What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 (720p)
When Evil Lurks (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

When Evil Lurks (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

There's no point in praying.Oct. 05, 2023Argentina99 Min.
Your rating: 0
10 1 vote
When Evil Lurks Sinhala Sub
When Evil Lurks Sinhala Subtitles
When Evil Lurks (2023) Sinhala Sub
When Evil Lurks (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න මේ රැගෙන එන්නේ 2023 වසරේ සැප්තැම්බර් 13 වැනිදා නිකුත් වුණු අලුත්ම ත්‍රාසජනක ගණයේ හොල්මන් චිත්‍රපටයක් වන When Evil Lurks (2023) නැමැති සිනමා පටයයි. Demián Rugna විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ මේ ස්පාඥ්ඥ චිත්‍රපටය, IMDb දර්ශකයේ 7.1/10 අගයක් ලබාගන්නට සමත් වුණා. ඒවගේම Rotten Tomatoes වෙබ් අඩවියේ සමස්තයක් ලෙස ලැබුණු ප්‍රතිචාර 87කින්  99%කම ධනාත්මකව ලබාගෙන, සාමාන්‍ය අගය 7.8/10ක් වාර්තා කරන්නට සමත් වුණා.

2021 වසරේ  Sitges Pitchbo උළලේදී, එනම් Filmarket Hub සහ Sitges Film Festival එක්ව සංවිධානය කෙරුණු ජාත්‍යන්තර තෝරාගැනීමේ උත්සවයකදී, When Evil Lurks හි තිර පිටපත දෙවැනි ස්ථානයට තේරී පත් වීමට සමත් වුණා. අනතුරුව Shudder සමාගම සහ La Puerta Roja සමාගම් විසින් මෙය ඇමෙරිකානු-ආජන්ටිනා ජාත්‍යන්තර සම නිෂ්පාදනයක් ලෙස නිෂ්පාදනය කෙරුණු අතර මේ Shrudder සමාගම විසින් නිෂ්පාදනය කෙරුණු පළමු ස්පාඥ්ඥ භාෂා චිත්‍රපටය ද වනවා. 2022දී මෙහි රූගත කිරීම් සිදුකෙරුණා. 

රංගන ශීල්පීන් සහ ශිල්පිනියන්

Ezequiel Rodriguez පෙඩ්රෝ යුසුර්ලෝ ලෙසින්
Demián Salomon ජයිමි යුසුර්ලෝ ලෙසින්
Silvia Sabater මිර්තා ලෙසින්
Luis Ziembrowski ආමන්ඩෝ රුයිස් ලෙසින්
Marcelo Michinaux සන්තිනෝ යුසුර්ලෝ ලෙසින්
Emilio Vodanovich ජයිර් යුසුර්ලෝ ලෙසින්
Virginia Garófalo සබ්‍රිනා ලෙසින්
Paula Rubinsztein සාරා ලෙසින්
Lucrecia Nirón Talazac විකී ලෙසින්
Isabel Quinteros  මාරියා එලීනා ගෝමස් ලෙසින්
Desirée Salgueiro ජිමෙනා රුයිස් ලෙසින්
Federico Liss  ලියනාඩෝ ලෙසින්

මේ චිත්‍රපටයේ කතාව ගැන කිව්වොත් මේකේ තියෙන්නේ පිටිසරබද ගම්මානයක සිදුවෙන කතාවක්. එක් දවසක රෑ පෙඩ්රෝ සහ ජයිමි කියන මැදිවියේ සහෝදරයන් දෙදෙනාට ගම්බද කැලයක් ආසන්නයේ වෙඩි හඬ දෙකක් අසන්නට ලැබෙනවා. රාත්‍රියේ ඒ ගැන විමසන්නට යාම නුවණට හුරු නැතැයි සිතන ඔවුන් උදේ පාන්දරම ඒ ගැන විමසන්න කැලයට යනවා. ඔවුන්ට හමුවෙන්නේ මිනිසෙකුගේ දෙකඩ වුණු මළසිරුරක යටි කය කොටස. ඒ ගැන සොයමින් යන ඔවුන් අසළ පිහිටි කුඩා නිවෙසක් වෙත ගමන් කරනවා. එහි ජීවත් වුණේ මාරියා එලීනා නම් මහලු කාන්තාවක් සහ ඇයගේ පුතුන් දෙදෙනායි. ඔවුන් දෙදෙනා අතරින් ඇයගේ වැඩිමහල් පුතු වන යුරියෙල් සිය සයනයෙහි ආසදිතව කුණු වී ගිය සිරුරින් යුතුව අඩනිරුවතින් වැතිර සිටින්නේ, භෞතිකව ඉපදීමක් අපේක්ෂා කරන නූපන් යක්ෂයෙක් ඔහුගේ සිරුරට ආවේශවී සිටින නිසයි.

මේ යක්ෂයා මිනිසුන්ට ආවේශ වන අතර අනතුරුව ඔවුන්ගේ සිරුරු කුණු වීමට සලස්වා එයින් භෞතිකව උපත ලබන්නෙක්. එවැනි ආසාදිත පුද්ගලයෙක් ඝාතනයට ලක් කළ හොත් එයින් වඩා බිහිසුණු ප්‍රතිපල ඇතිවන අතර මරා දැමුණු තැනැත්තාව නපුර විසින් ඝාතනය කෙරෙනු ලබනවා. කැලයෙන් හමු වුණු මළසිරුර ගැන මාරියා එලිනා, එනම් යුරියෙල්ගේ මව කියන්නේ, ඒ මිනිස් මළ සිරුරු කොටස, යුරියෙල් මරා දමා ඔහු තුල සිටින යක්ෂයා අනෙක් අයට ආවේශ වීම වළක්වන්නට පැමිණි, ‘පිරිසිදු කරන්නෙකු’ගේ බවයි.

මේ පැතිර යන ආපදාව ගැන බලධාරීන්ට දැනුම් දුන්නත් ඔවුන් ඒ ගැන කිසිම තැකීමක් නොකරන්නේ, ඒ තමුන්ගේ ප්‍රශ්නයක් නොවන බව සලකමින්. මින්පසු, සහෝදර දෙදෙනා ඔවුන්ගේ ඉඩම් හිමියා වන ආමන්ඩෝ රුයිස්ව හමුවන අතර, ඔහු යුරියෙල්ව ගමෙන් ඈත ස්ථානයකට ගෙන යා යුතු යැයි යෝජනා කරන්නේ, අනෙක් අයටත් අදාළ යක්ෂයාගේ බලපෑම බෝ වීම වැළක්වීමේ අරමුණින්. තිදෙනාම එක්ව ඇඳ ඇතිරිලි පිටින්ම යුරියෙල්ව ඔසවාගෙන, රුයිස්ගේ ට්‍රක් රථයට දමාගෙන ඉවතට ගෙනයනවා. පැය ගණනක ධාවනයෙන් පසුව, එක්වරම ඔවුන්ගේ වාහනයට හසුවන්නට යන කුඩා දරුවෙක්ව බේරීමට ඔවුන් සමත් වෙනවා.

තවත් දුර ගොස් ට්‍රක් රථයේ පිටුපස පිරික්සන ඔවුන් දකින්නේ, යුරියෙල් අතුරුදන්ව ඇති බවයි! ගම්මානයෙන් සැතපුම් සිය ගණනක් ඈතට යුරියෙල් ගෙන ආ නිසා ප්‍රශ්නය අවසන්ව ඇතැයි තීරණය කරන ඔවුන් යළි නිවෙස් බලා පැමිණෙනවා. සියල්ල එතැනින් අවසන් වනු ඇතිද? පසුදින ඔවුන්ට දැනගන්නට ලැබෙන අනපේක්ෂිත ප්‍රවෘත්තිය කුමක්ද? යක්ෂයාගේ බලපෑමෙන් ගැලවීමට විවාහයෙන් පසු වෙන්ව වෙසෙන සිය බිරිඳ සහ දරුවන් වෙත යන පෙඩ්රෝට ඔවුන්ව නපුරෙන් ගලවා ගන්නට හැකි වනු ඇතිද? නගරයෙන් ඈතට දරුවන් ද රැගෙන පලා යන ඔවුන්ට හමුවන මාර්තා නම් ගුප්ත ස්ත්‍රිය කවුද? ඔවුන්ට නපුර පරාජය කරන්නට හැකි වේද?  එහෙම නම් තවත් වැඩි විස්තර නැතිව ලිපිය අවසන් කරනවා. චිත්‍රපටය නරඹලම ඉතුරු ටික දැනගන්න පුළුවන්.

නපුර ළමයින්ට ආදරෙයි. ළමයි නපුරටත් ආදරෙයි.
එහෙත් තවදුරටත් ළමයි නම් නෙවෙයි!”

එහෙනම් සිංහලසබ්නෙට් අපි ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹන්න…

මෙහි සංවේදී දර්ශන සහ නිරුවත් දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ප්‍රබුද්ධ කේසර විතානගේ සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

20

[Baiscope.LK]
IMDb Rating 7.1 8,514 votes
TMDb Rating 7.381 188 votes
When Evil Lurks (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
When Evil Lurks (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
When Evil Lurks (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
When Evil Lurks (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
When Evil Lurks (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
When Evil Lurks (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
When Evil Lurks (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
When Evil Lurks (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
When Evil Lurks (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Sijjin (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Quiet Place (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Aranmanai 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
IPC 376 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alien Resurrection (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hatchet III (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Barbarian (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Til Death Do Us Part (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Flood (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Lair (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Popeye the Slayer Man (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub