What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02 720p
  • Player 03 720p
Expend4bles (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Expend4bles (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

They'll die when they're dead.Sep. 15, 2023USA103 Min.
Your rating: 0
9.8 6 votes
Expend4bles Sinhala Sub
Expend4bles Sinhala Subtitles
Expend4bles (2023) Sinhala Sub
Expend4bles (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

EXPEND4BLES 4

චිත්‍රපටයක් ගත්තම අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ එක ප්‍රධාන නළුවෙක්, නිලියක් සෙසු චරිත එක්ක රංගනයේ යෙදීමක්. හැබැයි කොහොමද මේ වගේ ප්‍රධාන චරිත ගොඩක් එක පාර දකින්න පුළුවන් චිත්‍රපටයක් තිබ්බොත්? එහෙම කියනකොට අපි ගොඩ දෙනෙක්ට මතක් වෙන්නේ ඉතින් Expendables තමයි.

EXPENDABLES 1,2,3,4

Expendables චිත්‍රපටයේ පළවෙනි කොටස නිකුත් උනේ මීට අවුරුදු 13 කට කලින්, ඒ කියන්නේ 2010 අවුරුද්දේ. මේ කතාවට ගොඩ දෙනෙක් කැමති උනේ ඒක ඇක්ෂන් චිත්‍රපටයක් වීම නිසා විතරක්ම නෙමෙයි. ඒකෙ හිටපු සෙට් එක නිසා. ඉතින් මේ සෙට් එකේ එකා දෙන්න හැලිලා, අලුත් එවුන් එකතු වෙමින් චිත්‍රපටයේ දෙවෙනි සහ තුන් වෙනි කොටස් පිලිවෙලින් 2012 සහ 2014 අවුරුදු වල එළියට ආවා. ලොකුම ගැන්සිය හිටියේ 2014 චිත්‍රපටයේ. ඔන්න ඉතින් අවුරුදු 9 කට පස්සේ කතාවේ 4 වෙනි කොටසත් ආවා. දැන් නම් සමහරු ගොඩක් වයසයි. හැබැයි ඒ නළුවන්ගේ ගතිය, ඒ පරිණත බව ගැන නම් කියන්න වචන නැහැ.

Expend4bles මුලින්ම සිනමා ශාලා වලට නිකුත් උනේ සැප්තැම්බර් මාසේ 15, චීනයේ. මාසයක් යන්නත් කලින් කොපියක් ආවා ඔන්න. දවසක් දෙකක් විතර පරක්කු උනාට මම හිතනවා ඔයාල තාම මේක බලල නැතුව ඇති කියලා.

එහෙනම් ඉතින් කතාව ගැන කෙටි සටහනක් බලමු… ඔයාලා දන්නවා ඇති Expendables ලා කියන්නේ කුලී පදනම මත සටන් වදින, ආයුධ සන්නද්ධ කණ්ඩායමක් කියලා. මෙයාලා සාමාන්‍යයෙන් වැඩ කරන්නේ ඇමරිකානු ආණ්ඩුවට සම්බන්ධ Central Intelligence Agency වගේ ආයතන වලට.

මේ කණ්ඩායමේ ඇති විශේෂත්වය වෙන්නේ සාමාජිකයන්ගේ වයස් පරතරය වැඩි වීම වගේම, එයාලා විවධ ජාතීන් නීයෝජනය කිරීම. උදාහරණයක් විදිහට ප්‍රධාන නළුවා බාර්නි (Sylvester Stallone) ගත්තම එයා ඉතාලි ජාතිකයෙක්. එතකොට ක්‍රිස්මස් (Sylvester Stallone) කියන්නේ එංගලන්ත ජාතිකයෙක්. අනිත් අතට බාර්නි හද්ද නාකි වෙනකොට ගලාන් (Jacob Scipio) හරිම තරුණයි.

ඉතින් මේ Expendables ලාට මෙදා සැරේ ලැබෙන්නේ ලිබියාවට සම්බන්ධ මෙහෙයුමක්. කතාවට අනුව Central Intelligence Agency නියෝජිත මාෂ් (Andy García) මේ කට්ටියට දෙන වැඩේ තමයි ලිබියාවට ගිහින් ඔස්ලට් කියන අනවර්ථ නාමයෙන් හඳුන්වන ත්‍රස්තවාදියෙක්ව විනාශ කරන්න. ඒ ඔස්ලට් පරමාණු මිසයිල හදන්න අවශ්‍ය කරන පුපුරණ ද්‍රව්‍ය හොයාගෙන ලොකු විනාශයක් කරන්න හදන නිසයි. ඉතින් කවුද මේ ඔස්ලට් කියන්නේ? එතකොට ඔස්ලට්ට මේ වැඩේට උදව් කරන්නේ කවුද? මේවාට උත්තර හොයා ගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

Expend4bles චිත්‍රපටයේ ගැන්සිය තමයි පහලින් දාලා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන ජීනාව (Megan Fox) මේ චිත්‍රපටයට එකතු කර ගත්ත එක ගොඩක් දෙනා චිත්‍රපටය බලන්න හේතුවක් කර ගත්තා.

Jason Statham
Sylvester Stallone
Curtis “50 Cent” Jackson (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Megan Fox (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Dolph Lundgren
Tony Jaa (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Iko Uwais (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Randy Couture
Jacob Scipio (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Levy Tran (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Andy García (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)

Andy Garcia, Jacob Scipio, සහ Megan Fox සිටින දර්ශනයක්

Expend4bles අධ්‍යක්‍ෂණය කරේ Scott Waugh. බෙදාහැරීම කලේ Lionsgate Films. චිත්‍රපටය හදන්න ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වියදම් කරලා තියනවා. හැබැයි අදායම අතින් නම් චිත්‍රපටය එතරම් සාර්ථක උනේ නැහැ. තාම හොයලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් 50 කට කිට්ටු අදායමක්. ඒ වගේම IMDb 5.1 අගයකුත් Rotten Tomatoes 14% අගයකුත් තමයි මේකට ලැබිලා තියෙන්නේ.

මේ අගයන් මොනවා උනත්, මට නම් කියන්න පුළුවන් මේක බැලුවට පාඩුවක් නැහැ කියලා. ඒ මුල ඉඳලම කම්මැලි නැතුව බලන්න පුළුවන් නිසා.

එහෙනම් ඔයාලා හැමෝටම මෙ සුපිරි චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරන ගමන් අපි දැනට සමුගන්නවා…

පහල පිංතූර Click කරලා ඔයාලට මෙ ෆිල්ම් එකේ අනිත් කොටස් ටිකත් බලන්න පුලුවන්…???

THE EXPENDABLES (2010)

THE EXPENDABLES 2 (2012)

THE EXPENDABLES 3 (2014)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චාමිකර විදානගේ සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

7

[Baiscope.LK]
IMDb Rating 5.2 9,065 votes
TMDb Rating 6.5 126 votes
Expend4bles (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Expend4bles (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Expend4bles (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Expend4bles (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Expend4bles (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Expend4bles (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Expend4bles (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Expend4bles (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Expend4bles (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Brian Smrz
Director

නළු නිලියන් 👇

Similar titles

Miss. Shetty Mr. Polishetty (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Khiladi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thandel (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Legends of the Fall (1994) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Carbon (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Candyman (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Quicksand (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Madha Gaja Raja (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bromance (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pizza 3: The Mummy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
EVOL (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Shark Bait (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub