2022 Archives - SinhalaSub https://sinhalasub.lk/release/2022/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 05 Jun 2025 04:27:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png 2022 Archives - SinhalaSub https://sinhalasub.lk/release/2022/ 32 32 Barbarian (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/barbarian-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/barbarian-2022-sinhala-subtitles/#comments Thu, 05 Jun 2025 04:04:37 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31474 Barbarian Sinhala Sub Barbarian Sinhala Subtitles Barbarian (2022) Sinhala Sub Barbarian (2022) Sinhala Subtitles බලමුද සුපිරි හොරර් ෆිල්ම් එකක්? පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකල්ම ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැති. පටන් ගත්තු වෙලේ ඉඳන් කුතුහලය උපරිමයි, කුතුහලය එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙ නම් නෑ. ඕනෙ නම් ගිහින් ට්‍රේලර් එක බලලා එන්න. ඒත් ට්‍රේලර් එක […]

The post Barbarian (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Barbarian Sinhala Sub
Barbarian Sinhala Subtitles
Barbarian (2022) Sinhala Sub
Barbarian (2022) Sinhala Subtitles

බලමුද සුපිරි හොරර් ෆිල්ම් එකක්? පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකල්ම ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැති. පටන් ගත්තු වෙලේ ඉඳන් කුතුහලය උපරිමයි, කුතුහලය එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙ නම් නෑ. ඕනෙ නම් ගිහින් ට්‍රේලර් එක බලලා එන්න. ඒත් ට්‍රේලර් එක බලපු අයනම් නොයිවසිල්ලෙන් ඉන්න ඇත්තෙ ෆිල්ම් එක නිකුත් වෙනකල්. ඒ වගේම මේ ෆිල්ම් එකට නිෂ්පාදනයෙන් දායක වෙනවා It (2017) / The Ring (2005) / The Boy (2016) / The Grudge (2004) / Shutter (2008) වැනි ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදනය කරපු Roy Lee සහ J.D. Lifshitz, Raphael Margules, Arnon Milchan වැනි ජනප්‍රිය නිෂ්පාදකවරුන්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නේ Zach Cregger විසින්. තවද මෙය ඩොලර් මිලියන 04 පිරිවැයක් යොදා නිර්මාණය කරන අතර ඩොලර් මිලියන 42.3 ආදායමක් උපයා ගන්න මේ ෆිල්ම් එකට හැකිවෙනවා.

මේ චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගන්නේ 2022 සැප්තැම්බර් 09 වෙනිදා. චිත්‍රපටය බෙදාහැරෙන්නේ 20th Century Studios හරහා. මේකෙ අන්තර්ජාලයට පිටපත් නිකුත් වෙන්නේ ඔක්තෝබර් 25 වෙනිදා, ඔන්න හැකි ඉක්මන්ට උපසිරසත් ගෙනාවා කාර්ය බහුල සතියක් වුණත්. කෙසේ හෝ මේ වෙනකොට IMDb දර්ශකේ ප්‍රේක්ශක මනාප 28,000 වැඩි ප්‍රමානයකින් 7.4 ඉහල අගයක් ගන්න මේ ෆිල්ම් එකට හැකිවෙනවා ඒ වගේම කුණු තක්කාලිත් 92% ගන්න හැකි වෙනවා. දැං හිතාගන්න පුළුවන්නේ චිත්‍රපටයෙ තරම ගැන.

මෙහි කතාව ගැන මතක් කළොත්, ටෙස් නම් කාන්තාවක් ඩිට්‍රෝයිට් නගරෙට එනවා ජොබ් ඉන්ටවිව් එකකට. ඇය තතර වෙන්න තීරණේ කරන්නේ පාලුවට ගිය ප්‍රදේශයක තියෙන කුලී නිවෙසක. ඒත් හොඳම වැඩේ වෙන්නෙ මෙයා ගෙදරට ගියාම ඒ ගෙදර තව කෙනෙක් ඉන්නවා, ඔහු නමින් කීත්. ඔහුත් ඒ ගෙදරම කුලියට අරන් තිබිල තියෙන්නේ. පෙනෙන විදිහට සමාගම් දෙකකින් මෙයාලට එකම ගෙදර විකුණලා තියෙනවා. කෙසේ හෝ දෙන්නම අසරණ වූ මොහොතෙ කීත් ටෙස්ට ඇතුලට එන්න ආරාධනා කරනවා. ඉතින් ටෙස් නොදැනුවත්ම සහ පිටත හොඳටම වහින නිසා තියෙන අසරණකමට මේ භයානක නිවෙසට ඇතුලු වෙනවා. ටෙස්ට ආපු වෙලේ ඉදන් මේ නිවස ගැන සැක හිතෙනවා, කීත් ගැනත්. ඔහොම ඉන්න කොටයි ටෙස්ට මේ නිවසෙ තිබිල රහස් උමගක් හමුවෙන්නේ. ඒ උමග ඇතුලෙ වදකාගාරයක් තියෙනවා ඇයට දකින්න ලැබෙනවා. ඒ වගේම තවත් අත්භූත සිද්දීන් රැසකට ඇයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කවුද මේ කීත් කියන්නේ? මොකක්ද මේ ගෙදර? මොකක්ද මේ රහස් උමග? මොකක්ද ඒක ඇතුලෙ වෙන්නෙ?

ඔන්න මීට මාස හතරකට උඩදී ආපු මේකෙ ට්‍රේලර් එකෙන් කියවුණු කතාව සහ ඒක බලපු අයට ඇතිවුන ප්‍රශ්න ටිකයි මං ඔය උඩ කිව්වේ. ඒත් මතක තියාගන්න ට්‍රේලර් එකෙන් චිත්‍රපටයේ හොඳම ටික පෙන්නුවේ නෑ. සරලවම කිව්වොත් චිත්‍රපටයෙ කතාව ගැන මොනම දෙයක්වත් ට්‍රේලර් එකෙන් කියවුණ්නෑ. තවද මේක එකම තැනකට විතරක් කොටුවුණ චිත්‍රපටයකුත් නෙවේ. මේක වෙනස්ම කතාවක්, වෙනස්ම කන්සෙප්ට් එකක්. මේක බලන හැමෝටම ඇස් උඩ දාගෙන, ඉවරවෙනකල්ම ත්‍රාසයෙන් බලන්න පුළුවන් සුපිරි කුතුහලයක් තියෙන කතාවක් තමා මේකෙ අන්තර්ගත වෙන්නේ. භය උපද්දවන දර්ශන දාල, මිනීමැරුම් (වැඩිය නෑ) පෙන්නුවත් මේකෙන් පෙන්නන්නේ හරිම ලස්සන වගේම සුන්දර කතාවක් කියන්න පුළුවන්, එක විදිහකින්. ඒ කොහොමද කියලා ඔයාල බලලාම දැනගන්න. එහෙනම් මං මෙතනින් නතර වෙනවා තව උපසිරැසියකින් හමුවෙනකල්. ජයවේවා!

The post Barbarian (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/barbarian-2022-sinhala-subtitles/feed/ 2
Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ponniyin-selvan-part-i-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ponniyin-selvan-part-i-2022-sinhala-subtitles/#respond Wed, 04 Jun 2025 04:46:58 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31449 PS I (2022) Sinhala Sub Ponniyin Selvan: Part I Sinhala Sub Ponniyin Selvan: Part I Sinhala Subtitles Ponniyin Selvan: Part I (2022) Sinhala Sub Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles Ponniyin Selvan (PS1 ) චිත්‍රපටයට පාධක වන්නේ Kalki Krishnamurthy නම් රචකයා විසින් 1955 දී එම නමින්ම රචනා කළ ඉතිහාස නවකතාවයි. Krishnamurthy විසින් රචනා කළ එම […]

The post Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
PS I (2022) Sinhala Sub
Ponniyin Selvan: Part I Sinhala Sub
Ponniyin Selvan: Part I Sinhala Subtitles
Ponniyin Selvan: Part I (2022) Sinhala Sub
Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles

Ponniyin Selvan (PS1 ) චිත්‍රපටයට පාධක වන්නේ Kalki Krishnamurthy නම් රචකයා විසින් 1955 දී එම නමින්ම රචනා කළ ඉතිහාස නවකතාවයි. Krishnamurthy විසින් රචනා කළ එම නවකතාවට මුල් වන්නේ ඈත අතීතයේ දකුණු ඉන්දියාව පාලනය කළ චෝල රාජ්‍ය සමයයි. මෙය ප්‍රථමයෙන්ම සිනමාවට නැගීමට ගත් වෑයම පිලිබඳ සලකා බැලුවහොත් එය වසර 64 ක ඉතිහාසයකට දිව යනවා. ඒ සුපිරි දමිළ සිනමා නළු M. G. Ramachandran (MGR ) විසින් 1958 වර්ෂයේ මෙය චිත්‍රපටයකට නැගීමට ගත් උත්සාහයක්. මෙයට MGR ඇතුළුව වෛජන්තිමාලා, ජෙමිනි ගනේෂන්, පද්මිණි සහ සාවිත්‍රී වැනි දැවැන්ත නළු නිළියන් රැසක් යෝජනාවී තිබෙනවා. නමුත් MGR ට සිදුවූ අනතුරක් නිසාවෙන් මෙය කිසිදාක සිදු නොවන නිර්මාණය බවට පත්වුනා. නැවත වරක් මෙය කතාබහට ලක්‌ වන්නේ 1994 දී. ඒ අධ්‍යක්ෂක මනී රත්නම් කළ ප්‍රකාශයක් හමුවේ. ඔහු පැවසුවේ Kalki Krishnamurthy ගේ PS පාධක කර සිනමා නිර්මාණයක්‌ කිරීමේ ඔහුගේ සිහිනයක් බව. එකල කමල් හසන් සමග මෙය පිලිබඳ කතාබහක් ඇති වූවත්, ඉහල නිෂ්පාදන වියදමක් දැරීමට සිදුවන නිසාවෙන් මෙය අත්හැර තිබෙනවා. නමුත් මනී රත්නම් ඔහුගේ දිගු කාලීන සිහිනය ලෙහෙසියෙන් අත් හරින්නේ නැත.

නැවත වරක් මෙය පිළිබඳ කතාබහක් ඇති වන්නේ 2010 දී. ඒ මනී රත්නම් එකල තහවුරු කරගත් තිර පිටපතක්‌ සැකසීමෙන් අනතුරුව. මෙහි ප්‍රධාන චරිතයන්ට විජේ, මහේෂ් බාබු සහ අනුෂ්කා ශෙට්ටි සම්බන්දවී තිබුනා. මෙහි pre -production අවදිය ආරම්භවී තිබුනත් පසුතලයන් සම්බන්දව ගැටළුන් සහ ඉහල නිෂ්පාදන මිල නැවත මෙයට තිත තැබුවා. 2019 වර්ෂයේ මනී රත්නම් Lyca Productions සමග සම්බන්ද වනවා. ඔවුන් මනී රත්නම් 2018 දී අධ්‍යක්ෂණය කළ Chekka Chivantha Vaanam නිෂ්පාදනය දායකත්වය ලබා දීමෙන් අනතුරුව , PS වෙනුවෙන්ද තම දායකත්වය ලබා දීමට තීරණය කරනවා. ඒ අනුව 2019 දී මෙහි ප්‍රධාන චරිතයන්ට Vikram, Aishwarya Rai Bachchan, Jayam Ravi සහ Vijay Sethupathi සම්බන්ද වනවා. මෙහි නිෂ්පාදනය ආරම්භ වීමත් සමග නැවත වරක් නළු නිළියන් මාරු වීමක් සිදු වනවා. එහි ප්‍රධාන වෙනසක් වශයෙන් Vijay Sethupathi වෙනුවට Karthi මෙයට සම්බන්ද වනවා. ඒ සමගම Trisha Krishnan, Aishwarya Lekshmi සහ Shobita Dhulipala වැනි ශිල්පිනියන්ද මෙයට සම්බන්ද වනවා. අවසානයේ හොඳම නළු නිළි පිරිසක් සමග PS ආරම්භ වනවා. විවිද හැල හැප්පීම් මැද පැමිණි මනී රත්නම්ගේ දිගු කාලීන සිහිනයක් යථාර්තයක්‌ බවට පත් වන්නේ එලෙසයි.

මෙහි කතාව සම්බන්දව කිසිදු දෙයක්වත් සඳහන් කරන්නට යන්නේ නැත. ඊට හේතුව මෙය සිනමා ශාලාවකම නැරඹිය යුතු නිර්මාණයක්‌ නිසාය. PS හරහා Baahubali හෝ RRR චිත්‍රපට වල අංගයන් බලාපොරොත්තු වන්නට එපා. ඊට හේතුව PS යනු බොහෝ සෙයින් කතාවට සහ විවිද වූ චරිතයන්ට වැඩි අවධානයක්‌ ලබා දෙන slow burn period චිත්‍රපටයක් නිසා. චරිත රැසක් සහ සිදුවීම් පෙළක්ම එක සිනමා නිර්මාණයකට පරිවර්තනය කිරීම කිසි සේත්ම ලේසි පහසු කාර්යක් නොවේ. මෙහිදී චිත්‍රපටයේ තිර රචනය සේම සංස්කරණයද ඉතා ප්‍රවසමෙන් හැසිරවිය යුතු අංගයන් දෙකක්. යම් අඩුපාඩු දිස් වූවත් මනී රත්නම් ගේ අධ්‍යක්ෂණය සහ තිර රචනය (Elango Kamuravel ද එක්ව) සහ S. Sreekar Prasad ගේ සංස්කරණය සමස්තයක් වශයෙන් ඉතා සාර්ථකව ඉදිරිපත් කර තිබුනා. යම් අඩුපාඩු ලෙස දිස් වූයේ ඇතැම් චරිතයන් වල සම්බන්දකම් ගොඩ නැගීමේදී සහ සිද්දීන් ගලපා ගැනීම තුල අපැහැදිලි ස්වභාවයක් පෙන්නුම් කළා. එම නිසා මෙය ඉතා හොඳ අවදානයකින් නැරඹිය යුතු චිත්‍රපටයක්.

මෙහි ලංකාව සම්බන්දව එන කොටස හැරුණු කොට Thotta Tharani ගේ පසුතල නිර්මාණයන්ද ඉතා ඉහල මට්ටමක තිබුනා. ඒ සමගම Eka Lakhani ගේ ඇඳුම් නිර්මාණකරණයද ඉතා ඉහල මට්ටමක දක්නට ලැබුනා. ලංකාව සම්බන්දව එන කොටස තුල ලංකාවේ තිබෙන පන්සල්, රජවරුන්ගේ ඔටුනු සහ ඇඳුම් පැළඳුම් තුල යම් නොගැලපෙන බවක් දැනුණා. නමුත් කතාවට බාදාවක් වන අයුරින් එය විශාල අඩුපාඩුවක් ලෙස දිස් වූයේ නැත. ඒ කෙසේ නමුත් මෙහි සීමිත දර්ශනයන් වෙනුවෙන් යොදාගත් සිංහල දෙබස්, ශ්‍රී ලංකාවේ නිර්මාණය වුනු ඉතිහාස චිත්‍රපට වල දෙබස් වලට වඩා හොඳ මට්ටමක දක්නට ලැබුනා. ඒ සමගම සිනමාකරණයෙන් සම්බන්ද වන Ravi Varman ද ඉතා හොඳ කාර්යක් කර තිබෙනවා. මෙහි VFX සහ CGI සම්බන්දව ලොකු පැහැදීමක් නැති වුනත්, PS කතාවට වැඩි ඉඩකඩක් ලබා දෙන නිසා එය බාදාවක් වූයේ නැත. තවද A. R. Rahman ගේ සංගීත අධ්‍යක්ෂණයද සුපුරුදු ලෙස චිත්‍රපටයට ප්‍රභල දායකත්වයක්‌ ලබා දුන්නා.

මෙහි රංගනයන්ද ඉතාම ඉහල මට්ටමක දක්නට ලැබුනා. චිත්‍රපටයේ වැඩිම දර්ශන කාලයක් හිමි වන්නේ Karthi ට. Karthi එම චරිතයට අදාලව ඇති දඩබ්බරකම, අධිෂ්ඨානය සහ විටෙක ඇතුලත් වන හාස්‍ය ඉතා හොඳින් ඉදිරිපත් කර තිබුනා. නන්දිනී දේවිය ලෙස Aishwarya Rai ඇයගේ සිනමා දිවියේ තවත් අමතක නොවන රංගනයක් මෙහි ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම එම චරිතයේ ඇති ලාලිත්‍ය සහ seductive ස්වභාවය ඉතා අපූරුවට ඇය ඉදිරිපත් කර තිබුනා. Vikram ගේ බහුතරයක් නිර්මාණ මම නරඹා නැත. එම නිසා ඔහුගේ රංගන පරාසය ගැන ලොකු අවබෝධයක් නැති වුනත්, මෙය ඔහුගේ දුටු හොඳම රංගනයන්ගෙන් එකක්. ඔහුට හිමි වන්නේ සීමිත දර්ශනය ප්‍රමාණයක් වූවත්, එම චරිතය වටා තිබෙන විවිද සංකීර්ණ පැතිකඩවල් ඔහුගේ ප්‍රභල රංගනය හමුවේ ඉස්මතු වුනා. Trisha Krishnan, Aishwarya Lekshmi සහ Shobita Dhulipala ද ඔවුන්ගේ චරිතයන්ට උපරිම සාදාරණයක් ඉෂ්ට කර තිබුනා. ඒ සමගම පස්වන මිහිඳු රජ ලෙස රංගනයෙන් දායක වූ අපගේ ශ්‍යාම් ප්‍රනාන්දු රංගන ශිල්පියාවද අමතක කළ නොහැකි. ඔහුට හිමි වන්නේ ඉතාම සීමිත දර්ශන කාලයක් වූවත්, ශ්‍යාම් ප්‍රනාන්දු එම චරිතයට හොඳ පන්නරයක් ලබා දුන්නා.

අවසාන වශයෙන් මේ කාරණයද සඳහන් කරන්නට කැමතියි. මනී රත්නම් සිනමා නිර්මාණකරුවෙක් වශයෙන් වසර 30 කට ආසන්න සිහිනයක් PS නිර්මාණය කිරීමෙන් සැබෑ කර ගත්තා. එම නිසා තමන්ට යම්කිසි සිහිනයක්‌ තිබෙනවා නම් එය ලෙහෙසියෙන් අත්හරින්නට එපා. යම් දේවල් වෙනුවෙන් ඉවසීම මෙන්ම නිසි කාලය වෙනුවෙන් බලා සිටීම ඉතා වැදගත් බව මෙය හරහා වටහා ගැනීමට පුළුවන්.

The post Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ponniyin-selvan-part-i-2022-sinhala-subtitles/feed/ 0
Blade of the 47 Ronin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/blade-of-the-47-ronin-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/blade-of-the-47-ronin-2022-sinhala-subtitles/#comments Mon, 02 Jun 2025 02:49:13 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31406 Blade of the 47 Ronin Sinhala Sub Blade of the 47 Ronin Sinhala Subtitles Blade of the 47 Ronin (2022) Sinhala Sub Blade of the 47 Ronin (2022) Sinhala Subtitles

The post Blade of the 47 Ronin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Blade of the 47 Ronin Sinhala Sub
Blade of the 47 Ronin Sinhala Subtitles
Blade of the 47 Ronin (2022) Sinhala Sub
Blade of the 47 Ronin (2022) Sinhala Subtitles

The post Blade of the 47 Ronin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/blade-of-the-47-ronin-2022-sinhala-subtitles/feed/ 2
Simon Daniel (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/simon-daniel-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/simon-daniel-2022-sinhala-subtitles/#respond Sun, 01 Jun 2025 16:08:58 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66671 Simon Daniel Sinhala Sub Simon Daniel Sinhala Subtitles Simon Daniel (2022) Sinhala Sub Simon Daniel (2022) Sinhala Subtitles ඔන්න එහෙනම් යාළුවෝ හැමෝටම තවත් සුපිරියක් අරගෙන ආවා..කියන්න කිසිම දෙයක් නෑ ඉතින් ඉවර වෙනකල් එක හුස්මට කුතුහලයෙන් බලන්න පුළුවන්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. සයිමන්ගේ යාළුවා ඈත ගම්මානෙක තියෙන නිධානයක් හොයන්න ගිහින් කිසිම තොරතුරක් නැතුව අතුරුදහන් වෙනවා..ඉතින් […]

The post Simon Daniel (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Simon Daniel Sinhala Sub
Simon Daniel Sinhala Subtitles
Simon Daniel (2022) Sinhala Sub
Simon Daniel (2022) Sinhala Subtitles

ඔන්න එහෙනම් යාළුවෝ හැමෝටම තවත් සුපිරියක් අරගෙන ආවා..කියන්න කිසිම දෙයක් නෑ ඉතින් ඉවර වෙනකල් එක හුස්මට කුතුහලයෙන් බලන්න පුළුවන්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

සයිමන්ගේ යාළුවා ඈත ගම්මානෙක තියෙන නිධානයක් හොයන්න ගිහින් කිසිම තොරතුරක් නැතුව අතුරුදහන් වෙනවා..ඉතින් සයිමන්ගේ මාස්ටර් මේ සයිමන්ට කියනවා ගිහින් යාළුවට මොකද වුණේ ඒ වගේම නිධානය තියෙන තැනත් හොයා ගන්න කියලා..මේ ගමේ කට කතාවක් තියෙනවා ඒ බංගලාවේ හොල්මන් තියෙනවා කියලා..ඉතින් මේ හැමදේකින්ම බේරිලා සයිමන්ට යාළුවට මොකද වුණේ කියලා හොයා ගන්න පුළුවන් වෙයිද ???? ඇත්තටම ඒ බංගලාවේ හොල්මන් ඉන්නවද ???? ඒ හැමදේකින්ම බේරිලා සයිමන්ට නිධානය හොයා ගන්න පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර ඔයාලට පැය දෙකක් ඇතුළත හොයා ගන්න පුළුවන් ෆිල්ම් එක බැලුවොත්..එහෙනම් තවත් ලස්සන සුපිරියක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

The post Simon Daniel (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/simon-daniel-2022-sinhala-subtitles/feed/ 0
Alluri (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/alluri-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/alluri-2022-sinhala-subtitles/#respond Sun, 01 Jun 2025 04:12:37 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31332 Alluri Sinhala Sub Alluri Sinhala Subtitles Alluri (2022) Sinhala Sub Alluri (2022) Sinhala Subtitles

The post Alluri (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Alluri Sinhala Sub
Alluri Sinhala Subtitles
Alluri (2022) Sinhala Sub
Alluri (2022) Sinhala Subtitles

The post Alluri (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/alluri-2022-sinhala-subtitles/feed/ 0
Paappan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/paappan-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/paappan-2022-sinhala-subtitles/#respond Fri, 30 May 2025 11:48:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=27656 Paappan Sinhala Sub Paappan Sinhala Subtitles Paappan (2022) Sinhala Sub Paappan (2022) Sinhala Subtitles කතාව පටන්ගන්නෙ මෙහෙමයි , කැලයක් මැද්දෙ මාලු අල්ලන්න යන කොල්ලො 4 දෙනෙක් ඉන්නවා , ඒ යද්දි කැලේ මැද වන දේවතාවුන්ගෙන් ආශිර්වාදගන්න කෙනෙක් නැවතුන වෙලාවක එතන බිම වැටිලා තිබුන ෆෝන් එකක් දකිනවා , ඒ ෆෝන් එක අයිති ප්‍රසිද්ධ නලු රවී වර්මන්ට , […]

The post Paappan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Paappan Sinhala Sub
Paappan Sinhala Subtitles
Paappan (2022) Sinhala Sub
Paappan (2022) Sinhala Subtitles

කතාව පටන්ගන්නෙ මෙහෙමයි , කැලයක් මැද්දෙ මාලු අල්ලන්න යන කොල්ලො 4 දෙනෙක් ඉන්නවා , ඒ යද්දි කැලේ මැද වන දේවතාවුන්ගෙන් ආශිර්වාදගන්න කෙනෙක් නැවතුන වෙලාවක එතන බිම වැටිලා තිබුන ෆෝන් එකක් දකිනවා , ඒ ෆෝන් එක අයිති ප්‍රසිද්ධ නලු රවී වර්මන්ට , ඒත් එක්කම එතන තිබුන ලේ පැල්ලමක් ගැන හොයද්දි එයාලා දකිනවා ගහක එල්ලලා තියෙන මලසිරුරක්…ඉතින් මේ මිනීමරුමෙන් පටන් ගන්න කතාව තවත් ඝාතන කිහිපයක් සමඟ දාම ඝාත⁣කයෙක් වටා ගෙතීගෙන යනවා..ඇත්තටම මේ මිනීමරුම් ක⁣රන්නේ කවුද? මෙහෙම මිනිමැරුම් කරන්න හේතුව මොකද්ද කියලා ෆිල්ම් එක බලලම දැනගන්න..

Thriller කතාවක් නිසා මීටවඩා දෙයක් කියන්න බෑ , ඔයාලට බලන්න ආරාධනා කරමින් අදට අපි සමුගන්නවා…

The post Paappan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/paappan-2022-sinhala-subtitles/feed/ 0
Oke Oka Jeevitham (2022) Sinhala Subtitle | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/oke-oka-jeevitham-2022-sinhala-subtitle/ https://sinhalasub.lk/movies/oke-oka-jeevitham-2022-sinhala-subtitle/#respond Sat, 24 May 2025 15:36:04 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31288 ආදි පුංචි කාලේ ඉදන්ම සංගීතයට බොහෝ ආදරයක් දක්වනවා. සංගීතය තමයි එයාගේ තනිකම පළුව මැකුවේ. එයාට සතුටක් ගෙනත් දුන්නෙත් සංගීතය නිසාවෙන්ම සංගීතය එක්කම ආදි ජීවිතය ගත කරනවා. ඒත් ආදිට අම්මා ලඟ නැති නිසා ඇතිවුණ සාංකාව නම් අවුරුදු 20ක් ගත වෙලත් මගහැර ගන්න බැරිවුණා. ආදිගේ පෙම්වතිය, ආදිට සංගීතයෙන් ඉස්සරහට යන්න නොයෙකුත් ආකාරයෙන් සහය වුණත් ආදිට තිබුණ වේදිකා […]

The post Oke Oka Jeevitham (2022) Sinhala Subtitle | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ආදි පුංචි කාලේ ඉදන්ම සංගීතයට බොහෝ ආදරයක් දක්වනවා. සංගීතය තමයි එයාගේ තනිකම පළුව මැකුවේ. එයාට සතුටක් ගෙනත් දුන්නෙත් සංගීතය නිසාවෙන්ම සංගීතය එක්කම ආදි ජීවිතය ගත කරනවා. ඒත් ආදිට අම්මා ලඟ නැති නිසා ඇතිවුණ සාංකාව නම් අවුරුදු 20ක් ගත වෙලත් මගහැර ගන්න බැරිවුණා. ආදිගේ පෙම්වතිය, ආදිට සංගීතයෙන් ඉස්සරහට යන්න නොයෙකුත් ආකාරයෙන් සහය වුණත් ආදිට තිබුණ වේදිකා බය ආදිව තවත් අධෛර්යමත් කලා. රස්සාවක් නොකර සංගීතය පස්සෙ කිසිම තේරුමක් නැතිව යනවා කියලා එයාගේ තාත්තා නිතරම දොස් කියනවා. ආදිට චෛතූ/ කදිර්, සීනු/ පාණ්ඩි කියලා යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. දන්න වයසෙ ඉඳන්ම මේ තුන්දෙනා එකටමයි ඉන්නෙ. සීනු/පාණ්ඩි දේපළ වෙළඳාම් තැරැව්කරුවෙක්. චෛතූ/ කදිර් නම් රස්සාවට වඩා කලේ මනමාලියෝ බලන එක. සීනු/ පාණ්ඩි ඉගෙන හරියට ගත්තෙ නැති නිසා සමාජයේ එයාට පිළිගැනීමක් නැහැ කියලා දන්න නිසාම එයාව සීනු මහත්තයා/ පාණ්ඩි මහත්තයා කියලා කියා ගන්නවා.

මේ කතාව වෙනම පැත්තකට හැරෙන්නෙත් සීනුට/ පාණ්ඩිට විද්‍යාඥයෙකුගෙන් ලැබෙන දුරකථන ඇමතුමකින්. විද්‍යාඥ පෝල්, සීනු/පාණ්ඩිගෙන් එයාට නවතින්න ගෙදරක් හොයලා දෙන්න කියලා ඉල්ලනවා. සීනු/ පාණ්ඩි පෝල් ඉල්ලුව විදිහටම ගෙයක් හොයලා දෙනවා. සීනු/ පාණ්ඩිට ඉංග්‍රීසි බැරි නිසා ගනුදෙනුව කතා කරගන්න ආදිවත්, චෛතූ/ කදිර්වත් එක්කගෙන යනවා. අහම්බෙන් පෝල්ගේ බඩුමුට්ටු අතරෙ ආදිට දිනයක් සලකුණු කරපු පෙට්ටි දකින්න ලැබෙනවා. ඒත් එක්කම ආදිගේ හැසිරීම වෙනස් වෙන්න ගනිද්දි පෝල් ඒ ගැන ආදිගෙන් අහනවා. අවුරුදු 20කට කලින් මේ දිනයේ සම්බන්ධයක් දෙදෙනාටම තිබුණා. ඒ ගැන බලෙන්ම ප්‍රශ්න කරපු පෝල්, ආදිට අතීතයට ගිහින් එයාගේ අම්මව බේරගන්න පුළුවන් අවස්ථාවක් දෙන්න පුළුවන් කියලා කියනවා. ඒ පෝල් නිර්මාණය කරපු කාල යන්ත්‍රයෙන්. පුදුමයට පත් වුන ආදි මේ යෝජනාවට එකහෙලාම කැමති නොවුණත් ඒ ගැන කිහිප වතාවක්ම කල්පනා කරලා කාල තරණය කරන්න එකඟ වෙනවා.

ආදි විතරක් නෙවෙයි සීනූ/ පාණ්ඩි, චෛතූ/ කදිර් දෙන්නත් මේ ගමනට එකතු වෙනවා. සීනු/ පාණ්ඩි ඉගෙන ගත්තෙ නැති නිසා වර්ථමානයේදී විවිධ අපහසුතාවයන් වලට මෙන්ම අපහාස වලට මුහුණ දෙන්න වුණා. චෛතූ/ කදිර් ගේ කතාව නම් වෙනස් එකක්. ඉස්කෝලේ යන කාලෙදි එයාගේ පස්සෙන් ගෑනු ළමයෙක් ඇවිත් තියෙනවා. ඒ දවස්වල ඒ තරම් හැඩයක් නැති උනත් දැන් කාලේ පොටෝ එකක් චෛතූ/ පාණ්ඩිට දකින්න ලැබෙනවා. එයාට කසාදයක් කරගන්න දවස ගානේ වගේ මනමාලියෝ බලලම එපා වෙලයි හිටියේ. ඒ කාලෙදි චෛතූ/ කදිර්ගෙ පස්සෙන් ආව කෙල්ල මේ තරම් ලස්සන වෙනවා කියලා දැනගෙන හිටියා නම් එයාටම ආදරේ කරනවා කියලයි එයා කියන්නෙ. කොහොම හරි මේ තුන්දෙනා කාල තරණය කරන්න ලැහැස්ති වෙනවා. දෙවියෙකුට පවා බැරි අවස්ථාවක් දෙන විද්‍යාඥ පෝල් මේ වෙනුවෙන් කළගුණ සැලකීමක් විදිහට උදව්වක් ඉල්ලනවා. ඒ වගේම එයාලව යවන්නෙ හරියටම 1998 මාර්තු 01දාට. ඒකට හේතුවක් තියෙනවා. ඉතින් මේ විදිහට ආදියි එයාගේ යාළුවෝ දෙන්නයි 1998ට කාල තරණය කරනවා.

1998 සුන්දර භෞතිකය ආයෙමත් විඳින්න ලැබීමෙන් එයාලට පුදුමාකාර සතුටු ඇති කරනවා. ආදි එයාගේ අම්මව හමුවෙලා, එයා එක්ක කාලය ගත කරන්න ක්‍රමයක් හොයාගන්නවා. අම්මා ලඟින් ඉන්නව නම් එයාට කිසි බයක් නැතිව ලෝකය ඉස්සරහා සින්දු කියන්න පුළුවන් කියලා ආදි විශ්වාස කලා. චෛතූ/ කදිර් එයාගේ පොඩිකාලේ චෛතූ/ කදිර්ව, සීතා/ සවීතා එක්ක ජෝඩු කරන්න සැලැස්මක් හදා ගන්නවා. එතකොට සීනු/ පාණ්ඩි එයාටම උගන්වන්න ඉස්කෝලෙ පියුන් රස්සාවට බැඳෙනවා. අවුරුදු 20ක් තිස්සෙ සාංකාවෙන් ඉන්න ආදිට මේ ලැබුණ අවස්ථාවෙන් අම්මව අනතුරෙන් බේරගන්න පුළුවන් වෙනවද? මෙයාලා කරන්න යන දේවල් ප්‍රශ්නයක් නැතිව කරගන්න පුළුවන්ද? පෝල් ආදිගෙන් ඉල්ලුව උදව්ව අමතක නොකර කරාවිද? “එකම එක ජීවිතයේ” “මොහොතක” ලැබෙන අවස්ථාවක් අපේ ජීවිතය වෙනස් කරනවා.

මේ තුන්දෙනා ඒ මොහොත හොයාගෙන යන චාරිකාව බලන්න. මුලින් වෙන සිද්දි එක්ක පස්සට තේරුමක් තියෙනවා. අනිවාර්යයෙන්ම වෙන්නෙ මොනවද කියලා නම් අනුමාන කරන්න බැහැ. චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නේ අම්මා-පුතා අතරේ බැඳීම ගැනයි. නිකන්ම නාට්‍යමය චිත්‍රපටියක් නොකර මායාවක් ගැබ් කරලා සමහර දර්ශන හැබෑවටම අපිව අඬවන්න පුළුවන් ආකාරයට නිර්මාණය කරලා තිබුණා. සමහර වෙලාවක එක වචනයකින් පවා හැඟීම හදවතටම දැනෙන්න සලස්වනවා. ඊටත් අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් තියෙන ආදරය මෙයින් අත් විඳින්න පුළුවන්. ඔයාලට අනිවාර්යයෙන්ම බලන්න කියලා නිර්දේශ කරන්න පුළුවන්. “Key to Your Immortality.” ඔබේ අමරණීයත්වයට යතුර.

අතීතයට ගිහින් තමන්ගේ ආදරණීයන්ගේ මතක එක්ක ආයේමත් ජීවත් වෙන්න සුළු මොහොතක් හරි ලැබෙනව නම් වටිනවා නේද? සමහර වෙලාවට අපට අමතක වෙලාම ගිය අතීතයේ සුන්දර මතකයන් අලුත් කරගන්න මේක අවස්ථාවක්. මේ චිත්‍රපටය, චිත්‍රපටයකයට වඩා සංචාරයක් කියලා කිව්වොත් නිවරදියි. සමාන්‍ය කාල තරණ චිත්‍රපටයකින් ලැබෙන කතාවකට වඩා දෙයක් මෙමගින් ලබා දෙනවා. ඒ ආදරය, සුන්දර මතකයන් හරියට ඖෂධයක් වගේ. ළමා කාලයේ අපි දඟකාරකමට පොඩි පොඩි වැරදි කරනවා. ඒවා තේරුම් ගන්න, වැරදි හදාගන්න, රස තැන් විඳින්න මේක එක විදියක පුනුරුප්පත්තියක් තමයි.

මේ චිත්‍රපටය තෙලිඟු හා දෙමළ භාෂා වලින් සමගාමීව රූගත කරන ලද කාල තරණ චිත්‍රපටයක්. ශ්‍රී කාර්තික් නම් නවක අධ්‍යක්ෂක වරයාගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය මේ Oke Oka Jeevitham නැත්නම් Kanam චිත්‍රපටයයි. අධ්‍යක්ෂකවරයෙකු වීමට පෙර කාර්තික් මීට Arrambam (2013), Yagavarayinum Naa Kaakka (2015) දෙමළ චිත්‍රපටවල සුළු චරිත වලට ඉදිරිපත් වෙලා තියෙනවා. කාර්තික් පවුලේ සැමට නැරඹිය හැකි නාට්‍යමය චිත්‍රපටයක් විදිහට තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙ. කාර්තික් මේ චිත්‍රපටය ඔහුගේ වියෝ වූ ආදරණීය මව වෙනුවෙන් පුද කර තිබෙනවා. ඉතින් තමන්ගේ පලමු චිත්‍රපටයෙන්ම බ්ලොක්බස්ටර් හිට් එකක් ගහන්න තරම් ශ්‍රී කාර්තික් වාසනාවන්ත වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Dream Warrior Pictures විසින්. මේ නිෂ්පදන ආයතනය ශිවකුමාර් පවුලේ සමීපතමයෙකගේ ආයනයක්. බොහෝ වෙලාවට නළු කාර්තිගේ චිත්‍රපටියක් එන්නෙ මේ නිෂ්පාදන ආයතනයෙන් තමයි.

වර්ථමානයේ තෙලිඟු සිනමාව පැත්ත බලද්දි කල්‍යාන් රාම්ගේ Bimbisara (2022), නිඛිල් සිද්ධාර්තනාගේ Karthikeya 2 (2022), දුල්කර්ගෙ Sita Ramam (2022), සිද්දු ජොනාලගඩ්ඩාගේ DJ Tillu (2022) ආකාරයට මේ නළුවන්ගේ චිත්‍රපට මේ වසරේදි සාර්ථකත්වයක් අත්කර ගන්නවා. ශර්වන්ද්ගෙ ගිය වසරේ නිකුත් වූ Maha Samudram (2021) වගේම මේ වසරේ නිකුත් වූ Aadavallu Meeku Johaarlu (2022) අසාර්ථක චිත්‍රපට අතරට එක්වුණා. ශර්වානන්ද්ගේ වෘත්තීය දිවියේ ඉහළම ආදායම් ලබපු චිත්‍රපට වෙන්නේ Santhamanam Bhavati (2017) හා Mahanubhavudu (2017) පමණයි. ඉන් පස්සෙ නම් ශර්වන්ද්ට සැලකිය යුතු තරමේ සාර්ථකත්වයක් අත්කර ගන්න බැරිවෙනවා. කොහොම වුණත් ශර්වානන්ද්ට කාලයකට පස්සෙ හිට් එකක් මේ චිත්‍රපටයෙන් හිමි වෙනවා. ලඟදි තිබුණ සාකච්ඡාවකදී ශර්වානන්ද් එයාට අතීත කාලයට යන්න අවස්ථාවක් ලැබුණොතින් Padi Padi Leche Manasu (2018) චිත්‍රපටයේ අවසන් ජවනිකාව වෙනස් කරනවා කියලයි කිව්වෙ.

අමලා අක්කේනි Mythili Ennai Kathali (1986) චිත්‍රපටයෙන් දමිළ සිනමාව ඔස්සේ රංගන දිවියට පිවිසෙනවා. එහි රඟපෑම වෙනුවෙන් ෆිල්ම්ෆෙයා සම්මානයක්ද හිමි කරගන්නවා. එම කාලයේ ඉල්ලුමක් තිබුණ නිළියක් විදිහට දෙමළ විතරක් නෙවෙයි, තෙලිඟු, හින්දි, කන්නඩ, මලයාලම් චිත්‍රපටවල පවා රංගනයෙන් දායක වෙනවා. කමල්හසන් වැඩි වියදමක් දරා නිපදවූ Sathyaa (1988) චිත්‍රපටයටද ඇයව එකතු කරගන්නවා. ඒ වගේම රජිණිකාන්ත්ගේ Velaikkaran (1987) හා Mappillai (1989) චිත්‍රපටවල රජිණි සමඟින් යුගලය ලෙස රඟපානවා. කොහොම හරි ඒ කාලයේ ඒ තරම් ඉල්ලුම තිබුණත් ඇය විවාහ වීමෙන් පස්සෙ චිත්‍රපටියක දකින්න පුළුවන් වුනේ කලාතුරකින්. මෑත කාලයේදි Manam (2014), Karwaan (2018) චිත්‍රපටිවල ඇයව දකින්න පුළුවන් වුණා. කොහොමින් හරි ඇයව ආයේ දෙමළ චිත්‍රපටයක දකින්න පුළුවන් වෙන්නෙ මේ චිත්‍රපටයෙන්.

ප්‍රියදර්ශි, වෙන්නෙලා ක්‍රිෂෝර්, සතීෂ්, රමේෂ් තිලක් යන අය ආදිගේ යහළුවන් දෙදෙනාගේ චරිත නිරූපණය කරනවා. යාළුවන් දෙදෙනාගේ චරිත නිරූපණය කරන මේ හතර දෙනාගේම චරිත ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තා වගේම එයාලට ප්‍රශංසා එක් කර තිබුණා. රිතූ වර්මා ආදිගේ පෙම්වතිය ලෙසත්, ජ්‍යෙෂ්ඨ නළු නාසර් විද්‍යාඥ පෝල් ලෙසත්, රවී රාගවේන්ද්‍රා ආදිගේ පියා ලෙසත් මෙහි රඟපානවා. අලී සහ එම්. එස්. බාස්කර්, වායාපුරි යන අය මෙහි චරිත සුළු නිරූපණය කරනවා. ඉතින් මේ අය චිත්‍රපටවල චරිත මවද්දි, මීට කලින් චිත්‍රපටයක දැකලා නැති බලාපොරොත්තු නොවෙන අවස්ථා කිහිපයක් දකින්න පුළුවන්. විශේෂයෙන්ම වෛෂ්ණවි(රිතූ) කුට්ලුව මුණගැහෙන අවස්ථාව.

මෙම චිත්‍රපටයට සංගීතය සපයන්නේ ජේක්ස් බෙජෝයි. මේ චිත්‍රපටවල “මාරිපෝයේ” සහ “මාරිපෝචේ” යන ගීත ගායනා කරන්නේ දමිළ නළු කාර්ති. මේ ගීත නිර්මාණයේදී Anjali (1990) චිත්‍රපටයේ “අන්ජලී” ගීතයත්, Taare Zameen Par (2007) චිත්‍රපටයේ “කෝ කෝලෝ” ආභාෂය අරගෙන තියෙනවා. කාර්තිව මේ ගීතය වෙනුවෙන් නිර්දේශ කරලා තියෙන්නෙ චිත්‍රපටයේ නිෂ්පාදක එස්. ආර්. ප්‍රභූ විසින්. ගීතය පටිගත කිරීමෙන් පස්සෙ කාර්තික්ට ආව නිර්මාශීලී අදහසක් අනුව නළු කාර්තිව යොදාගෙන මේ ගීතයට වෙනම වීඩියෝවක් පටිගත කරනවා.

අධ්‍යක්ෂක කාර්තික් දරුණු රජිණිකාන්ත් රසිකයෙක් විදිහට කනම් චිත්‍රපටය පුරාවටම රජිණිගේ References(සඳහන් කිරීම්.) යොදාගෙන තියෙනවා දකින්න පුළුවන්. තෙළිඟු චිත්‍රපටයේත් ඒ සමානව චිරන්ජීව යොදාගෙන තියෙනවා දකින්න පුළුවන්. ඒත් චිත්‍රපට දෙකම බලපු කෙනෙක්ට මේ සඳහන් කිරීම් වලදී දෙමළ චිත්‍රපටයෙන් වඩා වෙනසක් දකින්න පුළුවන්.

මේ චිත්‍රපටයට විචාරකයන්ගේ වගේම ප්‍රේක්ෂකයින්ගේ ධණාත්මක ප්‍රතිචාර ලැබී තිබුණා. මෙහි Imdb අගය කිරීම 8.5/10ක්. ඉ.රු. කෝටි 4-5 වැනි අඩු වියදමකින් නිෂ්පාදනය කරද්දි, බොක්ස් ඔෆිස් ආදායම ඉ. රු. කෝටි 24+ ට වැඩි අගයක් හිමිකර ගන්නවා. මේ අවුරුද්දෙ 13 වෙනි Clean Hit එක කියලයි කියන්නෙ. ඇමරිකාවේ තිරගත කිරීමෙන් ඇ.ඩො. ලක්ෂ 5කට වැඩි මුදලක් උපයා ගන්නවා. අධ්‍යක්ෂක ශ්‍රී කාර්තික්ට දවස් තුනක් ගිහිල්ලත් ටිකට් එකක් ලැබුණෙ නැහැ කියලයි කියන්නෙ.


තෙළිඟු චිත්‍රපටයට ලැබුණු විවිධ අගය කිරීම්

දෙමළ චිත්‍රපටියට ලැබුණු විවිධ අගය කිරීම්.

මේ වසරේ ශර්වන්ද්ගේ බ්ලොක්බස්ටර් හිට් චිත්‍රපටයේ සිංහල උපසිරැසිය තමයි මේ විදිහට අරගෙන ආවේ. තෙළිඟු, දෙමළ භාෂා දෙකටම ගැලපෙන උපසිරැසි වෙන වෙනම සකස් කරලා තියෙන්නෙ. මොකද විස්තරය කියෙව්වම තේරෙනවා ඇතිනේ චිත්‍රපටි දෙක දෙකක් කියලා. චිත්‍රපට දෙකේම දෙබස්වල සැලකිය යුතු වෙනස්කම් තියෙනවා. ඒ නිසා බලද්දි භාෂාවට ගැලපෙන උපසිරැසිය තෝරගන්න. ආයෙත් පුළුවන් ඉක්මනින්ම උපසිරැසියකින් හමුවෙන්නම්. පහළින් ඔයාලගෙ අදහස් එහෙම සඳහන් කරන්න. ඉතින් හැමෝටම ස්තූතියි!

බුදු සරණයි! දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

The post Oke Oka Jeevitham (2022) Sinhala Subtitle | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/oke-oka-jeevitham-2022-sinhala-subtitle/feed/ 0
Dobaaraa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dobaaraa-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dobaaraa-2022-sinhala-subtitles/#respond Sat, 24 May 2025 13:24:53 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31247 Dobaaraa Sinhala Sub Dobaaraa Sinhala Subtitles Dobaaraa (2022) Sinhala Sub Dobaaraa (2022) Sinhala Subtitles සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම… අද උපසිරැසිය අරං ඇවිල්ලා කාල එක්තරා කාල අවකාශයකට… පැය 2 විනාඩි 15 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් කාල කලම්බන කතාවක් තමයි මෙික. මොකක්ද මේ කාල කලම්බනය..? 3.8/10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය […]

The post Dobaaraa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dobaaraa Sinhala Sub
Dobaaraa Sinhala Subtitles
Dobaaraa (2022) Sinhala Sub
Dobaaraa (2022) Sinhala Subtitles

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම… අද උපසිරැසිය අරං ඇවිල්ලා කාල එක්තරා කාල අවකාශයකට… පැය 2 විනාඩි 15 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් කාල කලම්බන කතාවක් තමයි මෙික. මොකක්ද මේ කාල කලම්බනය..?

3.8/10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Drama : Thriller කාණ්ඩයට අයත් හින්දි චිත්‍රපටයක්. දැන්මා කියන්නම් IMDB අගය පැත්තකට දාලා බලන්න පුළුවන් චිත්‍රපටයක් මේක. Taapsee Pannu , Pavali Gulati , Nassar හා Rahul Bhat ඇතුළු නළු නිළියන් රැසක් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙනවා.චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Anurag Kashyap විසින්. කතාව ගැන කිව්වොත් මහවැසි ඇදහැලෙන, කාලගුණය අමතු ස්වභාවයක් ගත්ත, අකුණු සැරෙන් ගිගුම් දෙන කුණාටු දිනක් එනවා. මේ දවසෙම අවුරුදු 12 ක පොඩි කෙල්ලෙක් දකිනවා එහා ගෙදර රණ්ඩුවක් වෙනවා..

තව දෙයක් මේ රණ්ඩුවෙන් පස්සෙ එක්තාරා මරණයක් සිද්ධ වෙලා තියෙනවා.. ඒවගේම තවත් මරණයක් සිද්ධ වෙනවා.. අන්තරා අවස්ථි මේ වගේ මොහොතක කතාවට සම්බන්ධ වෙන්නේ අමතුම කාල වකවානුවක.. මෙයාට හම්බුවෙනවා අමතුම විදිහෙ කාල අවකාශ ද්වාරයක් මේ ද්වාරය අනාගතෙන් අතීතයටද…? අතීතයෙන් අනාගතයට..? මොකක්ද මේ කුණාටුව…? මොකක්ද මේ දවිත්ව මරණයන්…? මේ දේවල් මොනාද කියලා හරියටම දැන ගන්න නම් 2.12 කාල අවකාශයට ඔබත් අනිවාර්යයෙන්ම පිවිසෙන්න ★ යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

The post Dobaaraa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dobaaraa-2022-sinhala-subtitles/feed/ 0
A Jazzman’s Blues (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/a-jazzmans-blues-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/a-jazzmans-blues-2022-sinhala-subtitles/#respond Sat, 24 May 2025 13:07:30 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31228 A Jazzman’s Blues Sinhala Sub A Jazzman’s Blues Sinhala Subtitles A Jazzman’s Blues (2022) Sinhala Sub A Jazzman’s Blues (2022) Sinhala Subtitles හැමෝටම සුබ දවසක් ,එහෙනම් ඔන්න මම මගේ 9 වෙනි උපසිරස හැටියට අරගෙන ආවෙ 2022 දි Netflix ඔස්සේ විකාශනය උන චිත්‍රපටියක්. මේක 6.7 ක IMDB අගයක් සහ කුණු තක්කාලි අගය 70% අගයක් අරගෙන තියෙනවා.අධ්‍යක්ශනය […]

The post A Jazzman’s Blues (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A Jazzman’s Blues Sinhala Sub
A Jazzman’s Blues Sinhala Subtitles
A Jazzman’s Blues (2022) Sinhala Sub
A Jazzman’s Blues (2022) Sinhala Subtitles

හැමෝටම සුබ දවසක් ,එහෙනම් ඔන්න මම මගේ 9 වෙනි උපසිරස හැටියට අරගෙන ආවෙ 2022 දි Netflix ඔස්සේ විකාශනය උන චිත්‍රපටියක්. මේක 6.7 ක IMDB අගයක් සහ කුණු තක්කාලි අගය 70% අගයක් අරගෙන තියෙනවා.අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Tyler Perry විසින්.

“අපි කතා කළේවත් නැහැ.
අපි කියන දේ, අපි දන්නවා වගේ,
ඒත් ඇත්ත, අපි දෙන්නම එකිනෙකා ගැන පිස්සු වැටෙන්න පටන් ගත්තා.”

ලියේන් කියන්නෙ තාත්ත නැති සීයා ගාව ඉන්න සුදු ජාතික තරුණියක් .එයාගෙ අම්මා එයාව දාලා උතුරට යද්දි ලියේන් ව බකට් එකක වගේ එකක දාල ගියපු නිසා හැමෝම ඇයට කියන්නෙ බකට් කියලා. හොරස් ජෝන් බොයිඩ් කියන්නෙ කලු ජාතික තරුණයෙක්.හැමෝම එයාට කියන්නෙ බායු කියලා.බායුගෙ තාත්තයි සහෝදරයයි දෙන්නා බායුට නපුරුකම් කරනවා.බායුට ඉන්නෙ අම්ම විතරයි. බායුට ඕනි වෙනවා ලියේන්ව ප්‍රියසම්භාශනයකට එක්කන් යන්න.ඒ ගැන අහන්න ලියේන්ගෙ ගෙදරට ගියත් ඒක අහන්න බැරි වෙනවා.

පස්සෙ ලියේන් බායුගෙ ජනේලෙන් කඩදාසි රොකට් එකක් එවනවා ලියුමක් විදිහට.ඒත් බායුට අකුරු කියවන්න බෑ. ලියේන් බායුට අකුරු කියවන්න උගන්වනවා.ටික දවසක් යද්දි ලියේන් සහ බායු ආදරෙන් බැදෙනවා.ඒකට ලියේන්ගෙ ගෙදරින් කැමති උනේ නෑ.ලියේන්ගෙ ගෙදරින් එයාව දකුණට එක්කන් යනවා.බායු හමුදාවට බදවා ගන්නවා.ඒත් බායු කිසි දිනක ලියේන්ට ලිපි ලියන එක නතර කරේ නෑ.දෛවයේ සරදමක් විදිහට දෙන්නට දෙන්නා ආයෙත් මුණගැහෙනවා.

ඊට වඩා කතාව කියන්න යන්නෙ නෑ. හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටිය රසවිදින්න කියලා

ජය වේවා

The post A Jazzman’s Blues (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/a-jazzmans-blues-2022-sinhala-subtitles/feed/ 0
20th Century Girl (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/20th-century-girl-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/20th-century-girl-2022-sinhala-subtitles/#respond Sat, 24 May 2025 12:27:01 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31193 “20th Century Girl” කියන්නේ 2022 ඔක්තෝබර් මාසයේ 21 වෙනිදා නිකුත් වුණ දකුණු කොරියානු චිත්‍රපටයක්. Bang Woo Ri නම් පිටපත් රචිකාවිය විය මෙය රචනා කර ඇය විසින්ම මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත. මම චිත්‍රපට පුරාවට දිවයන්නේ 90 ගණන්වල උසස් පාසල් ශිෂ්‍යන්ගෙ ආදර කතාවක් ගැනයි – චරිත – – කිම් යෝ ජුන් (නා බෝරා) – – බියොන් […]

The post 20th Century Girl (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
“20th Century Girl” කියන්නේ 2022 ඔක්තෝබර් මාසයේ 21 වෙනිදා නිකුත් වුණ දකුණු කොරියානු චිත්‍රපටයක්. Bang Woo Ri නම් පිටපත් රචිකාවිය විය මෙය රචනා කර ඇය විසින්ම මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත. මම චිත්‍රපට පුරාවට දිවයන්නේ 90 ගණන්වල උසස් පාසල් ශිෂ්‍යන්ගෙ ආදර කතාවක් ගැනයි

– චරිත –

– කිම් යෝ ජුන් (නා බෝරා) –
– බියොන් වූ සොක් (පූං වූ හෝ)
– පාක් ජං වූ (බෙක් හියුන් ජින්) –

– රෝ යු සෝ (යොන් ඩූ)

බෝ රා කියන්නේ අවුරුදු 17ක උසස් පාසල් සිසුවෙක්. එයා ටයිකොන්ඩෝ ක්‍රීඩාවට දක්ෂයි වගේම දීප්තිමත් ධනාත්මක පෞරුෂයක් තියෙනවා. එයා තමන්ගෙ ඉස්කෝලේ මාධ්‍ය ඒකකයේ සාමාජිකාවක්. වූ හෝ කියන්නේ ඒ මාධ්‍ය ඒකකයේම සාමාජිකයෙක්.

බෝ රායි යොන් ඩුයි හොඳම යාළුවෝ. යොන් ඩූට හියුන් ජින්ව දැකපු ගමන් එයා ගැන ආදරයක් හිතෙනවා. එයා බෝ රාගෙන් හ්යුන් ජින් ගැන හොයලා බලන්න කියලා ඉල්ලලා හෘද සැත්කමක් කරන්න ඇමෙරිකවට යනවා. ඊට පස්සේ, බෝ රා හියුන් ජින්ව සමීපව නිරීක්ෂණය කිරීමට පටන් ගන්නවා වගේම බෝරා එයත් එක්ක ආදරෙන් බැඳෙනවා

The post 20th Century Girl (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/20th-century-girl-2022-sinhala-subtitles/feed/ 0