English Archives - SinhalaSub https://sinhalasub.lk/language/english/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 06 Jun 2025 04:28:56 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png English Archives - SinhalaSub https://sinhalasub.lk/language/english/ 32 32 The Ugly Stepsister (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-ugly-stepsister-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-ugly-stepsister-2025-sinhala-subtitles/#respond Fri, 06 Jun 2025 04:13:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102743 The Ugly Stepsister Sinhala Sub The Ugly Stepsister Sinhala Subtitles The Ugly Stepsister 2025 Sinhala Sub The Ugly Stepsister (2025) Sinhala Sub The Ugly Stepsister (2025) Sinhala Subtitles               ග්‍රීම් සොහොයුරන්ගේ සුරංගනා කතා අතරේ තියෙන අතිශයින්ම ජනප්‍රිය කතාන්තරයක් තමයි “සින්ඩරෙල්ලා”. එදා මෙදා තුර ඒ ඇසුරින් ලොව පුරාම නිර්මාණය වුනු […]

The post The Ugly Stepsister (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Ugly Stepsister Sinhala Sub
The Ugly Stepsister Sinhala Subtitles
The Ugly Stepsister 2025 Sinhala Sub
The Ugly Stepsister (2025) Sinhala Sub
The Ugly Stepsister (2025) Sinhala Subtitles

              ග්‍රීම් සොහොයුරන්ගේ සුරංගනා කතා අතරේ තියෙන අතිශයින්ම ජනප්‍රිය කතාන්තරයක් තමයි “සින්ඩරෙල්ලා”. එදා මෙදා තුර ඒ ඇසුරින් ලොව පුරාම නිර්මාණය වුනු චිත්‍රපට, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සංඛ්‍යාව මන් හිතන්නෙ අනන්තයි අප්‍රමාණයි. හැමෝම දන්න විදිහට ඒ කතාවෙ ප්‍රධාන චරිතය, ඒ කියන්නෙ වීරවරිය තමයි සින්ඩරෙල්ලා. දුෂ්ට චරිත තමයි එයාගෙ කුඩම්මා සහ ඇගේ දියණියන් දෙදෙනා. තම පියා මිය ගියාට පස්සෙ කුඩම්මගෙ සහ සුලු සහෝදරියන් දෙදෙනාගෙ තාඩන පීඩන මැද්දෙ, තමන්ගේම මන්දිරයේ බැල මෙහෙවරකම් කරලා, තම මියගිය අම්මාගේ උදව්වෙන්, රටේ රාජ කුමාරයා තමන් විවාහවන කුමරිය තෝරගන්නා බාල් නැටුමට ගිහින්, කුමරුගේ හිත දිනාගෙන, ඔහු හා විවාහ වී සැපවත් ජීවිතයක් ගතකරන සින්ඩරෙල්ලාගේ කතාව තමයි “සින්ඩරෙල්ලා”. සින්ඩරෙල්ලාගෙ විතරක් නෙමෙයි රටේ සෑම වංශවත් තරුණියකගේම සිහිනය තමයි ඒ බාල් නැටුමට සහභාගිවෙලා කුමරුගෙ හිත දිනාගන්න එක. ඉතින් ඒ සිහිනය සින්ඩරෙල්ලාගෙ සුලු සහෝදරියන්ටත් තියෙන්න බැරිද? විශේෂයෙන්ම මේ දෙදෙනාගෙන් වැඩිමලා වූ එල්විරාගෙ පැත්තෙන් මේ කතාව දිහා අලුත්ම මානයකින් බලපු, තරුණ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වූ
Emilie Blichfeldt අතින් ලස්සන තිර පිටපතක් ලියවුනා. එතනින් නොනැවතුන ඇය තමන්ගේ මුල්ම චිත්‍රපට අධ්‍යයක්ෂනය ලෙස එය නෝර්වීජියානු සිනමාව හරහා ලෝක සිනමාවට තිලිණ කලා. ඒ තමයි Den stygge stesøsteren හෙවත් The Ugly Stepsister.
               
                  මුල්වරට එක්සත් ජනපදයේ Sundance Film Festival හී 2025 ජනවාරි 23 දින තිරගත කෙරිනි. ඉන්පසු the 75th Berlin International Film Festival හී 2025 පෙබරවාරි 16 දිනත් තිරගත කල අතර එහිදී හොඳම චිත්‍රපටය සඳහා වූ නිර්දේශිත නම් අතරටද එක්විය. පසුව නෝර්වේහීදී 2025 මාර්තු 07 දින ප්‍රදර්ශනය ආරම්භ කරන ලදි. බොක්ස් ඔෆීස් ආදායමක්ද උපයාගනිමින් තම ගමන ආරම්භ කල “අග්ලි ස්ටෙප්සිස්ටර්” මේ වනවිට 7/10 ක IMDb අගයක් ලබාගනිමින් ටොමැටෝ මීටරයද 95% කට කරකවන්න සමත්වෙලා තියෙනවා. විනාඩි 109 ක ධාවන කාලයක් සහිත වන අතර Dark Comedy, Drama, Body Horror යන කැටගරි වලට අයත් වෙනවා. මෙහි එල්විරා ලෙස Lea Myren ඉතා දක්ෂ රඟපෑමක නිරතවෙනවා. ඊට අමතරව Ane Dahl Torp ( කුඩම්මා / රෙබෙකා ), Thea Sofie Loch Næss (සින්ඩරෙල්ලා / ඇග්නස් ) සහ Flo Fagerli (අල්මා) රඟපෑමෙන් දායක වෙනවා.
                ඉතින් මේකෙ ප්‍රධාන චරිතය සින්ඩරෙල්ලා නෙමෙයි එල්විරා. මේ එල්විරා, ඇග්නස් ( සින්ඩරෙල්ලා ) වගේ රූමත් නෑ. කැතයි, මහතයි. තම රූමත් සුලු සහෝදරිය සමග කුමාරයා දිනාගැනීමේ සටනට අවතීර්ණ වන එල්විරා, ලස්සන වීම සඳහා නොයෙක් උපක්‍රම භාවිතා කරනවා. දැන් තියෙන රූපලාවණ්‍ය ක්‍රම නෙමේ. නොදියුණු ඒවා. ඇය සෑහෙන්න ශරීරයට දුක් දෙනවා. ඇත්තටම ඒවා මට පවා බලන්න අපහසු වුනා. අරුම පුදුම ක්‍රම. ඒත් අල්විරා අත හරින්නෑ. ඇයට කුමාරයා ගැන තියෙන්නෙ ඒ තරම් පිස්සුවක්. ඒ වුනත් ඒ ගොඩක් දේවල් වෙන්නෙ ඇයගෙ අම්මගෙ උවමනාවට. ඒ විවාහයෙන් පවුල ගොඩ යන එකයි ඇගේ අරමුණ. අමතර වශයෙන් කියන්න ඕනෙ, වර්තමානයේත් අනන්තවත් ඉන්නවා ලස්සන වෙන්න කියලා, තම ජීවිතයට හානිකර දේවල් කරගන්නා තරුණියන්, කාන්තාවන්. එයාලට මේ චිත්‍රපටයෙන් හොඳ පණිවුඩයක් ලබාදෙනවා. ඒ නිසා අතනොහැර බලන්න කියා මතක් කරනවා. සින්ඩරෙල්ලා කතාව බිහිවුනු දා ඉඳන් මේ දක්වා මිනිස්සු කොච්චර නම් එල්විරාලට වෛර කරන්න ඇද්ද? මේ චිත්‍රපටය බැලුවට පස්සෙ එල්විරා වෙනුවෙන්, ඊටත් වඩාවූ දයානුකම්පාවකින්, ඔයාලගෙ හිත් බරවෙන බවට කැට තියමින් මම නවතිනවා.
             හැබැයි රජෝ, සුරංගනා කතාවක් කියලා පොඩි වුන් එක්කනම් බලන්න සෙට් වෙන්න එපා. මේක අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. ආයෙ නොකිව්වා කියන්න එපා. සුපුරුදු පරිදි සබ් එක දීලා තියෙන්නෙ වයිටීඑස් කොපියට. ලින්ක් අවුලක් නම් වයිටීඑස් එකෙන් බාගන්න.
ජය වේවා.

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Ugly Stepsister (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-ugly-stepsister-2025-sinhala-subtitles/feed/ 0
Final Destination Bloodlines (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/final-destination-bloodlines-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/final-destination-bloodlines-2025-sinhala-subtitles/#comments Thu, 05 Jun 2025 16:12:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102713 Final Destination Bloodlines Sinhala Sub Final Destination Bloodlines Sinhala Subtitles Final Destination Bloodlines 2025 Sinhala Sub Final Destination Bloodlines (2025) Sinhala Sub Final Destination Bloodlines (2025) Sinhala Subtitles කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. සුපුරුදු විදිහට කැම් පිටපතට උපසිරසි කරපු නිසායි මේ ඉක්මනට දෙන්න පුලුවන් වුණේ. […]

The post Final Destination Bloodlines (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Final Destination Bloodlines Sinhala Sub
Final Destination Bloodlines Sinhala Subtitles
Final Destination Bloodlines 2025 Sinhala Sub
Final Destination Bloodlines (2025) Sinhala Sub
Final Destination Bloodlines (2025) Sinhala Subtitles

කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. සුපුරුදු විදිහට කැම් පිටපතට උපසිරසි කරපු නිසායි මේ ඉක්මනට දෙන්න පුලුවන් වුණේ.

Final Destination කියන්නේ සෑහෙන දෙනෙක් දන්න කියන චිත්‍රපටි මාලාවක්නේ. පුංචි කාලෙම මරණය කියන්නේ කොයිවගේ භයානක දෙයක්ද කියලා අපේ මනසට රිංගවන්න සමත්වුණු චිත්‍රපටි මාලාවක් විදිහට තමයි මම නම් Final Destination චිත්‍රපටි මාලාව හඳුන්වන්නේ. ඒ දවස්වල මාරම බයයි චිත්‍රපටිවල තිබ්බ දේවල් වලට. හුඟක් අයට අර කොට ලොරියේ සීන් එක ඔලුවට එනවා Final Destination කියද්දී. 2000 අවුරුද්දේ පටන්ගත්ත චිත්‍රපටි මාලාව අවුරුදු 11ක් ඇතුළත චිත්‍රපටි 5ක් නිකුත් කළා. 
Jeffrey Reddick තමයි මේ කතාවේ නිර්මාණකරුවා වෙන්නේ. ඔයාලා දන්නවද එයා මේ පිටපත මුලින්ම ලියලා තියෙන්නේ ඔයාලා හැමෝම දන්න කියන The X-Files කතාමාලාවේ එක එපිසෝඩ් එකක් විදිහට. පස්සේ මෙයාට හිතිලා තියෙනවා මේකෙන් චිත්‍රපටියක් නිර්මාණය කරන්න. ඊටපස්සේ Warner Bros. Entertainment ආයතනයේ සමාගමක් වුණු New Line Cinema එකේ යාලුවෙක් එක්ක කතා කරලා මේකට The X-Files රචකයෝ වුණු James Wong සහ Glen Morganව සම්බන්ධ කරගෙන පළවෙනි චිත්‍රපටිය නිර්මාණය කරනවා.  ඊටපස්සේ විවිධ අධ්‍යක්ෂකවරු සහ රචකයෝ යටතේ චිත්‍රපටි මාලාව ඉදිරියට කරගෙන ගියා.
ඉතිං මේ Final Destination Bloodlines කියන්නේ චිත්‍රපටි මාලාවේ 6වෙනි චිත්‍රපටිය. 5වෙනි චිත්‍රපටියෙන් අවුරුදු 14කට පස්සෙයි මේක නිර්මාණය වෙන්නේ.
Horror/Mystery ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Zach Lipovsky සහ Adam Stein. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 49ක් වෙනවා වගේම බෙදාහරින්නේ Warner Bros. Pictures ආයතයනය. මේ චිත්‍රපටිය Final Destination 5 චිත්‍රපටියට ප්‍රීක්වල් එකක් වෙනවා. ඒවගේම චිත්‍රපටි මාලාවේ වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටිය වෙන්නෙත් මේක. ඩො.මි. 50ක වියදමක් දරලා මේ වෙනකොට ඩො.මි 230කට වැඩි ඉතා ඉහල ආදායමක් ලබලා තියෙනවා.
හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.
හැබැයි පරණ චිත්‍රපටි ටික වගේම සුපිරියටම තියෙනවා කියලා නම් කියන්න ඕන. ලේ කියන එක හොඳටම පෙන්නනවා. ඒ ගැනත් අවදානෙන්.

එහෙනම් අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ඔයාලට ජය
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Final Destination Bloodlines (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/final-destination-bloodlines-2025-sinhala-subtitles/feed/ 2
Barbarian (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/barbarian-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/barbarian-2022-sinhala-subtitles/#comments Thu, 05 Jun 2025 04:04:37 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31474 Barbarian Sinhala Sub Barbarian Sinhala Subtitles Barbarian (2022) Sinhala Sub Barbarian (2022) Sinhala Subtitles බලමුද සුපිරි හොරර් ෆිල්ම් එකක්? පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකල්ම ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැති. පටන් ගත්තු වෙලේ ඉඳන් කුතුහලය උපරිමයි, කුතුහලය එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙ නම් නෑ. ඕනෙ නම් ගිහින් ට්‍රේලර් එක බලලා එන්න. ඒත් ට්‍රේලර් එක […]

The post Barbarian (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Barbarian Sinhala Sub
Barbarian Sinhala Subtitles
Barbarian (2022) Sinhala Sub
Barbarian (2022) Sinhala Subtitles

බලමුද සුපිරි හොරර් ෆිල්ම් එකක්? පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකල්ම ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැති. පටන් ගත්තු වෙලේ ඉඳන් කුතුහලය උපරිමයි, කුතුහලය එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙ නම් නෑ. ඕනෙ නම් ගිහින් ට්‍රේලර් එක බලලා එන්න. ඒත් ට්‍රේලර් එක බලපු අයනම් නොයිවසිල්ලෙන් ඉන්න ඇත්තෙ ෆිල්ම් එක නිකුත් වෙනකල්. ඒ වගේම මේ ෆිල්ම් එකට නිෂ්පාදනයෙන් දායක වෙනවා It (2017) / The Ring (2005) / The Boy (2016) / The Grudge (2004) / Shutter (2008) වැනි ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදනය කරපු Roy Lee සහ J.D. Lifshitz, Raphael Margules, Arnon Milchan වැනි ජනප්‍රිය නිෂ්පාදකවරුන්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නේ Zach Cregger විසින්. තවද මෙය ඩොලර් මිලියන 04 පිරිවැයක් යොදා නිර්මාණය කරන අතර ඩොලර් මිලියන 42.3 ආදායමක් උපයා ගන්න මේ ෆිල්ම් එකට හැකිවෙනවා.

මේ චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගන්නේ 2022 සැප්තැම්බර් 09 වෙනිදා. චිත්‍රපටය බෙදාහැරෙන්නේ 20th Century Studios හරහා. මේකෙ අන්තර්ජාලයට පිටපත් නිකුත් වෙන්නේ ඔක්තෝබර් 25 වෙනිදා, ඔන්න හැකි ඉක්මන්ට උපසිරසත් ගෙනාවා කාර්ය බහුල සතියක් වුණත්. කෙසේ හෝ මේ වෙනකොට IMDb දර්ශකේ ප්‍රේක්ශක මනාප 28,000 වැඩි ප්‍රමානයකින් 7.4 ඉහල අගයක් ගන්න මේ ෆිල්ම් එකට හැකිවෙනවා ඒ වගේම කුණු තක්කාලිත් 92% ගන්න හැකි වෙනවා. දැං හිතාගන්න පුළුවන්නේ චිත්‍රපටයෙ තරම ගැන.

මෙහි කතාව ගැන මතක් කළොත්, ටෙස් නම් කාන්තාවක් ඩිට්‍රෝයිට් නගරෙට එනවා ජොබ් ඉන්ටවිව් එකකට. ඇය තතර වෙන්න තීරණේ කරන්නේ පාලුවට ගිය ප්‍රදේශයක තියෙන කුලී නිවෙසක. ඒත් හොඳම වැඩේ වෙන්නෙ මෙයා ගෙදරට ගියාම ඒ ගෙදර තව කෙනෙක් ඉන්නවා, ඔහු නමින් කීත්. ඔහුත් ඒ ගෙදරම කුලියට අරන් තිබිල තියෙන්නේ. පෙනෙන විදිහට සමාගම් දෙකකින් මෙයාලට එකම ගෙදර විකුණලා තියෙනවා. කෙසේ හෝ දෙන්නම අසරණ වූ මොහොතෙ කීත් ටෙස්ට ඇතුලට එන්න ආරාධනා කරනවා. ඉතින් ටෙස් නොදැනුවත්ම සහ පිටත හොඳටම වහින නිසා තියෙන අසරණකමට මේ භයානක නිවෙසට ඇතුලු වෙනවා. ටෙස්ට ආපු වෙලේ ඉදන් මේ නිවස ගැන සැක හිතෙනවා, කීත් ගැනත්. ඔහොම ඉන්න කොටයි ටෙස්ට මේ නිවසෙ තිබිල රහස් උමගක් හමුවෙන්නේ. ඒ උමග ඇතුලෙ වදකාගාරයක් තියෙනවා ඇයට දකින්න ලැබෙනවා. ඒ වගේම තවත් අත්භූත සිද්දීන් රැසකට ඇයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කවුද මේ කීත් කියන්නේ? මොකක්ද මේ ගෙදර? මොකක්ද මේ රහස් උමග? මොකක්ද ඒක ඇතුලෙ වෙන්නෙ?

ඔන්න මීට මාස හතරකට උඩදී ආපු මේකෙ ට්‍රේලර් එකෙන් කියවුණු කතාව සහ ඒක බලපු අයට ඇතිවුන ප්‍රශ්න ටිකයි මං ඔය උඩ කිව්වේ. ඒත් මතක තියාගන්න ට්‍රේලර් එකෙන් චිත්‍රපටයේ හොඳම ටික පෙන්නුවේ නෑ. සරලවම කිව්වොත් චිත්‍රපටයෙ කතාව ගැන මොනම දෙයක්වත් ට්‍රේලර් එකෙන් කියවුණ්නෑ. තවද මේක එකම තැනකට විතරක් කොටුවුණ චිත්‍රපටයකුත් නෙවේ. මේක වෙනස්ම කතාවක්, වෙනස්ම කන්සෙප්ට් එකක්. මේක බලන හැමෝටම ඇස් උඩ දාගෙන, ඉවරවෙනකල්ම ත්‍රාසයෙන් බලන්න පුළුවන් සුපිරි කුතුහලයක් තියෙන කතාවක් තමා මේකෙ අන්තර්ගත වෙන්නේ. භය උපද්දවන දර්ශන දාල, මිනීමැරුම් (වැඩිය නෑ) පෙන්නුවත් මේකෙන් පෙන්නන්නේ හරිම ලස්සන වගේම සුන්දර කතාවක් කියන්න පුළුවන්, එක විදිහකින්. ඒ කොහොමද කියලා ඔයාල බලලාම දැනගන්න. එහෙනම් මං මෙතනින් නතර වෙනවා තව උපසිරැසියකින් හමුවෙනකල්. ජයවේවා!

The post Barbarian (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/barbarian-2022-sinhala-subtitles/feed/ 2
The King of Kings (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-king-of-kings-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-king-of-kings-2025-sinhala-subtitles/#respond Thu, 05 Jun 2025 03:06:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102640 The King of Kings Sinhala Sub The King of Kings Sinhala Subtitles The King of Kings 2025 Sinhala Sub The King of Kings (2025) Sinhala Sub The King of Kings (2025) Sinhala Subtitles කතා සාරාංශය: පියෙකු තම ආදරණීය පුතුට නින්දට යන්න කලින් කියා දෙන, මෙතෙක් ලොව කියැවුණු ශ්‍රේෂ්ඨතම කතාන්දරය කුමක්ද? එය හුදෙක් නින්දට යන කතාවකින් […]

The post The King of Kings (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The King of Kings Sinhala Sub
The King of Kings Sinhala Subtitles
The King of Kings 2025 Sinhala Sub
The King of Kings (2025) Sinhala Sub
The King of Kings (2025) Sinhala Subtitles

කතා සාරාංශය:
පියෙකු තම ආදරණීය පුතුට නින්දට යන්න කලින් කියා දෙන, මෙතෙක් ලොව කියැවුණු ශ්‍රේෂ්ඨතම කතාන්දරය කුමක්ද? එය හුදෙක් නින්දට යන කතාවකින් ඔබ්බට ගොස්, ජීවිතය උඩු යටිකුරු කරන, අමරණීය ගමනක් බවට පත්වන්නේ කොහොමද? මේ චිත්‍රපටිය දිගහැරෙන්නේ එහෙමයි. පුංචි පුතා, ඔහුගේ විචිත්‍රවත් පරිකල්පන ලෝකය හරහා, ජේසුස් වහන්සේ සමඟ අත්වැල් බැඳගෙන ඇවිදිනවා. උන්වහන්සේ සිදුකරන ආශ්චර්යයන් දෑසින් දකිනවා, උන්වහන්සේ මුහුණ දෙන අභියෝග සහ දුක් ගැහැටවලට සාක්ෂි දරනවා, අවසානයේ උන්වහන්සේගේ ඒ උත්තරීතර, අසමසම පූජාවේ ගැඹුරු අරුත වටහා ගන්නවා. “රජුන්ගේත් රජු” අප සැමට ආරාධනා කරන්නේ, පුංචි දරුවෙකුගේ නික්ලේශී දෑසින්, බලාපොරොත්තුවේ, සෙනෙහසේ සහ මිදීමේ සදාතනික වූ ශක්තිය නැවත වතාවක් සොයාගන්නටයි.

උපසිරැසිකරුගේ ඇසින්:
“මේ සජීවීකරණ චිත්‍රපටියට සිංහල උපසිරැසි ගන්වපු කෙනෙක් හැටියට, මට මේ ගැන කියන්න තියෙන්නේ, මේක හදවතට ගොඩක් සමීප වෙන, ඇත්තටම විශේෂ අත්දැකීමක් ලබා දෙන නිර්මාණයක් කියලයි. 🙏✨ අපි කවුරුත් අහලා තියෙන, දන්න කියන කතාවක් වුණත්, මේක ඉදිරිපත් කරලා තියෙන විදිහ, ඒ කියන්නේ පුංචි දරුවෙක්ගේ ඇසින් මේ හැමදේම දිහා බලන විදිහ, ඇත්තටම හරිම අපූරුයි. 🥹 ඒ දරුවාගේ පරිකල්පනයත් එක්ක අපිත් ඒ ලෝකෙට යනවා වගේ දැනෙනවා.

සජීවීකරණය වුණත්, චරිතවල හැඟීම්, සිදුවීම්වල ගැඹුර, ඒ හැමදේම හරි ලස්සනට ප්‍රේක්ෂකයාට දැනෙන්න සලස්වලා තියෙනවා. 🎬 මේ කතාවේ තියෙන ආදරය, බලාපොරොත්තුව, කැපකිරීම වගේ විශ්වීය තේමාවන්, ආගමික සීමාවන්ගෙන් එහාට ගිහින් ඕනෑම කෙනෙක්ගේ හිතට කතා කරනවා. ❤ මම මේකට උපසිරැසි කරද්දීත් ඒ හැඟීම් එක්ක ගොඩක් වෙලාවට නැවතුනා. මේ වගේ නිර්මාණයකට මගේ භාෂාවෙන් පණ දෙන්න ලැබීමත් සතුටක්. සමහර තැන් තියෙනවා, බලන් ඉන්නකොට ඇස්වලට කඳුළු උනන තරම් සංවේදී. 😢 ඒත් ඒ දුක අතරින්ම ලොකු ආලෝකයක්, ශක්තියක් හිතට එනවා. මේකෙන් දෙන පණිවිඩය හරිම බලවත්.

ඔබ ක්‍රිස්තියානි භක්තිකයෙක් වුණත්, නොවූණත්, මේ චිත්‍රපටිය ජීවිතේ දිහා වෙනස් විදිහකට බලන්න, මිනිස් සබඳතාවල වටිනාකම තේරුම් ගන්න පොඩි හරි ඉඟියක් ලබා දෙනවා නිසැකයි. විශේෂයෙන්ම පවුලේ අයත් එක්ක බලන්න වටින නිර්මාණයක්. 👍🍿 මම හිතන්නේ මේක බලන හැමෝටම අලුත් යමක් හිතන්න, ජීවිතේට එකතු කරගන්න දෙයක් ඉතුරු කරයි.”

ප්‍රේක්ෂක නිර්දේශය:
පවුලේ සැමට එකට එක්වී රස විඳිය හැකි, විශේෂයෙන්ම දරුවන් සමඟ නැරඹීමට ඉතාමත් වටිනා සජීවීකරණ චිත්‍රපටයකි. 👨‍👩‍👧‍👦 (PG තත්ත්වයේ නිසා, කුඩා දරුවන්ට දෙමාපිය මගපෙන්වීම සුදුසු විය හැක.)

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The King of Kings (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-king-of-kings-2025-sinhala-subtitles/feed/ 0
Shadow Force (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/shadow-force-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/shadow-force-2025-sinhala-subtitles/#respond Wed, 04 Jun 2025 16:14:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102600 Shadow Force Sinhala Sub Shadow Force Sinhala Subtitles Shadow Force 2025 Sinhala Sub Shadow Force (2025) Sinhala Sub Shadow Force (2025) Sinhala Subtitles කතා සාරාංශය: එකිනෙකාගෙන් ඈත් වෙලා ජීවත් වෙන ජෝඩුවකගේ ඔළුවට හිතාගන්නවත් බැරි මිලක් නියම වෙනවා. මේ දෙන්නට තමන්ගෙ පුතාත් එක්ක ජීවිතේ බේරගන්න දුවන්න සිද්ධ වෙන්නේ වෙන කාගෙන්වත් නෙමෙයි, තමන් කාලයක් සේවය කරපු, මාරක […]

The post Shadow Force (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shadow Force Sinhala Sub
Shadow Force Sinhala Subtitles
Shadow Force 2025 Sinhala Sub
Shadow Force (2025) Sinhala Sub
Shadow Force (2025) Sinhala Subtitles

කතා සාරාංශය:
එකිනෙකාගෙන් ඈත් වෙලා ජීවත් වෙන ජෝඩුවකගේ ඔළුවට හිතාගන්නවත් බැරි මිලක් නියම වෙනවා. මේ දෙන්නට තමන්ගෙ පුතාත් එක්ක ජීවිතේ බේරගන්න දුවන්න සිද්ධ වෙන්නේ වෙන කාගෙන්වත් නෙමෙයි, තමන් කාලයක් සේවය කරපු, මාරක ‘සෙවණැලි මෙහෙයුම්’ (Shadow Ops) ඒකකයෙන්මයි! ඔවුන්ව මරා දමන්න මේ හිටපු සගයන් ලුහුබඳිනකොට, මේ පවුලට එකට එකතු වෙලා මේ භයානක දඩයමෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? ඔවුන්ගේ පැවැත්ම සඳහා කරන මේ සටන කොහෙන් කෙළවර වෙයිද? ත්‍රාසය, ක්‍රියාදාම සහ නාටකීය හැඟීම් කැටිවුණු මේ ගමන අවසානයේ ඔවුන්ට ජය අත්වෙයිද, නැත්නම් ඔවුන්ගේ හිටපු සගයන්ගේ ඉලක්කය සම්පූර්ණ වෙයිද?

“උපසිරැසිකරුගේ ඇසින්”:
මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි ගන්වපු කෙනා හැටියට මට මේ ගැන කියන්න තියෙන්නේ, මේක කෙලින්ම ඇඟට වදින ඇක්ෂන්, ත්‍රිලර් කාණ්ඩයේ කතාවක් බලාපොරොත්තු වෙන අයට නියම තේරීමක් වේවි කියලයි! 🎬💥 වෙන් වෙලා ඉන්න ජෝඩුවකට, තමන්ගේම හිටපු සේවා ස්ථානයෙන් එයාලව මරන්න එනකොට, පුතාත් එක්ක ජීවිතේ බේරගන්න කරන මාරාන්තික සටනක් තමයි මේකේ තියෙන්නේ. 😱 හිතන්නකො, තමන්ව පුහුණු කරපු, තමන් එක්ක උරෙනුර ගැටී වැඩ කරපු අයම තමන්ගේ පස්සෙන් පන්නනකොට දැනෙන හැඟීම! මේ චිත්‍රපටිය පුරාම තියෙන්නේ නොනවතින ක්‍රියාදාම, අනපේක්ෂිත හැරවුම් සහ පවුලක් විදිහට නොසැලී ඉන්න දරන උත්සාහයක්. 👪❤️‍🩹 IMDb අගය 5.0/10 ක් වගේ සාමාන්‍ය මට්ටමක තිබුණත්, ඇක්ෂන් චිත්‍රපටියකින් බලාපොරොත්තු වෙන වේගවත් බව, වෙඩි තියාගැනීම්, ලුහුබැඳීම් වගේ දේවල් බලාගෙන ඉන්න අයට නම් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් වේගවත් ගමනක් මේකෙ තියෙනවා. 🏃‍♂️💨 මම උපසිරැසි හදද්දීත් ඒ දඩබ්බර ගැලවී යාම්, වෙඩි තියාගැනීම් එක්ක හොදටම රේස් එකේ ගියා වගේ දැනුනා! 😉 චිත්‍රපටියේ ගැඹුරු කතාවකට වඩා තියෙන්නේ සරල, පැහැදිලි ඇක්ෂන් එකක්. ඉතින්, ටිකක් ඔලුව නිදහස් කරගෙන, ඇඩ්‍රිනලින් පොඩ්ඩක් වැඩි කරගන්න ඕන නම්, “Shadow Force” නරක නෑ. 🔥 බලලම තීරණය කරන්නකෝ!

ප්‍රේක්ෂක නිර්දේශය:
මෙය R ශ්‍රේණිගත කිරීමක් ලැබූ, ක්‍රියාදාම, නාටකීය සහ ත්‍රාසජනක ගණයට අයත් වන බැවින්, එහි අඩංගු විය හැකි ප්‍රචණ්ඩකාරී දර්ශන සහ භාෂාව නිසා වැඩිහිටි ප්‍රේක්ෂකයින් සඳහා වඩාත් සුදුසු නිර්මාණයකි. 🔞

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Shadow Force (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/shadow-force-2025-sinhala-subtitles/feed/ 0
S.T.A.L.K.E.R. Shadow of the Zone (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/s-t-a-l-k-e-r-shadow-of-the-zone-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/s-t-a-l-k-e-r-shadow-of-the-zone-2024-sinhala-subtitles/#respond Wed, 04 Jun 2025 15:47:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102578 S.T.A.L.K.E.R. Shadow of the Zone Sinhala Sub S.T.A.L.K.E.R. Shadow of the Zone Sinhala Subtitles S.T.A.L.K.E.R. Shadow of the Zone 2024 Sinhala Sub S.T.A.L.K.E.R. Shadow of the Zone (2024) Sinhala Sub S.T.A.L.K.E.R. Shadow of the Zone (2024) Sinhala Subtitles කතා සාරාංශය: S.T.A.L.K.E.R. කියන්නේ GSC Game World විසින් නිර්මාණය කළ සුප්‍රසිද්ධ වීඩියෝ ක්‍රීඩා මාලාවක්. මේ කතාව දිගහැරෙන්නේ, […]

The post S.T.A.L.K.E.R. Shadow of the Zone (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
S.T.A.L.K.E.R. Shadow of the Zone Sinhala Sub
S.T.A.L.K.E.R. Shadow of the Zone Sinhala Subtitles
S.T.A.L.K.E.R. Shadow of the Zone 2024 Sinhala Sub
S.T.A.L.K.E.R. Shadow of the Zone (2024) Sinhala Sub
S.T.A.L.K.E.R. Shadow of the Zone (2024) Sinhala Subtitles

කතා සාරාංශය:
S.T.A.L.K.E.R. කියන්නේ GSC Game World විසින් නිර්මාණය කළ සුප්‍රසිද්ධ වීඩියෝ ක්‍රීඩා මාලාවක්. මේ කතාව දිගහැරෙන්නේ, චර්නොබිල් ව්‍යසනයෙන් පසුව මිනිස් වාසයෙන් තොර වූ “කලාපය” (The Zone) අද්භූත, විස්තර කළ නොහැකි අසාමාන්‍ය සංසිද්ධීන්ගෙන් (anomalies) පිරී ගිය විකල්ප යථාර්ථයක් තුළයි. මෙම සංසිද්ධීන් සමහරක් අතිශයින්ම භයානක වන අතර, තවත් සමහරක් ඉතා වටිනා සම්පත් වෙනවා. මේ නිසාම, විවිධ කණ්ඩායම් තම ජීවිත පවා පරදුවට තබමින් මෙම කලාපයට ඇතුළු වෙනවා. මෙසේ නිර්භීතව කලාපය තුළ සැරිසරන සංචාරකයින් හඳුන්වන්නේ “ස්ටෝකර්වරුන්” (Stalkers) ලෙසයි.

“ෂැඩෝ ඔෆ් ද සෝන්” (Shadow of the Zone) කියන මේ කතාවෙන් කියවෙන්නේ, පළපුරුදු, නිදහස් ස්ටෝකර්වරයෙකුට පැවරෙන භාරදූර මෙහෙයුමක් ගැනයි. ඔහුට සිදුවෙනවා, කුලී හේවායින් පිරිසක් සමඟ අද්භූත ගුවන් විදුලි සංඥාවක් විමර්ශනය කිරීම සඳහා කලාපයේ අඳුරු, භයානක ගැඹුරටම ගමන් කිරීමට. මේ ගමනේදී, ඔවුන්ට එම සංඥාවට නිරාවරණය වීමේ බිහිසුණු, බියකරු ප්‍රතිවිපාකවලට මුහුණ දීමටත්, එම සංඥාවේ පැවැත්ම පිටුපස ඇති අඳුරු, කුරිරු යථාර්ථය හෙළිදරව් කරගැනීමටත් සිදුවෙනවා. ☢👣

“උපසිරැසිකරුගේ ඇසින්”:
මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි ගන්වපු කෙනා හැටියට මට මේ ගැන කියන්න තියෙන්නේ, S.T.A.L.K.E.R. ගේම් සීරීස් එකට ආස කරන අයට නම් මේක අනිවාර්යෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්! 🎮💥 චර්නොබිල් කියන නම ඇහුණත් දැනෙන අමුතුම අඳුරු, ගුප්ත හැඟීම, ඒ වගේම අත්හැර දමපු කලාපයක තියෙන බියකරු නිහැඬියාව මේ ෆිල්ම් එක පුරාම හොඳටම තියෙනවා. 😟

මේකෙ කතාව ගොඩනැගෙන්නේ අර අද්භූත රේඩියෝ සිග්නල් එක වටා. ඒක මොකක්ද, කොහෙන්ද එන්නේ, ඒකෙන් මොන වගේ බලපෑමක් වෙයිද කියන කුතුහලය ෆිල්ම් එක ඉවර වෙනකම්ම තියාගන්නවා. 🔍 පළපුරුදු ස්ටෝකර් කෙනෙක්, තමන්ගෙ වාසියට ඕනම දෙයක් කරන කුලී හේවායො ටිකක් එක්ක මේ අනතුරුදායක කලාපෙ ඇතුලට යනකොට මුහුණදෙන අභියෝග, අනපේක්ෂිත සිදුවීම්, ඒ වගේම ඒ කලාපෙ සැඟවිලා තියෙන අද්භූත බලවේග එක්ක කරන ගැටුම් වලින් කතාව පිරිලා. 😨🔥 සමහර තැන් තියෙනවා ඇඟ හිරිවැටෙන, ඒ වගේම සමහර දේවල් දකිද්දි ‘මේ මොකක්ද මේ වෙන්නේ?’ කියලා හිතෙන. 🤔

IMDb අගය (5.0/10) එක්ක බැලුවම සමහර විට මේක සුපිරිම නිර්මාණයක් කියන්න බැරි වුණත්, වීඩියෝ ගේම් එකේ තියෙන අඳුරු, පීඩාකාරී, බලාපොරොත්තු විරහිත ස්වභාවයට (dystopian, post-apocalyptic feel) කැමති අයට, අභිරහස්, ත්‍රාසය එක්ක පොඩි Sci-Fi ගතියක් මිශ්‍ර වෙච්ච කතාවලට කැමති අයට බලන්න වටින චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. 🎬 විශේෂයෙන්ම “සෝන්” එකේ තියෙන අමුතු, විස්තර කරන්න බැරි භයානක දේවල් (anomalies) සහ ඒවාට මුහුණ දෙන හැටි දකිද්දී, ගේම් එකේ අත්දැකීමට ටිකක් හරි ලංවෙන්න පුළුවන් වේවි. මම සබ්ටයිටල් හදද්දිත් මේකෙ තියෙන ඒ පීඩනය, කුතුහලය, ඒ වගේම සමහර චරිතවල තියෙන අසරණකම හොඳටම දැනුණා. ඔයත් මේ අඳුරු ලෝකෙට කිමිදෙන්න කැමති නම්, අනිවාර්යෙන්ම බලන්න! 👍

ප්‍රේක්ෂක නිර්දේශය:
මෙහි අන්තර්ගත ඇතැම් දර්ශන (උදා: බිය උපදවන දසුන්, නොසන්සුන්කාරී සිදුවීම්, යම් මට්ටමක ප්‍රචණ්ඩත්වය) නිසා මෙය වැඩිහිටි ප්‍රේක්ෂකයින් සඳහා වඩාත් සුදුසු නිර්මාණයකි. 🔞

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post S.T.A.L.K.E.R. Shadow of the Zone (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/s-t-a-l-k-e-r-shadow-of-the-zone-2024-sinhala-subtitles/feed/ 0
The Legend of Ochi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-legend-of-ochi-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-legend-of-ochi-2025-sinhala-subtitles/#respond Wed, 04 Jun 2025 09:56:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102537 The Legend of Ochi Sinhala Sub The Legend of Ochi Sinhala Subtitles The Legend of Ochi 2025 Sinhala Sub The Legend of Ochi (2025) Sinhala Sub The Legend of Ochi (2025) Sinhala Subtitles කතාව ගැන බැලුවොතින්- මැක්සිම් කියන්නේ හමුදාවක් පාලනය කරනවා වගේ පොඩි එවුන්ව පාලනය කරන එක ඉතින් මෙයාලගේ වැඩේ තමයි ඔචි ලව මරන්න යන […]

The post The Legend of Ochi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Legend of Ochi Sinhala Sub
The Legend of Ochi Sinhala Subtitles
The Legend of Ochi 2025 Sinhala Sub
The Legend of Ochi (2025) Sinhala Sub
The Legend of Ochi (2025) Sinhala Subtitles

කතාව ගැන බැලුවොතින්- මැක්සිම් කියන්නේ හමුදාවක් පාලනය කරනවා වගේ පොඩි එවුන්ව පාලනය කරන එක
ඉතින් මෙයාලගේ වැඩේ තමයි ඔචි ලව මරන්න යන එක ඉතින් ඒ පොඩි අයගෙන් කෙනෙක් තමයි යුරි කියන්නේ එයා ඉතින් ඒ වැඩේට එච්චර කැමති නෑ කොහොමෙන් හරි ඔචි ලා වගයක් හම්බෙලා මැක්සිමුයි එයාගේ පොඩි එවුනුයි උන්ව පන්නගන්නවා ඉතින් කොහොමෙන් හරි ඔචි කෙනෙක් මෙයාලට මගෑරෙනවා යුරි කියන්නේ මැක්සිම්ගේ කවුද? මැක්සිම් කියන්නේ එයාගේ තාත්තාද? එතකොට මෙයලගේ අම්මා කෝ? මේවා දැනගන්න නම් බලන්න වෙනවා…

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Legend of Ochi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-legend-of-ochi-2025-sinhala-subtitles/feed/ 0
Apartment 7A (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/apartment-7a-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/apartment-7a-2024-sinhala-subtitles/#respond Tue, 03 Jun 2025 05:39:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102396 Apartment 7A Sinhala Sub Apartment 7A Sinhala Subtitles Apartment 7A 2024 Sinhala Sub Apartment 7A (2024) Sinhala Sub Apartment 7A (2024) Sinhala Subtitles “Apartment 7A” 2024 – අත්බුත 7A කාමරය – ඇමරිකානු Horror / Drama චිත්‍රපටයක් වන අතර, Natalie Erika James විසින් අධ්‍යක්ෂණය කරන ලදී. හරි දැන් කතාවට යමු 1965 නිව් යෝර්ක් නගරයේ පිහිටි බ්‍රැම්ෆෝඩ් […]

The post Apartment 7A (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Apartment 7A Sinhala Sub
Apartment 7A Sinhala Subtitles
Apartment 7A 2024 Sinhala Sub
Apartment 7A (2024) Sinhala Sub
Apartment 7A (2024) Sinhala Subtitles

“Apartment 7A” 2024 – අත්බුත 7A කාමරය – ඇමරිකානු Horror / Drama චිත්‍රපටයක් වන අතර, Natalie Erika James විසින් අධ්‍යක්ෂණය කරන ලදී.
හරි දැන් කතාවට යමු
1965 නිව් යෝර්ක් නගරයේ පිහිටි බ්‍රැම්ෆෝඩ් ගොඩනැගිල්ලේ නිවසක් ගන්නා තරුණ නර්තන ශිල්පිනිය Terry Gionoffrio ගේ කතාව විස්තර කරයි. ඇයට නර්තනයක් ඉදිරිපත් කිරිමෙිදි කකුලේ තුවාලයක් වන අතර, එය ඇගේ ජීවනෝපායට බාධාවක් වේ. ඇයට Minnie සහ Roman Castevet නම් වැඩිහිටි යුවළක් මගින් උපකාර ලබා ගන්නා අතර, ඔවුන් ඇයට නිවසක් නොමිලේ ලබා දෙයි. කෙසේවෙතත් එම නිවසේ ඇති වන අත්බුත⁣ දේවල් සහ සිදුවිමි මෙම චිත්‍රපටියන් විස්තර කරයි.
මෙය කිසිම කමිමැලිකමක් නැතුව එක දිගට කුතුහලයකින් යුතුව බලාගෙන යන්න පුලුවන් කතාවක්. මෙම චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර ලැබි තිබෙි. Rotten Tomatoes හි 43% අගයක් හා IMDb 5.9 අගයක් ලැබිලා තියෙනවා. මෙය horror චිත්‍රපට අතර හොඳ අගයක්.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙය මාගේ පලමු චිත්‍රපටය වන නිසා යම්කිසි වැරැද්දක් තිබුනොත් මට සමාවන ලෙස හා නැවතත් Cineru.k වෙතිත් තවත් උපසිරැසියකින් හමුවෙමු.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Apartment 7A (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/apartment-7a-2024-sinhala-subtitles/feed/ 0
Blade of the 47 Ronin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/blade-of-the-47-ronin-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/blade-of-the-47-ronin-2022-sinhala-subtitles/#comments Mon, 02 Jun 2025 02:49:13 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31406 Blade of the 47 Ronin Sinhala Sub Blade of the 47 Ronin Sinhala Subtitles Blade of the 47 Ronin (2022) Sinhala Sub Blade of the 47 Ronin (2022) Sinhala Subtitles

The post Blade of the 47 Ronin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Blade of the 47 Ronin Sinhala Sub
Blade of the 47 Ronin Sinhala Subtitles
Blade of the 47 Ronin (2022) Sinhala Sub
Blade of the 47 Ronin (2022) Sinhala Subtitles

The post Blade of the 47 Ronin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/blade-of-the-47-ronin-2022-sinhala-subtitles/feed/ 2
Karate Kid: Legends (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/karate-kid-legends-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/karate-kid-legends-2025-sinhala-subtitles/#respond Sun, 01 Jun 2025 15:20:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102262 Karate Kid: Legends Sinhala Sub Karate Kid: Legends Sinhala Subtitles Karate Kid: Legends 2025 Sinhala Sub Karate Kid: Legends (2025) Sinhala Sub Karate Kid: Legends (2025) Sinhala Subtitles Karate Kid කියන්නේ සෑහෙන දෙනෙක් දන්න කියන චිත්‍රපටියක්නේ. මොකද ITN නාලිකාවෙන් අපි පොඩි කාලෙදී ප්‍රදර්ශණය කරපු නිසා අපි හැමෝම මේක බලලා තියෙනවා. ඒ කාලේ ඉතින් කරාතේ කියන්නේ […]

The post Karate Kid: Legends (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Karate Kid: Legends Sinhala Sub
Karate Kid: Legends Sinhala Subtitles
Karate Kid: Legends 2025 Sinhala Sub
Karate Kid: Legends (2025) Sinhala Sub
Karate Kid: Legends (2025) Sinhala Subtitles

Karate Kid කියන්නේ සෑහෙන දෙනෙක් දන්න කියන චිත්‍රපටියක්නේ. මොකද ITN නාලිකාවෙන් අපි පොඩි කාලෙදී ප්‍රදර්ශණය කරපු නිසා අපි හැමෝම මේක බලලා තියෙනවා. ඒ කාලේ ඉතින් කරාතේ කියන්නේ අපිට පිස්සුවක්නේ. අනිවාරෙන් ඔයාලා ඒ ශොට් කරලා බලන්නත් ඇති.

 

මුලින්ම Robert Mark Kamenගේ නිර්මාණයක් විදිහට 1984 අවුරුද්දේ පළවෙනි චිත්‍රපටිය නිකුත්වෙන්නේ චිත්‍රපටි 4ක සැලසුමකට අනුවයි. ඔරිජිනල් සීරිස් එකට අයිතිවෙන්නේ ඒ චිත්‍රපටි 4 තමයි. පිළිවෙළින් ගත්තාම The Karate Kid (1984), The Karate Kid Part II (1986), The Karate Kid Part III (1989), සහ The Next Karate Kid (1994). ඊටපස්සේ නිකුත්වෙන්නේ ප්‍රතිනිර්මාණ. ඒකට The Karate Kid (2010) සහ මේ නිකුත්වුණු Karate Kid: Legends (2025) අයිතියි.

 

ඒවගේම 2018 නිකුත්වීම් ආරම්භ කරපු Cobra Kai කතා මාලාවත් මේඑකටම සම්බන්ධයි. ඒකත් බලන්න.
ඉතිං මේ Karate Kid: Legends කියන්නේ චිත්‍රපටි මාලාවේ 6වෙනි චිත්‍රපටිය.

Action/Family ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Jonathan Entwistle. චිත්‍රපටියේ ධාවන කාල පැය 1 මිනිත්තු 58ක් වෙනවා වගේම බෙදාහරින්නේ Sony Pictures ආයතයනය. මේ චිත්‍රපටියේදී ඔරිජිනල් සෙට් එකේ හිටිය ඩැනියල්වයි (Ralph Macchio) 2010 Karate Kid එකේ මාස්ටර් හැන්වයි (Jackie Chan) එකට බලාගන්න අපිට පුලුවන් වෙනවා.
හරියට බැලුවොත් මෙකෙන් වෙන්නේ වෙනම නිර්මාණය වුණු 2010 චිත්‍රපටිය ප්‍රධාන චිත්‍රපටි මාලාවට සම්බන්ධ වෙනවා.හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ. ඒ වගේම මේකෙ අන්තිම ක්‍රෙඩිට් සීන් එකත් බලන්න කියලාත් ඉල්ලනවා.

එහෙනම් අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ඔයාලට ජය
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Karate Kid: Legends (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/karate-kid-legends-2025-sinhala-subtitles/feed/ 0