What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
The Kissing Booth 3 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The Kissing Booth 3 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The end of an era. The beginning of everything else.Aug. 11, 2021South Africa112 Min.
Your rating: 0
10 1 vote
The Kissing Booth 3 Sinhala Sub
The Kissing Booth 3 Sinhala Subtitles
The Kissing Booth 3 (2021) Sinhala Sub
The Kissing Booth 3 (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

2018 වසරේදී නිකුත් වුන The Kissing Booth චිත්‍රපටයෙ දෙවැනි කොටස තමයි මේ. මුල් චිත්‍රපටය ගැන හැදින්වීමක් කරලම දෙවැනි චිත්‍රපටය ගැන විස්තරයක් කරන්නම්.

The Kissing Booth (2018)

එල් එවන්ස් වගේම ලී ෆ්ලින් දෙන්නා ඉපදෙන්නෙ එකම දවසෙ, එකම වෙලාවේ, ලොස්ඇන්ජලීස්වල එකම රෝහලකමයි. මේ දෙන්නා හදුනගත්ත කාලෙ ඉදලම හොදම යාලුවො විදිහට තමයි කාලය ගත කලේ. මේ දෙන්නගෙ යාලුකම පවත්වන් යන්නම කියලා එල් හා ලී දෙන්නා අතරේ ඇති කරගත්ත නීති ගොඩක් තිබුනා. ඔය නීති අතරේ ලීගෙ අයියා නෝහා එක්ක ආදර සම්බන්ධයක් ඇති කරගන්න එල්ට අවසරයක් තිබුනෙ නැහැ. මේ දෙන්නා ඉස්කෝලෙදී කිසිං බූත් එකක් එහෙම නැත්තම් සිප ගැනීමේ කුටියක් හදනවා අරමුදල් උපයන්න හිතාගෙන. නෝහා කියන්නෙ OMG කෙල්ලො ඇතුළුව තවත් බොහොමයක් කෙල්ලො පිස්සු වැටුන කෙනෙක්. ඉතිං අර දෙන්නා හදපු කිසිං බූත්එකට නෝහා එක්කං එනවා කියලා ආරංචිය යවලා සෑහෙන කෙල්ලො ටිකක් මේ ඉවෙන්ට් එකට ගෙන්න ගන්නවා. නෝහා එතනට එන්න කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරන නිසාම ඒ වෙනුවට වේදිකාවට ගොඩවෙන්නෙ ලී. මේකට එතනට එකතු වෙලා හිටිය හුගක් කෙල්ලන්ගෙ අප්‍රසාදය ලක් වෙනවා. අවසානෙදි එල්ටත් අවස්ථාවක් ලැබෙනවා කිසිං බූත් එකට යන්න. එල් තියා කිසිම කෙනෙක් නොහිතපු විදිහට නෝහා එතනට ඇවිල්ලා පලවෙනි වතාවට එයා සෑහෙන පිරිසක් ඉදිරියෙ එල්ව සිපගන්නවා.

මේ විදිහට එක සිප ගැනීමකින් පටන් ගත්ත මේ දෙන්නා ලීට හොරෙන් කාලයක් පුරාවටම ආදර සම්බන්ධයක් පවත්වන් යනවා. ඉතිං මේ ගැන වතාවක් ලීට අහුවෙලා මේ තුන්දෙනා රණ්ඩු වෙලා අවසානෙදි ලීගෙ උපන්දිනේ වෙනුවෙන් තියපු කොස්ටියුම් පාටි එකකදී ලී කියනවා මේ දෙන්නගෙ සම්බ්න්ධෙට ආයෙ විරුද්ධ වෙන්නෙ නැහැ කියලා. නෝහා කොලේජ් එකේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හාවර්ඩ් වලට යනවා. මේ එක්කම එල්ට විශ්වාසයක් නැතුව යනවා මේ දෙන්නගෙ දෙපැත්තට වෙලා පවත්වන් යන සම්බන්ධෙට මොනවා වෙයිද කියලා.

චිත්‍රපටය නිර්මාණය වුනෙ Beth Reekles විසින් 2012 වසරේ දෙසැම්බර් 13′ වැනිදා නිකුත් කල “The Kissing Booth” නවකතාව ඇසුරින්.

The Kissing Booth 2 (2020)

නෝහා හොවර්ඩ්වල අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පිටත් වෙලා ගියාට පස්සෙ, එයා නැති තනිකම, පාළුව නිරන්තරයෙන්ම දැනෙන එල් එයාගෙ අතිජාත මිත්‍රයා ලීට ලං වෙද්දී මේක ලීගෙ පෙම්වතිය වෙච්චි රේචල්ට ලොකු ගැටලුවක් වෙනවා. මොකද රේචල්ට ලීව ඕන කරන හැමවෙලාවකම එයා එයාගෙ යාලුවා ලගට යන නිසා. මේ අතරේ හොවර්ඩ්වල අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පිටත් වෙලා ගියපු නෝහාට එකතු වෙන යාලුවො අතරේ ගෑණු යාලුවෙක්, ඒ කිව්වෙ ක්ලෝයි හිතවත් වෙලා මේක එල්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ දේවල් එහෙම වෙද්දී එල් වගේම ලී දෙන්නා පුරුදුවෙන නර්තන තරගයට යන එක මග හැරලා මාර්කො කියලා කොල්ලෙක් එල්ට ලං වෙනවා. නෝහාගෙ ප්‍රශ්න වලදී ක්ලෝයි උපදෙස් දෙද්දී එල්ට උපදෙස්  දෙන්නෙ මාර්කො. ඉතිං දෙගොල්ලො එකිනෙකාව සැක කරන්න පටන් අරං විරසක වෙලා සෑහෙන ප්‍රශ්න ඇති වෙනවා. පස්සෙ විරසක වෙන්න හේතු වුන අය නිසාම තරහ වෙච්ච අය යාලු වෙලා එල්ට ලොකුම ලොකු ප්‍රශ්ණයක් චිත්‍රපටය අවසන් වෙද්දී මුහුණ දෙන්න සිද්දවෙනවා. ඒ වෙන මොකුත් නෙවෙයි යන්න තීරණය කරන කොලේජ් එක මොකක්ද කියලා තීරණය කරන්න වෙලා.

චිත්‍රපටය නිර්මාණය වුනෙ Beth Reekles විසින් 2020 වසරේ ජනවාරි 02’වැනිදා  නිකුත් කල “The Kissing Booth” නවකතාව ඇසුරින්.

The Kissing Booth 3 (2021)

තුන්වෙනි චිත්‍රපටයෙ නිර්මාණ කටයුතු සිදුවෙන්නෙත් සුපුරුදු මුල් චිත්‍රපටයෙ නිර්මාතෘවරුන් විසින්මයි. චිත්‍රපටයෙ අධ්‍යක්ෂණයත්, නිෂ්පාදනයත්, චිත්‍රපටයෙ පිටපත ලියන කටයුතු සදහාත් Vince Marcello සම්බන්ධ වෙලා තියෙනවා. චිත්‍රපටයට පාදක වෙන්නෙ 2021 වසරේ Beth Reekles විසින් නිකුත් කල “The Kissing Booth 3: One Last Time” නවකතාව පාදක කරගෙනයි. මුල් චිත්‍රපට දෙක තුලින් දැකගන්න ලැබුණු Joey King, Jacob Elordi, Joel Courtney, Carson White, Maisie Richardson-Sellers, Taylor Zakhar Perez එහෙමත් එකතු වෙනවා. පැය 02 විනාඩි 10 ක ධාවන කාලයක් සටහන් කරගෙන Comedy, Romance වර්ගීකරණ යටතේ නිර්මාණය වුන මේ චිත්‍රපටය Netflix ඔස්සෙ නිකුත් වෙන්නෙ 2021 අගෝස්තු 11’වැනිදා.

ඉතිං මුල් චිත්‍රපට දෙකම බැලුවා නම් දන්නවා ඇති මේක මොන වගෙ නිර්මාණයක්ද කියලා. ඒ නිසා තුන්වෙනි චිත්‍රපටය ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ කියලා හිතනවා. මොකද මුල් චිත්‍රපට දෙකේම සිදුවීම් බොහොමයක් පාදක කරගෙන මේක නිර්මාණය වෙලා තියෙන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕන අද මේ අරගෙන එන සිනමා නිර්මාණය තමයි The Kissing Booth චිත්‍රපට පෙලෙහි අවසන්ම නිර්මාණය වෙන්නෙත්.

එහෙනම් ඉතිං නරඹලාම තීරණය කරන්න මේ වතාවේ මොකද වෙන්නෙ කියලා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චාමර සම්පත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 4.8 19,736 votes
TMDb Rating 6.989 1,705 votes
The Kissing Booth 3 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Kissing Booth 3 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Kissing Booth 3 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Kissing Booth 3 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Kissing Booth 3 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Kissing Booth 3 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Hank Amos
Director

නළු නිලියන් 👇

Similar titles

Jonah Hex (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Gardener (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
You’re Killing Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Death of Me (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Buddy (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Leo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sharmajee Ki Beti (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ghostbusters (1984) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Radha (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pagalpanti (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sneakerella (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub