Spanish Archives - SinhalaSub https://sinhalasub.lk/language/spanish/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Mar 2024 01:36:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Spanish Archives - SinhalaSub https://sinhalasub.lk/language/spanish/ 32 32 Society of the Snow (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/society-of-the-snow-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/society-of-the-snow-2023-sinhala-subtitles/#respond Wed, 07 Feb 2024 17:50:59 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66063 Society of the Snow Sinhala Sub Society of the Snow Sinhala Subtitles Society of the Snow (2023) Sinhala Sub Society of the Snow (2023) Sinhala Subtitles මේ කතාව ගොඩක් වෙලාවට කෙනෙකුට විශ්වාස කරන්න අමාරු විදිහේ කතාවක්. 1972 වසරේ ඕල්ඩ් ක්‍රිස්ටියන් කියන රග්බි කණ්ඩායම රැගත් උරුගුවේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් චිලී බලා යන අතරෙදි ඇන්ඩීස් […]

The post Society of the Snow (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Society of the Snow Sinhala Sub
Society of the Snow Sinhala Subtitles
Society of the Snow (2023) Sinhala Sub
Society of the Snow (2023) Sinhala Subtitles

මේ කතාව ගොඩක් වෙලාවට කෙනෙකුට විශ්වාස කරන්න අමාරු විදිහේ කතාවක්. 1972 වසරේ ඕල්ඩ් ක්‍රිස්ටියන් කියන රග්බි කණ්ඩායම රැගත් උරුගුවේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් චිලී බලා යන අතරෙදි ඇන්ඩීස් කඳු වැටියේ ගැටෙනවා. ඒ වෙන කොට ඇන්ඩීස් කඳු පන්තිය සම්පූර්ණයෙන්ම හිමෙන් වැහිලා. ඒ මදිවට ගුවන් යානය කඩා වැටෙද්දි කෑලි දෙකකට කැඩෙනවා. ඉතිං මේ ගුවන් යානයේ ඉන්න අය සම්පූර්ණයෙන්ම වගේ සීතලට නිරාවරණය වෙලා ඉන්නේ. තියෙන තත්වය අනුව දිවි ගලවගන්න එක කරන්න තියා හිතන්නවත් බෑ. මෙයාලට තියෙන්නෙත් දින කිහිපයකට පමණක් ප්‍රමාණවත් සීමිත කෑම ප්‍රමාණයක් විතරයි. හිම තියෙන නිසා වතුරෙන් අඩුවක් නෑ කියලා හිතුවත් හිමෙන් වතුර ගන්න එකත් පවතින දේශගුණය අනුව සෑහෙන්න අමාරු වැඩක්.

ගුවන් යානය කඩාගෙන වැටුනට පස්සේ උරුගුවේ ගුවන් හමුදාව මෙයාලව හොයාගන්න මෙහෙයුම් ගණනාවක් සිදු කරත් ඒවා එකක්වත් සාර්ථක වෙන්නෙ නෑ. මෙයාලා ගිය ගුවන් යානය කඩා වැටුන තැන උඩ ඉඳන් බලන කෙනෙකුට පේන්නෙ නැති තැනක්. ඉතිං ටික දවසක් මෙයාලව හොයන්න හදපු ගුවන් හමුදාවත් නත්තල් කාලය නිසා අන්තිමේදි වැඩේ අතඇරලා දානවා.

ඉතිං යාළුවනේ. මේ පාර ඔයාලට ගෙනාවේ පැබ්ලෝ විර්සි විසින් රචිත “Society of the Snow” පොත ඇසුරෙන් නිර්මාණය කරපු චිත්‍රපටියක්. හැබැයි මේ පොත ලියලා තියෙන්නේ ඒ කාලයේ උන ඇත්තම සිදුවීමක් ඇසුරෙන් කියලා තමයි අන්තර්ජාලයේ තියෙන්නේ. IMDb අගය 7.9/10 ක වැනි ඉහළ අගයක් සහ 91%ක කුණු තක්කාලි අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මාන 02ක් ඇතුළු සම්මාන 78ක් සඳහා නාම යෝජනා ලබලා තියෙනවා. එයින් සම්මාන 16ක් දිනාගන්නත් සමත් වෙලා තියෙනවා.

ඒ වගේම මේ වෙනකොට Netflix වල ඉංග්‍රීසි නොවන චිත්‍රපටි අතරින් වැඩිම දෙනෙක් නරඹපු චිත්‍රපටිය හැටියටත් වාර්තාගත වෙලා තියෙනවා. ඉතිං හිතාගන්න පුළුවන්නේ චිත්‍රපටිය ගැන.. මේ චිත්‍රපටිය ස්පාඥ්ඥ භාෂාවෙන් තියෙන පැය 02යි විනාඩි 24ක් දිවෙන චිත්‍රපටියක්. ඒ වගේම මේ චිත්‍රපටියේ තියෙන සුවිශේෂිත දේ වෙන්නේ මේ චිත්‍රපටිය තිරගත කරලා තියෙන්නේ ඇත්තටම ඇන්ඩීස් කඳුවැටියේ වීමයි. ඉතිං මේ ගුවන් අනතුරට පත් උන කී දෙනෙකුට මේකෙන් දිවි ගලවගන්න ලැබේවිද? නැත්නම් හිම කඳු අතරේ හැම දෙනෙක්ටම මිය යන්න සිදු වේවිද? කියලා කතාව බලලම දැනගන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිනිඳු සම්පත්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි👇👇

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි 👇👇
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි 🤔

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤👍

The post Society of the Snow (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/society-of-the-snow-2023-sinhala-subtitles/feed/ 0
A Deadly Invitation (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/a-deadly-invitation-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/a-deadly-invitation-2023-sinhala-subtitles/#respond Thu, 07 Dec 2023 16:39:17 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62052 A Deadly Invitation Sinhala Sub A Deadly Invitation Sinhala Subtitles A Deadly Invitation (2023) Sinhala Sub A Deadly Invitation (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! පසුගිය 2023 ඔක්තෝබර් 06 දින නිකුත්වුනු Mystery, Thriller, Comedy වර්ගයේ ස්පාඤ්ඤ නිර්මාණයක් තමයි A Deadly Invitation. ඔරිජිනල් නම Invitación a un Asesinato. විනාඩි 92 ක ධාවන කාලයකින් යුක්තයි. අධ්‍යක්ෂනය José […]

The post A Deadly Invitation (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A Deadly Invitation Sinhala Sub
A Deadly Invitation Sinhala Subtitles
A Deadly Invitation (2023) Sinhala Sub
A Deadly Invitation (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

පසුගිය 2023 ඔක්තෝබර් 06 දින නිකුත්වුනු Mystery, Thriller, Comedy වර්ගයේ ස්පාඤ්ඤ නිර්මාණයක් තමයි A Deadly Invitation. ඔරිජිනල් නම Invitación a un Asesinato. විනාඩි 92 ක ධාවන කාලයකින් යුක්තයි. අධ්‍යක්ෂනය José Manuel Cravioto ගෙන්. රංගනයෙන් දායක වෙන්නේ Regina Blandón (අගතා), Maribel Verdú (ඔලිවියා), Stephanie Cayo (සෝනියා), Manolo Cardona (කැරී), Aarón Díaz (නරාම්), Pedro Damián (කාලෝස්) සහ José María de Tavira (ෆිගරෝව්).

කතාව ගැන කිව්වොත් මේක අද්භූත මරණයක් සම්බන්ධ කතාවක්. අගතා කියන්නෙ “නොවිසඳුණු අපරාධ” නම් ජනප්‍රිය රේඩියෝ වැඩසටහනක් කරන කෙනෙක්. එහිදී ඇය නොවිසඳුණු අභිරහස් සූක්ෂ්ම විදිහට නීරීක්ෂනය කරලා විසඳනවා. මේ අතර, ධනවත්, ඉහළ සමාජයේ ව්‍යාපාරිකාවක් වන සහ විවාහයෙන් වෙන්වූ කෙනෙක් වන ඇගේ අක්කා ඔලීවියාගෙන්, අගතාට සහ ඒ වගේ ඉහළ පෙළේ සීමිත පිරිසකට ලැබෙනවා අද්භූත ආරාධනාවක්, මුහුදු වෙරළ අසල තිබෙන ඇගේ සුවිසල් මන්දිරයට. හැබැයි කවුරුවත් හේතුව දන්නෙ නෑ. එයාල හැමෝම එක එක ආකාරයෙන් ඔලිවියාට සම්බන්ධ අය. එයාල එදා රාත්‍රිය ගත කරන්නෙ මුහුද මැද්දෙ, ඔලිවියාගෙ සුඛෝපභෝගි බෝට්ටුවේ. හැමෝම කම්පනයට පත් කරමින් සහ අභිරහසක් ඉතිරි කරමින් එදින රාත්‍රී, බෝට්ටුවේ තට්ටුවෙන් වැටී ඔලිවියා මිය යනවා. ඔලිවියාගෙ මිනීමරුවා කවුද? මොකක්ද මේ මරණය පිටුපස ඇති රහස. එය සොයාගැනීමේ වගකීම පැවරෙන්නේ ඇගේ නංගි, අගතාටයි.

මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නැති බව විශේෂයෙන්ම කියන්න ඕනේ. විනාඩි 92 ක් පුරා කුතුහලයෙන් බලන්න පුලුවන් කතාවක්…

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මෙ කතාව රසවිඳින්න💕

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post A Deadly Invitation (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/a-deadly-invitation-2023-sinhala-subtitles/feed/ 0
Sister Death (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sister-death-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sister-death-2023-sinhala-subtitles/#respond Wed, 01 Nov 2023 00:53:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58921 Sister Death Sinhala Sub Sister Death Sinhala Subtitles Sister Death (2023) Sinhala Sub Sister Death (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න එහෙනන් මේ අරන් ආවේ පසුගිය 27 වෙනිදා NETFLIX හරහා නිකුත් උනු Sister Death එහෙම නැත්තම් Hermana Muerte කියන සුපිරි ස්පාඤ්ඤ හොරර් චිත්‍රපටයයි මේක තවත් සරල විදිහට අපි කියනවා වගේ හොල්මන් චිත්‍රපටයක් නෙවෙයි ඊට […]

The post Sister Death (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sister Death Sinhala Sub
Sister Death Sinhala Subtitles
Sister Death (2023) Sinhala Sub
Sister Death (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනන් මේ අරන් ආවේ පසුගිය 27 වෙනිදා NETFLIX හරහා නිකුත් උනු Sister Death එහෙම නැත්තම් Hermana Muerte කියන සුපිරි ස්පාඤ්ඤ හොරර් චිත්‍රපටයයි

මේක තවත් සරල විදිහට අපි කියනවා වගේ හොල්මන් චිත්‍රපටයක් නෙවෙයි ඊට වඩා ලොකු තේරුමක් තියෙන ඇහැ අහකට ගත්තොත් ගොඩාක් දේවල් මිස් වෙන තේරුම් ගන්න බැරි වෙන විදිහෙ ඔලුව පටලවන Mystery ෆිල්ම් එකක් මේක මේ වෙද්දි 6 / 10IMDB අගයක් වගේම 75%ක කුණු තක්කාලි අගයක් අරන් තියෙනවා ….

මේක අධ්‍යක්ෂණය කරන්නෙ සුපිරි ස්පාඤ්ඤ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන Paco Plaza විසින් මේකේ නිශ්පාදන සමාගම වෙන්නෙ El Estudio සමාගමයි මෙම චිත්‍රපටය 2017 දී Paco Plaza ගේම අධ්‍යක්ෂණයෙන් තිරගත උනු Veronica චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් කොහොම උනත් නවීන පන්නයේ තාක්ෂණය භාවිතා කරලා ඒ චිත්‍රපටයේ අඩු පාඩු මකලා ලස්සනට ෆිල්ම් එක කරලා තියෙනවා ඒ වගේම මේකේ ප්‍රධාන චරිතය ව්දීහට සුරන්ගනාවියක් වගේ ලස්සන Aria Bedmar තමයි ඉන්නෙ එයාගෙ රූපෙයි රඟපෑමයි නිසා චිත්‍රපටයට අමුතුම ආකර්ෂණයක් ලැබිලා තියෙනවා ….

එහෙනන් කතාව පොඩ්ඩක් කියන්නම් ….

දෙවන ලෝක යුද්ධයෙන් බැටකාපු කන්‍යාරාමයක් තියෙනවා ස්පාඤ්ඤයේ ඉතින් මේ කන්‍යාරාමය ටිකක් පරණයි ලොකු ලොකු අභිරහස් ගොඩාක් තීනවා මේ කන්‍යාරාමයේ කලින් ලමයින්ට ඉගැන්වීම් කරපු ගුරුවරිය අතුරුදහන් වෙනවා ( සිස්ටර් ඉනෙස් ) ඊටපස්සෙ මේ කන්‍යාරාමයේන් රදගුරුතුමන්ට කරපු ඉල්ලීමකින් මේ කන්‍යාරාමයේ අලුත් ගුරුවරිය විදිහට අපේ ප්‍රධාන චරිතය එනවා ( සිස්ටර් නර්සිසා ) එතනින් පස්සෙ වෙන්නෙ මොකද කියලා බලන්නනම් මේක බලන්නම වෙනවා …

එහෙනම් ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා මෙ චිත්‍ර පටය බලන්න කියලා

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ එස්.ඩිල්මිත් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sister Death (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sister-death-2023-sinhala-subtitles/feed/ 0
Awareness (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/awareness-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/awareness-2023-sinhala-subtitles/#comments Mon, 30 Oct 2023 12:31:59 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58733 Awareness Sinhala Sub Awareness Sinhala Subtitles Awareness (2023) Sinhala Sub Awareness (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! පසුගිය 2023 ඔක්තෝබර් 11 දින ප්‍රයිම් වීඩියෝ හරහා නිකුත්වුනු ස්පාඤ්ඤ නිර්මාණයක් තමයි Awareness. භාෂාව ස්පාඤ්ඤ. Science-fiction, Action, Thriller, Mistery වර්ගයේ චිත්‍රපටයක් වන මෙය ස්පාඤ්ඤ / ඇමරිකා හවුල් නිෂ්පාදනයක්. Carlos Scholz (ඉයන්) සමග රංගනයෙන් එකතු වෙනවා María Pedraza (එස්තර්), […]

The post Awareness (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Awareness Sinhala Sub
Awareness Sinhala Subtitles
Awareness (2023) Sinhala Sub
Awareness (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

පසුගිය 2023 ඔක්තෝබර් 11 දින ප්‍රයිම් වීඩියෝ හරහා නිකුත්වුනු ස්පාඤ්ඤ නිර්මාණයක් තමයි Awareness. භාෂාව ස්පාඤ්ඤ. Science-fiction, Action, Thriller, Mistery වර්ගයේ චිත්‍රපටයක් වන මෙය ස්පාඤ්ඤ / ඇමරිකා හවුල් නිෂ්පාදනයක්. Carlos Scholz (ඉයන්) සමග රංගනයෙන් එකතු වෙනවා María Pedraza (එස්තර්), Pedro Alonso (විසන්ට්), Lela Loren (ඇඩ්‍රියානා) සහ Óscar Jaenada (පර්සීවර්)

පියෙක් සහ පුතෙක් වන විසන්ට් සහ ඉයන් සමාජයෙන් තරමක් ඈත්වෙලා රහසිගතව වගේ ජීවත් වෙන්නෙ. ඉයන් කැරලිකාර තරුණයෙක්. අධිමානසික හැකියාවක් තියෙනවා. දෘශ්‍ය මායාවන් මවන්න පුලුවන්. ඒකෙන් පොඩි පොඩි හොර වැඩත් කරනවා. හැබැයි එයාලගෙ රහස රැකගෙන. නමුත් එක් අවස්ථාවක ඉයන් පාලනයෙන් තොරවීම නිසා මෙයාලා ලෝකයට නිරාවරණය වෙනවා. ඒජන්සිය සහ අවේනස් කියන බලවත් ප්‍රතිවාදි කණ්ඩායම් දෙකක් මෙයාල පස්සෙ පන්නන්න ගන්නවා. ඒ දෙගොල්ලටම ඕනෙ ඉයන්ගෙ අසාමාන්‍ය හැකියාවෙන් ප්‍රයෝජන ගන්න. මේ අතර, ප්‍රක්ෂේපන මැවීමේ හැකියාව ඇත්තේ තමන්ට පමණයි කියල හිතන් ඉන්න ඉයන්, ඒ හැකියාවම ඇති තවත් පුද්ගලයෙක් දැකීමෙන් පුදුමයට පත් වෙනවා. ඒ පුද්ගලයා කවුද? ඉයන්ලා හැංගිලා ජීවත් වෙන්නෙ කාට බයෙන්ද? විසන්ට් තමාගේ තාත්තා නොවන බව හදිසියේ දැනගන්නා ඉයන් ඉදිරියේ තව ප්‍රශ්නයක් මතුවෙනවා. එහෙනම් ඇත්තටම තමන් කවුද?

සටන් ගැටුම්, කුතුහලය සමග එක හුස්මට බලන්න පුලුවන් ක්‍රියාදාම නිර්මාණයක්. ධාවන කාලය විනාඩි 114 යි. තප්පර බාගෙක සුලු නිරුවත් දර්ශනයක් ඇරුනම කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ.

එහෙනම් ඔයාල හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා මේ සුපිරි චිත්‍රපටය රසවිඳින්න කියලා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Awareness (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/awareness-2023-sinhala-subtitles/feed/ 1
Nowhere (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/nowhere-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/nowhere-2023-sinhala-subtitles/#comments Wed, 04 Oct 2023 05:51:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55539 Thrishanku Sinhala Sub Thrishanku Sinhala Subtitles Thrishanku (2023) Sinhala Sub Thrishanku (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! නීති පිරි දේශයක් – මිනිසුන්ට අපායක් සොයා නව ලෝකයක් – පලා යන ජෝඩුවක් මියා නම් ගැබිනියක් – නිකෝ නම් ස්වාමියෙක් ගැලපෙනම ජෝඩුවක් – සෙනෙහෙබර ප්‍රේමයක් වැළලිච්ච මතකයක් – ගෙනෙයි දුක මහමෙරක් පතා නව ඇරඹුමක් – සොයා යයි නව […]

The post Nowhere (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thrishanku Sinhala Sub
Thrishanku Sinhala Subtitles
Thrishanku (2023) Sinhala Sub
Thrishanku (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

නීති පිරි දේශයක් – මිනිසුන්ට අපායක්
සොයා නව ලෝකයක් – පලා යන ජෝඩුවක්
මියා නම් ගැබිනියක් – නිකෝ නම් ස්වාමියෙක්
ගැලපෙනම ජෝඩුවක් – සෙනෙහෙබර ප්‍රේමයක්
වැළලිච්ච මතකයක් – ගෙනෙයි දුක මහමෙරක්
පතා නව ඇරඹුමක් – සොයා යයි නව ලොවක්
කන්ටේනර් පෙට්ටියක් – සැඟවෙන්න හොඳ තැනක්
පලා යන සැලසුමක් – මහා අවදානමක්
නොසිතාපු ඉරණමක් – සයුර මැද ඛේදයක්
කන්ටේනර් පෙට්ටියක් – තනිවෙච්ච ගැබිනියක්
ප්‍රේමයක කතාවක් – මවකගේ කතාවක්
මාර ගති කතාවක් – බැලිය යුතු කතාවක්
Survival ප්‍රිය අයෙක් – Thriller රහ ප්‍රිය අයෙක්
බැලිය යුතු කතාවක් – නැහැ වෙන්නෙ පාඩුවක්
ආ සැනින් මෙබන්දක් – කිව්වාට ලොකු පිනක්
තුති පුදන්නෙමි ගොඩක් – විමා අයියේ හුඟක්
කියෙව්වොත් තව ටිකක් – නැහැ ඉතින් තේරුමක්
දෙමින් ඔබ හට ඉඩක් – පතන්නෙමි සුහ දිනක්

IMDB – 6.5
Director – Albert Pintó
Stars – Anna Castillo, Tamar Novas
Genre – Survival /Thriller/ Drama
Release Date – 29 th September 2023
Run Time – 109 Minutes

සැ.යු :- කාමුක නොවන එහෙත් නිරුවත් දර්ශන තියෙන නිසා පවුලේ අයත් එක්ක බලද්දි සැළකිලිමත් වෙන්න

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Nowhere (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/nowhere-2023-sinhala-subtitles/feed/ 1
Veronica (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/veronica-2017-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/veronica-2017-sinhala-subtitles/#respond Fri, 01 Sep 2023 09:12:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52929 Veronica Sinhala Sub Veronica Sinhala Subtitles Veronica (2017) Sinhala Sub Veronica (2017) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හොදයි මේ අරන් ආවේ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරනලද IMDb මීටරයේ 6.3ක අගයක් ලබාගන්න සමත්වෙලා තියන කතාවක්. හොරර් රසික රසිකාවියන් ඉතාමත් ආදරයෙන් වැලද ගත් සිනමා සිත්තමක්. එහෙනම් වැඩි විස්තර ඕනී නැහැ කතාව ගැන කෙටියෙන් කියන්නම්. වෙරෝනිකා නැත්තම් […]

The post Veronica (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Veronica Sinhala Sub
Veronica Sinhala Subtitles
Veronica (2017) Sinhala Sub
Veronica (2017) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හොදයි මේ අරන් ආවේ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරනලද IMDb මීටරයේ 6.3ක අගයක් ලබාගන්න සමත්වෙලා තියන කතාවක්. හොරර් රසික රසිකාවියන් ඉතාමත් ආදරයෙන් වැලද ගත් සිනමා සිත්තමක්. එහෙනම් වැඩි විස්තර ඕනී නැහැ කතාව ගැන කෙටියෙන් කියන්නම්.

වෙරෝනිකා නැත්තම් වෙරෝ කියන්නේ තරුන ගෑනු ලමයෙක් එයාගේ තාත්ත මැරිලා අම්මා එක්කතමා ජීවත් වෙන්නේ.. තව එයාට නංගිලා දෙන්නෙකුයි චූටි මල්ලි කෙනෙකුයි ඉන්නවා. ඉතින් වෙරෝගේ අම්මට අවන්හලක් තියනවා එයා ඒකත් එක්ක හුගාක් කාර්‍යබහුල ජීවිතයක් තමයි ගතකරන්නේ. ඒක නිසා නංගිලා මල්ලිලාව බලාගන්න වගකීම බාර වෙලා තියෙන්නේ වෙරෝට.

 

දවසක් වෙරෝ එයාගේ තව යාලුවෝ දෙන්නෙකුත් එක්ක කවදාවත් නොකලයුතු දෙයක් කරනවා. ඉස්කෝලේ බිම් මහලෙදි ඔවුජා පුවරුවකින් එයා එයගේ මැරුණු තාත්තට කතා කරන්න හදනවා. එත් එදා එයාගේ කැදවීමට එන්නේ වෙන කෙනෙක්. ඉතින් ඒ සිදුවීමත් එක්ක එයාගේ මුලු ජීවිතේම අනිත් පැත්ත හැරෙනවා. එයාලගේ මුලු පව්ලටම ගොඩාක් බයානක දේවල් වලට මුහුණදෙන්න වෙනවා. කිසිම කෙනෙක්ට මේ අමනුෂ්‍ය ආත්මය එක්ක ගනුදෙනු කරන්න බෑ. ඉතින් සුපුරුදු පරිදි දුක්බර අවසානයකින් තමා කතාව ඉවර වෙන්නේ.

ඒ වගේම මේ ෆිල්ම් එක රසවිඳින්න කියන ගමන් තවත් සුපිරිම හොරර් ෆිලුමකින් හමුවන බලාපොරොත්තුවෙන් අපි යනවා. හැමෝටම බුදු සරනයි….!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිල්ෂාන් සචින්ත(සචී) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Veronica (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/veronica-2017-sinhala-subtitles/feed/ 0