Ratu Ilmu Hitam කියන්නේ Kimo Stamboel මහතාගේ අධ්‍යක්ෂණයක්..ඒ වගේම මේ ෆිල්ම් එක රචකයා වෙන්නේ Satan’s Slaves වැනි විශිෂ්ට ඉන්දුනීසියානු සිනමා නිර්මාණ බිහි කරපු Joko Anwar…ෆිල්ම් එකේ Cast එක පැත්තට ටිකක් හැරිලා බැලුවොත් මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන හනීෆ්ගේ චරිතයට පන පොවන්නේ Ario Bayu..ඒ වගේ හනීෆ්ගේ බිරිඳගේ චරිතයට පන පොවන්නේ Hannah Al Rashid..මීට අමතරව Adhisty Zara, Ade Firman Hakim,Putri Ayudya,Shenina Cinnamona,Salvita Decorte,Imelda Therinne වගේ නලු නිළි පිරිසක් එකතු වෙලා තියනවා…ඒ වගේ මේ චිත්‍රපටය එක් සිනමා සම්මානයක් ලබා ගන්න වගේම චිත්‍රපට උළෙල පහක් සඳහා නිර්දේශ වෙන්නත් සමත්කම් දක්වලා තියනවා…දැන් ඉතින් ෆිල්ම් එකේ විස්තර කිව්වා ඇති වගේ…
අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරිලා බලමු…
හනීෆ් කියන්නේ පොඩි කාලේ අනාථයෙක්..එයා හැදී වැඩුනේ බන්ඩි කියලා පුද්ගලයගේ අනාථ නිවාසේ..ඉතින් ලොකු වෙද්දි කැපකාර දෙමව්පියන් ළඟ හැදී වැඩිලා හනීෆ් හොඳ තැනකට එනවා..ඉතින් ඊට පස්සේ දවසක් හනීෆ් තමන්ගේ පවුලේ අයත් එක්ක අසනීපෙන් ඉන්න බන්ඩි මහත්තයව බලන්න ආපහු කියලා තමන් පොඩි කාලේ හැදුණු වැඩුණු අනාථ නිවාසෙට යනවා…ඒ යන අතර මඟදි හනීෆ්ගේ වාහනේ යමක් හැපෙනවා..බැහැලා බලද්දි හම්බවෙන්නෙනම් මුවෙක්ගේ සිරුරක්..ඉතින් ඒක වැඩිය නොහිතා හනීෆ්ලා ආපහු තමන්ගේ ගමන යනවා..ඒත් හැප්පිලා තියෙන්නේ මුවෙක්නම් නෙවෙයි…දරුවෙක්..ඉතින් අහම්බෙන් වගේ නොහිතුව විදියට හනීෆ්ගේ පොඩිකාලේ යාලුවෝ වුණ ජේෆ්රියි ඇන්ටනුයිත් තමන්ගේ බිරින්දෑවරුත් එක්ක එදාම බන්ඩි මහත්තයව බලන්න එනවා…ඉතින් රෑ යාලුවෝ තුන් දෙනා කතා කර ඉද්දි හනීෆ් දකිනවා වාහනේ බෆර් එකේ තියන රෙදි කෑල්ලක්..ඉතින් හනීෆ්ට එවෙලෙම ඕන වෙනවා හැපුණ දේ මොකද්ද කියලා හරියටම තහවුරු කරගන්න..ඉතින් හනීෆ් ජෙෆ් එක්ක ආපහු ඒ සිදුවීම සිදුවුණු තැනට යනවා..එතන සෝදිසි කරද්දි ජෙෆ්ට් ඒ දරුවගේ සිරුර හම්බවෙනවා..ඉතින් බලද්දි දරුවා මැරිලා කියලා හිතලා එයාලා දරුවව වාහනේට දාගන්න…ඒ් තැනින් ටිකක් එහාට ගියාම මේ දන්නා දකිනවා අනතුරට ලක්වුණ බස් රථයක්..ඉතින් මෙයාලා සෝදිසි කරලා බලද්දි ඒ තමන් හැදුණු වැඩුණු අනාථ නිවාසේ දැන් ජීවත් වෙන ළමයි ටික එදා උදේ ට්‍රිප් එකක් ගියපු බස්..ළමයි සේරම අත්භූත විදියට මැරිලා..ඉතින් මේක දැකපු ජෙෆ්රියි හනීෆුයි ෆුල් හොල්මන්…කරන්න දෙයක් හිතා ගන්න බැරුව මේ දෙන්නා ආපහු අනාථ නිවාසෙට යනවා..ඔන්න ඔය සිද්ධියෙන් තමයි කතාව පටන් ගන්නේ…ඉතින් මෙතනින් එහාට තමයි කතාවේ හොඳම හරිය….මේ ළමයින්ට මොකද වුණේ කියන එක වගේම මේ සේරටම හේතුවත් තවත් ගොඩක් දේවලුත් ඔයාලට කතාව අවසානේට දැනගන්න පුලුවන්….
ඇත්තටම Ratu Ilmu Hitam කියන්නේ කුතුහලය උපරිමෙන්ම තියනවා එක මොහොතකටවත් ෆිල්ම් එකෙන් ඇහැ අහකට ගන්න නොහිතෙන විදියේ නියමම Horror/Thriller ෆිල්ම් එකක්…මම ආරාධනා ඔය හැමෝටම මේ ෆිල්ම් එක රස විඳින්න කියලා…අවසාන වශයෙන් සිංහල උපසිරැසිය ගැන යමක් කිව්වොත් මේ ෆිල්ම් එකට තියන එකම E sub එකයි මේ ෆිල්ම් එකේ රිලීස් වුණ HC WEB DL පිටපතේ ෆිල්ම් එකටම සම්බන්ධ කරලා තියන E sub එකයි ගොඩක් වෙනස්..ඒ නිසා HC WEB DL පිටපතේ E Sub එක බලාගෙන තමයි සබ් එක කරේ..ඒ වගේම HC WEB DL පිටපතේ තියන E sub එකෙත් පරස්පරතා තියන ලයින් ටිකක් තිබ්බා..ඉතින් කොහොම හරි ඒවත් ගැළපෙන විදියට නිවැරදි කරලා පුලුවන් උපරිමෙන් හොඳ තත්වයක උපසිරැසියක් ඔයාලට අරගෙන ආවා…
එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්..අවසාන වශයෙන් කියන්න තියෙන්නෙත් දෙපාරක් නොහිත Ratu Ilmu Hitam සලරුව රසවිඳින්න කියලා…එහෙනම් ආපහු ඉකිමනට සිංහල උපසිරැසියකින් හමුවෙමු…එහෙනම් කොල්ලා අපි ගියා..
හැමෝටම සුබ දවසක්..!!!
බුදු සරණයි..!!!!
]]>
ඉතිං යාලුවනේ අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ The Big 4 නමින් 2022 වර්ෂයේ නිකුත් උන ඉන්දුනීසියානූ චිත්‍රපටියකින්.චිත්‍රපටිය නිර්මාණය Timo Tjahjanto විසින්, චිත්‍රපටය සදහා 6.1/10 IMDB වගේ ඉහල අගයක් ලැබිලා තියෙනවා.පැය 2 විනාඩි 21 අඩුවක් නැතුව මාරාගැනිලි, ගහ ගැනිලි , විහිලු මේ හැමදෙයක්ම එකම කතාවකට ආවෝත් ඒක කොහොම වෙයිද? ඒක කොහොමද කියලා බලන්න… චිත්‍රපටිය බලන්නම වෙනවා!
කතාව පැත්තට හැරෙමු…
පේලෝර් , ජෙන්ගෝ, ඇල්ෆා, ටොපාන් තමයි ලොකු හතර.ඉතිං “ඩීනා” කියන්නෙ රහස් පරික්ෂක වරියක් .එයා තමන්ගේ පියාගේ ඝාතනය පස්සේ හෝඩුවාවන් ඔස්සේ පන්නනවා.ඇය ඇත්තටම හිතන්නේ “ටෝපන්” ඒ කියන්නේ තමගේ ලොකු අයියා තත්තාව ඝාතනය කලා කියළා.තව “ඩීනට” සහෝදරයෝ තුන් දෙනෙක් ඉන්නවා.ඉතිං එයාලාගේ රස්සාව තමයි අපරාධ කරන එක. ඩීනාගේ අරමුණ වෙනුවෙන් සේරම එකට එකතු වෙන්න වෙනවා.ඩීනාගේ පියා ඒ කීවේ “ලොකු හතරගේ “තාත්තා සාමාන්‍ය මිනිහෙක් නෙමෙයි. එයා ලොකු හතර ඇතුලුව අපරාධ කාරයෝ නිර්මාණය කරන කෙනෙක්………මෙහෙම ගියොත් කතාවම ලියන්න වෙනවා…ඔයාලම බලන්න අපරාධ කාරයෝ යුද්ධයක පැටලුනොත් ඒක කොහොමට තියේද? ඔයාලම ඒක බලන්න….
ඉතිං කාලෙකට පස්සේ හම්බවුණ සුපිරි චිත්‍රපටියක්….ඉතිං කියන්නම ඕනේ චිත්‍රපටිය තෝරලා දුන්නේ අපේ “සමිත” සහෝදරයා එයාටත් ස්තූති කරන ගමන් ඉක්මනින් අලුත් නිර්මාණයකින් හමුවෙමු. හැමෝටම සුභ දවසක් වේවා!
]]>