කාලෙකින් බලපු සුපිරිම ෆිලිම් එකක්
මුලික තේමාව වෙලා තිබ්බේ කුෂිකර්මාන්තයේ වටිනා කමයි. ගුණ යහපත් කමේ වටිනා කමයි පහදා දිමයි.
මුල ඉදන් අගට යනකන් හොද කුතුහලයක් එක්ක බලන්න පුළුවන් උනා. ඒ වගෙම චිත්රපටය පුරාවටම ආදරය , ක්රෝධය , දුක සතුට හොදින් ගලාගෙන ගියා.
ඒ නිසාම චිත්රපටය අවසන් උනාම තව ටිකක් තිබ්බානම් හොදයි කියලා හිතුනා.
Rashmika Mandhana රංගනය තුලින් දැක්කේ බොහෝ නිහඩ චරිතයක් විමත් චිත්
රපටයේ එක් විශේෂත්වයක්. මුහුනේ හැඟිම් වලට මුලික තැනක් ලබා දෙමින් ඇයගේ රංගනය ඉදිරිපත් කිරිමට ඇය සමත් උනා.එම නිසාම පෙර පරිදිම සුපුරුදු
Rashmika Mandhana අපිව මේ නිර්මාණය තුලින් දැක ගැනිමට හැකියාව ලැබූනා.
තෙලෙගූ ,කන්නඩ වගෙම දමිළ සිනමාව තුලත් තමාගේ අණසක පතුරවා හරින්න ඇය මේ චිත්රපටය සමග සමත් උනා කිවොත් මම නිවරදී. ඕනම ප්රදාන නළුවෙක් සමග චිත්රපටයක් කිරිමට හැකි බව ඉතා හොදින් ඇය මේ නිර්මාණය තුලින් පෙන්නුම් කිරිමත් එක් විශේෂ කරුණක්.
කාර්තික් චිත්
රපට ඉතාමත් හොද සාදාරණයක් කළා කිවොත් නිවරදී. චිත්
රපටය තුල කාර්තික්ව හදුන්වා දිමත් ඉතාමත් හොදින් සිදු කර තිබිම තුලින් චිත්
රපටයට අමුතුම ගැම්මක් එකතු කරලා තිබුනා.
චිත්රපටයේ මුල මැද අග ඉතාමත් හොද සමබරතාවයක් පෙන්නුම් කරා. සටන් ජවනීකා. ඉතාමත් ජව සම්පන්න ආකාරයට පෙන්නුම් කර තිබිම නිසා. සටන් ජවනිකා නරඹන්න කැමති අයෙක්ටනම් මෙය ඉතාමත් හොද සිනමා නිර්මාණයක් වනු නොවානුමානයි. ඉතාමත් අලංකාර ගීත තුලින් චිත්රපටයේ අලංකාරය තවත් වැඩි වී තිබුනා.
සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම
Warning: Invalid argument supplied for foreach() in /www/wwwroot/sinhalasub.life/wp-content/themes/dooplay/inc/parts/single/peliculas.php on line 110
Total Subtitles
Warning: Invalid argument supplied for foreach() in /www/wwwroot/sinhalasub.life/wp-content/themes/dooplay/inc/parts/single/peliculas.php on line 115
[]
Niyamai,❤️