What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

It's how you wear the mask that matters.May. 31, 2023USA140 Min.
Your rating: 0
9.3 12 votes
Spider-Man: Across the Spider-Verse Sinhala Sub
Spider-Man: Across the Spider-Verse Sinhala Subtitles
Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Sub
Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

එනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටපු, මේ ලිපිය ලියන මොහොත වෙනකොට IMDB Top 250 ලයිස්තුවේ 9 වැනි ස්ථානය දිනාගෙන ඉදිරියෙන්ම පසුවෙන සුපිරිම ඇනිමේෂන් සිනමාපටයක් සඳහා උපසිරසි අරගෙනයි මේ වතාවෙ ආවේ.

2018 කියන්නේ සෝනිලට කාලෙකට පස්සෙ CBM වලින් සාර්ථක අවුරුද්දක්. ඇන්ටි-විලන් කෙනෙක් විදියට රිදී තිරයට ගෙනාපු Venom ගේ සෝලෝ මූවි එක සාර්තක උනා. හැබැයි ඒකටත් වඩා ලෝකයම කතාබහ කරේ සෝනිලගෙම තවත් මූවි එකක් ගැන. ඒ තමයි Spider-Man: Into the Spider-Verse මූවි එක.

අවුරුදු ගානක් ෆිල්ම්/සීරිස් වලින් දැකගන්න ලැබුනු පීටර් පාකර් ගේ ස්පයිඩර්මෑන් වෙනුවට පලවෙනි පාරට තමයි කොමික් වල අපිට හමුවුනු තවත් ස්පයිඩර්මෑන් කෙනෙක්ට ෆිල්ම් එකක් ලැබුනේ. ඒ තමයි මයිල්ස් මොරාලස් ස්පයිඩර්මෑන්. මයිල්ස් කියන්නේ මාර්වල් මල්ටිවර්ස් එකේ Earth-1610 ස්පයිඩර්මෑන්. Earth-1610 එකටම තමයි අල්ටිමේට් මාර්වල් යුනිවර්ස් කියලත් කියන්නෙ. 1610 හිටපු පීටර් පාකර් මැරුනට පස්සෙ තමයි මයිල්ස් එයාගේ තැන අරන් ස්පයිඩර්මෑන් විදියට වැඩ කරන්නේ.

පොඩ්ඩක් බලමු මයිල්ස් ගැන.

මයිල්ස් මොරාලෙස් ඉපදෙන්නේ පොලිස් නිලධාරියෙක් වෙච්ච ජෙෆර්සන් ඩේවිස් සහ නර්ස් කෙනෙක් වෙච්ච රියෝ මොරාලෙස්ට දාවයි. මෙයාලා ජීවත් උනේ බෘක්ලීන් වල. ඒ වලේම මයිල්ස් කියන්නේ අප්‍රිකානු-ඇමරිකන් ජාතිකයෙක්.

ඒ යුනිවර්ස් එකෙත් ග්‍රීන් ගොබ්ලින් වෙච්ච Norman Osborn ව S.H.I.E.L.D විසින් අත්අඩංගුවට අරන් ප්‍රසිද්ධියේ හෙළිදරව් කරාට පස්සෙ මයිල්ස්ගේ මාමා වෙච්ච ආරොන් ඩේවිස් අත්හැර දාපු ඔස්බෝන් කර්මාන්තශාලාවකට කඩා පැනල Oz Formula හොරකම් කරා. හැබැයි ඒත් එක්ක ජානමය වශයෙන් වැඩිදියුණු කළ මකුළුවෙක් එයාගේ බෑග් එකට රිංගුවා.

අම්මලට හොරෙන් මාමව බලන්න ගියපු මයිල්ස්ව මාමාගේ මහල් නිවාසයේදී අර බෑග් එකේ හිටපු මකුලුවා දශ්ට කරනවා. මයිල්ස් එයාට නොපෙනී යාම, වේගවත් කඩිසරකමක් ලැබීම, ඇඟිලි වලින් බයෝ ඉලෙක්ට්‍ර්ක් පිටකරන්න හැකි වීම සහ දෙයක් වෙන්න කලින් දැනීම (ස්පයිඩර් සෙන්ස්) වගේ දේවල් පුලුවන් කියල දැනගන්නවා. එයාගේ හොඳම යාලුවා වෙච්ච Ganke Lee පෙන්නලා දුන්නෙ මයිල්ස්ට බිත්ති දිගේත් යන්න පුලුවන් වගේ ස්පයිඩර්මෑන්ට තියෙන බලයන් ලැබිලා තියෙනවා කියල.

හැබැයි මයිල්ස්ට වීරයෙක් වෙන්න ඕනි උනේ නැති නිසා එයා වීරයෙක් වෙන එක ⁣ඒ වෙද්දි හිටපු ස්පයිඩර්මෑන්ටම බාර දීලා ඉන්නවා. මාස කිහිපයකට පස්සෙ ස්පයිඩර් මෑන් මැරෙනවා. ඒ ඔස්බෝර්න් ගෙන් ඔහුගේ පවුල බේරා ගැනීම සඳහා. මේ සිද්දිය වෙන තැනට මයිල්ස්ට යන්න පරක්කු උන නිසා එයා තමන්ටම දොස් කියාගන්නවා. ඒ නිසා එයා තීරණය කරනවා පීටර් පාකර්ගේ ස්පයිඩර්මෑන් ලෙගසි එක ඉදිරියට අරන් යන්න.

අති සාර්තක ෆිල්ම් හදපු පික්සර්, ඩිස්නි ඇනිමේෂන්, ඉලුමිනේෂන්, බ්ලූ ස්කයි, ඩ්‍රීම්වර්ක්ස් වගේ කම්පැණි එක්ක බලද්දි Sony Animation හිටියෙ ටිකක් යට තැනක. හැබැයි ඩොලර් මිලියන අනූවකින් හදපු මේ ෆිල්ම් එකත් එක්ක සෝනි ඇනිමේෂන් එක නොහිතපු ලෙවල් එකකට යනවා. මේ ගන කෙලවර වෙන්නේ අවුරුද්දේ හොඳම ඇනිමේෂන් එකට හිමි ඔස්කාර් සම්මානෙත් උස්සලා.

එයාල මේ ෆිල්ම් එකෙන් ඇනිමේෂන් රටාවේ කරපු වෙනස්කම අති සාර්තක උනා. විශේෂයෙන්ම ඒ වෙද්දි තිබුනු ටොම් හොලන්ඩ්ගේ ෆැන්චයිස් එකේ සාර්තකත්වය සහ සෝනිලා තනියම කරල අසාර්තක උන amazing spider-man ෆැන්චයිස් එක නිසා රසිකයො මේ ෆිල්ම් එක ගැන ලොකු බලාපොරොත්තු තියන් හිටියෙ නෑ. හැබැයි රිලීස් උනාට පස්සෙ ලෝකයම මේ ගැන කතා කරා.

දැන් අපි එමු අලුත්ම ෆිල්ම් එක දිහාට. පලවෙනි ෆිල්ම් එකේ සාර්තකත්වය නිසාම දෙවෙනි ෆිල්ම් එකටත් ග්‍රීන් ලයිට් හම්බුනා. ඔන්න ඉතින් අවුරුදු පහකට පස්සෙ තමයි දෙවෙනි ෆිල්ම් එක අපිට බලන්න හම්බුනේ. ඒ වගේම එයාල මුලදිම එනවුන්ස් කරා මේ ෆිල්ම් දෙකක් එනවා කියල සහ Across the Spider-Verse එක පලවෙනි පාර්ට් එක කියලා. (Part 01) 2021 දෙසැම්බර් ආපු ටීසර් එකේ නම උනෙත් Across the Spider-Verse Part one කියලා. හැබැයි පස්සෙ නිවේදනය කරා දෙවෙනි පාර්ට් එකේ නම Spider-Man | Beyond The Spider-Verse කියලා. මේක රිලීස් වෙන දවසක් දැනට නම් සඳහන් කරලා නැහැ. හොලිවුඩ් වර්ජනයත් එක්ක ටිකක් පරක්කු වෙයි මේක.

           

ඩොලර් මිලියන 100ක් තමා මේ ෆිල්ම් එකේ බජට් එක. ඒ වගේම මේ ලිපිය ලියද්දි ඩොලර් මිලියන 649ක් හොයා තියෙනවා ආදායම විදියට. මේ පාර ෆිල්ම් එක ඩිරෙක්ට් කරේ Joaquim Dos Santos, Justin K. Thompson, Kemp Powers කියන තුන්දෙනා. ඒ වගේම වොයිස් ආටිස්ට්ලා විදියට Shameik Moore, Hailee Steinfeld, Brian Tyree Henry, Luna Lauren Vélez, Jake Johnson, Jason Schwartzman, Issa Rae, Karan Soni ,Shea Whigham ,Greta Lee ,Daniel Kaluuya, Mahershala Ali, Oscar Isaac වගේ අය එකතු උනා.

