What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Cobweb (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Cobweb (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Sooner or later, family secrets creep out.Jul. 19, 2023Bulgaria88 Min.
Your rating: 0
10 1 vote
Cobweb Sinhala Sub
Cobweb Sinhala Subtitles
Cobweb (2023) Sinhala Sub
Cobweb (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හොලිවුඩයේ නිපදවන චිත්‍රපට රැසකගේ ප්‍රධානම ශානර වෙන්නේ ක්‍රියාදාම, ෆැන්ටසි, කොමික් වගේ ශානර උනත් ඒ හා සමාන කරට කර ගේමක් දෙන කාණ්ඩයක් විදියට Horror ශානරය හඳුන්වන්න පුළුවන්. දැවන්ත බොක්ස් ඔෆිස් ආදායම් නැතත් සාමාන්‍යයෙන් හොලිවුඩය කළඹන හොරර් නිර්මාන කාලෙන් කාලෙට නිකුත් වෙලා තියෙනවා. The Exorcist (1973), The Thing (1982), Halloween චිත්‍රපට මාලාව, A Nightmare On Elm Street චිත්‍රපට මාලාව, Friday The 13th චිත්‍රපට මාලාව, Evil Dead චිත්‍රපට මාලාව වැනි ආදායම් වාර්තා පිහිටවු 70, 80 සහ 90 දශකවල පැරණි චිත්‍රපට ඊට කදිම නිදසුනක්. මෑත කාලේ වෙද්දිත් අතරින් පතර බලාපොරොත්තු සහගත නිර්මාණත් එළි දැක්වුනා. It (2017), The Ring (2002), The Grudge (2004), Resident Evil සහ Conjuring Universe’හි චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ලොව පුරා ජනප්‍රිය වූ බව ඔයාලට මතක ඇති.

උඩ කිව්ව චිත්‍රපට වලට අමතරව නිර්මාණය උන ගොඩක් ෆිල්ම්වල කතා තේමාව එකම අච්චුවේ ඒවා විදියට තමයි අපිට දකින්න ලැබුනේ. පවුලක් අළුත් ගෙදරකට ගිහින් එහෙ ඉන්න හොල්මන් කරදර වලට මූණ දෙන හැටි, නැත්තම් මැරිච්ච ආච්චි, සීයා වගේ පවුලේ කෙනෙක්ගේ අවතාර වගේ දේවල් නිතරම යොදාගත් නිසා කාලයක් යද්දි ප්‍රේක්ෂකයන්ට නීරස සහ ඒකාකාරි බවක් නොදැනුනාමත් නෙමෙයි. මෙන්න මේ කාලේ තමයි Jordan Peele කියන සුපිරි අධ්‍යක්ෂවරයා Get Out (2017) චිත්‍රපටය අධ්‍යක්ෂනය කරමින් වාර්තමානයේ හොරර් චිත්‍රපට අළුත්ම මානයකට ගෙනාවේ. ඒ අනුව ඔහුගේම නිර්මාණ වූ Us (2019) සහ Nope (2022) චිත්‍රපටත්, Barbarian (2022), Smile (2022), Conjuring චිත්‍රපට අධ්‍යක්ෂක James Wanගේ Malignant (2021) වැනි චිත්‍රපට සාම්ප්‍රදායික හොරර් තේමා වලින් බැහැර උන වෙනස්ම තේමාවන් සහිත නිර්මාණ උනා. ඉතිං මම අද ඔයාලට අරන් ආපු Cobweb චිත්‍රපටයත් එවැනි වෑයමක තවත් සාර්ථක ප්‍රතිපලයක් කියලා හඳුන්වන්න පුළුවන්. Cobweb චිත්‍රපටය මේ වෙද්දි 95%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගෙන, 61%ක කුණු තක්කාලි අගයකුත්, 6.4ක IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. Horror / Thriller යන කාණ්ඩයන්ට තමයි චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Samuel Bodin විසින්. රංගනයෙන් දායක වෙන අය අතර Banshee කතාමාලාවේ ශෙරිෆ් හුඩ් එහෙමත් නැත්තම් The Boys කතාමාලාවේ සුපිරි (ප්‍රති)වීර හෝම්ලෑන්ඩර් ලෙස කෙටි කලකින් ලොව පුරා ආකර්ශනය දිනාගත් Antony Starr මාක් ලෙසත්, Now You See Me 2 (2016), The Inteview (2014) යන සිනමාපට වලින් හමුවූ Lizzy Caplan කැරොල් ලෙසත්, Cleopatra Coleman ඩිවයින් ලෙසත්, Woody Norman පීටර් ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් පීටර් කියන්නේ අහිංසක ඒ නිසාම පාසලේදී නිතර අනිත් ළමයින්ගෙන් කරදර විදින්න වෙන ළමයෙක්. ඉතිං හැලෝවීන් කාලේ ළං වෙද්දි මෙයාටත් අනිත් ලමයි වගේ ගෙවල් වලට ගිහින් ට්‍රික් ඕර් ට්‍රීට් කරන්න ඕන වෙනවා. ඔයාලා දන්නවනේ ඔක්තෝබර් 31 වෙනිදට බටහිර රටවල හැලෝවීන් කියලා සමරන උත්සවය ගැන. එදා රෑට පොඩි ළමයි විවිධ ඇඳුම් වලින් සැරසිලා අහල පහල ගෙවල් වලට ගිහින් සිංදු කියලා පැණිරස ජාති ඉල්ලගෙන එකට තමයි ට්‍රික් ඕර් ට්‍රීට් කියන්නේ. ඒත් පීටර්ගේ අම්මයි තාත්තයිනම් මේ වැඩේට කැමති වෙන්නේ නෑ. මොකද ඒ පළාතේ මීට අවුරුදු ගාණකට කලින් හැලෝවීන් දවසේ පුංචි ගෑණු ළමයෙක් අතුරුදහන් වෙලා තියෙනවා වගේම ඒ අබිරහස තාම විසඳීලා නැති නිසයි. ඉතිං දවසක් පීටර්ට තමන්ගේ කාමරේ බිත්තිය ඇතුලෙන් තට්ටු කරන සද්දයක් ඇහෙනවා. කල් යද්දි මේ සද්දේ වැඩි වෙනවා වගේම බිත්තිය ඇතුලින් කටහඩකුත් ඇහෙන්න ගත්තම තමයි පීටර් හොඳටම බයවෙන්නේ. ඉතිං මේ සද්දේ මොකක්ද කියලා දැනගන්න ඔයාලට මේක බලන්නම වෙනවා. මම කලින් කිව්වා වගේ මේක සාම්ප්‍රදායික හොල්මන් ෆිල්ම් එකක් කියලා හිතාගෙනනම් බලන්න එපා. අවසානය උඩුයටිකුරු එකක් වෙනවා කියලා මම ඔයාලට සහතික වෙනවා.

කොමෙන්ටුවක් කොටාගෙන යන්න කියලා ඔයලගෙන් ඉල්ලන ගමන් අපි ගිහින් එන්නම්. තවත් Film එකකින් නැවත හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6.1 / 1,147 votes
TMDb Rating 6.458 / 36 votes
Cobweb (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Cobweb (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Cobweb (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Cobweb (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Cobweb (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Cobweb (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Cobweb (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Cobweb (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Cobweb (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Cobweb (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

[ WEB-DL ]

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ගේපින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Jay Rincon isPrincipal Miller
Principal Miller
Aleksandra Dragova isThe Girl (Sarah)
The Girl (Sarah)
Debra Wilson isMonster Sarah (voice)
Monster Sarah (voice)

Similar titles

Hatchet II (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Cocaine Bear (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ghost Rider: Spirit of Vengeance (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Heart of Stone (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ghosts of Girlfriends Past (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Good Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Convent (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rust Creek (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Guardians of the Galaxy (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Little Mermaid (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Shazam! Fury of the Gods (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
My Super Ex-Girlfriend (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub