What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (Multi) [With Ads]
  • Player 03 (1080p) [No Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
Kuberaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Kuberaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

"මනුසත් බව අයදින නීච ජීවිත"Jun. 19, 2025India185 Min.
Your rating: 0
8.5 12 votes

Kuberaa Sinhala Sub
Kuberaa Sinhala Subtitles
Kuberaa 2025 Sinhala Sub
Kuberaa (2025) Sinhala Sub
Kuberaa (2025) Sinhala Subtitles

ධනුෂ් රංගනයෙන් දායක වන Kuberaa දෙමළ චිත්‍රපටය සුප්‍රකට අධ්‍යක්ෂක ශේඛර් කම්මුලා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා. මෙම චිත්‍රපටය, තෙළිඟු සහ දෙමළ භාෂා සමාන්තර නිර්මාණයක් ලෙසින් පසුගිය ජුනි 20 දා තිරගත වූවා.

මෙහි ධනුෂ් සමඟින් ටොලිවුඩ් සිනමාවේ ප්‍රවීණ නළු කින්ග් නාගාර්ජුන අක්කිනේනි ද කරට කර ප්‍රධාන චරිතයක් රඟ දක්වනවා. ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන රාශ්මිකා මන්දනා මෙහි ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරනවා. බොලිවුඩ් නළු ජිම් සර්බ් මෙහි දුෂ්ඨ චරිතය රඟ දක්වනවා. තවද K. භාග්‍යරාජ්, සයාජි ෂින්ඩේ, හරීෂ් පේරඩි, සුනේනා, අලගන් පෙරුමාල්, නසාර් යන නළු නිළියන් චරිත රඟ දක්වනවා. මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරන්නේ ටොලිවුඩ් රොක්ස්ටාර් දේවි ශ්‍රී ප්‍රසාද් විසිනුයි. ඔහුගේ සංගීතය චිත්‍රපටයේ ගලායාමට සහ හැඟීම් ප්‍රකාශ කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නා. විශේෂයෙන් මසාලා නොවන චිත්‍රපටයක් නිසාවෙන් ප්‍රේක්ෂකයින් උත්ප්‍රාය කිරීමට ඔහුගේ කාර්‍ය භාරය මෙහි කැපී පෙනෙනවා.

මේ කුබේරයා නැත්නම් කුවේරාව ධනයට අධිපති දෙවියන් යන නමින් හඳුන්වනවා. ශ්‍රී ලංකාවේ වෙසෙන අයට කුබේරා කියන්නෙ කවුද කියලා හඳුන්වලා දෙන්න ඕන නැහැනේ. දවසට පස් වතාවක් කුබේරා කියලා නම කියන්න. ඔයාලටත් ධනය, සෞභාග්‍යය උදා වේවි ද කියලා කියන්න දන්නෙ නැහැ. නිකමට කිව්වෙ. කැමති නම් කියලා බලන්න.

ධනුෂ්-කම්මුලා එකතුවෙන් ධනුෂ්ගේ තෙළිඟු සිනමා ප්‍රවේශය සනිටුහන් කිරීමට නියමිතව තිබුණත් මෙහි නිෂ්පාදන කටයුතු පසු වීමත් සමඟ Vaathi (2023) චිත්‍රපටයෙන් ධනුෂ් තම තෙළිඟු සිනමා ප්‍රවේශය ලබා දුන්නා. කුබේරා චිත්‍රපටය ධනුෂ්ගේ වෘත්තීය ජීවිතයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් වන්නේ ඔහු ඉදිරිපත් කරන පළමු හිඟන චරිතය මෙයයි. ධනුෂ් ඔහුගේ පෙර නිර්මාණවලින් ඔහුගේ වාණිජ සිනමා රංගනය වගේම චරිතාංග රංගන හැකියාව අනගි ලෙසින් පෙන්වා දුන්නා. තරු ගණයේ නළුවෙක් හිඟන චරිතයක් පිළිගැනීමම සුවිශේෂී කාරණාවක්. ධනුෂ්ව හඳුන්වා දෙන දර්ශනය විචාරක සහ ප්‍රේක්ෂක සැමගේම ප්‍රශංසාවට ලක් වුණා.

තෙළිඟු සිනමාවේ ජ්‍යේෂ්ඨ නළුවන් අතර එක් කුළුණක් ලෙස නාගර්ජුනා අහංකාරයකින් තොරව ධනුෂ්ගේ චිත්‍රපටයේ රඟපෑමට එකඟ වීම අගනීයයි. ඔහු සුපර් ස්ටාර් රජිණිකාන්ත්ගේ Coolie චිත්‍රපටයේ අත්‍යාවශ්‍ය චරිතයක් නිරූපනය කරනවා. බොහෝ දුරට ඔහුගේ චරිතය දුෂ්ඨ චරිතය බවට පැවසෙනවා. කුබේරා සහ කූලී චිත්‍රපටයේ නාගර්ජුනාට ඇති විශේෂ සම්බන්ධයක් වන්නේ, කුබේරා හි ධනුෂ්ගේ චරිතය දේවා වන අතර කූලි හි රජිණිගේ චරිතයේ නමද දේවායි. කූලී චිත්‍රපටයේ සයිමන්ගේ චරිතය පිළිබඳ තෙළිඟු ප්‍රේක්ෂකයින් අතිශයෝක්තියක් තබාගෙන තිබෙනවා.

මගේ අදහස නම් මේ කතාවේ දුෂ්ඨ චරිතය දක්ෂ ලෙස ලියූ ප්‍රතිමල්ලව චරිතයක්. ගොඩක් දුරට මට දැනුනෙ ඇන්ටි-හීරෝ කෙනෙක් විදියට. මේ චරිතයේ කටින් පිටවෙන්නෙ හුදෙක් දෙබස් නෙවෙයි. ඒවායේ ගැබුරු අර්ථයක්, සත්‍යයක් තිබෙනවා. ඇතැම් අවස්ථා මේ චරිතයේ දුෂ්ඨ ගතිය පෙන්වන්නම බලෙන් ඇතුලත් කරපු බවක් පෙනුනා. දකුණු ඉන්දියානු චිත්‍රපටවල නිතර දකින සුදු කරපටි චරිතයක් වුණත් ජිම් සර්බ් මේ චරිතය අද්විතීය ලෙසින් රඟ දැක්වූවා. ධනුෂ් නාගර්ජුනාගේ චරිත පවා මේ තරම් හොඳින් ලියලා තිබුණේ නැහැ. සමාජ මාධ්‍යයේ කතා වෙනවා වගේ ධනුෂ්ට හොඳම නළුවට ජාතික සම්මානය ලැබෙයිද කියන්න දන්නෙ නැහැ. ජිම් සර්බ්ගේ රංගනයට ජාතික සම්මාන වලින් හොඳම දුෂ්ඨ චරිතයට නිර්දේෂයක් වත් වෙනවා කියලා අනුමාන කරන්න පුළුවන්.

