What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Nov. 03, 2023India100 Min.
Your rating: 0
10 2 votes
Three of Us Sinhala Sub
Three of Us Sinhala Subtitles
Three of Us (2023) Sinhala Sub
Three of Us (2023) Sinhala Subtitles

අතීතය හාරවුසස්න්න එපා අතීතයේ ඕනවට වඩා එල්ලීගෙන ඉන එපා වර්තමානයේ ජිවත් වෙන්න අපිට නිතරම ඇහෙන වචන මේවා..නමුත් අපිට හැම වෙලාවකම ජීවිතේ මුහුණ දෙන්න ප්‍රශ්න එක්ක සමහර අත් විඳින්න දේවල් එක්ක සමහර සිදුවීම් එක්ක අපේ අතීතය වෙතට අපිව නිරායාසයෙන්ම ඇදගෙන යනවා..

Three of Us කියන්නේ ගිය වසරේ නිකුත් වුණ සිනමාපට අතරින් කලාත්මක රාමුව තුළ ප්‍රේක්ෂකයාව ස්පර්ශ කල සිනමා සිත්තම් අතරින් ඉහලින්ම තියන නිර්මාණයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. අපිව ටිකක් අතීතය දිහාට ඉබේටම අපිවත් නොදැනීම අරගෙන යන මතක යතුරක් වගේ මේක..ලෞකික ලෝකයක් ඇතුළේ මිනිසුන් විදිහට අපි මොන තරම් බැඳීම් ඇලීම් වලට යටත්වෙලා තියනවාද අපි මොන තරම් කාර්යබහුල ජිවිතයක් ගත කරන්න හුරු වෙලා හිටියත් කොහොම කොතනක හිටියත් මොනයම්ම හෝ මොහොතක් අපිට එනවා පොඩ්ඩක් අර අපේ ආගිය උන් හිටි තැන් පරණ මිනිසුන් කල්පනාවට එන..තත්පර කීපයක මනෝ පාරකින් අපි යනවා සෑහෙන දීර්ඝ ගමනක් ආපස්සට.. අරමුණක් නැති මේ ගමන පුරාවට අපි ඇත්තටම බලාපොරොත්තු වන දේ ඒ දැනෙන දේ ඒ හැඟීම් කිසිම විදිහකින් නිශ්චිත ඒවා කියල හිතෙන්නේ නෑ..සුන්දර අසුන්දර තැන් ස්පර්ශ කරමින් මේ යන ගමනේ නිශ්චිත එකම දේ ගමනේ අවසාන තත්පර කීපය විතරයි..ඒ තමයි ඒ ගමන හැමදාමත් ඉවර වෙන්නේ එක දීර්ඝ හුස්මකින්..ඒ දීර්ඝ හුස්මේ හේතුව අතීතයට අපි දක්වන ගිජු කමේ තරම කියාපානවාද නැත්තම් මතු පිටින් වෙහෙසකරකයි වගේ හිතුනට ඇත්තටම මේ අපි හැමදාමත් කලේ ප්‍රශ්න වලින් පුංචි බ්රේක් එකක් ගන්න එක වෙන්න පුළුවන්ද..

මේ ගැන අපූරු විග්‍රහයක් අවිනාෂ් අරුන්ගේ Three of Us තුළ තිබුණ බලන්න කියල ආරාධානා කරනවා..නිර්මාණයක් විදිහට ලෞකික අරමුණු, තෝරාගැනීම් පරායත්ත ගිලිහීම් මත ජීවිතය, අනියත බව වැනි ගැඹුරු වෙහෙසකරවන තේමාවන් සිනමාපටයක තුළ අන්තර්ගත තුළ අතපත ගාල තිබුණත් බලන කෙනෙකුට මේ කිසි දෙයක් නීරස විඩාබර අත්දැකීමක් නොවෙන විදිහට පුංචි කුතුහලයක් දැනෙන අයුරින් ලස්සන රූප පෙළහරක් මවමින් ඉතාමත් සංවර අනන්‍ය අයුරකින් ලබාදෙන්නට සිනමාකරුවා වග බලාගන තිබුණ..සංවරයි කියන වචනේ මේ ලිපිය පුරාම වුණත් ටයිප් කරගෙන යන්න පුළුවන්..මේක ඒ වගේ..මේ තුළ ඇති නොස්ටැල්ජියාව පවා ආවේණික හැඟීමක් තමයි දෙන්නේ.. මුළු නිර්මාණයම අපිට නිකං නිස්කලංක දැකුම්කළු පරිසරයක් දිහා ආසාවෙන් බලන් ඉන්නකොට දෙන හැගීම තමයි දෙන්නේ… Shefali Shahගේ අති විශිෂ්ට රංගනය විතරක් අපිට වෙනම වෙලාවක් අරගෙන රස විඳින්න පුළුවන් ඒක වෙනම ලෙවල් එකක රංගනයක්. ඒ වෙනුවෙන් ඇයට ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි විචාරක සම්මානය හිමි වෙලා තිබුණා.. ඒ ගැන පුංචි සතුටක් අනිවාර්යෙන තියනවා..ඒ වගේම තමයි Jaideep Ahlawat, Swanand Kirkire මේ හැමෝම මාර සංයමයකින් බ්ලෙන්ඩ් වුණේ ඒ පරිසරයත් එක්ක..හරියට නිකං පසුබිමෙන් මවන ඒ නිස්කලංක භාවය බිඳෙන්නේ නැති වෙන්න පරෙස්සමට ඒ තුළ ජිවත් වුණා කියල හිතුනා..ඇයි මේකට මේ විදිහට ටයිට්ල් එක දුන්නේ කියනෙක විතරයි මට තියෙන ප්‍රශ්නය..කොහොම වුණත් හරිම සුන්දර සිනමාපටයක්. ඉතිං නොබලපු ඈයෝන්ට බලන්න කියල ආරාධනා කරනවා එහෙනම්…ජය වේවා!

 

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ අචින්ත උදයංග සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

2

[Baiscope.LK]
IMDb Rating 7.5 3,142 votes
TMDb Rating 7.333 6 votes
Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Avinash Arun
Director

නළු නිලියන් 👇

Shefali Shah isShailaja Desai
Shailaja Desai
Jaideep Ahlawat isPradip Kamat
Pradip Kamat
Swanand Kirkire isDipankar Desai
Dipankar Desai
Kadambari Kadam isSarika Kamat
Sarika Kamat
Rasika Agashe isGayatri Jayant
Gayatri Jayant
Nina Kulkarni isMrs. Kurankar
Mrs. Kurankar

Similar titles

Awe! (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Baby (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Philip’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Salaam Venky (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bad Newz (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Love 360 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Shershaah (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jacob’s Kingdom of Heaven (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sam Bahadur (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thalavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
My Fault (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
420 IPC (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub