What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Lake Bodom (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Lake Bodom (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

No happy campers here...Aug. 19, 2016Estonia90 Min.
Your rating: 0
9 1 vote
Lake Bodom Sinhala Sub
Lake Bodom Sinhala Subtitles
Lake Bodom (2016) Sinhala Sub
Lake Bodom (2016) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ෆිල්ම් එක සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ෆින්ලන්තයේ නිර්මාණය කරපු එකක්. ඔයාලා Wrong Turn වගේ ෆිල්ම් බලලා තියෙනවනම් මේකෙත් ඒවගේ කතාවක් තියෙන්නේ. 2016 වසරේ Horror / Slasher වර්ගීකරණය යටතේ තමයි මේ චිත්‍රපටය නිකුත් වෙන්නේ. IMDb 5.2 ක අගයකුත් කුණු තක්කාලිහි 90% අගයක් ගන්නත් මේ සලරුව සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Taneli Mustonen නම් අධ්‍යක්ෂවරයෙක්. මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය උන එකක් කියලා මම කලින් කිව්වනේ. ඒ සත්‍ය සිදුවීම ගැන මට හොයාගන්න පුළුවන් උන තොරතුරු පහලින් දැම්මා කැමති අය කියවලා බලන්න.

1960 බොඩම් ඛේදවාචකය

ෆින්ලන්ත අපරාධ ඉතිහාසයේ වඩාත්ම කුප්‍රකට සහ අදවන විටත් නොවිසඳුණු මිනීමැරුම් නඩුවක් ලෙස බොඩම් විල අසල සිදුවුන මනුෂ්‍ය සංහාරය හඳුන්වන්න පුළුවන්. 1960 ජූනි 5 වන දින බොඩම් විල අසලදී 15 හැවිරිදි මයිලා බියෝක්ලන්ඩ්, අන්ජා මැකී යන ගැහැණු ළමයින් දෙදෙනා සහ 18 හැවිරිදි සෙපෝ බොයිස්මන් යන තරුණයා කූඩාරමක් තුළ මිය ගොස් සිටියදි සොයා ගනු ලැබුවා. පසුව මරණ පරීක්ෂන වලින් අනාවරණය වූයේ ඔවුන් නිදා සිටියදී ඔවුන්ගේ හිසට පිහියකින් ඇනීමෙන් ඇති වූ අභ්‍යන්තර රුධිර වහනය නිසා ඇති වූ කම්පනය හේතුවෙන් මෙම මරණ සිදු වී ඇති බවටයි. එම යෞවනයන් තිදෙනාට අමතරව සිටි හතරවැනි තරුණයා එවකට 18 හැවිරිදි වියේ පසුවූ නීල්ස් ගුස්ටාෆ්සන් නැමැත්තෙකි. ඔහුව මුහුණේ අස්ථි බිඳීම් සහ කැපුම් තුවාල සහිතව කූඩාරමෙන් පිටත සිටියදී සොයා ගත් අතර මේ බිහිසුණු අපරාධයෙන් දිවි ගලවා ගැනීමට සමත් වූ එකම පුද්ගලයා වූයේ මොහු පමණයි. මේ අපරාධය පිළිබඳව පුළුල් විමර්ශනයන් සිදු වුවත් කිසි දිනෙක සත්‍ය අපරාධකරු හඳුනා නොගත් අතර ඝාතකයාගේ අනන්‍යතාවය පිළිබඳ විවිධ න්‍යායන් වසර ගණනාවක් තිස්සේ ඉදිරිපත් උනා. 2004දී මෙම ඝාතන සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට එම සිදුවීමේ වින්දිතයෙකු වූ නීල්ස් ගුස්ටාෆ්සන්ව අනපේක්ෂිත ලෙස අත්අඩංගුවට ගනු ලැබූවත් ඊළඟ වසරේ ඔහු වැරදිකරුවෙකු නොවන බවට තීරණය උනා.

බොඩම් විල

සිදුවීමට මුහුණ දුන් යෞවනයන්

1960 වසරේ සිදු වූ පරීක්ෂන අතරතුර එකම දිවි ගලවා ගත් පුද්ගලයා වූ “නිල්ස් විල්හෙල්ම් ගුස්ටාෆ්සන්” ඔහුගේ සාක්ෂි දීමේදී පැවසුවේ කළු ඇඳුමින් සැරසුනු, දීප්තිමත් රතු පැහැති ඇස් ඇති පුද්ගලයෙක් ඔවුන් වෙත පැමිණ පහර දුන් බවටයි. ඝාතකයා කූඩාරම තුලට පැමිණ වින්දිතයින්ට පහර නොදුන් අතර, කූඩාරමෙන් පිටත සිට පිහියකින් සහ ගලක් වැනි හඳුනා නොගත් මොට ආයුධයකින් කූඩාරමේ පැති වලින් මොවුන්ට පහර දී ඇත. මිනීමැරුම් සිදු කල ආයුධ කිසි දිනෙක සොයා ගැනීමට නොහැකි වූ අතර ඝාතනයට ලක් වූ අයගේ යතුරුපැදිවල යතුරු ඇතුළුව රහස් පරීක්ෂකයින්ට ප්‍රහේලිකාවක් වූ තවත් භාණ්ඩ කිහිපයක්ම ඝාතකයා රැගෙන ගොස් තිබුනා. මේ සිද්ධිය ගැන දැනගත්ත වෙලාවේ පොලිස් නිලධාරීන් ඉතාම අකාර්යක්ෂමව සහ අදක්ෂ ලෙස හැසිරීම නිසා සාක්ෂි බොහෝමයක් විනාශ වූ බවට පසුව පොලිසීයට චෝදනා පවා උනා. අපරාධ ස්ථානයට පොලිස් නිළධාරීන් මෙන්ම සාමාන්‍ය ජනයා විශාල ප්‍රමාණයකට ඇතුල් වන්න ඉඩ දීම නිසා ඔවුන්ගේ අඩි සටහන් මගින් සාක්ෂි රැසකට බාධා කිරීම් වෙලා තිබූ බවට පසුව අනාවරණය උනා.

වින්දිතයන් සිටි කූඩාරම

දිවි ගලවා ගත් නීල්ස් ගුස්ටාෆ්සන්ගේ කට උත්තරයකට අනුව බොහෝ මහජන සැකය යොමු වූයේ බෝඩම් විල් තීරයේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් ජීවත් වූ හාන්ස් අස්මාන් වෙතයි. ගුස්ටාෆ්සන් දුන් කට උත්තරයේ තිබු මිනීමරුවාගේ විස්තර ඇසුරෙන් අඳින ලද පොලිස් කටු සටහනට හාන්ස්ගේ පෙනුම ඉතාමත් සමාන වූ නිසා මේ සැකය තවත් ත්‍රිව උනා. නමුත් මේ මිනීමැරුම් සිදු වූ රාත්‍රියේ හාන්ස් ජර්මනියේ සිටිබවට සාක්ෂි හමුවූ නිසා පොලීසිය තවදුරටත් හාන්ස් අස්මාන් පිළිබඳ සැලකුවේ නෑ. කෙසේ නමුත් 1960 ජුනි 6 වන දින උදෑසන ඔහු ෆින්ලන්තයේ හෙල්සින්කි හි රෝහලක ලේ වැගිරෙන ඇඳුම් සහිතව සිටි බවට පසු කලෙක තොරතුරු ලැබුනත් පොලීසිය එය නොසලකා හැර තිබුනා. නීල්ස් ගුස්ටාෆ්සන් සහ හාන්ස් අස්මාන් හැරෙන්නට වෙනත් කිසිදු පුද්ගලයෙකු මේ ඝාතන සම්බන්ධයෙන් සැක කිරීමට පොලීසිය අපොහොසත් වූ අතර මේ සාහසික ඝාතන අදටත් නොවිසඳුණු අභිරහසක් ලෙස ලෝක අපරාධ ඉතිහාසයේ තැන්පත් වෙනවා.

කටඋත්තරය අනුව අදින ලද කටු සටහන සහ හාන්ස් අස්මාන්

ඉතිං ඕක තමයි බොඩම් ඛේදවාචකයේ කතාව ලිපිය දිග වෙන නිසා පුළුවන් තරම් විස්තර සංක්ෂිප්ත කරලා තමයි දැම්මේ. ඔයාලා වැඩි විස්තර දැනගන්න කැමතිනම් Bodom Lake Massacre කියලා අන්තර්ජාලයේ සොයලා බලන්න මීටත් වඩා දේවල් දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් කතාව ගැන වැඩිය කියන්නේ නෑ. 1960දී සිදු උන ඛේදවාචකය ගැන උනන්දු වෙන පාසල් සිසුන් 4 දෙනෙක් 2016දී බොඩම් විල අසලදි ලබන අද්භූත සිදුවීමක් තමයි මේ චිත්‍රපටයෙන් නිරූපනය කරන්නේ. ඉතිං ඔයාලා මේ ෆිල්ම් එක නරඹලා අදහස් කොමෙන්ට් කරගෙන යන්න කියලා ඉල්ලනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 5.3 4,459 votes
TMDb Rating 5.278 227 votes
Lake Bodom (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lake Bodom (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lake Bodom (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lake Bodom (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lake Bodom (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lake Bodom (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lake Bodom (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lake Bodom (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Rat Race (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Resident Evil: Death Island (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thanksgiving (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Armed (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
1920: Horrors of the Heart (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ma (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Terrifier 3 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Twin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Laxmii (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Black Magic (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Transformers: Age of Extinction (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
In a Violent Nature (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(3) comments

  • himash 2023-08-17 Reply

    Video eka trailer eka balanna eka podak lesi karanam hodai kiyala hithanwa…. trailer eka palahen watenwa wage thibba nam hodai

  • Hashi 2023-09-11 Reply

    Ammmoh

  • Hashi 2023-09-11 Reply

    Ammmoh,pissu hadenawa

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub