
Flask Sinhala Sub
Flask Sinhala Subtitles
Flask 2025 Sinhala Sub
Flask (2025) Sinhala Sub
Flask (2025) Sinhala Subtitles
ආයුබෝවන්, මෙන්න තවත් අළුතෙන් නිකුත් උන ලස්සන මලයාලම් කොමඩියක උපසිරැසියක් ගෙන එනවා. ඇත්තටම මේ කාලෙ මලයාලි හිට් චිත්‍රපටි අතර මේ වගේ ඉතා සාමාන්‍ය සරල චිත්‍රපටි මග ඇරෙන්න පුළුවන් උනාට ඒව නොබලා අයින් කරන්න බෑ කියල හිතෙයි මේ වගේ එකක් බැලුවම. ඒ නිසා මම මේ උපසිරැසිය වෙනුවෙන් කාලය වැය කලා.
සයිජු කුරුප් කියන්නෙ කාලයක්, නපුරු, දුෂ්ඨ, කට්ට කෛරාටික චරිත වලින් දැකපු නළුවෙක් උනත් මෑතකදි ඔහු රඟපාන ප්‍රධාන චරිත වලදී අපි දකින්නෙ අහිංසක, බයාදු, නෝංජල් චරිත වලින්. ඔහුට ඒවට වැඩි ඉල්ලුමක් තියෙනව වගේ. මේකෙත් එහෙමයි. ඒ උනාට මේකෙ එයා පොලිස් කාරයෙක්.
ඉතිං මේ බයාදු පොලිස් කාරයාගෙ හීනෙ තිබුනෙ ගායකයෙක් වෙන්න. ඒත් ජීවත් වෙන්න, තමන්ගෙ පෙම්වතිය බඳින්න හොඳ රස්සාවක් ඕනෙනේ. අන්තිමේ පොලිස් කාරයෙක් උනා. යම් දවසක් උන අත් වැරැද්දක් නිසා එයාට මාරුවක් ලැබෙනවා. එයා නතර වෙන්නෙ දිස්ත්‍රික් නඩු කාරයගෙ පුද්ගලික ආරක්ෂක නිලධාරියා වෙලා. දන්නවනෙ ඉන්දියාවෙ නඩු කාරයො ගැන? ඉතිං එයාගෙ ඉරණම කෙසේ වෙයිද? තව එකක් මේකෙ නම ෆ්ලාස්ක් කියන්නෙ මොකද? ඒක නඩු කාරයගෙ ආරක්ෂක නිලධාරියා හැම වෙලේම නඩු කාරයගෙ තේ අඩංගු උණු වතුර බෝතලේ අරං යන නිසා පොලිසියෙන්ම ඔවුන්ට දාපු අන්වර්ථ නාමයක්. ඉතිං මේ පොලිස්කාරයයි නඩුකාරයයි අතර ඇති වෙන අමුතු සම්බන්ධය මේක බලල දැන ගන්න.
Saiju Kurup, Suresh Krishna, Sidharth Bharathan, Aswathy Sreekanth, Zhinz Shan වගේ අය මේකෙ රඟපානවා. Rahul Riji Nair තමයි අධ්‍යක්ෂණය කරන්නෙ.
තවත් උපසිරැසියකින් හමු වෙන කල් ආයුබෝවන්.
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න