අධ්‍යක්ෂක ශේඛර් කම්මුලාගේ පෙර නිර්මාණ සැලකීමේදී Anand (2004), Leader (2010), Godavari (2006), Happy Days (2007), Fidaa (2017) යනාදී අනර්ඝ සිනමාකෘති බිහි කර තිබෙනවා. ඔහුගේ කතාවල යථාර්ථවාදී සහ ගැඹුරු කතා වස්තුවක් අන්තර්ගත වනවා. ඔහුගේ චිත්‍රපට සාමාන්‍යයෙන් සමාජ යථාර්ථයන්, මානව සබඳතා සහ චිත්තවේගීය අරගලයන් පිළිබඳව ගවේෂණය කරනවා. ශේඛර් කම්මුලාගේ ආධිපත්‍යයෙන් නිමැවුණු මේ පැය 3ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයට සම්බන්ධ වූ සියල්ලන්ම ඉහළම දායකත්වය ලබා දී තිබෙනවා. එක් අඩුවකට තිබෙන්නේ නිසි ලෙස අවසානයක් ලබා නොදීමයි. පැය 2.30ක් පුරාවට අද්විතීය තිර රචනයකින් උච්චතම ලෙසින් ගෙන ආ කතාවේ අවසන් පැය භාගයක පමණ කාලයේ බලාපොරොත්තු නොවූ අයුරින් කඩා වැටීමක් පැහැදිලිවම පෙන්නුම් කළා. අවසානය වන තුරුම එකම ලෙසින් තිර රචනය ගෙන ගියා නම් බොහෝ දුරට මේ චිත්‍රපටය වසරේ හොඳම චිත්‍රපටය වනවා නොඅනුමානයි. මේ චිත්‍රපටයෙන් කම්මුලා හිඟන්නන් මිනිසුන් ලෙසින් බැලිය යුතු බව, හිඟන්නන්ටද මේ ලෝකය අයිති බව, ධනපතියන් උදවු කළ හොත් හිඟන්නන්ට යම් තරමකින් හෝ යහපත් ජීවිතයක් ලගා කර ගත හැකි බව මතුකර දක්වනවා.

කුබේරා තිරගත කර පලමු දින ඉ.රු. කෝටි 30ක් උපයා ගනු ලැබුවා. දින පහක් තුළ කුබේරා ඉ.රු. කෝටි 100 ඉක්මවූ ආදයමක් උපයා ගත්තා. ඒ අනුව කුබේරා ධනුෂ්ගේ 5වැනි කෝටි 100 චිත්‍රපටය වනවා. මීට ලැබුණු Imdb රේටින් අගය 7.2ක්. තවද TOI – 3.5/5ක්, Indiam Express – 3.5/5ක්, Cinema Express – 3.5/5ක්, Pinkvilla – 3/5ක්, Cinema Today – 3/5ක් ලෙස තම අගය කිරීම් ලබා දුන්නා.

දෙමළ සිනමාවේ වැඩිම චිත්‍රපට පෙළගැස්මක් තියෙන නළුවා වෙන්නෙ ධනුෂ්. ආනන්ද් එල් රායිගේ Tere Ishk Mein හින්දි චිත්‍රපටය, රාජ්කුමාර් පෙරියසාමිගේ D55, අරුන් මාදේෂ්වරන්ගේ Ilaiyaraja, ඕම් රවුත්ගේ Kalam (අබ්දුල් කලාම් චරිතාපදානය), වෙන්කි අට්ලුරි සමඟ චිත්‍රපටයක්, වෙට්‍රිමාරන් සමඟ චිත්‍රපටයක්(Vada Chennai 2 විය හැකියි), මාරි සෙල්වරාජ්ගේ D56, Por Thozhil විග්නේෂ් රාජා සමඟ චිත්‍රපටයක් යනාදී ලෙසින් ඉදිරියේදී පැමිණීමට නියමිතයි. ඒ වගේම ධනුෂ්ගේ සිව්වන අධ්‍යක්ෂණය Idly Kadai මේ වසරේ පැමිණීමට නියමිතයි.

කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

28

[Baiscope.LK]
IMDb Rating 6.9 3,800 votes
TMDb Rating 7.4 5 votes
Kuberaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kuberaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kuberaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kuberaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kuberaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kuberaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kuberaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kuberaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kuberaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kuberaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Jim Sarbh isNeeraj
Neeraj
Dalip Tahil isNeeraj's Father
Neeraj's Father
Sunaina isDeepa
Deepa
Bagavathi Perumal isBeggar Trainer
Beggar Trainer
Sayaji Shinde isSI Ashok Godbole
SI Ashok Godbole

Similar titles

Ippadiku Kadhal (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Extremely Wicked, Shockingly Evil and Vile (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ad Vitam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Yevam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thinkalazhcha Nishchayam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
All Quiet on the Western Front (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kallanum Bhagavathiyum (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Wicked Little Letters (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bogotá: City of the Lost (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Greatest Beer Run Ever (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Sean 2025-07-25 Reply

    nice movie

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub