2010 Archives - SinhalaSub https://sinhalasub.lk/release/2010/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 25 Mar 2025 18:35:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png 2010 Archives - SinhalaSub https://sinhalasub.lk/release/2010/ 32 32 127 Hours (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/127-hours-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/127-hours-2010-sinhala-subtitles/#respond Tue, 25 Mar 2025 16:43:12 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29229 127 Hours Sinhala Sub 127 Hours Sinhala Subtitles 127 Hours (2010) Sinhala Sub 127 Hours (2010) Sinhala Subtitles බොහොමත්ම වෙනස් තේමාවක් අරගත්තු, සත්‍ය සිද්ධියක් අනුසාරයෙන් චරිතාපදානයක් ලෙස දිවෙන චිත්‍රපටියක් තමයි අද මම අරගෙන ආවේ. කාලෙකට පස්සෙ මම ලිපියක් ලියනවා වගේම මේ වගේ චිත්‍රපටියකුත් බයිස්කෝප් අඩවියේ යන්නෙ කාලෙකට පස්සෙ කිව්වොත් නිවැරදියි. ඒ වගේම සංගීතය A. R. […]

The post 127 Hours (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
127 Hours Sinhala Sub
127 Hours Sinhala Subtitles
127 Hours (2010) Sinhala Sub
127 Hours (2010) Sinhala Subtitles

බොහොමත්ම වෙනස් තේමාවක් අරගත්තු, සත්‍ය සිද්ධියක් අනුසාරයෙන් චරිතාපදානයක් ලෙස දිවෙන චිත්‍රපටියක් තමයි අද මම අරගෙන ආවේ. කාලෙකට පස්සෙ මම ලිපියක් ලියනවා වගේම මේ වගේ චිත්‍රපටියකුත් බයිස්කෝප් අඩවියේ යන්නෙ කාලෙකට පස්සෙ කිව්වොත් නිවැරදියි. ඒ වගේම සංගීතය A. R. Rahman ගේ.

කඳු නගින්නෙකු වූ Aron Ralston 2003 දී ඌටා කඳුකරයේදී තම අත මතට වැටෙන ගලක් නිසා ඔහුට සෙලවිය නොහැකි සේ දෙබොක්කාවක සිරවී දින පහක් ගත කිරීමට සිදුවෙනවා. එම හදිසි අනතුර අලලා ඔහු ලිවූ පොත අනුසාරයෙන් තමයි මේ චිත්‍රපටය නිපදවී තිබෙන්නේ. චිත්‍රපටයේ බොහෝ විට දකින්නට ලැබෙන්නෙ තමාගේම විඩියෝ කැමරාවට කතා කරන දර්ශණ හා තමාගේ අතීත මතකයින් තමයි. ඔහු තම දිවි රැක ගන්න කරන සමහර දේවල් නම් හැමෝටම අල්ලලා යන එකක් නැහැ. ?

ඒත් අනික් චිත්‍රපට එක්ක ගත්තහම අමුතුම වෙනස් හැඟීමක් මේ චිත්‍රපටයෙන් ඔබට ලැබේවි. ලේ දැකීමට අපහසු අයත් මේ චිත්‍රපටය නොබල ඉන්නවනම් හොඳයි කියලත් පොඩි අවවාදයක් දෙන්න ඕනා. මොකද සමහර ශෛල්‍යකර්ම වල දර්ශණ දකින්න අකමැති අයට මේ චිත්‍රපටය නොබල ඉන්න එක හොඳයි. ? ?

The post 127 Hours (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/127-hours-2010-sinhala-subtitles/feed/ 0
Orange (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/orange-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/orange-2010-sinhala-subtitles/#respond Thu, 14 Nov 2024 02:25:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81466 Orange Sinhala Sub Orange Sinhala Subtitles Orange (2010) Sinhala Sub Orange (2010) Sinhala Subtitles මේකේ රංගනයෙන් ප්‍රධාන ලෙස දායක වෙන්නේ Ram Charan Teja සහ GeneliaD’souza දෙන්නම ගැන හොඳට දන්නවනේ …. කතාව මෙහෙමයි යන්නේ “රාම්” කියන්නේ හැම වෙලේම ඇත්ත කතා කරන තරුණයෙක් මෙයා  ගැනු ළමයි 9 දෙනෙකුට ආදරේ කරපු කෙනෙක් මෙයා ඒ හැම ආදරයක් ම නැවැත්තුවේ […]

The post Orange (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Orange Sinhala Sub
Orange Sinhala Subtitles
Orange (2010) Sinhala Sub
Orange (2010) Sinhala Subtitles

මේකේ රංගනයෙන් ප්‍රධාන ලෙස දායක වෙන්නේ Ram Charan Teja සහ GeneliaD’souza දෙන්නම ගැන හොඳට දන්නවනේ ….
කතාව මෙහෙමයි යන්නේ “රාම්” කියන්නේ හැම වෙලේම ඇත්ත කතා කරන තරුණයෙක් මෙයා  ගැනු ළමයි 9 දෙනෙකුට ආදරේ කරපු කෙනෙක් මෙයා ඒ හැම ආදරයක් ම නැවැත්තුවේ මෙයා සදා කලික ආදරේ විශ්වාස නොකරන නිසා…මෙයා කියන්නේ ආදරේ හොඳ ටික කාලෙකට විතරයි කියලා…….
ඇත්තටම ආදරේ හොඳ ටික කාලෙකට විතරද?? සදාකාලික ආදරේ බොරුවක්ද??  රාම්ට  මොකෝ වෙන්නේ  කියන එක ඔයාලම බලන්න ආ මේකේ ලස්සනම සින්දු ටිකකුත් තියෙනවා මං හිතන්නේ ඔයාලත් ඒවාට කැමති වෙයි….

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Orange (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/orange-2010-sinhala-subtitles/feed/ 0
Brindavanam (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/brindavanam-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/brindavanam-2010-sinhala-subtitles/#comments Sun, 27 Oct 2024 11:50:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13678 ක්‍රිෂ් යි ඉන්දුයි කියන්නේ පෙම්වතුන් ක්‍රිෂ් කියන්නේ සල්ලිකාර පවුලක කොල්ලෙක් හැබැයි අනිත් සල්ලිකාර කොල්ලෝ වගේ නෙමෙයි මෙයා හොඳ කොල්ලෙක් අපේ භාෂාවෙන් කියනවනම් එල කොල්ලෙක්. ඉන්දුගේ හොඳම යාළුවා තමයි භූමි කියන්නේ, භූමිගේ තාත්තා වන භාණු ප්‍රසාද් විසින් ඇයව බන්දලා දෙන්න හදනවා ඔහුගේ නංගිගේ පුතාට ඒ යකා මහා මැරයෙක් (බලපල්ලකෝ මූ කරන්න යන දේ මේ අහිංසක කෙල්ලට […]

The post Brindavanam (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ක්‍රිෂ් යි ඉන්දුයි කියන්නේ පෙම්වතුන් ක්‍රිෂ් කියන්නේ සල්ලිකාර පවුලක කොල්ලෙක් හැබැයි අනිත් සල්ලිකාර කොල්ලෝ වගේ නෙමෙයි මෙයා හොඳ කොල්ලෙක් අපේ භාෂාවෙන් කියනවනම් එල කොල්ලෙක්. ඉන්දුගේ හොඳම යාළුවා තමයි භූමි කියන්නේ, භූමිගේ තාත්තා වන භාණු ප්‍රසාද් විසින් ඇයව බන්දලා දෙන්න හදනවා ඔහුගේ නංගිගේ පුතාට ඒ යකා මහා මැරයෙක් (බලපල්ලකෝ මූ කරන්න යන දේ මේ අහිංසක කෙල්ලට කේන්තිත් යනවා මට….) භූමිගේ සීයා විසින් මේ කසාදය නවත්තන්න ඇයට නගරයේ පෙම්වතෙක් ඉන්නවා කියලා ඇයගේ තාත්තට කියනවා. ඇයගේ පෙම්වතාව නිවසට එක්කගෙන එන ලෙස භානු ප්‍රසාද් කියනවා. ඇත්තටම භූමිට නගරයේ පෙම්වතෙක් නෑ… මදැයි කොලා නේද ? ඔන්න දැන් තමයි අපි නියම කතාවට එන්ටර් වෙන්නේ, භූමිගේ හොඳම යාළුවා වන ඉන්දු එයාගේ පෙම්වතා වන ක්‍රිෂ්ව ඇයගේ පෙම්වතා ලෙස යවන්න කැමති වෙනවා මේක ඉන්දුගේම යෝජනාවක් ප්‍රශ්ණයක් නේ….. කෙල්ලෙක් මෙහෙම තමන්ගේ කොල්ලව කැප කරයිද ? මේ වගේ දේකට අනික භූමි කියන්නේ ගොඩක් ලස්සන කෙල්ලෙක්නේ………

කොහොමෙන් කොහොමහරි ක්‍රිෂ් එයාගේ තාත්තට ලෝක සවාරියක යනවා කියලා බොරුවක් කියලා භූමිත් එක්ක ගමට යනවා එයාගේ පෙම්වතා විදියට… විවිධ හේතු සිදුවීම් එක්ක කතාව මෙහෙම ගලාගෙන යනකොට භූමිගේ හිතෙත් ක්‍රිෂ් ගැන ආදරයක් හටගන්නවා… ක්‍රිෂ් ඉන්දුව අතහරියිද ? ඉන්දු කියන්නේ කවුද ? එතන ඉඳලා කතාව කියන්න ඕනි නෑ නේද ? කුතුහලයක් තියෙන්නත් එපැයි… ඇත්තටම මේ කතාවේ ගොඩක් සංවේදී තැන් තියනවා ඇහැට කඳුළුත් එන මේක මුල ඉදන් අවසාන වෙනකම්ම ඇහැ බැඳගෙනම බලන්න පුළුවන්. මේක IMDB වල 7.1 ක රේට් එකක් අරගෙන තියනවා ඉතින් තව මොන කතාද ? කට්ටිය මේක අනිවාර්යෙන්ම බලන්න, දෙපාරක් හිතන්න එපා එලම එකක්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Brindavanam (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/brindavanam-2010-sinhala-subtitles/feed/ 2
Darling (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/darling-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/darling-2010-sinhala-subtitles/#respond Thu, 24 Oct 2024 12:00:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13270 Darling (2010) Sinhala Subtitles මේක තෙළිඟු love story එකක්.මේකෙ ඉන්නෙ මම ආසම කරන නළුවෙක්. ඒ තමයි prabhas. මොහුගෙ තවත් සුපිරි ෆිල්ම් එකකට බයිස්කෝප් එකේ සබ් දාලා තියෙනවා. ඒ තමයි Mirchi (2013). ඒ වගේම මේකෙ ඉන්න නිළියත් Kajal Agarval කියන සුරූපී නිළිය. එතකොට මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ A.Karunakaran. IMDB ratings වල 7.1/10 ක් අරන් […]

The post Darling (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Darling (2010) Sinhala Subtitles

මේක තෙළිඟු love story එකක්.මේකෙ ඉන්නෙ මම ආසම කරන නළුවෙක්. ඒ තමයි prabhas. මොහුගෙ තවත් සුපිරි ෆිල්ම් එකකට බයිස්කෝප් එකේ සබ් දාලා තියෙනවා. ඒ තමයි Mirchi (2013). ඒ වගේම මේකෙ ඉන්න නිළියත් Kajal Agarval කියන සුරූපී නිළිය. එතකොට මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ A.Karunakaran. IMDB ratings වල 7.1/10 ක් අරන් තියෙනවා. 2010 අප්‍රේල් 23 තමයි ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නෙ. ඔයාලා මේ ෆිල්ම් එක බලලත් ඇති. ඒත් ෆිල්ම් එක විතරක් තියෙනවා නම් සබ් එකත් එක්ක බැලුවට පාඩුවක් වෙන් නෑ. මොකද මේක ලස්සන ෆිල්ම් එකක්.

පාසල් කාලේ මිතුදමක් යාළුවො සෙට් එකක් එක්ක නොකඩවා අවුරුදු ගාණක් තියාගන්නවා. එයාලගෙන් “හනුමන්ත් රාඕගෙ” පුතා තමයි ‘ප්‍රභාෂ්’ ඒ වගේම “විශ්වම්ගෙ” දුව තමයි ‘නන්දනී’ කියන්නෙ. මෙයාලා තමයි ෆිල්ම් එකේ ප්‍රධාන චරිත වලට පණ පොවලා තියෙන්නෙ. ඒ දෙන්නා මුලින්ම හමුවෙන්නෙ යාළුවො සෙට් එක එකට එකතු වෙන දවසක. එතකොට එයාලා ගොඩාක් පොඩියි. දෙන්නා කරන නර්තනයකින්
තමයි දෙන්නට දෙන්නා අඳුන ගන්නෙ. ඊට පස්සෙ නන්දනී යනවා ස්විස්ටර්ලන්තෙට. එතන ඉඳලා කතාව වෙනස්ම විදිහකටයි යන්නෙ. ප්‍රභාෂ් පාතාලෙ නායකයෙක්ට කතාවක් කියන හැටි, එතකොට නන්දනියි ප්‍රභායි ආයෙත් මුණගැහෙන හැටි, එයාලා එකතු වෙන හැටි. ඒ අතරතුර සිදුවන හැම සිදුවීමක්ම ලස්සනටම තියෙනවා. ඔයාලම බලන්න. බලලා රස විඳින්න. ආදරේ කියන දේ කොච්චර සුංදරද කියලා හිතෙයි මේ කතාව බැලුවම.

Darling (2010) Sinhala Subtitles

The post Darling (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/darling-2010-sinhala-subtitles/feed/ 0
Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/harry-potter-and-the-deathly-hallows-part-1-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/harry-potter-and-the-deathly-hallows-part-1-2010-sinhala-subtitles/#respond Sun, 20 Oct 2024 09:20:42 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1217 Harry, Ron and Hermione walk away from their last year at Hogwarts to find and destroy the remaining Horcruxes, putting an end to Voldemort’s bid for immortality. But with Harry’s beloved Dumbledore dead and Voldemort’s unscrupulous Death Eaters on the loose, the world is more dangerous than ever.

The post Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Harry, Ron and Hermione walk away from their last year at Hogwarts to find and destroy the remaining Horcruxes, putting an end to Voldemort’s bid for immortality. But with Harry’s beloved Dumbledore dead and Voldemort’s unscrupulous Death Eaters on the loose, the world is more dangerous than ever.

The post Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/harry-potter-and-the-deathly-hallows-part-1-2010-sinhala-subtitles/feed/ 0
The Albanian (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-albanian-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-albanian-2010-sinhala-subtitles/#respond Fri, 03 Nov 2023 10:30:29 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59067 The Albanian Sinhala Sub The Albanian Sinhala Subtitles The Albanian (2010) Sinhala Sub The Albanian (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කලෙකට පස්සේ ලස්සන විදේශීය භාෂා චිත්‍රපටයක් අරගෙන ආවා. Der Alabaner එහෙම නැත්නම් The Albanian කියන්නේ 2010 වසරේ ජර්මනියෙදි නිකුත්වුනු ඇල්බේනියන් සහ ජර්මන් භාෂා චිත්‍රපටයක්.චිත්‍රපටයට IMDB දර්ශකයේ 7.1 හොඳ අගයක් වගේම Rotten Tomatoes වෙබ් අඩවියේ […]

The post The Albanian (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Albanian Sinhala Sub
The Albanian Sinhala Subtitles
The Albanian (2010) Sinhala Sub
The Albanian (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කලෙකට පස්සේ ලස්සන විදේශීය භාෂා චිත්‍රපටයක් අරගෙන ආවා. Der Alabaner එහෙම නැත්නම් The Albanian කියන්නේ 2010 වසරේ ජර්මනියෙදි නිකුත්වුනු ඇල්බේනියන් සහ ජර්මන් භාෂා චිත්‍රපටයක්.චිත්‍රපටයට IMDB දර්ශකයේ 7.1 හොඳ අගයක් වගේම Rotten Tomatoes වෙබ් අඩවියේ 71% අගයක් තියෙනවා .ජර්මානු චිත්‍රපට අධ්‍යක්ෂක Johannes Naberවිසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙනවා. Nik Xhelilaj, Amos Zaharia, Xhejlane Terbunja, Ivan Shvedoff වගේ අය මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටයේ තියන සාර්ථකත්වය නිසාම සම්මාන කිහිපයකට නිර්දේශ වෙන්න වගේම ජයග්‍රහණය කරන්නත් හැකිවෙලා තියනවා. ඒ තමයි,
Antalya Golden Orange Film Festival හොඳම නලුවා සම්මානය.
Moscow International Film Festival හොඳම නලුවා සම්මානය, ජූරියේ විශේෂ සම්මානය.
Max Ophüls Festival හොඳම චිත්‍රපටය සම්මානය.
Nuremberg Film Festival “Turkey-Germany” හොඳම නලුවා සම්මානය, හොඳම චිත්‍රපටය සම්මානය.

මුලින්ම ඇල්බේනියාව ගැන පොඩි විස්තරයක් කියන්නම්. ඇල්බේනියාව කියන්නේ දකුණුදිග යුරෝපයේ තියන සුන්දර රටක්. නමුත් දූෂිත දේශපාලනය සහ උග්‍ර ආගමික අන්තවාදි කල්ලි, මැර කල්ලි,මත්ද්‍රව්‍ය වගේ දේවල් නිසා යුරෝපයේ තියන දුප්පත්ම රටක් බවට පත්වෙලා තියනවා. ඇල්බේනියා ජනතාවගෙන් බහුතරයකගේ දෛනික ආදායම ඩොලර් දෙකක් වගේ පොඩි මුදලක්. රටේ විරැකියා අනුපාතය ඉතාම ඉහලයි. මේ නිසා රටේ තරුණ තරුණියන් බහුතරයක් ජර්මනිය,ඉතාලිය,ප්‍රංශය වගේ රටවලට රැකියා සොයාගෙන සංක්‍රමනය වෙනවා.වර්තමානයේ අපේ රටට ගොඩක් සමානයි.

කතාව පැත්තට ගියොත්,

ආර්බෙන් ශෙහු කියන ඇල්බේනියන් තරුණයා ආර්ථික ප්‍රශ්න නිසා පවුලේ අය එක්ක ග්‍රීසියට ගිහින් සුළුු වැටුපක් වෙනුවෙන් සේවය කරනවා. ආර්බෙන් තමන්ගේ ගමේ ඉන්න එට්ලේවා පෙට්‍රිටි කියන තරුණියට කාලයක ඉදන් ආදරය කරනවා.ඇල්බේනියාවේ සම්ප්‍රදාය අනුව පවුලේ තීරණ ගන්නේ වැඩිමහලු පිරිමි අය. එට්ලෙවාගේ තාත්තගේ තීරණය තමයි ආර්බෙන් එට්ලෙවා විවාහ කරගන්නවා නම් යූරෝ 10000ක් දෙන්න ඕන .ඇල්බේනියානු සම්ප්‍රදාය අනුව විවාහයකදි මනාලයා විසින් මනාලියගේ පවුලට දෑවැද්ද ලබා දෙන්න ඕන. මාසෙකට යුරෝ 500ක වත් ආදායමක් නැති ආර්බෙන්ට මේක ලොකු මුදලක්.

මේ මුදල හොයාගන්න ජර්මනියේ රැකියාවකට නිත්‍යානුකූල නොවෙන විදියට යන්න ආර්බෙන් තීරණය කරනවා. මේ අතරේ එට්ලෙවා ගැබ් ගන්න නිසා ආර්බෙන්ට සිද්ධ වෙනවා කොහොමහරි මාස කිහිපයක් ඇතුලත යූරෝ 10000 හොයාගන්න.ජර්මනියට යන්න කලින් ආර්බෙන් එට්ලෙවාට පොරොන්දුවෙනවා දරුවා ලැබෙන්න කලින් සල්ලි හොයාගෙන ආයෙත් ඇල්බේනියාවට එනවා කියලා. ස්ථීර රැකියාවක් නැති ජර්මානු භාෂාව අකුරක් වත් බැරි නීත්‍යානුකූල වීසා බලපත්‍ර නැති ආර්බෙන්ට පුලුවන් වෙයිද යුරෝ 10000ක් හොයාගන්න. ඒක දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා

මුල ඉඳන් අවසානය වෙන තෙක් කම්මැලි නැතුව බලන්න පුලුවන් ලස්සන සිනමා නිර්මානයක් වගේම සමහර තැන් වලදි හිතෙනවා දියුණුයි කියන යුරෝපේ ඇතුලේ මේ වගේ රටවල් තියනවද කියලා. තව දෙයක් තමයි රුමේනියාවට, ඇල්බේනියාවට ගිහින් හොර පාරෙන් ඉතාලි, ජර්මන් යන්න ඉන්නවා නම් දෙපාරක් නෙමෙයි සිය පාරක් වත් හිතන්න ඕන. මේ චිත්‍රපටයට අදාල ටොරෙන්ට් කිසිම එකක් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් තත්වෙක නෑ. YOUTUBE එකේ තියන එකත් ඒ තරම් පැහැදිලි නෑ.හොලිවුඩ් චිත්‍රපටි වගේ නෙමෙයි විදේශීය භාෂා චිත්‍රපටි හොයාගන්න ගොඩක් අමාරුයි. ඒ නිසා විඩියෝවේ ගුනාත්මක බව ටිකක් අඩුයි.

හැමෝම චිත්‍රපටය රසවිඳින්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තිලින සඳරුවන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Albanian (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-albanian-2010-sinhala-subtitles/feed/ 0
The Expendables (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-expendables-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-expendables-2010-sinhala-subtitles/#respond Mon, 16 Oct 2023 06:19:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57216 The Expendables Sinhala Sub The Expendables Sinhala Subtitles The Expendables (2010) Sinhala Sub The Expendables (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අනේ මන්දා මේ චිත්‍රපටය ගැන කොහොම ලියන්නද කියලා. ඒතරම්ම මුල ඉඳලා අග දක්වා ඇසි පිය ගහන්නෙ නැතිව බලන්න පුලුවන් චිත්‍රපටයක්. චිත්‍රපටය තිරගතවීම් ආරම්භ කරලා සති දෙකක් යන කොට ඩොලර් මිලියන 9.5 ක ආදායමක් මෙම […]

The post The Expendables (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Expendables Sinhala Sub
The Expendables Sinhala Subtitles
The Expendables (2010) Sinhala Sub
The Expendables (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අනේ මන්දා මේ චිත්‍රපටය ගැන කොහොම ලියන්නද කියලා. ඒතරම්ම මුල ඉඳලා අග දක්වා ඇසි පිය ගහන්නෙ නැතිව බලන්න පුලුවන් චිත්‍රපටයක්. චිත්‍රපටය තිරගතවීම් ආරම්භ කරලා සති දෙකක් යන කොට ඩොලර් මිලියන 9.5 ක ආදායමක් මෙම චිත්‍රපටය සොයාගෙන බොක්ස් ඔෆිස් වාර්තා වල පෙරමුණ් ගැනීමට සමත්වෙලා තියෙනවා. මම හිතන්නෙ මේ චිත්‍රපටය ලංකාවෙත් සිනමාහල් තුල තිරගත වෙලා තියෙනවා…

චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන සෙට් එක කියුවොත්, කොහෙන්ද පටන් ගන්නෙ… හරි චිත්‍රපටිය හදලා තියන මනුස්සයගෙන් පටන් ගනිමුකෝ. Sylvester Stallone කවුරුත් දන්න සුපිරි රම්බෝ චිත්‍රපටි මාලාව , රොකී, චිත්‍රපට මාලාව සහ තවත් චිත්‍රපට තුලින් සුපිරි රංගනයෙන් දායක උනා. ඊලඟට Transporter චිත්‍රපට මාලාව, The Italian Job වැනි චිත්‍රපට තුලින් අපට හමුවුන Jason Statham, තව ඉතින් Jet Li, Dolph Lundgren, Steve Austin, වගේ සුපිරි කට්ටියක් ඉන්නවා. නම් කියනවට වැඩිය දාලා තියෙන පෝස්ටරේ දැක්කහම කට්ටියව අඳුර ගන්න පුලුවන් වෙයි.

Sylvester Stallone (Barney Ross) කියන්නෙ Barney Ross කියන කන්ඩායමේ නායකයා. කතාව පටන් ගන්නෙ සෝමාලියානු කොල්ල කන්ඩායමක් විසින් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් තබාගෙන සිටින කන්ඩායම් බේරා ගැනීමට මෙම Expendables කන්ඩායම සටනක නිරතුවී එයින් ජය ගන්න ආකාරයයි. ඉන් පසුව මොවුන්හට Bruce Willis විසින් (ආහ් කියන්න බැරි උනා Bruce Willis සහ Arnold Schwarzenegger මෙහි ආරාධිත රංගනයෙන් දායක වෙනවා) Sylvester Stallone ඇතුලු කන්ඩායමට මෙහෙයුමක් බාර දෙනවා. එතනින් එහාට මම කියන්න යන්නෙ නෑ. මම අර මුලින් කියුවා වගේ එක හුස්මටම බලන්න පුලුවන් ජාතියෙ චිත්‍රපටියක් මේක. සටන් ජවනිකා ගැනනම් ඉතින් ආයෙ දෙකක් නෑ. එහෙනම් ඔයාල හැමෝටම ආරාධනා කරනවා මෙ සුපිරි චිත්‍රපටය නරඹන්න…

පහල පිංතූර Click කරලා ඔයාලට මෙ ෆිල්ම් එකේ අනිත් කොටස් ටිකත් බලන්න පුලුවන්…???

THE EXPENDABLES 2 (2012)

THE EXPENDABLES 3 (2014)

THE EXPENDABLES 4 (2023)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිනුෂ්ක උදාර (රොකියා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Expendables (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-expendables-2010-sinhala-subtitles/feed/ 0
My Name Is Khan (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/my-name-is-khan-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/my-name-is-khan-2010-sinhala-subtitles/#respond Thu, 07 Sep 2023 15:38:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53423 My Name Is Khan Sinhala Sub My Name Is Khan Sinhala Subtitles My Name Is Khan (2010) Sinhala Sub My Name Is Khan (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න මේ අරං එන්නේ My Name Is Khan කියන 2010 වසරේදි නිකුත් උන සුපිරිම චිත්‍රපටියක් මේකෙ කතාවනම් ඉතින් දැන් ඔබට පත්තර වලින් ටී.වී එකෙන්, ගුවන්විදුලියෙන් වගේම […]

The post My Name Is Khan (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
My Name Is Khan Sinhala Sub
My Name Is Khan Sinhala Subtitles
My Name Is Khan (2010) Sinhala Sub
My Name Is Khan (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න මේ අරං එන්නේ My Name Is Khan කියන 2010 වසරේදි නිකුත් උන සුපිරිම චිත්‍රපටියක්

මේකෙ කතාවනම් ඉතින් දැන් ඔබට පත්තර වලින් ටී.වී එකෙන්, ගුවන්විදුලියෙන් වගේම අන්තර්ජාලයෙනුත් දැනගන්න ලැබෙන්න ඇති. ඒත් ඉතින් මම කෙටියෙන් කියන්නම්. මෙහි ඛාන් ලෙස රංගනයේ යෙදෙන ෂාරුක් ඛාන් උපතේ සිටම Asperger’s Syndrome කියන මානසික රෝගයෙන් පෙලෙන පුද්ගලයෙක්. නමුත් ඔහුගේ මවගේ උත්සාහයෙන් ඛාන්ගේ අධ්‍යාපන තත්වය ඇය වර්ධනය කරනවා. නමුත් මවගේ වියෝවෙන් ඛාන් තම බාල සොයුරා ජීවත් වන ඇමර්කාවට ගියපසු ඔහුට හමුවන සුරූපීනිය වන මන්දිරා සමග අදාරමය හැඟීමක් ඇති වෙනවා. මෙතැන්සිට කතාව වෙනස් ස්වරූපයක් අරගන්නවා. කතාව තුල එක් බලාපොරොත්තුවක් වන “I will meat the United state President” යන බලාපොරොතුව ඔහුව අවසානයේ වීරයකු බවට පත් කරනවා.

එහෙනම් මේ ලස්සන ෆිල්ම් එක පහලින් Download කරන් රසවිඳින්න කියලා අරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රොයිලි ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post My Name Is Khan (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/my-name-is-khan-2010-sinhala-subtitles/feed/ 0
Tangled (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/tangled-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/tangled-2010-sinhala-subtitles/#respond Mon, 28 Aug 2023 13:00:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52158 Tangled Sinhala Sub Tangled Sinhala Subtitles Tangled (2010) Sinhala Sub Tangled (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ජීවිතයේ හොඳම කාලයේ නපුරු මන්තරකාරියකගේ ආත්මාර්ථකාමි ආශාවක් වෙනුවෙන් බාහිර ලෝකය එක්ක කිසිම සම්බන්ධතාවයක් නැතිව රහස් කුළුණක හිර වෙලා ඉන්න උනොත් කොහොම වෙයිද? මේ කතාවෙන් කියවෙන්නේ අන්න එහෙම වෙච්ච රපුන්Zසල් කුමාරිකාව ගැන. ඉතා දිගු මැජික් හිසකෙසක් සහිතව ඉපදීම නිසා […]

The post Tangled (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tangled Sinhala Sub
Tangled Sinhala Subtitles
Tangled (2010) Sinhala Sub
Tangled (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ජීවිතයේ හොඳම කාලයේ නපුරු මන්තරකාරියකගේ ආත්මාර්ථකාමි ආශාවක් වෙනුවෙන් බාහිර ලෝකය එක්ක කිසිම සම්බන්ධතාවයක් නැතිව රහස් කුළුණක හිර වෙලා ඉන්න උනොත් කොහොම වෙයිද? මේ කතාවෙන් කියවෙන්නේ අන්න එහෙම වෙච්ච රපුන්Zසල් කුමාරිකාව ගැන. ඉතා දිගු මැජික් හිසකෙසක් සහිතව ඉපදීම නිසා පොඩි කාලෙම නපුරු මන්තරකාරියක් විසින් රපුන්සල්ව රජවාසලෙන් පැහැරගෙන යනවා. මේ කුමාරිකාවගේ අතුරුදහන් වීම නිසා ඉතා දුකින් කල් ගෙවන රජ යුවළ දූකුමරියගේ සෑම උපන්දිනයකට පාවෙන ලන්තෑරුම් අහසට පා කරලා යවනවා.. හිරවෙලා ඉන්න කුළුණේ ජනේලයෙන් මේ ලන්තෑරුම් දකින රපුන්Zසල් ඒ ලන්තෑරුම් බලන්න යන එක ජීවිතේ සිහිනය කරගන්නවා. කවදාවක් එයා හිරවෙලා ඉන්න කුළුණෙන් පිටවෙන්නට අවසර නැතිව ඉන්න රපුන්Zසල්ට එක දවසක් ඒ සඳහා‍ අවස්ථාවක් ලැබෙනවා. එළියේ ලෝකය ගැන කිසිම දෙයක් නොදන්න රපුන්Zසල්ට එළියට ගිහින් ගොඩාක් කරදර වලට මුහුණපාන්න වෙනවා.

වෝල්ට් ඩිස්නි සමාගමෙන් නිපදවූ 50 වෙනි කාටුන් චිත්‍රපටය මෙන්ම ලොව වැඩිම වියදමක් දරා නිපදවූ චිත්‍රපට අතරින් දෙවන තැන ගත් මේක මේ වනවිට රේටින්ග්වල 8/10 ක් ලබා තියනවා. ගීත 20ක් පමණ අඩංගුවන මෙය සංගීතවත් කර තියෙන්නේ ඔස්කාර් සම්මාන උළලේ හොඳම අධ්‍යක්ෂණය අටවරක් දිනාගත් Alan Menken. ඒවගේම මෙය මුලින්ම නිකුත්කරන්න සූදානම්වෙලා තියෙන්නේ “Rupanzel” කියන නමින්. නමුත් මීට කලින් ඩිස්නි සමාගම නිපදවූ The Princess and the frog කියන ෆිල්ම් එක වැඩියෙන්ම නරඹා ඇත්තේ ගැහැණුළමුන්ලු. ඒකට එක හේතුවක්ලු ඒ චිත්‍රපටයේ නම. ඉතින් මේ සැරේ ගැහැණු පිරිමි දෙපාර්ෂවයම අල්ලාගන්න තමයි Tangled කියන නමට මාරු කරලා තියෙන්නේ. 2010 වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට අතරේ මේක නමවන තැන අරන් තියනවා.

අපි පුංචි කාලේ අහලා තියෙන රපුන්Zසල්ගේ සුරංගනා කතාවට වඩා ගොඩාක් වෙනස් කම් එක්ක එන මේ කතාව අවසානය දක්වා කිසිම කම්මැලි කමක් නැතිව බලාගෙන ඉන්න පුළුවන් රසවත් සුරංගනා කතාවක්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ෆා ද බ්ලොගී සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Tangled (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/tangled-2010-sinhala-subtitles/feed/ 0
From Me to You (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/from-me-to-you-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/from-me-to-you-2010-sinhala-subtitles/#respond Thu, 17 Aug 2023 15:34:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44089 From Me to You Sinhala Sub From Me to You Sinhala Subtitles From Me to You (2010) Sinhala Sub From Me to You (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම! අද මම ගෙනත් තියෙන්නෙ ජපන් live action film වලට ආස අයට තවත් සුපිරි මූවි එකක්. මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි උපසිරැසිය. චිත්‍රපටය ගැන කිවුවොත් මේකත් […]

The post From Me to You (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
From Me to You Sinhala Sub
From Me to You Sinhala Subtitles
From Me to You (2010) Sinhala Sub
From Me to You (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!

අද මම ගෙනත් තියෙන්නෙ ජපන් live action film වලට ආස අයට තවත් සුපිරි මූවි එකක්. මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි උපසිරැසිය. චිත්‍රපටය ගැන කිවුවොත් මේකත් මේ නමින්ම ගිය manga series එකක live action එකක්. කරුහෝ ෂීනා කියන manga artist තමයි manga එකේ නිර්මාතෘ. එතකොට මේකෙ film එක release වෙන්නෙ 2010දි film එකක් විදියට තිර රචනය කරල තියෙන්නෙ රිකා නෙසූ (rika nezu) වන අතර අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ නවුතෝ කුමසාවා (naoto kumazawa). එතකොට මේකේ සවාකෝ කුරෝනුමා ගෙ චරිතය කරන්නෙ මිකාකෝ තබේ (Mikako Tabe) ෂොටා කසෙහායා (Shota Kazehaya) ගේ චරිතය රඟ දක්වන්නේ හරුමා මිවුරා (Haruma Miura).

කතාව ගැන කියනවනම්, මේකත් පාසලක් තේමා කරගෙන හැදුනු එකක්. සවකෝ කුරෝනුමා කියන ගැහැනු ළමය the ring කියන චිත්‍රපට මාලාවෙ එන සවාකො කියන හොල්මන වගේ කියල, ඇයට අමනුෂ්‍යයන් කැඳවන්න පුළුවන් කියල පාසලේ මතයක් තියෙනව. ඒ නිසා ඇය සෑම විටම තනියම හුදකලාව කොන් වෙලා තමයි ඉන්නෙ ඉතින් ඔයිට වඩා දෙයක් මම කියන්න යන්නෑ බලලම රසවිඳින්න ඇත්තටම ලස්සන කතාවක්. ඒ වගේම තව දෙයක් තියෙනව මේකෙ සමහර වෙලාවට ඉන්න චරිත වල මුල් නමෙනුයි අග නමෙනුයි දෙකෙන්ම කතාකරනව ඒ නිසා ටිකක් අවදානෙන් බලන්න. තවත් ජපන් live action ඉස්සරහට ගේන්න හිතන් ඉන්නව. ඉතින් හැමෝටම සුභ දවසක්…..!!

ජය වේවා!!


ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිතුම් එස් පතිරගේ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post From Me to You (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/from-me-to-you-2010-sinhala-subtitles/feed/ 0