Horror - SinhalaSub https://sinhalasub.lk/genre/horror/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 06 Jun 2025 04:28:56 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Horror - SinhalaSub https://sinhalasub.lk/genre/horror/ 32 32 The Ugly Stepsister (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-ugly-stepsister-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-ugly-stepsister-2025-sinhala-subtitles/#respond Fri, 06 Jun 2025 04:13:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102743 The Ugly Stepsister Sinhala Sub The Ugly Stepsister Sinhala Subtitles The Ugly Stepsister 2025 Sinhala Sub The Ugly Stepsister (2025) Sinhala Sub The Ugly Stepsister (2025) Sinhala Subtitles               ග්‍රීම් සොහොයුරන්ගේ සුරංගනා කතා අතරේ තියෙන අතිශයින්ම ජනප්‍රිය කතාන්තරයක් තමයි “සින්ඩරෙල්ලා”. එදා මෙදා තුර ඒ ඇසුරින් ලොව පුරාම නිර්මාණය වුනු […]

The post The Ugly Stepsister (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Ugly Stepsister Sinhala Sub
The Ugly Stepsister Sinhala Subtitles
The Ugly Stepsister 2025 Sinhala Sub
The Ugly Stepsister (2025) Sinhala Sub
The Ugly Stepsister (2025) Sinhala Subtitles

              ග්‍රීම් සොහොයුරන්ගේ සුරංගනා කතා අතරේ තියෙන අතිශයින්ම ජනප්‍රිය කතාන්තරයක් තමයි “සින්ඩරෙල්ලා”. එදා මෙදා තුර ඒ ඇසුරින් ලොව පුරාම නිර්මාණය වුනු චිත්‍රපට, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සංඛ්‍යාව මන් හිතන්නෙ අනන්තයි අප්‍රමාණයි. හැමෝම දන්න විදිහට ඒ කතාවෙ ප්‍රධාන චරිතය, ඒ කියන්නෙ වීරවරිය තමයි සින්ඩරෙල්ලා. දුෂ්ට චරිත තමයි එයාගෙ කුඩම්මා සහ ඇගේ දියණියන් දෙදෙනා. තම පියා මිය ගියාට පස්සෙ කුඩම්මගෙ සහ සුලු සහෝදරියන් දෙදෙනාගෙ තාඩන පීඩන මැද්දෙ, තමන්ගේම මන්දිරයේ බැල මෙහෙවරකම් කරලා, තම මියගිය අම්මාගේ උදව්වෙන්, රටේ රාජ කුමාරයා තමන් විවාහවන කුමරිය තෝරගන්නා බාල් නැටුමට ගිහින්, කුමරුගේ හිත දිනාගෙන, ඔහු හා විවාහ වී සැපවත් ජීවිතයක් ගතකරන සින්ඩරෙල්ලාගේ කතාව තමයි “සින්ඩරෙල්ලා”. සින්ඩරෙල්ලාගෙ විතරක් නෙමෙයි රටේ සෑම වංශවත් තරුණියකගේම සිහිනය තමයි ඒ බාල් නැටුමට සහභාගිවෙලා කුමරුගෙ හිත දිනාගන්න එක. ඉතින් ඒ සිහිනය සින්ඩරෙල්ලාගෙ සුලු සහෝදරියන්ටත් තියෙන්න බැරිද? විශේෂයෙන්ම මේ දෙදෙනාගෙන් වැඩිමලා වූ එල්විරාගෙ පැත්තෙන් මේ කතාව දිහා අලුත්ම මානයකින් බලපු, තරුණ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වූ
Emilie Blichfeldt අතින් ලස්සන තිර පිටපතක් ලියවුනා. එතනින් නොනැවතුන ඇය තමන්ගේ මුල්ම චිත්‍රපට අධ්‍යයක්ෂනය ලෙස එය නෝර්වීජියානු සිනමාව හරහා ලෝක සිනමාවට තිලිණ කලා. ඒ තමයි Den stygge stesøsteren හෙවත් The Ugly Stepsister.
               
                  මුල්වරට එක්සත් ජනපදයේ Sundance Film Festival හී 2025 ජනවාරි 23 දින තිරගත කෙරිනි. ඉන්පසු the 75th Berlin International Film Festival හී 2025 පෙබරවාරි 16 දිනත් තිරගත කල අතර එහිදී හොඳම චිත්‍රපටය සඳහා වූ නිර්දේශිත නම් අතරටද එක්විය. පසුව නෝර්වේහීදී 2025 මාර්තු 07 දින ප්‍රදර්ශනය ආරම්භ කරන ලදි. බොක්ස් ඔෆීස් ආදායමක්ද උපයාගනිමින් තම ගමන ආරම්භ කල “අග්ලි ස්ටෙප්සිස්ටර්” මේ වනවිට 7/10 ක IMDb අගයක් ලබාගනිමින් ටොමැටෝ මීටරයද 95% කට කරකවන්න සමත්වෙලා තියෙනවා. විනාඩි 109 ක ධාවන කාලයක් සහිත වන අතර Dark Comedy, Drama, Body Horror යන කැටගරි වලට අයත් වෙනවා. මෙහි එල්විරා ලෙස Lea Myren ඉතා දක්ෂ රඟපෑමක නිරතවෙනවා. ඊට අමතරව Ane Dahl Torp ( කුඩම්මා / රෙබෙකා ), Thea Sofie Loch Næss (සින්ඩරෙල්ලා / ඇග්නස් ) සහ Flo Fagerli (අල්මා) රඟපෑමෙන් දායක වෙනවා.
                ඉතින් මේකෙ ප්‍රධාන චරිතය සින්ඩරෙල්ලා නෙමෙයි එල්විරා. මේ එල්විරා, ඇග්නස් ( සින්ඩරෙල්ලා ) වගේ රූමත් නෑ. කැතයි, මහතයි. තම රූමත් සුලු සහෝදරිය සමග කුමාරයා දිනාගැනීමේ සටනට අවතීර්ණ වන එල්විරා, ලස්සන වීම සඳහා නොයෙක් උපක්‍රම භාවිතා කරනවා. දැන් තියෙන රූපලාවණ්‍ය ක්‍රම නෙමේ. නොදියුණු ඒවා. ඇය සෑහෙන්න ශරීරයට දුක් දෙනවා. ඇත්තටම ඒවා මට පවා බලන්න අපහසු වුනා. අරුම පුදුම ක්‍රම. ඒත් අල්විරා අත හරින්නෑ. ඇයට කුමාරයා ගැන තියෙන්නෙ ඒ තරම් පිස්සුවක්. ඒ වුනත් ඒ ගොඩක් දේවල් වෙන්නෙ ඇයගෙ අම්මගෙ උවමනාවට. ඒ විවාහයෙන් පවුල ගොඩ යන එකයි ඇගේ අරමුණ. අමතර වශයෙන් කියන්න ඕනෙ, වර්තමානයේත් අනන්තවත් ඉන්නවා ලස්සන වෙන්න කියලා, තම ජීවිතයට හානිකර දේවල් කරගන්නා තරුණියන්, කාන්තාවන්. එයාලට මේ චිත්‍රපටයෙන් හොඳ පණිවුඩයක් ලබාදෙනවා. ඒ නිසා අතනොහැර බලන්න කියා මතක් කරනවා. සින්ඩරෙල්ලා කතාව බිහිවුනු දා ඉඳන් මේ දක්වා මිනිස්සු කොච්චර නම් එල්විරාලට වෛර කරන්න ඇද්ද? මේ චිත්‍රපටය බැලුවට පස්සෙ එල්විරා වෙනුවෙන්, ඊටත් වඩාවූ දයානුකම්පාවකින්, ඔයාලගෙ හිත් බරවෙන බවට කැට තියමින් මම නවතිනවා.
             හැබැයි රජෝ, සුරංගනා කතාවක් කියලා පොඩි වුන් එක්කනම් බලන්න සෙට් වෙන්න එපා. මේක අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. ආයෙ නොකිව්වා කියන්න එපා. සුපුරුදු පරිදි සබ් එක දීලා තියෙන්නෙ වයිටීඑස් කොපියට. ලින්ක් අවුලක් නම් වයිටීඑස් එකෙන් බාගන්න.
ජය වේවා.

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Ugly Stepsister (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-ugly-stepsister-2025-sinhala-subtitles/feed/ 0
Final Destination Bloodlines (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/final-destination-bloodlines-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/final-destination-bloodlines-2025-sinhala-subtitles/#comments Thu, 05 Jun 2025 16:12:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102713 Final Destination Bloodlines Sinhala Sub Final Destination Bloodlines Sinhala Subtitles Final Destination Bloodlines 2025 Sinhala Sub Final Destination Bloodlines (2025) Sinhala Sub Final Destination Bloodlines (2025) Sinhala Subtitles කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. සුපුරුදු විදිහට කැම් පිටපතට උපසිරසි කරපු නිසායි මේ ඉක්මනට දෙන්න පුලුවන් වුණේ. […]

The post Final Destination Bloodlines (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Final Destination Bloodlines Sinhala Sub
Final Destination Bloodlines Sinhala Subtitles
Final Destination Bloodlines 2025 Sinhala Sub
Final Destination Bloodlines (2025) Sinhala Sub
Final Destination Bloodlines (2025) Sinhala Subtitles

කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. සුපුරුදු විදිහට කැම් පිටපතට උපසිරසි කරපු නිසායි මේ ඉක්මනට දෙන්න පුලුවන් වුණේ.

Final Destination කියන්නේ සෑහෙන දෙනෙක් දන්න කියන චිත්‍රපටි මාලාවක්නේ. පුංචි කාලෙම මරණය කියන්නේ කොයිවගේ භයානක දෙයක්ද කියලා අපේ මනසට රිංගවන්න සමත්වුණු චිත්‍රපටි මාලාවක් විදිහට තමයි මම නම් Final Destination චිත්‍රපටි මාලාව හඳුන්වන්නේ. ඒ දවස්වල මාරම බයයි චිත්‍රපටිවල තිබ්බ දේවල් වලට. හුඟක් අයට අර කොට ලොරියේ සීන් එක ඔලුවට එනවා Final Destination කියද්දී. 2000 අවුරුද්දේ පටන්ගත්ත චිත්‍රපටි මාලාව අවුරුදු 11ක් ඇතුළත චිත්‍රපටි 5ක් නිකුත් කළා. 
Jeffrey Reddick තමයි මේ කතාවේ නිර්මාණකරුවා වෙන්නේ. ඔයාලා දන්නවද එයා මේ පිටපත මුලින්ම ලියලා තියෙන්නේ ඔයාලා හැමෝම දන්න කියන The X-Files කතාමාලාවේ එක එපිසෝඩ් එකක් විදිහට. පස්සේ මෙයාට හිතිලා තියෙනවා මේකෙන් චිත්‍රපටියක් නිර්මාණය කරන්න. ඊටපස්සේ Warner Bros. Entertainment ආයතනයේ සමාගමක් වුණු New Line Cinema එකේ යාලුවෙක් එක්ක කතා කරලා මේකට The X-Files රචකයෝ වුණු James Wong සහ Glen Morganව සම්බන්ධ කරගෙන පළවෙනි චිත්‍රපටිය නිර්මාණය කරනවා.  ඊටපස්සේ විවිධ අධ්‍යක්ෂකවරු සහ රචකයෝ යටතේ චිත්‍රපටි මාලාව ඉදිරියට කරගෙන ගියා.
ඉතිං මේ Final Destination Bloodlines කියන්නේ චිත්‍රපටි මාලාවේ 6වෙනි චිත්‍රපටිය. 5වෙනි චිත්‍රපටියෙන් අවුරුදු 14කට පස්සෙයි මේක නිර්මාණය වෙන්නේ.
Horror/Mystery ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Zach Lipovsky සහ Adam Stein. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 49ක් වෙනවා වගේම බෙදාහරින්නේ Warner Bros. Pictures ආයතයනය. මේ චිත්‍රපටිය Final Destination 5 චිත්‍රපටියට ප්‍රීක්වල් එකක් වෙනවා. ඒවගේම චිත්‍රපටි මාලාවේ වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටිය වෙන්නෙත් මේක. ඩො.මි. 50ක වියදමක් දරලා මේ වෙනකොට ඩො.මි 230කට වැඩි ඉතා ඉහල ආදායමක් ලබලා තියෙනවා.
හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.
හැබැයි පරණ චිත්‍රපටි ටික වගේම සුපිරියටම තියෙනවා කියලා නම් කියන්න ඕන. ලේ කියන එක හොඳටම පෙන්නනවා. ඒ ගැනත් අවදානෙන්.

එහෙනම් අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ඔයාලට ජය
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Final Destination Bloodlines (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/final-destination-bloodlines-2025-sinhala-subtitles/feed/ 2
The Devil’s Chair (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-devils-chair-sinhala-2025-subtitles/ https://sinhalasub.lk/movies/the-devils-chair-sinhala-2025-subtitles/#respond Thu, 05 Jun 2025 10:03:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102693 The Devil’s Chair Sinhala Sub The Devil’s Chair Sinhala Subtitles The Devil’s Chair Sinhala Sub The Devil’s Chair (2025) Sinhala Sub The Devil’s Chair (2025) Sinhala Subtitles කතා සාරාංශය: වික්‍රම්, තමන්ගේ ජීවිතයේ කළුවරම කාල පරිච්ඡේදයකට මුහුණ දෙමින් ඉන්නේ. එකපෙළට තමන්ගේ රැකියාවත්, ආදරයත් අහිමි වීමත් එක්ක දැඩි ලෙස කඩා වැටෙන ඔහු, “පුන්ඩාක්ෂ” නම් දරුණු, නපුරු ආත්මයක […]

The post The Devil’s Chair (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Devil’s Chair Sinhala Sub
The Devil’s Chair Sinhala Subtitles
The Devil’s Chair Sinhala Sub
The Devil’s Chair (2025) Sinhala Sub
The Devil’s Chair (2025) Sinhala Subtitles

කතා සාරාංශය:
වික්‍රම්, තමන්ගේ ජීවිතයේ කළුවරම කාල පරිච්ඡේදයකට මුහුණ දෙමින් ඉන්නේ. එකපෙළට තමන්ගේ රැකියාවත්, ආදරයත් අහිමි වීමත් එක්ක දැඩි ලෙස කඩා වැටෙන ඔහු, “පුන්ඩාක්ෂ” නම් දරුණු, නපුරු ආත්මයක ග්‍රහණයට නතු වෙනවා. ක්‍රමයෙන් අන්ධකාරය ඔහුව වෙළාගනිද්දී, ඔහුගේ ශරීරයත් මනසත් ඒ අශුද්ධ බලවේගයේ පාලනයට යටත් වෙද්දී, වික්‍රම්ව මේ සාපයෙන් මුදවා ගැනීමේ දැවැන්ත අභියෝගය භාරගන්නේ මානසික බලවේග පිළිබඳ විශේෂඥයෙක් වන “මනෝජව”. මේ දෙදෙනා අතර සිදුවන, පැවැත්ම උදෙසා කරන අතිශය බිහිසුණු අරගලය තමයි “යක්ෂයාගේ පුටුව” තුළින් දිගහැරෙන්නේ. ආත්මයක ආවේශය, එයින් මිදීමට දරන වෑයම සහ අඳුරට එරෙහිව කරන සටන කුතුහලයෙන් නරඹන්න ඔබට පුළුවන් වේවි! 🎬👹

උපසිරැසිකරුගේ ඇසින්:
මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි නිර්මාණය කරපු කෙනා විදිහට මට මේ ෆිල්ම් එක ගැන කියන්න තියෙන්නේ, මේක බලන අයව මුල ඉඳන් අගටම පුටුවෙ කොනට තියලා බලන්න පොළඹවන සුපිරි හොරර් ත්‍රිලර් අත්දැකීමක් කියලයි. 😱 වික්‍රම් කියන චරිතය මුහුණ දෙන අවාසනාවන්ත ඉරණම, එයාට රැකියාව, ආදරේ ඔක්කොම නැතිවෙලා අසරණ වෙන හැටි… 😥 ඊට පස්සේ මේ පුන්ඩාක්ෂ කියන නපුරු ආත්මයේ ග්‍රහණයට ලක්වෙලා එයා විඳින දුක, ඒ අඳුරු බලවේගය එක්ක කරන අරගලය ඇත්තටම හිතට වදිනවා. විශේෂයෙන්ම, අර භූත ආත්මය එයාගේ ශරීරය අල්ලගන්න හදනකොට, ඒ වෙනස්වීම්, ඒ බියකරු බව උපසිරැසි එක්ක බලද්දී තවත් දැනේවි.

ඒ වගේම තමයි, මනෝජව කියන මානසික බලවේග ප්‍රගුණ කරපු කෙනා, වික්‍රම්ව බේරගන්න කරන සටන! 🧠⚔ ඒක නිකන්ම නිකන් සටනක් නෙවෙයි, නපුරට එරෙහිව නැගී සිටීමක්. ඔහු පාවිච්චි කරන උපක්‍රම, ඒ භූත බලවේගය එක්ක කරන මානසික යුද්ධය හරිම ආකර්ෂණීයයි. චිත්‍රපටිය පුරාම තියෙන කුතුහලය, නොසිතන වෙලාවක ඇඟ කිලිපොලා යන දර්ශන 🥶 (Horror jump scares ටිකකුත් බලාපොරොත්තු වෙන්න!), මේ හැමදේම එක්ක “යක්ෂයාගේ පුටුව” කියන්නේ අනිවාර්යයෙන්ම හොරර් ෆිල්ම් රසිකයෙක් අතපසු නොකළ යුතු නිර්මාණයක්. 🔥 ආත්මයක් ශරීරයකට ආවේශ වුණාම මොන වගේ දේවල් වෙන්න පුළුවන්ද, ඒ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක මේකෙන් අපූරුවට පෙන්නුම් කරනවා. සමහර තැන්වලදී ඔයාලටත් හිතේවි “දැන් මොකක් වෙයිද?” කියලා. 🤫 අවසානය වෙනකම්ම කුතුහලය රඳවා තියාගන්න මේ චිත්‍රපටිය සමත් වෙනවා. IMDb අගය 6.2 ක් වුණාට, සමහර හොරර් ෆිල්ම්වලට ආස අයට මේක ඊට වඩා දෙයක් ගෙන ඒවි. බලලම තීරණය කරන්නකෝ! 😉

ප්‍රේක්ෂක නිර්දේශය:
මෙය වැඩිහිටි ප්‍රේක්ෂකයින් සඳහා වඩාත් සුදුසු නිර්මාණයකි. (අන්තර්ගතයේ ඇති භයංකාර දර්ශන සහ තේමාවන් නිසා 🔞)

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Devil’s Chair (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-devils-chair-sinhala-2025-subtitles/feed/ 0
Barbarian (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/barbarian-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/barbarian-2022-sinhala-subtitles/#comments Thu, 05 Jun 2025 04:04:37 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31474 Barbarian Sinhala Sub Barbarian Sinhala Subtitles Barbarian (2022) Sinhala Sub Barbarian (2022) Sinhala Subtitles බලමුද සුපිරි හොරර් ෆිල්ම් එකක්? පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකල්ම ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැති. පටන් ගත්තු වෙලේ ඉඳන් කුතුහලය උපරිමයි, කුතුහලය එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙ නම් නෑ. ඕනෙ නම් ගිහින් ට්‍රේලර් එක බලලා එන්න. ඒත් ට්‍රේලර් එක […]

The post Barbarian (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Barbarian Sinhala Sub
Barbarian Sinhala Subtitles
Barbarian (2022) Sinhala Sub
Barbarian (2022) Sinhala Subtitles

බලමුද සුපිරි හොරර් ෆිල්ම් එකක්? පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකල්ම ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැති. පටන් ගත්තු වෙලේ ඉඳන් කුතුහලය උපරිමයි, කුතුහලය එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙ නම් නෑ. ඕනෙ නම් ගිහින් ට්‍රේලර් එක බලලා එන්න. ඒත් ට්‍රේලර් එක බලපු අයනම් නොයිවසිල්ලෙන් ඉන්න ඇත්තෙ ෆිල්ම් එක නිකුත් වෙනකල්. ඒ වගේම මේ ෆිල්ම් එකට නිෂ්පාදනයෙන් දායක වෙනවා It (2017) / The Ring (2005) / The Boy (2016) / The Grudge (2004) / Shutter (2008) වැනි ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදනය කරපු Roy Lee සහ J.D. Lifshitz, Raphael Margules, Arnon Milchan වැනි ජනප්‍රිය නිෂ්පාදකවරුන්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නේ Zach Cregger විසින්. තවද මෙය ඩොලර් මිලියන 04 පිරිවැයක් යොදා නිර්මාණය කරන අතර ඩොලර් මිලියන 42.3 ආදායමක් උපයා ගන්න මේ ෆිල්ම් එකට හැකිවෙනවා.

මේ චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගන්නේ 2022 සැප්තැම්බර් 09 වෙනිදා. චිත්‍රපටය බෙදාහැරෙන්නේ 20th Century Studios හරහා. මේකෙ අන්තර්ජාලයට පිටපත් නිකුත් වෙන්නේ ඔක්තෝබර් 25 වෙනිදා, ඔන්න හැකි ඉක්මන්ට උපසිරසත් ගෙනාවා කාර්ය බහුල සතියක් වුණත්. කෙසේ හෝ මේ වෙනකොට IMDb දර්ශකේ ප්‍රේක්ශක මනාප 28,000 වැඩි ප්‍රමානයකින් 7.4 ඉහල අගයක් ගන්න මේ ෆිල්ම් එකට හැකිවෙනවා ඒ වගේම කුණු තක්කාලිත් 92% ගන්න හැකි වෙනවා. දැං හිතාගන්න පුළුවන්නේ චිත්‍රපටයෙ තරම ගැන.

මෙහි කතාව ගැන මතක් කළොත්, ටෙස් නම් කාන්තාවක් ඩිට්‍රෝයිට් නගරෙට එනවා ජොබ් ඉන්ටවිව් එකකට. ඇය තතර වෙන්න තීරණේ කරන්නේ පාලුවට ගිය ප්‍රදේශයක තියෙන කුලී නිවෙසක. ඒත් හොඳම වැඩේ වෙන්නෙ මෙයා ගෙදරට ගියාම ඒ ගෙදර තව කෙනෙක් ඉන්නවා, ඔහු නමින් කීත්. ඔහුත් ඒ ගෙදරම කුලියට අරන් තිබිල තියෙන්නේ. පෙනෙන විදිහට සමාගම් දෙකකින් මෙයාලට එකම ගෙදර විකුණලා තියෙනවා. කෙසේ හෝ දෙන්නම අසරණ වූ මොහොතෙ කීත් ටෙස්ට ඇතුලට එන්න ආරාධනා කරනවා. ඉතින් ටෙස් නොදැනුවත්ම සහ පිටත හොඳටම වහින නිසා තියෙන අසරණකමට මේ භයානක නිවෙසට ඇතුලු වෙනවා. ටෙස්ට ආපු වෙලේ ඉදන් මේ නිවස ගැන සැක හිතෙනවා, කීත් ගැනත්. ඔහොම ඉන්න කොටයි ටෙස්ට මේ නිවසෙ තිබිල රහස් උමගක් හමුවෙන්නේ. ඒ උමග ඇතුලෙ වදකාගාරයක් තියෙනවා ඇයට දකින්න ලැබෙනවා. ඒ වගේම තවත් අත්භූත සිද්දීන් රැසකට ඇයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කවුද මේ කීත් කියන්නේ? මොකක්ද මේ ගෙදර? මොකක්ද මේ රහස් උමග? මොකක්ද ඒක ඇතුලෙ වෙන්නෙ?

ඔන්න මීට මාස හතරකට උඩදී ආපු මේකෙ ට්‍රේලර් එකෙන් කියවුණු කතාව සහ ඒක බලපු අයට ඇතිවුන ප්‍රශ්න ටිකයි මං ඔය උඩ කිව්වේ. ඒත් මතක තියාගන්න ට්‍රේලර් එකෙන් චිත්‍රපටයේ හොඳම ටික පෙන්නුවේ නෑ. සරලවම කිව්වොත් චිත්‍රපටයෙ කතාව ගැන මොනම දෙයක්වත් ට්‍රේලර් එකෙන් කියවුණ්නෑ. තවද මේක එකම තැනකට විතරක් කොටුවුණ චිත්‍රපටයකුත් නෙවේ. මේක වෙනස්ම කතාවක්, වෙනස්ම කන්සෙප්ට් එකක්. මේක බලන හැමෝටම ඇස් උඩ දාගෙන, ඉවරවෙනකල්ම ත්‍රාසයෙන් බලන්න පුළුවන් සුපිරි කුතුහලයක් තියෙන කතාවක් තමා මේකෙ අන්තර්ගත වෙන්නේ. භය උපද්දවන දර්ශන දාල, මිනීමැරුම් (වැඩිය නෑ) පෙන්නුවත් මේකෙන් පෙන්නන්නේ හරිම ලස්සන වගේම සුන්දර කතාවක් කියන්න පුළුවන්, එක විදිහකින්. ඒ කොහොමද කියලා ඔයාල බලලාම දැනගන්න. එහෙනම් මං මෙතනින් නතර වෙනවා තව උපසිරැසියකින් හමුවෙනකල්. ජයවේවා!

The post Barbarian (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/barbarian-2022-sinhala-subtitles/feed/ 2
S.T.A.L.K.E.R. Shadow of the Zone (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/s-t-a-l-k-e-r-shadow-of-the-zone-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/s-t-a-l-k-e-r-shadow-of-the-zone-2024-sinhala-subtitles/#respond Wed, 04 Jun 2025 15:47:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102578 S.T.A.L.K.E.R. Shadow of the Zone Sinhala Sub S.T.A.L.K.E.R. Shadow of the Zone Sinhala Subtitles S.T.A.L.K.E.R. Shadow of the Zone 2024 Sinhala Sub S.T.A.L.K.E.R. Shadow of the Zone (2024) Sinhala Sub S.T.A.L.K.E.R. Shadow of the Zone (2024) Sinhala Subtitles කතා සාරාංශය: S.T.A.L.K.E.R. කියන්නේ GSC Game World විසින් නිර්මාණය කළ සුප්‍රසිද්ධ වීඩියෝ ක්‍රීඩා මාලාවක්. මේ කතාව දිගහැරෙන්නේ, […]

The post S.T.A.L.K.E.R. Shadow of the Zone (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
S.T.A.L.K.E.R. Shadow of the Zone Sinhala Sub
S.T.A.L.K.E.R. Shadow of the Zone Sinhala Subtitles
S.T.A.L.K.E.R. Shadow of the Zone 2024 Sinhala Sub
S.T.A.L.K.E.R. Shadow of the Zone (2024) Sinhala Sub
S.T.A.L.K.E.R. Shadow of the Zone (2024) Sinhala Subtitles

කතා සාරාංශය:
S.T.A.L.K.E.R. කියන්නේ GSC Game World විසින් නිර්මාණය කළ සුප්‍රසිද්ධ වීඩියෝ ක්‍රීඩා මාලාවක්. මේ කතාව දිගහැරෙන්නේ, චර්නොබිල් ව්‍යසනයෙන් පසුව මිනිස් වාසයෙන් තොර වූ “කලාපය” (The Zone) අද්භූත, විස්තර කළ නොහැකි අසාමාන්‍ය සංසිද්ධීන්ගෙන් (anomalies) පිරී ගිය විකල්ප යථාර්ථයක් තුළයි. මෙම සංසිද්ධීන් සමහරක් අතිශයින්ම භයානක වන අතර, තවත් සමහරක් ඉතා වටිනා සම්පත් වෙනවා. මේ නිසාම, විවිධ කණ්ඩායම් තම ජීවිත පවා පරදුවට තබමින් මෙම කලාපයට ඇතුළු වෙනවා. මෙසේ නිර්භීතව කලාපය තුළ සැරිසරන සංචාරකයින් හඳුන්වන්නේ “ස්ටෝකර්වරුන්” (Stalkers) ලෙසයි.

“ෂැඩෝ ඔෆ් ද සෝන්” (Shadow of the Zone) කියන මේ කතාවෙන් කියවෙන්නේ, පළපුරුදු, නිදහස් ස්ටෝකර්වරයෙකුට පැවරෙන භාරදූර මෙහෙයුමක් ගැනයි. ඔහුට සිදුවෙනවා, කුලී හේවායින් පිරිසක් සමඟ අද්භූත ගුවන් විදුලි සංඥාවක් විමර්ශනය කිරීම සඳහා කලාපයේ අඳුරු, භයානක ගැඹුරටම ගමන් කිරීමට. මේ ගමනේදී, ඔවුන්ට එම සංඥාවට නිරාවරණය වීමේ බිහිසුණු, බියකරු ප්‍රතිවිපාකවලට මුහුණ දීමටත්, එම සංඥාවේ පැවැත්ම පිටුපස ඇති අඳුරු, කුරිරු යථාර්ථය හෙළිදරව් කරගැනීමටත් සිදුවෙනවා. ☢👣

“උපසිරැසිකරුගේ ඇසින්”:
මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි ගන්වපු කෙනා හැටියට මට මේ ගැන කියන්න තියෙන්නේ, S.T.A.L.K.E.R. ගේම් සීරීස් එකට ආස කරන අයට නම් මේක අනිවාර්යෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්! 🎮💥 චර්නොබිල් කියන නම ඇහුණත් දැනෙන අමුතුම අඳුරු, ගුප්ත හැඟීම, ඒ වගේම අත්හැර දමපු කලාපයක තියෙන බියකරු නිහැඬියාව මේ ෆිල්ම් එක පුරාම හොඳටම තියෙනවා. 😟

