Sapta Sagara daache Ello Side B (2023) Sinhala Subtitle
කොහොමද ඉතිං? ඔන්න එහෙනම් අද අරන් ආවේ ඔයාල කලින් බලපු Sapta Sagaradaache Ello චිත්රපටයේ දෙවෙනි කොටස. ඒ කියන්නේ, Sapta Sagaradaache Ello – Side B (2023). තවම කලින් චිත්රපටය නොබලපු කෙනෙක් ඉන්නව නම් ඒක අනිවාරෙන්ම බලලා ඉන්න. කථා දෙකම එකට සම්බන්ධයි.
කන්නඩ සිනෙමාව කියන්නේ ඉදල ඉදල එක පාරට අනර්ඝ චිත්රපට එකතු කරන ක්ෂේත්රයක්. ඉතිං ළඟදිම එලෙස බොහෝ ප්රේක්ෂක පැසසුම් එක්ක තිරගත වීම ඇරඹි සහ තවමත් තිරගත වෙන චිත්රපටය තමයි අද මම මේ අරන් ආවේ. මේකත් කලින් එක වගේම Romance / Drama ශාරණයන්ට අයත් වෙනවා.
ඔයාල කලින් කථාව බැලුව නම් ඒක ඉවර වුණ විදිය දැක්කනේ. ඉතිං මනූ සිරගත වී වසර 10කට පස්සෙ නිදහස් වෙලා ඇවිල්ලා අලුත් ජීවිතේට මුහුණ දෙන හැටි තමයි මේ චිත්රපටයේ අන්තර්ගත වෙන්නේ. ඔහුගෙ මිත්රයෙක් වුණු ප්රකාශා එක්ක එකතු වෙලා අලුත් දිවියක් අරඹන්න හැදුවත්, ප්රියා ගැන ඇති මතකයන් නිසාවෙන්, ඔහුට ඒ කිසිවක්ම කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඔහු තීරණේ කරනවා ඇයව එක පාරක් අවසන් වතාවට ඈතින් සිට බලා ඒමට.
ඉතිං මනූට අලුතින් මුණ ගැහෙන තරුණිය තමයි සූරබී කියන්නේ. එය අපි හිතපු විදියෙ චරිතය නම් නෙවෙයි. වෙනස්ම විදියකින් තමයි ඇය මනූ අසලට එන්නේ. පලවෙනි චිත්රපටයේ දැක්කා ප්රියා විවාහ වී යනවා. ඉතිං මනූ ඇයව හොයන් යනවා ඇය දැන් සතුටින් ඉන්නවා ඇති කියලා හිතලා, ඇයට වදයක් නොවී ඈතින් සිට බලා ඒමට. ඉතිං ඉතකොට තමයි මනූට තේරුම් යන්නෙ ප්රියාගෙ දිවිය හිතපු තරම් සුන්දර නැහැයි කියලා. ඒ නිසා මනූ වසර 10 ඇතුළත ඇයට සිදු වුණු දේවල් සොයන්න ගන්නවා. ඔහොම තමයි මේ කථාව ඇරඹෙන්නේ.
පරණ මතක බොහෝ සෙයින් මනූගෙ සිතේ හොල්මන් කරන නිසාත්, ඔහු තවමත් ප්රියාට ආදරේ කරන නිසාත්, මොහුට සිටිය නොහැකි තැන මොහු දුර හිඳ හෝ ප්රියා දෙස බැලීමට තීරණය ගත්තත් මොහුටත් එක් බැල්මකින් එය ප්රමාණවත් වන්නෙ නැහැ,
පසුගිය චිත්රපටයේ භාගෙට ඉවර වුණු ගීත මෙහෙ සම්පූර්ණ වශයෙන් දැකගන්න පුළුවන්. ඒ වගේම මේ චිත්රපටයේ නාමය
“සත් සමුඳුරට එපිට කොහිදෝ තැනක සිට” කියන එකෙ තේරුමත් අවසානය වන විට තේරුම් ගන්න පුළුවන් වෙයි.
එහෙනම් අදට සමුගන්නම්!
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
Download-02 | FHD 1080p | 3.62 GB |
Download-02 | HD 720p | 1.79 GB |
Download-02 | SD 480p | 927 MB |
Options | Quality | Size |
---|---|---|
Download-03 | FHD 1080p | 3.62 GB |
Download-03 | HD 720p | 1.79 GB |
Download-03 | SD 480p | 927 MB |
Download krnn bhnee
Download Wada Yalu, Server 01 wada nath nam Server 02/ Server 03 Link walin Try karala Balanna