගෙන් තුති.

ඉස්සරහට මං තව ෆිල්ම් ගොන්නක් අරන් එන්න නියමිතයි. එහෙම අරන් එනකල් අදට මං ගොහින් එන්නම්කෝ. තවත් සබකින් ආයේ හමුවෙනකම් ඔයාලට සුබ දවසක් !

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Yuddhakaanda Chapter 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/yuddhakaanda-chapter-2-2025-sinhala-subtitles/feed/ 0
Ghatikachalam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ghatikachalam-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ghatikachalam-2025-sinhala-subtitles/#comments Sun, 06 Jul 2025 03:33:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105546 Ghatikachalam Sinhala Sub Ghatikachalam Sinhala Subtitles Ghatikachalam 2025 Sinhala Sub Ghatikachalam (2025) Sinhala Sub Ghatikachalam (2025) Sinhala Subtitles කෞෂික් කියන්නේ වෛද්‍ය සිසුවෙක්. හැබැයි මෙයා බයගුල්ලෙක්. (අමු බයගුල්ලෙක් නම් නෙවෙයි හැබැයි.) හැබැයි මෙයා ජීවත් වෙන්නේ හැදෙන්නේ තමන්ගේ දෙමාපියන් යන විදිහට (ටිකක් මං වගේ හැබැයි. ගොඩක්ම නෙවෙයි.). එයාගේ තාත්තා තමයි කෞෂික්ගේ රස්සාව පවා තීරණය කලෙත්. අම්මා තමයි […]

The post Ghatikachalam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ghatikachalam Sinhala Sub
Ghatikachalam Sinhala Subtitles
Ghatikachalam 2025 Sinhala Sub
Ghatikachalam (2025) Sinhala Sub
Ghatikachalam (2025) Sinhala Subtitles

කෞෂික් කියන්නේ වෛද්‍ය සිසුවෙක්. හැබැයි මෙයා බයගුල්ලෙක්. (අමු බයගුල්ලෙක් නම් නෙවෙයි හැබැයි.) හැබැයි මෙයා ජීවත් වෙන්නේ හැදෙන්නේ තමන්ගේ දෙමාපියන් යන විදිහට (ටිකක් මං වගේ හැබැයි. ගොඩක්ම නෙවෙයි.).

එයාගේ තාත්තා තමයි කෞෂික්ගේ රස්සාව පවා තීරණය කලෙත්. අම්මා තමයි එයාගේ කෑම තීරණය කලේ. කොහොමින් හරි කාලයක් යද්දී මෙයාගේ මානසික මට්ටමත් පහලට වැටෙද්දී මෙයාට ඇහෙනවා කෙනෙක් තමන්ට විධානයක් දෙනවා වගේ දෙයක්. මුලින් මුලින් පොඩියට විධාන දීලා පස්සේ පස්සේ ලොකු විධාන දෙන්න ගන්නවා..

කවුද මේ විධාන දෙන කෙනා..?
ඇයි මෙයාට එහෙම වද දෙන්නේ?
ඇත්තටම කෞෂික්ට මොකක්ද වෙලා තියෙන්නේ?
එයාගේ දෙමාපියෝ එයාගේ වෙනසට මොකක්ද කරන්නේ?

මේවට උත්තර හොයන්න නම් ෆිල්ම් එක බලලම දැනගන්න වෙයි…

සබ ඕනේ අය පහලට ගිහිල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.

සුපුරුදු විදිහටම අදත් ඔන්න තවත් සයිකෝ – හොරර් ගනයේ ෆිල්ම් එකක උපසිරසියක් අරගෙනයි අද සයිට් එකට අරන් ආවේ. කලින් එකේ ප්‍රතිචාර හොද හින්දම මේකත් ඔන්න මං ගානේ දෙනෝ.

විශේෂයෙන් මේක බලන්න කලින් කියන්න ඕනේ දෙයක් තියෙනවා. මතක තියාගන්න මේ ෆිල්ම් එක හැදෙන්නේ සත්‍ය කතාන්දරයක් පාදක කරගෙන. ඒ වගේම අපිට අපේ සමාජයේ දකින්න ලැබෙන සුලභ මානසික ආබාධයක් ගැනත් මේ ෆිල්ම් එකේ දකින්න ලැබෙනවා.. (ස්පොයිල් වුනානම් සමාව දෙනු මැන.) යමුකෝ විස්තරේ පැත්තට..

ඉතින් මේ ෆිල්ම් එකේ නම Ghatikachalam. 2025 අවුරුද්දේ මැයි 31 වෙනිදා නිකුත් කරපු මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය කරන්නේ අමර් කාමෙපල්ලිගෙන්. නිෂ්පාදනය විජේ කුමාර් සහ M.C රාජුගෙන්. සංගීතය Flavio G. Cuccurullo ගෙන්. මේක අයිති වෙන්නේ සයිකෝ-හොරර්-ත්‍රිලර් ගණයට.

කාස්ට් එක ගැන කිව්වොත් කලින් උපසිරැසි දුන්නු එකේ ඉන්න සෙට් එක වගේම කට්ටියක් තමයි මේකෙත් රගපාන්නේ. ඒ කිව්වේ අලුත් කට්ටියක් ඉන්නේ මේ ෆිල්ම් එකෙත්. හැබැයි රංගනයෙන් උපරිම සාධාරණයක් කළා. කට්ටිය ගැන කිව්වොත් නිඛිල් දේවදූලා, දුර්ගා දේවි, ආර්විකා ගුප්තා, ශාන් කක්කර්, ශ්‍රිනිවාස් කාමෙපල්ලි, අර්ජුන් විහාන් වගේ අය තමයි මේ ෆිල්ම් එකේ ඉන්නේ.

විශේෂයෙන් කියන්න ඕනේ නිඛිල් දේවදූලාගේ රංගනය සුපිරියක් කියලා. මොකද එයා ඒ තරම්ම තාත්වික විදිහට ඝටිකාචලම්ගේ චරිතය – කෞශික්ගේ චරිතය අපූරුවට රගපෑවා.. ගිනි ගින්දර ආ.. සමහරක් ඒවටත් මං බය වුනු තරමක් 😁.. එයාට හොද අනාගතයක් තියෙනවා රංගනයෙන්…

මේ චිත්‍රපටයට ලබාදීපු IMDB අගය 5.8/10ක්. මේකේ ධාවන කාලය පැය 1යි විනාඩි 58ක්. මේ චිත්‍රපටයේ OTT නිකුත් කලේ Amazon Prime Video හරහා ජුනි 20 වෙනිදා.

ඔයාලගේ අදහස් හරි අඩුපාඩු හරි තියෙනවා නම් කමෙන්ට් එකකින් දන්වන්න අමතක කරන්න එපා වගේම ඔයාලට ඕනේ චිත්‍රපටි ඉල්ලීම් එහෙම තියෙනවා නම් කමෙන්ටුවකින් දැනුවත් කරන්න.

හැමදාම වගේ මගේ උපසිරැසි වලට අදහස් උදහස් දක්වන ප්‍රේක්ෂක ඔයාලට මගෙන් තුති.

ඉස්සරහට තව ෆිල්ම් අරන් එනකල් අදට මං ගොහින් එන්නම්කෝ. තව තෙලිගු හරි මලයාලම් සබකින් හමුවෙනකම් ඔයාලට සුබ දවසක් !

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ghatikachalam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ghatikachalam-2025-sinhala-subtitles/feed/ 1
Bhavani Ward 1997 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bhavani-ward-1997-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bhavani-ward-1997-2025-sinhala-subtitles/#comments Wed, 25 Jun 2025 13:37:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104419 Bhavani Ward 1997 Sinhala Sub Bhavani Ward 1997 Sinhala Subtitles Bhavani Ward 1997 2025 Sinhala Sub Bhavani Ward 1997 (2025) Sinhala Sub Bhavani Ward 1997 (2025) Sinhala Subtitles අජේ දියා කියන්නේ පෙම්වතුන්. මේ දෙන්නගේ ආදරය නිසාම දියාගේ ඇගට ආත්මයක් ආවේශ වෙනවා. මේ ආත්මයට වුවමනා වෙනවා පලිගන්න. මොකටද දියාගේ ඇගට ඒ ආත්මය ආවේ? කවුද ඒ ආත්මය? […]

The post Bhavani Ward 1997 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bhavani Ward 1997 Sinhala Sub
Bhavani Ward 1997 Sinhala Subtitles
Bhavani Ward 1997 2025 Sinhala Sub
Bhavani Ward 1997 (2025) Sinhala Sub
Bhavani Ward 1997 (2025) Sinhala Subtitles

අජේ දියා කියන්නේ පෙම්වතුන්. මේ දෙන්නගේ ආදරය නිසාම දියාගේ ඇගට ආත්මයක් ආවේශ වෙනවා. මේ ආත්මයට වුවමනා වෙනවා පලිගන්න.

මොකටද දියාගේ ඇගට ඒ ආත්මය ආවේ?
කවුද ඒ ආත්මය?
මොකටද පළිගන්නේ?
අජේ මොනවා කරාවිද දියාව බේරගන්න?

ඒවා දැනගන්න නම් මේ ෆිල්ම් එක බලන්න වෙනවා..

සබ ඕනේ අය පහලට ගිහිල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.

ඔන්න සුපුරුදු විදිහටම තවත් හොරර් වර්ගයේ චිත්‍රපටයක් උස්සන් තමයි අද සයිට් එකට ආවේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක තෙලිගු එකක්. කලින් එකට ලැබිච්ච ප්‍රතිචාර නිසාමද කොහෙද මට හිතුණා මේක කරලා බලන්න ඕනේ කියලා. මොකද මේ වෙද්දීත් හොරර් වර්ගයේම තුනක් කරලා තියෙනවා හැබැයි.විශේෂයෙන් හොරර් ෆිල්ම් වල තියෙනවනේ අමුතුම මෙව්වා එකක් 😁.. ඒ ගතිය දැනිච්ච හින්දමද කොහෙද හොරර් ඒවාම මට අහුවෙන්නේ.. ෆිල්ම් එක ගැන  යමුකෝ විස්තරේට..

මේ චිත්‍රපටයේ නම Bhavani Ward 1997. 2025 පෙබරවාරි 7 වෙනිදා නිකුත් වුනු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ GD නරසිම්හා විසින්. නිෂ්පාදනය කලේ චන්ද්‍රකාන්ටා සොලන්කි විසින්. සංගීත අධ්‍යක්ෂණය කලේ සේකර් මහන්තිගෙන්. මෙය අයත් වෙන්නේ  සයිකෝ-හොරර්-ත්‍රිලර් ගණයට. කාස්ට් එක ගැන කිව්වොත් මේ අය මුල්ම වතාවටයි රගපාන්නේ.. අඩුම ගානේ මංවත් අහලවත් නෑ මේ සෙට් එකම.. ගනේෂ් රෙඩ්ඩි, පූජා කේද්රේ, ගයත්‍රී ගුප්තා, සායි සතිෂ් වැනි අය මේ චිත්‍රපටයට තමන්ගේ රංගන දායකත්වය සපයනවා..

මේ චිත්‍රපටයට ලබා දී තියෙන IMDB අගය 8.7/10ක්. ඔය වගේම ෆිල්ම් එකක් තිබ්බා ගාර්ඩියන් කියලා දෙමළ ෆිල්ම් එකක්.. ඒකෙත් ඔයිට වැඩියි..) මේ චිත්‍රපටය තිරගත කල දිනයේ ඉදන් මේ චිත්‍රපටයට විචාරකයින්ගෙන් ලැබිලා තියෙන ප්‍රතිචාර නම් මිශ්‍ර ප්‍රතිචාර. මේකේ ධාවන කාලය පැය 2යි විනාඩි 4ක් වෙනවා. මේ චිත්‍රපටය අසාර්ථක චිත්‍රපටයක් වූ නිසාම වේලාසනින්ම මේ චිත්‍රපටයේ බැනර් පවා සිනමාශාලාවල් වලින් ඉවත් කර තියෙන වගත් සදහන් වෙනවා. මේ චිත්‍රපටයේ OTT නිකුත් කලේ Amazon Prime Video හරහා 2025 මැයි 20 වෙනිදා. (මේක නිකුත් වෙන්නේ VOD – Video On Demand විදිහට.)

ඔයාලගේ අදහස් හරි අඩුපාඩු හරි තියෙනවා නම් කමෙන්ට් එකකින් දන්වන්න අමතක කරන්න එපා වගේම ඔයාලට ඕනේ චිත්‍රපටි ඉල්ලීම් එහෙම තියෙනවා නම් කමෙන්ටුවකින් දැනුවත් කරන්න.

හැමදාම වගේ මගේ උපසිරැසි වලට අදහස් උදහස් දක්වන ප්‍රේක්ෂක ඔයාලට මගෙන් තුති. 

ඉස්සරහට තව ෆිල්ම් අරන් එනකල් අදට මං ගොහින් එන්නම්කෝ. තව තෙලිගු හරි මලයාලම් සබකින් හමුවෙනකම් ඔයාලට සුබ දවසක් !

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bhavani Ward 1997 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bhavani-ward-1997-2025-sinhala-subtitles/feed/ 1
Hunt (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hunt-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hunt-2024-sinhala-subtitles/#respond Sat, 21 Jun 2025 08:51:46 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=103930 Hunt Sinhala Sub Hunt Sinhala Subtitles Hunt 2024 Sinhala Sub Hunt (2024) Sinhala Sub Hunt (2024) Sinhala Subtitles මේ කතාව පටන් ගන්නේ අධිකරණ වෛද්‍ය පශ්චාත් උපාධිය කරන කෙනෙක්ට තමන්ගේ විද්‍යාලයෙන් අතුරුදන් වෙච්ච ඇනිස්තිසියා ළමයෙක්ගේ ඇටසැකිලි කොටස් අහම්බෙන් හමුවෙන සිද්ධියෙන්. මේ විමර්ශනය දිගටම කරගෙන යද්දී මේ ළමයාගේ කලින් පෙම්වතාත් මේ අභිරහසට පැටලෙනකොට නඩුව තවත් සංකීර්ණ වෙනවා. […]

The post Hunt (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hunt Sinhala Sub
Hunt Sinhala Subtitles
Hunt 2024 Sinhala Sub
Hunt (2024) Sinhala Sub
Hunt (2024) Sinhala Subtitles

මේ කතාව පටන් ගන්නේ අධිකරණ වෛද්‍ය පශ්චාත් උපාධිය කරන කෙනෙක්ට තමන්ගේ විද්‍යාලයෙන් අතුරුදන් වෙච්ච ඇනිස්තිසියා ළමයෙක්ගේ ඇටසැකිලි කොටස් අහම්බෙන් හමුවෙන සිද්ධියෙන්. මේ විමර්ශනය දිගටම කරගෙන යද්දී මේ ළමයාගේ කලින් පෙම්වතාත් මේ අභිරහසට පැටලෙනකොට නඩුව තවත් සංකීර්ණ වෙනවා.

මෙතැනින් එහාට මොකක්ද වෙන්නේ කියලා දැනගන්න ඕනේ නම් චිත්‍රපටය බලන්නකෝ. තේරෙයි.

සබ ඕනේ අය පහලට ගිහිල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.

මේ Hunt කියන මලයාලම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මලයාලම් සිනමාවේ සිටින දක්ෂ ක්‍රියාදාම අධ්‍යක්ෂක වරයෙක් වෙන ශාජි කයිලාස්ගෙන්. (මේ නමින්ම නවා ධලපති සුධිර් බාබුගේ ෆිල්ම් එකකුත් තියෙනවා. පටලවගන්න එපා.) මේ චිත්‍රපටයේ නිෂ්පාදනය කරන්නේ K.රාධක්‍රිෂ්ණන් වගේම මේකේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ කයිලාස් මෙනන්. මේ චිත්‍රපටය නිකුත් කරන්නේ 2024 අවුරුද්දේ අගෝස්තු 23 වෙනිදා. මේක අයිති වෙන්නේ හොරර් ත්‍රිලර් කියන වර්ගයට.

රංගනයෙන් භාවනා, රෙන්ජි පනිච්කර්, අජ්මල් අමීර්, බිජු පාප්පන්, අදිති රවී, කෝට්ටයම් රමේෂ් වැනි අය දායක වනවා.

විශේෂයෙන් භාවනා – ශාජි කයිලාස් සුසංයෝගය හමුවෙන්නේ මේ චිත්‍රපටයෙන් නෙවෙයි. 2006 අවුරුද්දේ චින්තාමණි කෝලාකේස් (Chinthamani Kolacase) චිත්‍රපටයෙත් මේ දෙදෙනාගේ සුසංයෝගය දකින්න ලැබෙනවා. මේ ඒ දෙන්නාගේ දෙවැනි චිත්‍රපටය.

ශාජි කයිලාස් ගැන නොදන්නා කෙනෙක්ට පොඩි විස්තරයක් දෙන්නම්. ශාජි කයිලාස් කියන්නේ කේරලයට මාස් චිත්‍රපටි නිර්මාණය කරන අධ්‍යක්ෂකවරයෙක් විදිහට කාලයක් ප්‍රසිද්ධියක් ලබපු කෙනෙක්. හැබැයි කාලයත් එක්කම නිර්මාණ රසිකයින්ගේ අප්‍රසාදයට ලක් වෙච්ච නිසා 2012-13 කාලයෙන් පස්සේ ශාජි කයිලාස් සිනමා අධ්‍යක්ෂණයට උනන්දුවක් දැක්වූවේ නෑ.. පස්සේ එයා ප්‍රිත්විරාජ් සුකුමාරන්, සමයුක්තා මෙනන්, අර්ජුන් අශෝකන්, විවේක් ඔබ්රෝයි වගේ අය රංගනයෙන් දායක වෙච්ච කාඩුවා (Kaduva) චිත්‍රපටයෙන් තමන්ගේ නැවතාගමනය සනිටුහන් කරනවා. එපමණක් නෙවෙයි කාපා (Kaapa) චිත්‍රපටයත්, මෝහන්ලාල්ගේ Alone මලයාලම් චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කලෙත් මොහුම තමයි. ශාජිගේ මීලග අධ්‍යක්ෂණය වන Pink Police චිත්‍රපටය තිරගත වෙන දිනයක් හරි හැටි දන්නේ නෑ.

රේටින් ගැන කිව්වොත් IMDB අගය 5.2/10කුත් ගූගල් පරිශීලක අගය 34%කුත් මේකට ලැබෙනවා.

මේ චිත්‍රපටය වසරකට කිට්ටු කාලයක් වෙනතුරු OTT නිකුත් නොකලත් මේ අවුරුද්දේ මැයි 23 වෙනිදා ManoramaMax කියන Streaming Platform එකෙන් මේ චිත්‍රපටයේ ඩිජිටල් පිටපත් නිකුත් කරන වග දැනුම් දීමත් එක්කම මං පුද්ගලිකව නොඉවසිල්ලෙන් බලන් හිටපු චිත්‍රපටයක් තමයි මේක. (කොහොමත් හොරර් ගනයේ චිත්‍රපටිවලට මගේ කැමැත්තකුත් තියෙනවා. දැනටමත් හොරර් ගනයේ චිත්‍රපටි දෙකකට උපසිරැසි දීලා තියෙන්නේ. තව එකකුත් මං කරගෙන යන ගමන් තියෙන්නේ. ඒකත් ලගදීම මේ වෙබ් අඩවියේම දකින්න ලැබේවි.)

මේ මං ගේන 24 වැනි මලයාලම් උපසිරැසිය… ඔයාලගේ අදහස් හරි අඩුපාඩු හරි තියෙනවා නම් කමෙන්ට් එකකින් දන්වන්න අමතක කරන්න එපා

එහෙනම් අදට මං ගොහින් එන්නම්කෝ. තව තෙලිගු හරි මලයාලම් සබකින් හමුවෙනකම් ඔයාලට සුබ දවසක් !

ප.ලි: මගේ කරදරේ ඉවසගෙන ඉන්න සමිත අයියට ගොඩක් පින් ඉතින් 😁 අනිත් එක ෆිල්ම් වලට ලස්සන ලස්සන කවර හදන උචිනි අක්කටත් ගොඩක් පින් 😁

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hunt (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hunt-2024-sinhala-subtitles/feed/ 0
Lucifer (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/lucifer-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/lucifer-2019-sinhala-subtitles/#respond Fri, 30 May 2025 13:15:39 +0000 https://sinhalasub.net/?post_type=movies&p=199 ස්ටිෆන් නෙඩුම්පුල්ලි කියන්නේ කාටවත් කරදරයක් නැති, මහත්මා ගතිගුණ තියෙන මිනිසෙක්. තමන්ගේ ආශ්‍රයා අනාථ නිවාසය නිසාම කේරලයේ මිනිස්සු දෙවියෙක්ට වගේ සලකන මිනිහෙක් කියලා කිව්වොත් නිවැරදියි. හැබැයි මේ හැමදේම වෙනස් වුනේ මහඇමති රාම්දාස්ගේ මරණයත් එක්ක.. හිස් වෙච්ච මහ ඇමති පුටුව කාටද හිමිවෙන්නේ? කවුද මේ සායිඩ් මසුඩ් ? ඇත්තටම ස්ටිෆන් නෙඩුම්පුල්ලි කියන්නේ කවුද ? මේවට උත්තර මේ චිත්‍රපටයෙන් […]

The post Lucifer (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ස්ටිෆන් නෙඩුම්පුල්ලි කියන්නේ කාටවත් කරදරයක් නැති, මහත්මා ගතිගුණ තියෙන මිනිසෙක්. තමන්ගේ ආශ්‍රයා අනාථ නිවාසය නිසාම කේරලයේ මිනිස්සු දෙවියෙක්ට වගේ සලකන මිනිහෙක් කියලා කිව්වොත් නිවැරදියි.

හැබැයි මේ හැමදේම වෙනස් වුනේ මහඇමති රාම්දාස්ගේ මරණයත් එක්ක..

හිස් වෙච්ච මහ ඇමති පුටුව කාටද හිමිවෙන්නේ?
කවුද මේ සායිඩ් මසුඩ් ?
ඇත්තටම ස්ටිෆන් නෙඩුම්පුල්ලි කියන්නේ කවුද ?

මේවට උත්තර මේ චිත්‍රපටයෙන් ලැබෙයි.

සබ ගන්න ඕනේ කට්ටිය පල්ලෙහාට යන්න.. හෑල්ල කියවන්න ඕනේ කට්ටිය මේ පොඩි හෑල්ල කියවන්නකෝ..

මේ වෙද්දී ඔයාලා එම්පුරාන් බලන්න ඇති නේ ඉතින්. හැබැයි සමහරු දන්නෙවත් නැතුව ඇති මේ එම්පුරාන් ෆිල්ම් එක තව චිත්‍රපටියක කොටසක් විදිහට එනවා කියලා.. මේ ගේන්නේ ඒ චිත්‍රපටයේ උපසිරැසිය. මේ වෙන එකක් නෙවෙයි.. මේ තමා ලුසිෆර්!

මේ චිත්‍රපටය තිරගත වෙන්නේ 2019 මාර්තු 28 වෙනිදා.. හරියටම මේ අවුරුද්දේ 28 වෙනිදට වසර හයක් සපිරෙනවා.. ඒ කියන්නේ අපේ එම්පුරාන් චිත්‍රපටය තිරගත වුනු දවසින් පස්සේ දවසේ. මේකේ අධ්‍යක්ෂණය කලේ රාජුඑට්ටන්, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්නා ප්‍රිත්විරාජ් සුකුමාරන්ගෙන්. Bro Daddy, L2E එයාගේ අනෙක් අධ්‍යක්ෂණයන් වෙනවා. නිෂ්පාදනය ඇන්ටනි පෙරුම්බවූර් ගෙන්. සංගීතය දීපක් දේව් ගෙන්. තිර රචානය මුරලි ගෝපිගෙන්.

රංගනයෙන් මෝහන්ලාල්, මංජු වොරියර්, ටොවිනෝ තෝමස්, ඉන්ද්‍රජිත් සුකුමාරන්, ජෝන් විජේ, සායි කුමාර්, සචින් ඛේදෙකාර්, සානියා අයියප්පන් , ෆාසිල් වගේ අය ඉන්නවා..

විශේෂයෙන් මේ ෆිල්ම් එක විශේෂ වෙනවා එක්තරා අමුත්තෙක්ට.. මතකද රාජුඑට්ටන්ගේ කාඩුවා ෆිල්ම් එක..? ඒ ෆිල්ම් එකේ විලන් චරිතයට රගපාපු පොලිස් චරිතය මතකද? ඒක මතකයි නම් දැක්ක ගමන් අදුරගන්නවා .. වෙන කවුරුත් නෙවෙයි.. හින්දි නළුවෙක් වෙච්ච විවෙක් ඔබ්රෝයි.. මේ එයාගේ පළමු මලයාලම් සිනමා ආගමනය සනිටුහන් කරන චිත්‍රපටය තමයි මේ..

අනිත් දේ හොදම එක්කෙනා හම්බෙන්නේ අන්තිමටලුනේ. විශේෂ රංගනයෙන් මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරන ඇන්ටනි පෙරුම්බවූර් මහත්තයත් රංගනයට දස්සයාලුනේ.. ඉතින් ඩැනියෙල් රාවුත්තර් කියන චරිතය අවසානයේදී දකින්න පුළුවන් වෙනවා. (ලොකු වෙලාවකට නෙවෙයි හැබැයි.)

රේටින්ග් ගතහොත් IMDB අගය 7.5/10කුත් කුණු තක්කාලි අගය 40% කුත් ගූගල් පරිශීලක අගය 88% කුත් ඇමසන් ප්‍රයිම් පරිශීලක අගය 7.5/10කුත් අරගෙන තියෙනවා.

OTT නිකුත් කරන්නේ ඇමසන් ප්‍රයිම් එකෙන්. නිකුත් කලේ 2019 මැයි 16 වෙනිදා..

දැන් ඔයාලට මේ චිත්‍රපටය ගැන පුංචි කාරණා කිහිපයක් අරගෙන එන්නම්.

* සාමාන්‍යයෙන් ගොඩක් ෆිල්ම් වල කරන වැඩක් තමයි ලොකු මිනිස්සු ප්‍රමාණයක් පෙන්වන්න ඕනේ වුණාම පරිගණක සජීවිකරණ තාක්ෂණයේ පිහිටෙන් ඒ ෂොට් හදන එකනේ. හැබැයි මේ ෆිල්ම් එකෙත් ඔය වගේම තැනක් තියෙනවා.. නමුත් ඔයාල පුදුමෙනුත් පුදුම වෙයි.. මේකට මිනිස්සු 2000කට වැඩි පිරිසක් අරගෙන තියෙනවා කියලා කිව්වම. මේක ඇත්තටම දුර්ලභ අවස්ථාවක්.

* මේ ෆිල්ම් එක ඉන්දියාවේම විතරක් නෙවෙයි, ප්‍රංශයේ ලියොන් නගරය ආශ්‍රිතව, රුසියාවෙත් රූගත කරලා තියෙන්නේ. විශේෂයෙන් රුසියාවේ ගත්තොත් ඒ රූගත කිරීම් කලේ ඉතා සිතලාධික ප්‍රදේශ වල. ඉන්දියාවේ ගත්තොත් තිරුවන්තපුරම්, ඉඩුක්කි, එර්නාකුලම්, සහ කොල්ලම් නගර වලත්, මුම්බායි, බැංගලෝර් හා ලක්ෂව්දිප් යන පැති වලත් රුගත කිරීම් කරලා තියෙනවා.

* මේ ෆිල්ම් එකේ චරිත 27ක පෝස්ටර් එලියට දැම්මේ කලින් මේ ෆිල්ම් එකේ ප්‍රචාරණ වැඩ කටයුතු වලට සහයෝගයක් ගන්නයි. (හැබැයි එම්පුරාන් වල තව 9 දෙනෙකුත් මෙයට එක්කාසු කරගෙන තියෙනවා . සමහර අය දෙවෙනි එකේ නෑ.)

* 2022 දි මේ චිත්‍රපටයේමඅනුවර්තනයකුත් තෙලිගු සිනමාවේ අපිට දකින්න ලැබෙනවා.ඒ තමා GodFather. මේකේ රංගනයෙන් දායක වෙන්නේ තෙලිගු මෙගාස්ටාර් චිරන්ජිවී, හින්දි නළු සල්මන් ඛාන්, නයන්තාරා, පූරි ජගන්නාද් (චිත්‍රපටි අධ්‍යක්ෂක) සත්‍ය දේව් කන්චරාමා, මුරලි ශර්මා ඇතුළු පිරිසක් මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා.

මේකෙන් පස්සේ වුනු දේවල් සහ ලුසිෆර් ත්‍රිලොජි එක ගැන පොඩි විස්තරයක්:

* මේ චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පස්සේ මේ චිත්‍රපටයේම දෙවැනි කොටසක් ගෙන්න ලොකු බලාපොරොත්තුවක් ප්‍රිත්විරාජ්ගේ ලග නැතත් පසු කාලෙක ප්‍රිත්විරාජ්ම නිවේදනයක් දෙනවා මේකෙම දෙවෙනි කොටසකුත් ගේනවා කියලා.. ඉතින් ඔයාලා මේ වෙද්දීත් සාර්ථකව තිරගත වෙන කෝටි 250ත් පන්නපු එම්පුරාන් කියන ෆිල්ම් එක තමයි මේ ඔයාලා තාමත් බලන්නේ.

* අනිත් දේ මේක තනිකරම ත්‍රිලොජි එකක්. මොකද දෙවෙනි එක ඉවර වෙද්දී තුන්වෙනි එකට ඉගියක් ලබා දෙනවා. තුන්වෙනි එක මොකක්ද කියලා ඇහුවොත් ඒ තමා L3: Azrael (තාම හරි නිවේදනයක් කලේ නෑ. වැඩ කටයුතු පටන් ගන්නවා කියලා නිවේදනයක් ගෙනැල්ලා තිබ්බා.). (විස්තරය: Lucifer Franchise: Wikipedia)

* මේ අනුව බලද්දී ලුසිෆර් ත්‍රිලොජි එක හැදෙන්නේ මෙන්න මෙහෙමයි.

The post Lucifer (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/lucifer-2019-sinhala-subtitles/feed/ 0
Bachhala Malli (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bachhala-malli-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bachhala-malli-2024-sinhala-subtitles/#respond Sun, 25 May 2025 14:05:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=101625 Bachhala Malli Sinhala Sub Bachhala Malli Sinhala Subtitles Bachhala Malli 2024 Sinhala Sub Bachhala Malli (2024) Sinhala Sub Bachhala Malli (2024) Sinhala Subtitles බච්චල මල්ලි කියන්නේ අම්මත් එක්ක ජීවත් වෙච්ච සාමාන්‍ය ගමේ කොල්ලෙක්. හැබැයි මිනිහා රස්තියාදුකාරයෙක් වගේ වැඩ කරන කෙනෙක්. එයා වැඩ කරන්නේ ගෝනි මලු මහන තැනක.ගොඩක් කාලෙකට කලින්, ඒ කියන්නේ 1985 දි මේ බච්චලා […]

The post Bachhala Malli (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bachhala Malli Sinhala Sub
Bachhala Malli Sinhala Subtitles
Bachhala Malli 2024 Sinhala Sub
Bachhala Malli (2024) Sinhala Sub
Bachhala Malli (2024) Sinhala Subtitles

බච්චල මල්ලි කියන්නේ අම්මත් එක්ක ජීවත් වෙච්ච සාමාන්‍ය ගමේ කොල්ලෙක්. හැබැයි මිනිහා රස්තියාදුකාරයෙක් වගේ වැඩ කරන කෙනෙක්. එයා වැඩ කරන්නේ ගෝනි මලු මහන තැනක.ගොඩක් කාලෙකට කලින්, ඒ කියන්නේ 1985 දි මේ බච්චලා කියන්නේ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ලබා ගත්තු කෙනෙක්. හැබැයි යම් කිසි හේතුවක් නිසා මෙයාගේ ජීවිතය උඩු යටිකුරු වෙලා යනවා. ඉතින් ඔය හේතුව හින්දම එයා නරක ඇසුරට වැටිලා අරක්කු, සිගරට් බොන ගමන් වලිත් දාගන්නවා..පසුකාලෙක කාවේරී කියන කෙල්ලෙක් මෙයාගේ ජීවිතේට ඇතුළු වෙලා මල්ලිගේ ජීවිතේ ගොඩක් වෙනස් අතකට හැරෙනවා. ඒ අනුව තමන්ගේ පෙම්වතිය නිසාම එයා ගෝනි මලු මහන බිස්නස් එකකුත් පටන් ගන්නවා.. ආයෙත් තමන්ගේ වැරදි හදාගෙන තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙන යන්න හදද්දිම කාවේරීගේ තාත්තා අපේ බච්චලාට කොන්දේසියක් පනවනවා. අන්න එතනින් තමයි බච්චලාගේ ජීවිතේ ආයෙත් උඩු යටිකුරු වෙන්නේ..

ඇයි බච්චලා මල්ලිගේ ජීවිතේ උඩු යටිකුරු වුනේ?
කාවේරිගේ තාත්තා මොකක්ද මේ පනවපු කොන්දේසිය?
එතනින් එහාට මොනවද වෙන්නේ?

මේ ප්‍රශ්න ගොඩට උත්තර දෙන්න ඕනේ නම් චිත්‍රපටය බලන්නම වෙනවා..

සබ ඕනේ අය පහලට ගිහිල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.

එදාරා නරේෂ් කිව්වම හැමෝම දන්නේ නැතුව ඇති. හැබැයි ගොඩක් අය දන්නේ “අල්ලාරි නරේෂ්” කියලනේ. නාගර්ජුන අක්කිනේනිගේ Naa Saami Ranga  ෆිල්ම් එකෙත්, Aa Okati Adakku ෆිල්ම් එකෙත් මෙයාගේ මුණ දැකලා ඇතිනේ.. මේ දෙකම මේ වෙද්දීත් අපේ අඩවියෙන් සබ දීලා තියෙන්නේ. ඕනේ අයට ෆිල්ම් එකේ නම උඩ ක්ලික් කලාම යන්න ඇහැකි.

ඉතින් සිනෙරු ෆේස්බුක් පිටුවේ තියෙන හැම පොස්ට් එකකටම සාමාන්‍යයෙන් මං හැමවෙලේම කමෙන්ටුවක් දාගෙන යනවා . ඉතින් කමෙන්ටු අස්සෙන් අස්සෙන් ගොඩක් ප්‍රේක්ෂකයින් ඉල්ලීම් කරපු නමක් තමයි මේ මං උපසිරැසි කරන මේ චිත්‍රපටය. සමහරු පුද්ගලිකව මට මැසේජ් කරලා මේකේ උපසිරැසිය කරලා දෙන්න කියලා ඉල්ලීම් කරලම තිබ්බා.. 😁😁😁

හැබැයි පොඩ්ඩක් මේකට මං පස්ස ගැහුවට පස්සෙම මට හිතුණා අලුත් එකකට අත තිබ්බයි කියලා වැරද්දක් වෙන්නේ නෑනේ. අනික කාලෙකින් තෙලිගු එකක් ගහන්න ගත්තේ නෑනේ.. ඒ හින්දම මේකේ උපසිරැසිය ගහන්න ඕනේ කියලා හිතුන වාර අනන්තයි. වැඩේ කියන්නේ ලේසි නෑ.. කොහොමහරි දෙන්නත් එපැයි. ඉතින් ඒ නිසාම බාර ගෙන ඉගෙනීමේ වැඩ අස්සේ කොහොමහරි ඔන්න ඔයාලට බලන්න පුළුවන් විදිහේ උපසිරැසියක් උස්සන් මෙහෙට ආවා..

මේ අල්ලාරි නරේෂ් 2024 අවුරුද්දේ අන්තිමට රගපාපු චිත්‍රපටය. නම Bachchala Malli. 2024 දෙසැම්බර් 20 නිකුත් කරපු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Subbu Mangadevvi ගෙන්. නිෂ්පාදනය Razesh Danda සහ Balaji Gutta ගෙන්. සංගීත අධ්‍යක්ෂණය විශාල් චන්ද්‍රසේකර්ගෙන්. ඇක්ෂන් ඩ්රාමා රෝමෑන්ස් ගණයට අයිති වෙන චිත්‍රපටයක් මේක.

රංගනයෙන් අපිට හුරුපුරුදු මුහුනූ ටිකක් දකින්න ලැබෙනවා. අල්ලාරි නරේෂ්ට අමතරව, අම්රිතා අයියර්, හරි තේජා, රාඕ රමේෂ්, අච්යුත් කුමාර් වගේ අය අපිට දැකබලාගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් Court: State vs A Nobody චිත්‍රපටයේ චන්දුගේ චරිතය රගපාපු හර්ෂ් රෝෂන්වත් මේකේ දකින්න ලැබෙනවා.

රේටින් පැත්තෙන් ගත්තොත් IMDB අගය 8.3/10 කුත් ඇමසන් ප්‍රයිම් අගය 8.4/10 කුත් ගුගල් පරිශිලක අගය 54%කුත් මේ චිත්‍රපටයට හිමි වෙනවා.

මේ චිත්‍රපටය ETV Win, Amazon Prime Video වගේම Sun NXT කියන OTT platform තුනෙන්ම නිකුත් වෙනවා. නමුත් ගොඩක් වෙබ් අඩවි වල සදහන් වෙන්නේ ETV Win කියන OTT Platform එකෙන් තමයි මේ අවුරුද්දේ ජනවාරි 10 වෙනිදා මුලින්ම නිකුත් කරලා තියෙන්නේ කියලා.

මේ චිත්‍රපටයෙන් අපිටත් අපේ ජීවිතේටත් දෙන එකම අවවාදය තමයි ජීවිතේ කිසිම දවසක මෝඩ විදිහට තීරණ ගන්න යන්න එපා . එහෙම ගත්තොත් ඔයාට ඉතුරු වෙන්නේ මතකයන් වගේම ආයේ මතක් වෙන වේදනාවන් විතරයි කියන දේ.

ගොඩ කාලෙකට පස්සේ මගේ තෙලිගු කම්බැක් එක මේක වෙන්නත් බැරි නෑ. ඉස්සරහට ලොකුවට ගේන්න බැරි වුනත් පුළුවන් වෙලාවට උපසිරැසියක් ගෙන එන්න හැකි තාක් උත්සහ කරනවා.. මේ මං අද අරගෙන එන්නේ 6 වැනි තෙලිගු උපසිරැසි ගැන්වීම.

අදට මං ගිහිල්ලා එන්නම්.. තවත් සලරුවකින් හමුවෙනකම් ඔයාලට සුබ දවසක් 🙏..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bachhala Malli (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bachhala-malli-2024-sinhala-subtitles/feed/ 0
The Priest (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-priest-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-priest-2021-sinhala-subtitles/#respond Sat, 04 Jan 2025 16:20:24 +0000 https://sinhalasub.net/?post_type=movies&p=4887 The culprits behind multiple deaths in a family over a few years are exposed, but there is more to it than meets the eye.

The post The Priest (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The culprits behind multiple deaths in a family over a few years are exposed, but there is more to it than meets the eye.

The post The Priest (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-priest-2021-sinhala-subtitles/feed/ 0
Weapon (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/weapon-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/weapon-2024-sinhala-subtitles/#comments Sun, 04 Aug 2024 08:45:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73030 Weapon Sinhala Sub Weapon Sinhala Subtitles Weapon (2024) Sinhala Sub Weapon (2024) Sinhala Subtitles

The post Weapon (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Weapon Sinhala Sub
Weapon Sinhala Subtitles
Weapon (2024) Sinhala Sub
Weapon (2024) Sinhala Subtitles

The post Weapon (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/weapon-2024-sinhala-subtitles/feed/ 1