මේකෙ කතාව ගොඩනැගෙන්නේ අර අද්භූත රේඩියෝ සිග්නල් එක වටා. ඒක මොකක්ද, කොහෙන්ද එන්නේ, ඒකෙන් මොන වගේ බලපෑමක් වෙයිද කියන කුතුහලය ෆිල්ම් එක ඉවර වෙනකම්ම තියාගන්නවා. 🔍 පළපුරුදු ස්ටෝකර් කෙනෙක්, තමන්ගෙ වාසියට ඕනම දෙයක් කරන කුලී හේවායො ටිකක් එක්ක මේ අනතුරුදායක කලාපෙ ඇතුලට යනකොට මුහුණදෙන අභියෝග, අනපේක්ෂිත සිදුවීම්, ඒ වගේම ඒ කලාපෙ සැඟවිලා තියෙන අද්භූත බලවේග එක්ක කරන ගැටුම් වලින් කතාව පිරිලා. 😨🔥 සමහර තැන් තියෙනවා ඇඟ හිරිවැටෙන, ඒ වගේම සමහර දේවල් දකිද්දි ‘මේ මොකක්ද මේ වෙන්නේ?’ කියලා හිතෙන. 🤔

IMDb අගය (5.0/10) එක්ක බැලුවම සමහර විට මේක සුපිරිම නිර්මාණයක් කියන්න බැරි වුණත්, වීඩියෝ ගේම් එකේ තියෙන අඳුරු, පීඩාකාරී, බලාපොරොත්තු විරහිත ස්වභාවයට (dystopian, post-apocalyptic feel) කැමති අයට, අභිරහස්, ත්‍රාසය එක්ක පොඩි Sci-Fi ගතියක් මිශ්‍ර වෙච්ච කතාවලට කැමති අයට බලන්න වටින චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. 🎬 විශේෂයෙන්ම “සෝන්” එකේ තියෙන අමුතු, විස්තර කරන්න බැරි භයානක දේවල් (anomalies) සහ ඒවාට මුහුණ දෙන හැටි දකිද්දී, ගේම් එකේ අත්දැකීමට ටිකක් හරි ලංවෙන්න පුළුවන් වේවි. මම සබ්ටයිටල් හදද්දිත් මේකෙ තියෙන ඒ පීඩනය, කුතුහලය, ඒ වගේම සමහර චරිතවල තියෙන අසරණකම හොඳටම දැනුණා. ඔයත් මේ අඳුරු ලෝකෙට කිමිදෙන්න කැමති නම්, අනිවාර්යෙන්ම බලන්න! 👍

ප්‍රේක්ෂක නිර්දේශය:
මෙහි අන්තර්ගත ඇතැම් දර්ශන (උදා: බිය උපදවන දසුන්, නොසන්සුන්කාරී සිදුවීම්, යම් මට්ටමක ප්‍රචණ්ඩත්වය) නිසා මෙය වැඩිහිටි ප්‍රේක්ෂකයින් සඳහා වඩාත් සුදුසු නිර්මාණයකි. 🔞

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post S.T.A.L.K.E.R. Shadow of the Zone (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/s-t-a-l-k-e-r-shadow-of-the-zone-2024-sinhala-subtitles/feed/ 0
Nokturno (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/nokturno-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/nokturno-2024-sinhala-subtitles/#respond Tue, 03 Jun 2025 17:18:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102461 Nokturno Sinhala Sub Nokturno Sinhala Subtitles Nokturno 2024 Sinhala Sub Nokturno (2024) Sinhala Sub Nokturno (2024) Sinhala Subtitles අද මම ඔයාලට ගෙනාවෙ ෆිල්ම් එකක්..ඒක මම මෙච්චර කාලෙකට නොකරපු භාෂාවක එකක්. ඒක තමයි Nokturno.. Nokturno කියන්නෙ පිලිපීන සිනමා නිර්මාණයක්. ස්පාඤ්ඤ භාශාවෙන් ණයට ගත්ත nocturno කියන ඒ වචනෙ පිලිපීන තේරුම නිශාචර නැත්නම් රාත්‍රිය කියන එක. කතාව ගැන […]

The post Nokturno (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Nokturno Sinhala Sub
Nokturno Sinhala Subtitles
Nokturno 2024 Sinhala Sub
Nokturno (2024) Sinhala Sub
Nokturno (2024) Sinhala Subtitles

අද මම ඔයාලට ගෙනාවෙ ෆිල්ම් එකක්..ඒක මම මෙච්චර කාලෙකට නොකරපු භාෂාවක එකක්. ඒක තමයි Nokturno..

Nokturno කියන්නෙ පිලිපීන සිනමා නිර්මාණයක්. ස්පාඤ්ඤ භාශාවෙන් ණයට ගත්ත nocturno කියන ඒ වචනෙ පිලිපීන තේරුම නිශාචර නැත්නම් රාත්‍රිය කියන එක. කතාව ගැන කියනව නම්, මේ කතාව ගොඩනැගෙන්නෙ රෑ කාලෙදි ගෙදර දොරට තට්ටු කරලා, ඒකට ප්‍රතිචාර දක්වන අයට අසුභ ඉරණමක් අත් කරල දෙන පිලිපීන පුරාවෘත්තයක් වුන “කුමකටොක්” වටා.

චිත්‍රපට නිෂ්පාදක මිහායිල් රෙඩ් අධ්‍යක්ෂණය කරපු 2024 දි තිරගත වුන මේ Nokturno චිත්‍රපටය මිනිස් බිය, ජනප්‍රවාද වගේම පවුල් උරුමයේ අන්ධකාරය ගැන ගැඹුරටම කිමිදෙන මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක් විදිහට හඳුන්වනවා.

කතාව ගැන කියනව නම්,

තමන්ගෙ නංගිගෙ මරණයට සහභාගි වෙන්න ගමට එන ජෙමීගෙ වගේම ජෙමීගෙ පවුලෙ ඉරණම ගැන තමයි කතාව දිග ඇරෙන්නෙ. පුරාවෘත්ත කතාවක් වුන රෑ කාලෙදි දොරට තට්ටු කරන “කුමකටොක්” ගැන තදින්ම විස්වාස කරන වගේම ඒ ශාපෙන් තමන්ගෙ පවුල බේරගන්න මහන්සි වෙන ජෙමීගෙ අම්මා ලිලට් මේ වතාවෙත් පරාද වෙලා තමන්ගෙ බාල දුවව නැති කරගෙන ඉන්නෙ. මේ සාපෙන් තමන්ගෙ මහත්තයව වගේම බාල දුවවත් බිලි ගත්තට පස්සෙ ලිලට්ට දැන් ඉතුරු තමන්ගෙ ලොකු දුවත් පවුලෙ බඩපිස්සා වුන පුතත් විතරයි.

ඒ වගේම පොඩි කාලෙ ඉඳන්ම අම්මගෙ කතා විකාරයක් කියල හිතපු ජෙමී මේ හැමදේම අතහැරලා දාලා නගරෙට ගිහින් හිටියත් තමන්ගෙ නංගිගෙ මරණෙ වෙනුවෙන් ගමට ආවම අම්මා ආයෙ ආයෙත් පරණ කතාවම කියන එක ගැන තරහ ගන්නවා. ඒ කතා එකක්වත් ජෙමී විස්වාස කරන්නෙ නැහැ. ඉතිං ජෙමීගෙ නංගිට ඇහුනා වගේම දොරට තට්ටු කරන සද්දයක් ඇහෙන ජෙමීත් දොර ඇරල බැලුවත් කවුරුත් පේන්න නැහැ කියල දකින ජෙමී දොර වහල දානවා….

ඉන් පස්සෙ ජෙමීට මොනවා වෙයිද…අම්මා කියපු කතාව ඇත්ත වෙයිද…නැත්නම් ඒවා බොරු කරලා අම්මවයි මල්ලිවයි බේරගෙන මේ ශාපලත් ගමෙන් යන්න ජෙමීට පුලුවන් වෙයිද….කතාව බලලා එහෙනම් පොඩි කමෙන්ට් එකකුත් දාගෙන යන්න..

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Nokturno (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/nokturno-2024-sinhala-subtitles/feed/ 0
Apartment 7A (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/apartment-7a-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/apartment-7a-2024-sinhala-subtitles/#respond Tue, 03 Jun 2025 05:39:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102396 Apartment 7A Sinhala Sub Apartment 7A Sinhala Subtitles Apartment 7A 2024 Sinhala Sub Apartment 7A (2024) Sinhala Sub Apartment 7A (2024) Sinhala Subtitles “Apartment 7A” 2024 – අත්බුත 7A කාමරය – ඇමරිකානු Horror / Drama චිත්‍රපටයක් වන අතර, Natalie Erika James විසින් අධ්‍යක්ෂණය කරන ලදී. හරි දැන් කතාවට යමු 1965 නිව් යෝර්ක් නගරයේ පිහිටි බ්‍රැම්ෆෝඩ් […]

The post Apartment 7A (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Apartment 7A Sinhala Sub
Apartment 7A Sinhala Subtitles
Apartment 7A 2024 Sinhala Sub
Apartment 7A (2024) Sinhala Sub
Apartment 7A (2024) Sinhala Subtitles

“Apartment 7A” 2024 – අත්බුත 7A කාමරය – ඇමරිකානු Horror / Drama චිත්‍රපටයක් වන අතර, Natalie Erika James විසින් අධ්‍යක්ෂණය කරන ලදී.
හරි දැන් කතාවට යමු
1965 නිව් යෝර්ක් නගරයේ පිහිටි බ්‍රැම්ෆෝඩ් ගොඩනැගිල්ලේ නිවසක් ගන්නා තරුණ නර්තන ශිල්පිනිය Terry Gionoffrio ගේ කතාව විස්තර කරයි. ඇයට නර්තනයක් ඉදිරිපත් කිරිමෙිදි කකුලේ තුවාලයක් වන අතර, එය ඇගේ ජීවනෝපායට බාධාවක් වේ. ඇයට Minnie සහ Roman Castevet නම් වැඩිහිටි යුවළක් මගින් උපකාර ලබා ගන්නා අතර, ඔවුන් ඇයට නිවසක් නොමිලේ ලබා දෙයි. කෙසේවෙතත් එම නිවසේ ඇති වන අත්බුත⁣ දේවල් සහ සිදුවිමි මෙම චිත්‍රපටියන් විස්තර කරයි.
මෙය කිසිම කමිමැලිකමක් නැතුව එක දිගට කුතුහලයකින් යුතුව බලාගෙන යන්න පුලුවන් කතාවක්. මෙම චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර ලැබි තිබෙි. Rotten Tomatoes හි 43% අගයක් හා IMDb 5.9 අගයක් ලැබිලා තියෙනවා. මෙය horror චිත්‍රපට අතර හොඳ අගයක්.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙය මාගේ පලමු චිත්‍රපටය වන නිසා යම්කිසි වැරැද්දක් තිබුනොත් මට සමාවන ලෙස හා නැවතත් Cineru.k වෙතිත් තවත් උපසිරැසියකින් හමුවෙමු.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Apartment 7A (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/apartment-7a-2024-sinhala-subtitles/feed/ 0
Devil’s Double Next Level (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/devils-double-next-level-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/devils-double-next-level-2025-sinhala-subtitles/#respond Sun, 01 Jun 2025 06:18:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102230 Devil’s Double Next Level Sinhala Sub Devil’s Double Next Level Sinhala Subtitles Devil’s Double Next Level 2025 Sinhala Sub Devil’s Double Next Level (2025) Sinhala Sub Devil’s Double Next Level (2025) Sinhala Subtitles ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව […]

The post Devil’s Double Next Level (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Devil’s Double Next Level Sinhala Sub
Devil’s Double Next Level Sinhala Subtitles
Devil’s Double Next Level 2025 Sinhala Sub
Devil’s Double Next Level (2025) Sinhala Sub
Devil’s Double Next Level (2025) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Devil’s Double Next Level (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/devils-double-next-level-2025-sinhala-subtitles/feed/ 0
Sinners (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sinners-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sinners-2025-sinhala-subtitles/#respond Sat, 31 May 2025 16:48:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102138 Sinners Sinhala Sub Sinners Sinhala Subtitles Sinners 2025 Sinhala Sub Sinners (2025) Sinhala Sub Sinners (2025) Sinhala Subtitles මේ පාර මම අරගෙන ආවේ අළුත් සුපිරිම චිත්‍රපටයක් උණු උණුවෙම. මං මේක සුපිරිම චිත්‍රපටයක් කිව්වේ නිකං නෙමේ, හේතු කාරණා ගොඩක් නිසා. අපි මුලිම්ම බලමු ඔයාලා හැමෝම දන්න ප්‍රසිද්ධ මාධ්‍යජාලා වලින් මේකට ලැබුණ රේටින් ගැන, එතකොට ඔයාලට දල […]

The post Sinners (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sinners Sinhala Sub
Sinners Sinhala Subtitles
Sinners 2025 Sinhala Sub
Sinners (2025) Sinhala Sub
Sinners (2025) Sinhala Subtitles

මේ පාර මම අරගෙන ආවේ අළුත් සුපිරිම චිත්‍රපටයක් උණු උණුවෙම. මං මේක සුපිරිම චිත්‍රපටයක් කිව්වේ නිකං නෙමේ, හේතු කාරණා ගොඩක් නිසා. අපි මුලිම්ම බලමු ඔයාලා හැමෝම දන්න ප්‍රසිද්ධ මාධ්‍යජාලා වලින් මේකට ලැබුණ රේටින් ගැන, එතකොට ඔයාලට දල අදහසක් ගන්න පුළුවන් වෙයි මේක සුපිරිම චිත්‍රපටයක් කියන්නේ ඇයි කියලා. ඒ අනුව මනාප ලක්ෂයකට අධික ප්‍රමානයකින් IMDb 8.1 ඉතා ඉහල අගයකුත්, Rotten Tomatoes 97% ඉතා නැවුම් අගයකුත්, IGN 9/10 ඉතාම හොඳ අගයකුත් අරගෙන තියෙනවා. ඊට අමතරම මේ දවස්වල මූවී රසිකයන්ගේ ජනප්‍රියම මාධ්‍ය වෙන Letterboxd හි මනාප 1,148,122 ඉතා විශාල ප්‍රමානයකින් 4.2/5 බොහොමත්ම හොඳ අගයක් අරගන්න සමත්වෙලා තියෙනවා. ඒ විතරක් නෙමේ මේ Letterboxd එකේ මනාප මිලියනය පැනපු චිත්‍රපට ඔක්කොම තියෙන්නේ 550ටත් වඩා අඩුවෙන්, ඒකෙනුත් වේගෙන්ම මිලියනය පැනපු චිත්‍රපට අතර හතර වෙනියට එන්න මේක සමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකට මනාප මිලියනය ගන්න ගතවෙලා තියෙන්නේ දවස් 36 විතරයි. දැන් කට්ටියට හිතාගන්න පුළුවන් ඇතිනේ මේක කොච්චර සුපිරි චිත්‍රපටයක්ද කියලා. ඒ විතරක් නෙමේ මේකෙ තියෙන තව විශේෂත්වයක් තමා 2025 අවුරුද්දේ IMAX හරිම කැමරා වලින් රූගත කරපු එකම ෆිල්ම් එක වෙන්නෙත් මේක. තව IMAX කැමරා වලින් රූගත කරපු ෆිල්ම් එකක් තවත් එන්නෑ මේ අවුරුද්දට.

ඒ වගේම මං දැක්කා සෝශල් මීඩියා වල ලංකාවේ අය මේක ඕවරේටඩ් ෆිල්ම් එකක්, මේකට මෙච්චර රේටින් එන්න සුදුසු නෑ කියලා තියෙනවා. හැබැයි ලංකාවේ අය විතරයි, ලෝකේ පුරා රිවීව් ගත්තොත් නරකක් කියලා තියෙන රිවීව් හොයාගන්නවත් නැති තරම්. මෙහෙ අයට නම් මේ ෆිල්ම් එක තේරිලා නැති එක වෙන්න ඕනෙ ඕවරේටඩ් කියන්න හේතුව. මොකද මේක සෑහෙන්න සැඟවුනු දේවල් දාල හදපු චිත්‍රපටයක්, ඒවා ගැන හරියටම දැනගන්න නම් හරියටම මේ රට වල ඉතිහාසය සහ සංස්කෘතීන් ගැන දැනගන්න ඕනෙ. මොකද කිව්වොත් මේකෙ කතාව දිවෙන්නේ 1930 මිසිසිපි පාදක කරගෙන. ඉතින් මේකෙ වචන සහ මේකේ කතා වෙන දේවල් ඒ කාලෙට සම්බන්ද දේවල්. හරියට මේකෙ ගොඩක් තැන් වල කියවෙන Klan කල්ලිය වගේ. ඒ Ku Klux Klan කියන්නේ ඒ කාලේ තිබුණ ජාතිවාදි සංවිදානයක්. උන් කළු ජාතිකයන්ව අමානුෂික විදිහට නිරපරාදේ මරා දැමුවා ඒ කාලේ.

තව මේ ෆිල්ම් එකේ තැනක් තියෙනවා, මේකෙ ඉන්න කෙනෙක්(කවුද කියලා නොකියා ඉන්නම්) ඔහුගේ කතාව කියනවා, ඔවුන්ට බලෙන් යාච්ඥා කියන්න දීලා ආගම පැටෙව්වයි කියලා. එහෙම බලෙන් ආගම් මිනිස්සුන්ට පටවන සිද්ධීන් තදටම වුණේ ඊට අවුරුදු 400 විතර කලින්. ඒ අනුව අපිට හිතාගන්න පුළුවන් මේ පුද්ගලයා අවුරුදු 400 ගානක ඉඳන් පැවත එන්නෙක් කියලා. මේවා ගැන පොඩි කතා ෆිල්ම් එකේදි කිව්වට මේ වගේ විස්තර ඇතුව කියන්නෑ. ඒකට පොඩි ඉතිහාස දැනීමකුත් තියෙන්නෝනෙ. ඒ විදිහට ගොඩක් සැඟවුණු දේවල් අධ්‍යක්ෂකතුමා මේකට දාලා තියෙයි. හරියට මේකේ සංගීතය යොදලා තියෙනවා වගේ. මේකෙ කට්ටිය සිංදු කියන්නේ අදාල තැන් වලට අදාල විදිහට කට්ටියව නම්ම ගන්න. ඒ ගැන හරියටම විස්තර කරන්න ගියොත් ෆිල්ම් එක ස්පොයිල් වෙන නිසා මුකුත් නොකියා ඉන්නම්.

ආහ්, තව දෙයක් කියන්නම් මේ චිත්‍රපටය ගැන. ඒ තමයි මේකේ නිවුන්නු දෙන්නෙක්නේ ඉන්නේ ප්‍රධාන වශයෙන්. ඉතිං ගොඩක් චිත්‍රපටවල ඔයාලා නිවුන්නුන්ගේ මූන බලනවා හොඳට දෙන්නව වෙන් කරලා අඳුර ගන්න. හැබැයි මේකෙදි ඒක වෙනස් වෙයි. මේකෙදි ඔයාලා එයාලගෙ ඇඳුම් දිහා විතරයි බලන්නේ එයාලව වෙන් කරලා අඳුර ගන්න. ඒකෙනුත් එයාලගේ තොප්පි දිහා. ඒ අනුව මේකෙදී අධ්‍යක්ෂකතුමා ප්‍රේක්ෂකයන්ව නිවුන්නු දෙන්නගේ තොප්පි වලට අවදානෙ දෙන විදිහටයි හදලා තියෙන්නේ එයාලගේ මූනු දිහා බලලා අඳුර ගන්නවා වෙනුවට.

දැන් අපි බලමු චිත්‍රපටයේ පසුබිම් විස්තර ගැන, මේක සිනමාශාලාවල් වලට නිකුත් වුණේ අප්‍රේල් 17 වෙනිදා. මිලියන 90 යොදා නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටය මේ වෙද්දි ලොවපුරා ආදායම මිලියන 317,000 ඉක්මවා ගිහින් තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ Black Panther, Creed වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කෙරූ Ryan Coogler විසින්. මීට රංගනයෙන් දායක වෙනවා ක්‍රීඩ් චිත්‍රපට මාලාව හරහා කවුරුත් දන්නා Michael B. Jordan, තවද මේ දවස්වල කාගෙත් සිත්ගත් සොඳුරු රුවැත්තී Hailee Steinfeld, ඊට අමතරව Miles Caton, Jack O’Connell, Wunmi Mosaku, Jayme Lawson, Omar Miller, Delroy Lindo වැනි අයත් රංගනයෙන් දායක වෙනවා. තව දෙයක් තමයි මේකේ සැමීගේ චරිතය හරහා දක්ෂ රඟපෑමක් ඉදිරිපත් කරන Miles Catonගේ පලවෙනි රංඟනයක් මේ චිත්‍රපටයමයි.

කතාව ගැන කිව්වොත්, ස්මෝක් සහ ස්ටැක් නිවුන්නු දෙන්නා පලවෙනි ලෝක යුද්ධයේ සටන් කරලා පසුව චිකාගෝවට ගිහින් පට්ට ජල්තර් වගයක් නටලා ආයෙම එයාලගේ ගම වුණ මිසිසිපි වලට එනවා. එතන ඉඳන් තමයි කතාව පටන් ගන්නේ. මෙයාල මෙහෙම මිසිසිපි වලට එන්නේ අවුරුදු හතකට පස්සේ. හැබැයි මුළු ටවුමම මේ නිවුන්නු දෙන්නට බයයි ඔවුන්ගේ වැඩ නිසා. මෙයාලා සුද්දෙක්ගෙන් පරණ ලී මෝලක් සල්ලි වලට අරන් ඒක ජුක් ජොයින්ට් එකක් බවට පත් කරනවා. ජුක් ජොයින්ට් එකක් කියන්නේ බාර් එකක් වගේ සිංදු කියලා නටලා බීලා, සූදුවක් එහෙම කරලා යන්න පුළුවන් තැනක්. විශේෂයෙන්ම කළු මිනිසුන්ට. ඒකෙ පලවෙනි මහා ආරම්භක රාත්‍රිය ගැන තමයි මේකේ කතාව.

හැබැයි කතාව පොඩී වගේ කියලා හිතුනට එහෙම නෑ, මේකට බොහොම ගැඹුරු දේවල් එකතු කරලා තියෙනවා, හරියට ඒ කාලේ කළු ජාතිකයන්ට තිබුණ අසාදාරණකම් වගේ. ඒ වගේම මේක ලොකු මහන්සියක් වෙලා නිර්මාණය කරපු ෆිල්ම් එකක්. මේකේ අපිට නිවුන්නු දෙන්නගේ චරිතය ඉතා සමීපව දෙන්නගේ අන්තර්ක්‍රියා අපිට බලාගන්න පුළුවන් හරිම තාත්වික විදිහට. ඒකට මෙයාල මේකට විතරක් ආවේනික වුණ ක්‍රම භාවිතා කරලා තියෙනවා. කොටිම්ම කිව්වොත් මේකේ අපිට නිවුන්නු දෙන්න පෙන්වන පලවෙනි දර්ශනය ඒ තියෙන විදිහට ගන්න 17 පාරක් ශූටින් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි පලවෙනි පාරින්ම කවුද ස්මෝක් කවුද ස්ටැක් කියලා ප්‍රේක්ෂකයන්ගේ හිතට කාවද්දන්න, හැම අතින්ම.

ඕක තමයි විස්තරේ බලන්න කැමති අය අනිවා බලන්න. බයවෙන්න දෙයක් නෑ මේකෙ කොච්චර ගැඹුරු දේවල් කතා කරත් තේරෙන විදිහට සරල කරලා ඕන කෙනෙක්ට තේරෙන විදිහට සබ් එක හදලා තියෙනවා. එහෙනම් බලලා කොමෙන්ට් එකකුත් දාගෙන යන්න. ආයෙ උපසිරැසියකින් හමුවෙමු.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sinners (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sinners-2025-sinhala-subtitles/feed/ 0
Fear Street: Prom Queen (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/fear-street-prom-queen-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/fear-street-prom-queen-2025-sinhala-subtitles/#respond Sat, 31 May 2025 07:02:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102105 Fear Street: Prom Queen Sinhala Sub Fear Street: Prom Queen Sinhala Subtitles Fear Street: Prom Queen 2025 Sinhala Sub Fear Street: Prom Queen (2025) Sinhala Sub Fear Street: Prom Queen (2025) Sinhala Subtitles කතා සාරාංශය: ෂේඩිසයිඩ් නගරයට නැවතත් ඔබව සාදරයෙන් පිළිගන්නවා! ලෙයින් තෙත් වුණු භීෂණයේ “Fear Street” කතා මාලාවේ මේ අලුත්ම දිගහැරුමෙන් අපි යන්නේ ෂේඩිසයිඩ් […]

The post Fear Street: Prom Queen (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Fear Street: Prom Queen Sinhala Sub
Fear Street: Prom Queen Sinhala Subtitles
Fear Street: Prom Queen 2025 Sinhala Sub
Fear Street: Prom Queen (2025) Sinhala Sub
Fear Street: Prom Queen (2025) Sinhala Subtitles

කතා සාරාංශය:

ෂේඩිසයිඩ් නගරයට නැවතත් ඔබව සාදරයෙන් පිළිගන්නවා! ලෙයින් තෙත් වුණු භීෂණයේ “Fear Street” කතා මාලාවේ මේ අලුත්ම දිගහැරුමෙන් අපි යන්නේ ෂේඩිසයිඩ් උසස් පාසලේ ප්‍රොම් සමයට. පාසලේ “ඉට් ගර්ල්ස්” ලා, ඒ කියන්නේ හැඩකාර, ජනප්‍රියම කෙල්ලන්ගේ කල්ලිය, ප්‍රොම් රැජින කිරුළ දිනාගන්න සුපුරුදු පරිදි තමන්ගේ මිහිරි නමුත් කෘර උපායයන් දියත් කරමිනුයි ඉන්නේ.

නමුත්, කිසිවෙකුත් නොසිතූ විදිහට, හිතේ හයියක් තියෙන අලුත් පිටස්තර තරුණියක් ප්‍රොම් කිරුළ සඳහා තරඟයට නිර්දේශ වෙනවා. ඒත් එක්කම, පුදුම සහගත විදිහට අනිත් තරුණියන් එකා පසුපස එකා අභිරහස් ලෙස අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. ’88 වසරේ පන්තියට මේ උදාවෙන ප්‍රොම් රාත්‍රිය නම්, ජීවිතේ අමතක නොවන, මාරාන්තිකම සහ බිහිසුණුම රාත්‍රියක් වෙන්නයි යන්නේ! 🔪🩸

“උපසිරැසිකරුගේ ඇසින්”:

මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි ගන්වපු කෙනා හැටියට මට මේ ගැන කියන්න තියෙන්නේ… ෂාහ්! 😱 “Fear Street” කිව්වම ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ ඒකේ තියෙන ගතිය. ෂේඩිසයිඩ් වලට ආයෙත් ඔන්න කරුවල අරගෙන එන කතාවක් මේක. 🎬 ප්‍රොම් නයිට් එකක් කියන්නේ කොහොමත් තරුණ ජීවිත වල ලොකු හීනයක්නේ, ඒත් ෂේඩිසයිඩ් වල ප්‍රොම් නයිට් එකක් කියන්නේ ලේ පිපාසිත හීනයක් වෙන්නත් පුළුවන් කියල තමයි මේකෙන් පෙන්නන්නේ. 🩸

කතාවේ ඉන්න “ඉට් ගර්ල්ස්” ලා ටික, අර ඉස්කෝලේ ජනප්‍රිය, හැමදේම තමන්ට ඕන විදිහට කරගන්න හදන කට්ටිය, එයාලගේ කිරුළ වෙනුවෙන් කරන දේවල් එක්කම, අර අලුතෙන් එන, හිතුවක්කාර කෙල්ල නිසා කතාව පටන් ගන්නකොටම පොඩි කුතුහලයක් ඇති කරනවා. 🤔 ඊටපස්සේ කෙල්ලෝ අතුරුදහන් වෙන්න පටන් ගත්තම… ආයේ ඉතින් කියන්න දෙයක් නෑ, හිතාගන්න පුළුවන්නේ මොන වගේ භීෂණයක් දිගහැරෙයිද කියලා! 🔪👑 උපසිරැසි කරනකොටත් සමහර තැන් වලදී ඇඟේ මයිල් කෙලින් වුණා කිව්වොත් හරි. ඒ තරමට සස්පෙන්ස්, ත්‍රිල් එක තියෙනවා. Mystery එකකුත් එක්ක යන නිසා අන්තිම වෙනකම්ම බලන් ඉන්න හිතෙනවා. Horror චිත්‍රපටි වලට, විශේෂයෙන්ම “Fear Street” රසිකයින්ට නම් මේක මඟහැරගන්න නම් එපා කියලයි කියන්න තියෙන්නේ. 🔥 ලේ, මරණ, අභිරහස් පිරුණු ප්‍රොම් නයිට් එකකට ලෑස්ති වෙන්න! 👻

ප්‍රේක්ෂක නිර්දේශය:

මෙය “R” කාණ්ඩයට අයත්, Horror, Mystery, Thriller ගණයේ චිත්‍රපටියක් නිසාත්, එහි අඩංගු දරුණු, ලේ වැගිරීම් සහිත දර්ශන (“blood-soaked”) නිසාත්, මෙය වැඩිහිටි ප්‍රේක්ෂකයින් සඳහා පමණක් වඩාත් සුදුසු නිර්මාණයකි. 🔞

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Fear Street: Prom Queen (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/fear-street-prom-queen-2025-sinhala-subtitles/feed/ 0