මේ ෆිල්ම් එක එක තප්පරයක්වක් ඇහැ අහකට ගන්න බැරි විදියට ඇනිමේෂන් කරල තියෙනවා. ඒ වගේම යුනිවර්ස් එකෙන් යුනිවර්ස් එකට යුනික් ඇනිමේෂන් ස්ටයිල් දීල තියෙන නිසා සියගානක ඇනිමේෂන් ස්ටයිල් මේ ෆිල්ම් එක ඇතුලේ දකින්න හම්බෙනවා. මුලු ෆිල්ම් එකම කොමික් එකක් කියවන් යනවා වගේ දැනෙන්නේ අපිට. ඒ තරමට ලස්සන ෆිල්ම් එකක් මේක.

ඩිරෙක්ටර් Justin K Thompson විසින් 2023 මැයි වලදී තහවුරු කරා මේ මූවි එකේදී ස්පයිඩර්-පීපල්ස්ලා 280ක් දකින්න පුලුවන් කියලා. එ අයගෙනුත් 95 දෙනෙක් නම් කරපු යුනික් කැරැක්ටර් බවත් එයා හෙලි කරා. ඉතින් බලපු අය දන්නවා මේ ෆිල්ම් එක තමයි රියල්ම මල්ටිවර්ස් ඔෆ් මෑඩ්නස් ෆිල්ම් එක කියලා.

මේ ෆිල්ම් එකේ හිටපු Lego Spider-Man’ව සජීවිකරණය කරලා තියෙන්නෙ අවුරුදු 14ක Preston Mutanga කියල ලමයා එයා හදපු ට්‍රේලර් එකක් දැකල තමයි මේ ෆිල්ම් එකට එකතු කරන් තියෙන්නෙ.

ඔයාලත් මේ ෆිල්ම් එක බලලම රස විඳින්න. ඒ වගේම බියොන්ඩ්ද ස්පයඩර්වර්ස් එක 2024 එන්න තිබුනත් මේ දවස් වල තියෙන රයිටර්ස්ලගෙ වගේම ඒයාලට එකතු උන නලු නිලියන්ගේ වර්ජනය නිසා 2025ටවත් කල් යන්න ඉඩ තියෙනවා.

  • Director: Joaquim Dos Santos, Kemp Powers, Justin K. Thompson
  • Writers: Phil Lord, Christopher Miller, Dave Callaham
  • IMDB Ratings : 8.9
  • Release Date: June 02, 2023 (United States)
  • Digital Release Date: August 08, 2023

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශාන් විමුක්ති [විමා] සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 8.9 199,080 votes
TMDb Rating 8.454 2,727 votes
Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Shameik Moore isMiles Morales / Spider-Man (voice)
Miles Morales / Spider-Man (voice)
Hailee Steinfeld isGwen Stacy / Spider-Woman (voice)
Gwen Stacy / Spider-Woman (voice)
Brian Tyree Henry isJeff Morales (voice)
Jeff Morales (voice)
Luna Lauren Velez isRio Morales (voice)
Rio Morales (voice)
Jake Johnson isPeter B. Parker / Spider-Man (voice)
Peter B. Parker / Spider-Man (voice)
Oscar Isaac isMiguel O'Hara / Spider-Man 2099 (voice)
Miguel O'Hara / Spider-Man 2099 (voice)
Jason Schwartzman isJonathan Ohnn / Spot (voice)
Jonathan Ohnn / Spot (voice)
Issa Rae isJessica Drew / Spider-Woman (voice)
Jessica Drew / Spider-Woman (voice)
Daniel Kaluuya isHobie Brown / Spider-Punk (voice)
Hobie Brown / Spider-Punk (voice)
Karan Soni isPavitr Prabhakar / Spider-Man India (voice)
Pavitr Prabhakar / Spider-Man India (voice)

Similar titles

Ponniyin Selvan: Part II (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Stalked (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Silent Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kung Fu Master Huo Yuanjia (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nunakkuzhi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Angels Fallen: Warriors of Peace (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jigarthanda DoubleX (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hellhound (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Escape (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Summit of the Gods (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope