History - SinhalaSub https://sinhalasub.lk/genre/history/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 17 Aug 2025 05:20:51 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png History - SinhalaSub https://sinhalasub.lk/genre/history/ 32 32 11 Rebels (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/11-rebels-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/11-rebels-2024-sinhala-subtitles/#respond Sun, 17 Aug 2025 05:19:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=109527 11 Rebels Sinhala Sub 11 Rebels Sinhala Subtitles 11 Rebels 2024 Sinhala Sub 11 Rebels (2024) Sinhala Sub 11 Rebels (2024) Sinhala Subtitles ජපානයම ගිනිගෙන දැවෙමින් තිබූ කුරිරු බොෂින් යුද්ධයේ අඳුරුම කාල පරිච්ඡේදයයි මේ. යුධ ගිනිදැල් මැද, කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ කණ්ඩායමක්, බලකොටුවක් රැකගැනීමේ මංමුලා සහගත සටනකට මුහුණ දෙයි. මේ කණ්ඩායම සුවිශේෂී එකක්… මොකද මෙහි ඉන්නේ […]

The post 11 Rebels (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
11 Rebels Sinhala Sub
11 Rebels Sinhala Subtitles
11 Rebels 2024 Sinhala Sub
11 Rebels (2024) Sinhala Sub
11 Rebels (2024) Sinhala Subtitles

ජපානයම ගිනිගෙන දැවෙමින් තිබූ කුරිරු බොෂින් යුද්ධයේ අඳුරුම කාල පරිච්ඡේදයයි මේ. යුධ ගිනිදැල් මැද, කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ කණ්ඩායමක්, බලකොටුවක් රැකගැනීමේ මංමුලා සහගත සටනකට මුහුණ දෙයි. මේ කණ්ඩායම සුවිශේෂී එකක්… මොකද මෙහි ඉන්නේ ගෞරවනීය සමුරායිවරුන් පමණක් නෙවෙයි, සමාජයෙන් කොන් වූ අපරාධකාරයන්, සිරකරුවන් සහ පරදින්නටම ඉපදුණා සේ පෙනෙන මිනිසුන් පිරිසක්.

ෂිබාටා වංශය, බලයේ සිටි ෂෝගුන් පාලනය සහ නැගී එන නව රජය කියන මහා බලවේග තුනේම බල අරගලය මැද සිරවෙන මේ 11 දෙනා, තමන්ගේ ජීවිතය රැකගන්න මරුවා සමඟ සටන් වදිනවා. එකිනෙකාට වෛර කරන, කවදාවත් එකිනෙකා විශ්වාස නොකරන මේ පිරිසට, පොදු සතුරෙකුට එරෙහිව එකට නැගී සිටින්නට හැකිවේවිද? මරණය අත වනන මේ මාරක සටන ජයගන්නට මේ නුහුරු කැරලිකරුවන් 11 දෙනාට හැකිවේවිද?

✍ උපසිරැසිකරුගේ ඇසින්:

මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි ගන්වපු කෙනා හැටියට, මට මේ ගැන කියන්න තියෙන්නේ එකම දෙයයි; මේක නිකම්ම නිකම් කඩු සටන් තියෙන තවත් එක සමුරායි චිත්‍රපටියක් නම් නෙවෙයි! 🤯 ඇත්තටම ඊට වඩා ගොඩක් එහා ගිය දෙයක්. මේකේ තියෙන ගැඹුර, චරිතවල අසරණකම සහ ඒ අසරණකම මැදින් ගොඩනැගෙන අමුතුම විදිහේ බැඳීම හදවතටම වදිනවා.

මේකේ වීරයෝ නෑ. ඉන්නේ ජීවත් වෙන්න පොරබදින, එකිනෙකාට පරස්පර, අඩුපාඩුකම් ගොඩක් තියෙන මිනිස්සු ටිකක්. අපරාධකාරයෝ සහ ගෞරවය නැතිවුණු සමුරායිවරු එකට එකතු වුණාම මොන වගේ පිපිරීමක් වෙන්න පුළුවන්ද කියලා මේ ෆිල්ම් එකෙන් පෙන්වනවා. සටන් ජවනිකා ගැන කිව්වොත්, ඒව නිකම්ම අලංකාර කඩු හරඹ නෙවෙයි. මඩ, ලේ, දහඩිය එක්ක පණ එන, ගොරහැඩි, යථාර්ථවාදී සටන්. ⚔🔥 සමහර වෙලාවට අපිටත් ඒ වේදනාව දැනෙන තරම්මයි.

මේ කතාවේ තියෙන Drama සහ Thriller ගතිය උපරිමයි. කිසිම බලාපොරොත්තුවක් නැති තැනක, නොගැලපෙනම මිනිස්සු ටිකක් පොදු අරමුණක් වෙනුවෙන් එකතු වෙන හැටි බලන්න හරිම ආසයි. ඉතිහාස කතාවලට, ටිකක් වෙනස් විදියේ ඇක්ෂන් වලට ආස කෙනෙක් නම්, මේක ඔයාලට වෙනස්ම අත්දැකීමක් ගෙනේවි කියලා මට ෂුවර්. ඉතින්, මේ සමුරායිවරුන්ගෙයි, අපරාධකාරයන්ගෙයි මංමුලා සහගත සටන කොහොම ඉවර වෙයිද කියලා ඔයාලත් බලන්න! 💪🎬

ප්‍රේක්ෂක නිර්දේශය:

මෙම චිත්‍රපටියේ අඩංගු වන දැඩි ප්‍රචණ්ඩකාරී දර්ශන සහ යුධමය පසුබිම නිසා, මෙය වැඩිහිටි ප්‍රේක්ෂකයින් සඳහා වඩාත් සුදුසු නිර්මාණයකි. 🔞

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post 11 Rebels (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/11-rebels-2024-sinhala-subtitles/feed/ 0
All Quiet on the Western Front (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/all-quiet-on-the-western-front-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/all-quiet-on-the-western-front-2022-sinhala-subtitles/#respond Sun, 17 Aug 2025 04:30:58 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32131 All Quiet on the Western Front Sinhala Sub All Quiet on the Western Front Sinhala Subtitles All Quiet on the Western Front (2022) Sinhala Sub All Quiet on the Western Front (2022) Sinhala Subtitles ඔන්න ඉතින් අද ආවේ මේ අවුරුද්දේ දැනට ආපු සුපිරිම ෆිල්ම් එකක්ට සබ් අරගෙන ෆිල්ම් එකේ නම තමා All Quiet on the […]

The post All Quiet on the Western Front (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
All Quiet on the Western Front Sinhala Sub
All Quiet on the Western Front Sinhala Subtitles
All Quiet on the Western Front (2022) Sinhala Sub
All Quiet on the Western Front (2022) Sinhala Subtitles

ඔන්න ඉතින් අද ආවේ මේ අවුරුද්දේ දැනට ආපු සුපිරිම ෆිල්ම් එකක්ට සබ් අරගෙන ෆිල්ම් එකේ නම තමා All Quiet on the Western Front මේ ෆිල්ම් එක නිෂ්පාදනය කලේ Malte Grunert, Daniel Dreifuss කියන දෙන්නා ෆිල්ම් එක Direct කලේ Edward Berger කියන Director තව මේ ෆිල්ම් එකට Felix Kammerer, Albrecht Schuch,Aaron Hilmer,Moritz Klaus වගේ සුපිරිම සෙට් එකක් රන්ගනයෙන් දායක වෙනවා මේ ෆිල්ම් එක ගොඩනැගෙන්නේ 1929 නිකුත් වුණු මේ නමින්ම රචනා (All Quiet on the Western Front) වුණු අති විශිෂ්ඨ කෘතියක් පාදක කරගන යි.

මේ ෆිල්ම් එක ජර්මනිය තුල දින කිහිපයකට කලින් රිලීස් වුණාට අපිට මේක Netflix හරහා බලන්න පුලුවන් වුණේ Oct 28, 2022 වෙනිදා ඉතිම් මේ ෆිල්ම් එකට imdb අගය 7.9ක් වගේ ඉහල අගයකුත් rotten tomatoes වල 91%ක් වගේ දැවන්ත අගයකුත් ලබා ගෙන තියෙනවා.මේ කතාව අයිති වෙන්නේ War, History, Drama, Action වගේ ශානරවලට

මේකේ කතාව පැත්තට ගියොත් පළවන ලෝක යුද්දය අවසාන බාගයේ (1917) ජර්මානු හමුදාවට බැදෙන අවුරුදු 17ක් වයසැති පෝල් කියන තරුණයා මේ යුද්දේදී අත්දකින කටුක අත්දැකීම් ගැන තමා මේ කතාවෙන් කියනවෙනේ ඉතින් මෙයාගේ යාලුවෝ 3න් දෙනත් එක්ක බටහිර පෙරමුණට යන පෝල් ගේ ඉරණම වගේම මෙයාගේ යාලුවෝ 3න් දෙනාගේ ඉරණමත් මොනවිදිහට විසදෙයිද කියලා දැනගන්න ඕන නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

ඉතිම් මේ ෆිල්ම් එක බලපු හැමෝම වගේ කියන්නේ ⁣මෑත කාලයේදි Anti – War කාණ්ඩයෙන් නිකුත් වුණු හොඳම චිත්‍රපටය ලෙසයි..මේ ෆිල්ම් එක වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ‘Masterpiece’ එකක්! 😌 ඉතින් මේ ෆිල්ම් එක මේ අවුරුද්දේ ආපු අනිවාර්යෙන් නැරඹිය යුතුම ෆිල්ම් එකක් ඒ නිසා All Quiet on the Western Front බලපු නැති කට්ටිය අනිවා බලන්න.

එහෙනම් තව සබ් එකකින් අයෙත් හමුවෙමු.සුබ දවසක්,ජයවේවා!

The post All Quiet on the Western Front (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/all-quiet-on-the-western-front-2022-sinhala-subtitles/feed/ 0
Fatal Journey (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/fatal-journey-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/fatal-journey-2020-sinhala-subtitles/#respond Sat, 16 Aug 2025 14:11:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=109401 Fatal Journey Sinhala Sub Fatal Journey Sinhala Subtitles Fatal Journey 2020 Sinhala Sub Fatal Journey (2020) Sinhala Sub Fatal Journey (2020) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2020 වසරේ නිකුත් කරන ලද Fatal Journey (මුල් නම: Luan Po) කියන්නේ චීන මැන්ඩරින් භාෂාවෙන් නිර්මාණය කරන ලද චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Zhongwei Qiu විසින්. Yufeng Jiao […]

The post Fatal Journey (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Fatal Journey Sinhala Sub
Fatal Journey Sinhala Subtitles
Fatal Journey 2020 Sinhala Sub
Fatal Journey (2020) Sinhala Sub
Fatal Journey (2020) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2020 වසරේ නිකුත් කරන ලද Fatal Journey (මුල් නම: Luan Po) කියන්නේ චීන මැන්ඩරින් භාෂාවෙන් නිර්මාණය කරන ලද චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Zhongwei Qiu විසින්. Yufeng Jiao සහ Mo Xiang Tong Xiu විසින් පිටපත ලියා තියෙනවා.

චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 30ක් වන අතර ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Li Ji (Nie Huaisang ලෙස), Yizhou Wang (Nie Mingjue ලෙස), Zanjin Zhu (Jin Guangyao ලෙස) සහ Lu Zhuo ය.

කතාව පැත්තට ගියොත්, Qinghe හි Nie පවුල අර්බුදයකට මුහුණ දෙන විට, Mingjue සහ ඔහුගේ බාල සහෝදර Huaisang සෑම බාධාවක්ම ජයගැනීමට එකතු වෙනවා. කෙසේ වෙතත්, සහෝදරයන් නිරන්තරයෙන් එකිනෙකාට වෛර කරනවා.

මේ චිත්‍රපටය 2020 මාර්තු 25 දින චීනයේ නිකුත් කරන ලද අතර “The Untamed: Fatal Journey” නමින්ද හැඳින්වේ. NewStyle Media විසින් නිෂ්පාදනය කර ඇත.

ප්‍රසිද්ධ “The Untamed” කතාවේ spin-off එකක් ලෙස නිර්මාණය වූ මේ චිත්‍රපටය චීන ඉතිහාස සහ ෆැන්ටසි ලෝලීන්ට විශේෂ අත්දැකීමක් ලබා දෙනු ඇත.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Fatal Journey (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/fatal-journey-2020-sinhala-subtitles/feed/ 0
The Devil’s Bath (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-devils-bath-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-devils-bath-2024-sinhala-subtitles/#respond Fri, 08 Aug 2025 00:34:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=108544 The Devil’s Bath Sinhala Sub The Devil’s Bath Sinhala Subtitles The Devil’s Bath 2024 Sinhala Sub The Devil’s Bath (2024) Sinhala Sub The Devil’s Bath (2024) Sinhala Subtitles ලෝකයේ තිබෙන මූලීකම මිනිස් අයිතිවාසිකමක් තමයි තමන් කැමති ආගමක් ඇදහීමට තිබෙන නිදහස. ඒත් යම් මිනිස් කොට්ඨාශයකට මිත්‍යාව මුසු උන මිලේච්ඡ ආගමික මූලධර්ම මත පදනම් උන ආගමක් ඇදහීමේ […]

The post The Devil’s Bath (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Devil’s Bath Sinhala Sub
The Devil’s Bath Sinhala Subtitles
The Devil’s Bath 2024 Sinhala Sub
The Devil’s Bath (2024) Sinhala Sub
The Devil’s Bath (2024) Sinhala Subtitles

ලෝකයේ තිබෙන මූලීකම මිනිස් අයිතිවාසිකමක් තමයි තමන් කැමති ආගමක් ඇදහීමට තිබෙන නිදහස. ඒත් යම් මිනිස් කොට්ඨාශයකට මිත්‍යාව මුසු උන මිලේච්ඡ ආගමික මූලධර්ම මත පදනම් උන ආගමක් ඇදහීමේ නිදහස ලැබුනොත් කොහොමට හිටීවිද? ඒකට හොඳම උදාහරණ අපේ අසල්වැසි ඉන්දියාවෙන් අහන්න ලැබෙන අවස්ථා බොහෝමයි. සැමියා මියගිය පසු බිරිඳව පණපිටින් පිළිස්සීම, ගැහැණු බිළිඳියන් අසුභ බව පවසා මරා දැමීම සහ වෙනත් ආකාරයේ ආගමික අවශ්‍යතායන්ගේ නාමයෙන් සිදුවූ මනුශ්‍ය ඝාතන පිළිබඳ ඔබ අසා ඇතුවාට සැකයක් නෑ. ඉතිං මෙවැනි දේවල් සිදුවුනේ ඉන්දියාව වගේ තුන්වෙනි ලෝකයේ රටවල් වල විතරමද? කණගාටුවෙන් උනත් උත්තරය විදියට කියන්න වෙන්නේ නෑ කියලා තමයි. මොකද අද වන විට දියුණුයයි කියා සම්මත යුරෝපා රටවලත් මෙවැනි අපරාධ බොහෝමයක් සිදුවෙලා තියෙන බවට සාක්ෂි තියෙනවා. හැබැයි ඒ ගොඩක් සිදුවීම් වෙලා තියෙන්නේ අතීතයේ මිසක් මෑත කාලයේ නෙමෙයි කියලත් කියන්න ඕන.

ඉතිං 18 වෙනි සියවසේදී මේ වගේ මිත්‍යා විශ්වාස නිසා ඔස්ට්‍රියාවේ සිදුවුන බිහිසුණු ඛේදජනක සිදුවීම් පෙළක නිර්මාණාත්මක රූප පෙළක් තමයි මම මේ අද අරන් ඇවිත් තියෙන්නේ. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්‍යවරියක් වන කැතී ස්ටුවට් විසින් සත්‍ය සිදුවීම් අළලා රචනා කරන ලද Suicide by Proxy in Early Modern Germany: Crime, Sin and Salvation නම් කෘතියයි.Horror/ Historical යන කාණ්ඩයන්ට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 6.6 වැනි ඉහළ අගයකුත්, Rotten Tomatoesහි 91%ක දැවැන්ත අගයකුත් හිමි කරගන්න සමත් වෙලා තිබෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Veronika Franz සහ Severin Fiala යන අධ්‍යක්ෂක දෙපළ විසිනුයි. රංගනයෙන් දායක වෙන්නෙනම් අපිට නුපුරුදු ඔස්ට්‍රියානු නළු නිළි කැලක් තමයි ඒත් ඔවුන්ගේ රංගන කුසලතායන් ගැනනම් කිසි සැකයක් ඇති කරන්න එපා.

චිත්‍රපටයේ කතාව ගැනනම් කියන්නේ නෑ. 17 වන සියවසේ ඔස්ට්‍රියාවේ පිටිසර ගම්මානයක සිටින ඇග්නස් කියන තරුණියට මුහුණ දෙන්න සිදුවන සිදුවීම් පෙළකින් මේ නිර්මාණය සමන්විතයි. දැඩි ලෙස දෙවියන් අදහන මේ ගම්මානයේ ඉන්න මිනිසුන්ගේ අමුතු චාරිත්‍ර එක්ක ඇග්නස් ගැටෙන විදිය ඔයාලට බලාගන්න පුළුවන්. සමහරවිට මේක බලලා ඉවර උනාට පස්සේ ඔයාලට මහ එපා කරපු මූසල හැඟීමක් දැනෙන්නත් පුළුවන් හැබැයි ඒකට මටනම් දොස් කියන්න එපා. ඒ වගේම මේ නිර්මාණයට නිරුවත් දසුන් සහ නැරඹීමට අපහසු ප්‍රචණ්ඩකාරී දර්ශන තියෙන නිසා ඔන්න මම ඒ ගැනත් කලින්ම දැනුවත් කලා.

එහෙනම් ඉතිං මටත් යන්න වෙලාව හරි. මේ ෆිල්ම් එක උපසිරැසි ගන්වන්න මට අවසර දුන්න රවිඳු හේෂාන් සහෝටත් විශේෂ ස්තූතියක් පිරිනමන ගමන් මම යන්නම්. වාසනාවක් තිබුනොත් තවත් උපසිරසියකින් නැවත හමුවෙමු. ජය වේවා !

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Devil’s Bath (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-devils-bath-2024-sinhala-subtitles/feed/ 0
Heroic Losers (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/heroic-losers-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/heroic-losers-2019-sinhala-subtitles/#comments Mon, 04 Aug 2025 10:28:32 +0000 https://sinhalasub.net/?post_type=movies&p=865 මේ චිත්‍රපටිය ‘Eduardo Sacheri’ ලියපු “The Night of the Heroic Losers” නවකතාව පාදක කරගනිමින් බිහිවූවකි. තිර රචනය ලියන්නටද ඔහු දායක වෙනවා. ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ සුපිරි නළු ‘Ricardo Darin’. IMDb7.3 ක අගයක් තියෙන මේ ‍ෆිලුම “Best Iberoamerican Film” සඳහා ‘Gooya’සම්මානය දිනා ඇත. කතාව ගැන කෙටියෙන් කියනවනන්, අවු:10ට විතර කලිං අතෑරල දාපු ගොවි සමූපකාරයක් ආරම්භ කරන්න […]

The post Heroic Losers (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේ චිත්‍රපටිය ‘Eduardo Sacheri’ ලියපු “The Night of the Heroic Losers” නවකතාව පාදක කරගනිමින් බිහිවූවකි. තිර රචනය ලියන්නටද ඔහු දායක වෙනවා. ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ සුපිරි නළු ‘Ricardo Darin’. IMDb7.3 ක අගයක් තියෙන මේ ‍ෆිලුම “Best Iberoamerican Film” සඳහා ‘Gooya’සම්මානය දිනා ඇත.

කතාව ගැන කෙටියෙන් කියනවනන්, අවු:10ට විතර කලිං අතෑරල දාපු ගොවි සමූපකාරයක් ආරම්භ කරන්න එන ෆෙර්මින් සහ එයාගෙ යාළුව ෆොන්තානා එකතු වී කොටස් කරුවන් සොයා යනවා. මෙයාලට කොහොමහරි අමුතුම ආකාරයේ කොටස් කරුවන් ටිකකුත් සෙට් වෙනවා. ඔන්න සල්ලිත් හොයාගෙන බැංකුවේ සුරක්ෂිතාගාරයකත් තැම්පත් කරනවා.

ටික දවසකින් බැංකු මැනේජර් ෆෙර්මින්ට අඬගහල කියනව සුරක්ෂිතාගාරයේ තියෙන සල්ලි එයාගෙම ගිණුමකට දාන්න කියල නැත්තන් එයාගෙ ලෝන් එක මහ බැංකුවෙන් පාස් වෙන එකක් නෑ කියල. අඩුම ගානෙ ෆෙර්මින්ට අනිත් අයත් එක්ක කතා කරන්නවත් ඉඩක් තියන්නෑ වැඩේ පැය 1/2ක් ඇතුළත කෙරෙන්න ඕනි කියල කොහොමහරි ෆෙර්මින්ගෙ ගිණුමකට සල්ලි ටික දාගන්නවා.

පහුවදාම මූල්‍ය අර්බුධයක් ඇතිවුණාමයි දැනගන්නෙ බැංකු මැනේජරුයි තවත් පුද්ගලයෙකුයි ඔහුව ‍රැවැට්‍ටුවා කියල. ඉතිං ෆෙර්මින් එයාගෙ නෝනත් එක්ක එනව බැංකු මැනේජර් හම්බෙන්න, නමුත් ඵලක් වෙන්නෑ, ආපහු යන අතර රිය අනතුරකින් ඔහුගේ බිරිඳ මිය යනවා.

ඔන්න අවුරුද්දකට විතර පස්සෙ ආරංචි වෙනව මෙයාලගෙ සල්ලි ගත්ත එකා ඈත ග්‍රාමීය ප්‍රදේශයක වළක් කපල ඒකෙ සේප්පුවක සල්ලි ටික හංගන් ඉන්නව කියල. ඔන්න එවලෙ ඉඳන් තමයි ප්ලෑන ගහන්නෙ සල්ලි ටික ආපහු ගන්න. සැරින් සැරේ නොයෙකුත් බාධක එනව වැඩේ අතෑරල දාන තරමටම. ඉතිං වැඩේ අතෑරල දායිද, නැත්තන් දිගටම සැලැස්ම ක්‍රියාත්මක කරල තමුන්ගෙ සල්ලි ටික ආපහු ගනියිද කියල බලමු අපි.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Heroic Losers (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/heroic-losers-2019-sinhala-subtitles/feed/ 2
Kannappa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kannappa-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kannappa-2025-sinhala-subtitles/#comments Wed, 23 Jul 2025 17:02:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105054 Kannappa Sinhala Sub Kannappa Sinhala Subtitles Kannappa 2025 Sinhala Sub Kannappa (2025) Sinhala Sub Kannappa (2025) Sinhala Subtitles “කන්නප්පා” කියන්නේ ගොඩක් කාලයක් තිස්සේ හදන්න ප්ලෑන් කරපු, දැවැන්ත වියදමක් දරලා නිර්මාණය කරපු තෙළිඟු චිත්‍රපටයක්. මේක තෙළිඟු භාෂාවෙන් හැදුවට, හින්දි, දෙමළ ඇතුළු භාෂා කිහිපයකින්ම එළියට ආපු නිසා මුළු ඉන්දියාවම ඉලක්ක කරගත් (Pan-Indian) නිර්මාණයක්. මේ චිත්‍රපටය පදනම් වෙලා […]

The post Kannappa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kannappa Sinhala Sub
Kannappa Sinhala Subtitles
Kannappa 2025 Sinhala Sub
Kannappa (2025) Sinhala Sub
Kannappa (2025) Sinhala Subtitles

“කන්නප්පා” කියන්නේ ගොඩක් කාලයක් තිස්සේ හදන්න ප්ලෑන් කරපු, දැවැන්ත වියදමක් දරලා නිර්මාණය කරපු තෙළිඟු චිත්‍රපටයක්. මේක තෙළිඟු භාෂාවෙන් හැදුවට, හින්දි, දෙමළ ඇතුළු භාෂා කිහිපයකින්ම එළියට ආපු නිසා මුළු ඉන්දියාවම ඉලක්ක කරගත් (Pan-Indian) නිර්මාණයක්.

මේ චිත්‍රපටය පදනම් වෙලා තියෙන්නේ හින්දු දහමේ එන සත්‍ය පුරාවෘත්තයක් මත. ඒ තමයි “කන්නප්ප නායනාර්” කියන ශ්‍රේෂ්ඨ ශිව භක්තිකයාගේ කතාව. ඔහු මුලින් “තින්නා” කියන දඩයක්කාර තරුණයෙක්. මේ කතාවෙන් පෙන්නුම් කරන්නේ කිසිම නීති රීතියකට, සම්ප්‍රදායකට කොටු නොවූ, අසීමිත, පිරිසිදු භක්තියේ බලය ගැනයි.

කතාව ගැන කෙටි හැඳින්වීමක් (Spoilers නැතුව)

කතාව දිගහැරෙන්නේ තින්නා කියන, දඩයමේ දක්ෂ, තමන්ගේ ගෝත්‍රයේ පිරිසත් එක්ක ජීවත් වෙන තරුණයෙක් වටා. ඔහු සාමාන්‍ය පූජා විධි ගැනවත්, ශාස්ත්‍රීය දේවල් ගැනවත් දන්නේ නැති සහ ඒවා විශ්වාස නොකරන කෙනෙක්.
නමුත් ඔහුට හම්බවෙන ශිව ලිංගයක් නිසා ඔහුගෙ කථාව වෙනස් වෙනවා.

දවසක් දෙවියන්, තින්නාගේ භක්තිය උරගා බලන අතිශය තීරණාත්මක අවස්ථාවක් එනවා. තමන්ගේ භක්තිය ඔප්පු කරන්න තින්නාට කරන්න වෙන ඒ අදහාගත නොහැකි මහා කැපකිරීම තමයි මේ කතාවේ හදවත.

නළු නිළියන් සහ නිර්මාණකරුවන්

මේ චිත්‍රපටයේ ලොකුම ආකර්ෂණය තමයි නළු නිළි පිරිස.

  • විෂ්ණු මංචු: ප්‍රධාන චරිතය වන “කන්නප්පා” ලෙස රඟපාන්නේ ඔහු. චිත්‍රපටයේ තිර රචනයත් ඔහුගේ.

  • අක්ෂේ කුමාර්: ශිව දෙවියන්ගේ චරිතයට පණ පොවන්නේ බොලිවුඩ් සුපිරි නළු අක්ෂේ කුමාර්.

  • ප්‍රභාස්: “බාහුබලි” චිත්‍රපටයෙ ප්‍රභාස් “රුද්‍ර” කියන බලවත් චරිතයක් නිරූපණය කරනවා.

  • මෝහන්ලාල්: මලයාලම් සිනමාවේ දැවැන්තයෙක් වන මෝහන්ලාල් “කිරාතා” කියන චරිතයෙන් දායක වෙනවා.

  • කාජල් අගර්වාල්: පාර්වතී දේවියගේ චරිතය නිරූපණය කරනවා.

  • මෝහන් බාබු: විෂ්ණු මංචුගේ පියා සහ ප්‍රවීණ නළුවෙක් වන මෝහන් බාබු, චිත්‍රපටයේ ප්‍රධාන පූජක චරිතය රඟපාන අතරම, මෙහි නිෂ්පාදකවරයාද වෙනවා.

මීට අමතරව ආර්. සරත්කුමාර්, මධූ, බ්‍රහ්මානන්දම් වැනි ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.

මේක අධ්‍යක්ෂණය කරන්නේ “මහාභාරත්” ටෙලි නාට්‍ය මාලාවෙන් ලොකු ප්‍රසිද්ධියක් ලබාගත් මුකේෂ් කුමාර් සිං.

දැවැන්ත පරිමාණයේ වීර කාව්‍ය චිත්‍රපට, පුරාවෘත්ත කතා සහ භක්තිය මුල් කරගත් නිර්මාණ බලන්න කැමති අයට මේක හොඳ අත්දැකීමක් වේවි. ඒ වගේම, ඉන්දියාවේ විවිධ සිනමා ක්ෂේත්‍රවල සුපිරි තරු එකම තිරයක දකින්න ආස අයටත් මේක අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kannappa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kannappa-2025-sinhala-subtitles/feed/ 5
Razakar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/razakar-the-silent-genocide-of-hyderabad-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/razakar-the-silent-genocide-of-hyderabad-2024-sinhala-subtitles/#respond Tue, 24 Jun 2025 17:36:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104339 Razakar: The Silent Genocide of Hyderabad Sinhala Sub Razakar: The Silent Genocide of Hyderabad Sinhala Subtitles Razakar: The Silent Genocide of Hyderabad 2024 Sinhala Sub Razakar: The Silent Genocide of Hyderabad (2024) Sinhala Sub Razakar: The Silent Genocide of Hyderabad (2024) Sinhala Subtitles The silent genocide of hyderabad 2024 වසරෙ නිකුත් කරන ලද ඉන්දියානු තෙලිගු […]

The post Razakar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Razakar: The Silent Genocide of Hyderabad Sinhala Sub
Razakar: The Silent Genocide of Hyderabad Sinhala Subtitles
Razakar: The Silent Genocide of Hyderabad 2024 Sinhala Sub
Razakar: The Silent Genocide of Hyderabad (2024) Sinhala Sub
Razakar: The Silent Genocide of Hyderabad (2024) Sinhala Subtitles

The silent genocide of hyderabad 2024 වසරෙ නිකුත් කරන ලද ඉන්දියානු තෙලිගු භාශා වීර කාව්‍ය ඓතිහාසික ක්‍රියාදාම නාට්‍ය චිත්‍රපටයකි.එය පැරණි හයිද්‍රාබාද් ප්‍රන්තය තුර්කිස්තානය බවට පත් කිරිමට තුඩු දුන් සිදුවීම් පාදක කරගෙන සත්‍යනාරායන විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලදි.මෙම චිත්‍රපටය සමරවීර ක්‍රියේශන් LLP යටතේ ගුසූර් නාරායන රෙඩ්ඩි විසින් නිෂ්පාදනය කරන ලදි.

1947 අගෝස්තු 15 වන දින ඉන්දියාවේ නිදහස ලැබීමෙන් පසු පැරණි හයිද්‍රාබාද් ප්‍රාන්තයේ අරගලය මේ චිත්‍රපටයෙන් නිරූපනය වේ.රටේ අනිත් ප්‍රදේශවල වගේ නෙවෙයි හයිද්‍රාබාද් ප්‍රාන්තය තවත් වසර කිහිපයක් නිසාම්ගේ පාලනය යටතේ පැවතිනි.මේ කාලයේ දී ඉන්දියාවෙ හින්දු භක්තිකයන්ට මුහුණ දීමට සිදු වුණ කුරුරි රස්කාර්වරුන්ගේ පීඩනය මේ චිත්‍රපටයේ ඇතුලත් වේ.නිසාම් හා රාස්කර් විසින් උමතුවෙන් සිදු කරන ලද කුරිරුකම් ඔවුන්ට විරුද්ධ ව සටන් කල වීරයන්ගේ නිර්භීත ක්‍රියා මෙම චිත්‍රපටියෙන් නිරූපණය කෙරෙ.

ආයමත් අලුත් සබ් එකකින් මුණ ගැහෙනකම් හැමෝටම සුභ දවසක්…..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Razakar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/razakar-the-silent-genocide-of-hyderabad-2024-sinhala-subtitles/feed/ 0
Kesari Chapter 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kesari-chapter-2-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kesari-chapter-2-2025-sinhala-subtitles/#respond Sat, 21 Jun 2025 09:11:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=99415 Kesari Chapter 2 SinhalaSub Kesari Chapter 2 Sinhala Subtitles Kesari Chapter 2 2025 Sinhala Sub Kesari Chapter 2 (2025) Sinhala Sub Kesari Chapter 2 (2025) Sinhala Subtitles සුබ දවසක් ඔයාලා හැමෝටම..! අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ළගකදි තියටර් රිලීස් උන කේසරී දෙවන චිත්‍රපටයට මේක ගැන කියනවනම් ජලියන්වාලාබාග් වල සිදුවුන ජන සංහාරයක් පිළිබදව තමයි ඇතුලත් […]

The post Kesari Chapter 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kesari Chapter 2 SinhalaSub
Kesari Chapter 2 Sinhala Subtitles
Kesari Chapter 2 2025 Sinhala Sub
Kesari Chapter 2 (2025) Sinhala Sub
Kesari Chapter 2 (2025) Sinhala Subtitles

සුබ දවසක් ඔයාලා හැමෝටම..!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ළගකදි තියටර් රිලීස් උන කේසරී දෙවන චිත්‍රපටයට

මේක ගැන කියනවනම් ජලියන්වාලාබාග් වල සිදුවුන ජන සංහාරයක් පිළිබදව තමයි ඇතුලත් වෙලා තියෙන්නේ, ඉතින් බොලිවුඩ් නළු අක්ෂේ කුමාර්, දමිල නළු මාධවන් සහ අනන්‍යා පාණ්ඩේ ඇතුලු ප්‍රසිද්ධ නළු නිළියන් මේ චිත්‍රපයටයට රංගනයෙන් දායක වෙනවා

ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා..

මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..

තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kesari Chapter 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kesari-chapter-2-2025-sinhala-subtitles/feed/ 0
The Woman King (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-woman-king-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-woman-king-2022-sinhala-subtitles/#comments Fri, 20 Jun 2025 04:55:18 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31658 The Woman King Sinhala Sub The Woman King Sinhala Subtitles The Woman King (2022) Sinhala Sub The Woman King (2022) Sinhala Subtitles නායකයෙක් කියන්නේ අනිත් අය කරන දේ කරන එක නෙමෙයි අනිත් අයට හිතාගන්න බැරි දෙයක් කරන එක .වෙනස් දෙයක් කරන එක මිසක් විනාස වෙන තීරණ ගන්න එක නෙමෙයි , අලුත් උපසිරැසියක් එක්ක ඉක්මනින් ම […]

The post The Woman King (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Woman King Sinhala Sub
The Woman King Sinhala Subtitles
The Woman King (2022) Sinhala Sub
The Woman King (2022) Sinhala Subtitles

නායකයෙක් කියන්නේ අනිත් අය කරන දේ කරන එක නෙමෙයි අනිත් අයට හිතාගන්න බැරි දෙයක් කරන එක .වෙනස් දෙයක් කරන එක මිසක් විනාස වෙන තීරණ ගන්න එක නෙමෙයි , අලුත් උපසිරැසියක් එක්ක ඉක්මනින් ම හමුවෙමු

The post The Woman King (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-woman-king-2022-sinhala-subtitles/feed/ 1
Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ponniyin-selvan-part-i-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ponniyin-selvan-part-i-2022-sinhala-subtitles/#respond Wed, 04 Jun 2025 04:46:58 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31449 PS I (2022) Sinhala Sub Ponniyin Selvan: Part I Sinhala Sub Ponniyin Selvan: Part I Sinhala Subtitles Ponniyin Selvan: Part I (2022) Sinhala Sub Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles Ponniyin Selvan (PS1 ) චිත්‍රපටයට පාධක වන්නේ Kalki Krishnamurthy නම් රචකයා විසින් 1955 දී එම නමින්ම රචනා කළ ඉතිහාස නවකතාවයි. Krishnamurthy විසින් රචනා කළ එම […]

The post Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
PS I (2022) Sinhala Sub
Ponniyin Selvan: Part I Sinhala Sub
Ponniyin Selvan: Part I Sinhala Subtitles
Ponniyin Selvan: Part I (2022) Sinhala Sub
Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles

Ponniyin Selvan (PS1 ) චිත්‍රපටයට පාධක වන්නේ Kalki Krishnamurthy නම් රචකයා විසින් 1955 දී එම නමින්ම රචනා කළ ඉතිහාස නවකතාවයි. Krishnamurthy විසින් රචනා කළ එම නවකතාවට මුල් වන්නේ ඈත අතීතයේ දකුණු ඉන්දියාව පාලනය කළ චෝල රාජ්‍ය සමයයි. මෙය ප්‍රථමයෙන්ම සිනමාවට නැගීමට ගත් වෑයම පිලිබඳ සලකා බැලුවහොත් එය වසර 64 ක ඉතිහාසයකට දිව යනවා. ඒ සුපිරි දමිළ සිනමා නළු M. G. Ramachandran (MGR ) විසින් 1958 වර්ෂයේ මෙය චිත්‍රපටයකට නැගීමට ගත් උත්සාහයක්. මෙයට MGR ඇතුළුව වෛජන්තිමාලා, ජෙමිනි ගනේෂන්, පද්මිණි සහ සාවිත්‍රී වැනි දැවැන්ත නළු නිළියන් රැසක් යෝජනාවී තිබෙනවා. නමුත් MGR ට සිදුවූ අනතුරක් නිසාවෙන් මෙය කිසිදාක සිදු නොවන නිර්මාණය බවට පත්වුනා. නැවත වරක් මෙය කතාබහට ලක්‌ වන්නේ 1994 දී. ඒ අධ්‍යක්ෂක මනී රත්නම් කළ ප්‍රකාශයක් හමුවේ. ඔහු පැවසුවේ Kalki Krishnamurthy ගේ PS පාධක කර සිනමා නිර්මාණයක්‌ කිරීමේ ඔහුගේ සිහිනයක් බව. එකල කමල් හසන් සමග මෙය පිලිබඳ කතාබහක් ඇති වූවත්, ඉහල නිෂ්පාදන වියදමක් දැරීමට සිදුවන නිසාවෙන් මෙය අත්හැර තිබෙනවා. නමුත් මනී රත්නම් ඔහුගේ දිගු කාලීන සිහිනය ලෙහෙසියෙන් අත් හරින්නේ නැත.

නැවත වරක් මෙය පිළිබඳ කතාබහක් ඇති වන්නේ 2010 දී. ඒ මනී රත්නම් එකල තහවුරු කරගත් තිර පිටපතක්‌ සැකසීමෙන් අනතුරුව. මෙහි ප්‍රධාන චරිතයන්ට විජේ, මහේෂ් බාබු සහ අනුෂ්කා ශෙට්ටි සම්බන්දවී තිබුනා. මෙහි pre -production අවදිය ආරම්භවී තිබුනත් පසුතලයන් සම්බන්දව ගැටළුන් සහ ඉහල නිෂ්පාදන මිල නැවත මෙයට තිත තැබුවා. 2019 වර්ෂයේ මනී රත්නම් Lyca Productions සමග සම්බන්ද වනවා. ඔවුන් මනී රත්නම් 2018 දී අධ්‍යක්ෂණය කළ Chekka Chivantha Vaanam නිෂ්පාදනය දායකත්වය ලබා දීමෙන් අනතුරුව , PS වෙනුවෙන්ද තම දායකත්වය ලබා දීමට තීරණය කරනවා. ඒ අනුව 2019 දී මෙහි ප්‍රධාන චරිතයන්ට Vikram, Aishwarya Rai Bachchan, Jayam Ravi සහ Vijay Sethupathi සම්බන්ද වනවා. මෙහි නිෂ්පාදනය ආරම්භ වීමත් සමග නැවත වරක් නළු නිළියන් මාරු වීමක් සිදු වනවා. එහි ප්‍රධාන වෙනසක් වශයෙන් Vijay Sethupathi වෙනුවට Karthi මෙයට සම්බන්ද වනවා. ඒ සමගම Trisha Krishnan, Aishwarya Lekshmi සහ Shobita Dhulipala වැනි ශිල්පිනියන්ද මෙයට සම්බන්ද වනවා. අවසානයේ හොඳම නළු නිළි පිරිසක් සමග PS ආරම්භ වනවා. විවිද හැල හැප්පීම් මැද පැමිණි මනී රත්නම්ගේ දිගු කාලීන සිහිනයක් යථාර්තයක්‌ බවට පත් වන්නේ එලෙසයි.

මෙහි කතාව සම්බන්දව කිසිදු දෙයක්වත් සඳහන් කරන්නට යන්නේ නැත. ඊට හේතුව මෙය සිනමා ශාලාවකම නැරඹිය යුතු නිර්මාණයක්‌ නිසාය. PS හරහා Baahubali හෝ RRR චිත්‍රපට වල අංගයන් බලාපොරොත්තු වන්නට එපා. ඊට හේතුව PS යනු බොහෝ සෙයින් කතාවට සහ විවිද වූ චරිතයන්ට වැඩි අවධානයක්‌ ලබා දෙන slow burn period චිත්‍රපටයක් නිසා. චරිත රැසක් සහ සිදුවීම් පෙළක්ම එක සිනමා නිර්මාණයකට පරිවර්තනය කිරීම කිසි සේත්ම ලේසි පහසු කාර්යක් නොවේ. මෙහිදී චිත්‍රපටයේ තිර රචනය සේම සංස්කරණයද ඉතා ප්‍රවසමෙන් හැසිරවිය යුතු අංගයන් දෙකක්. යම් අඩුපාඩු දිස් වූවත් මනී රත්නම් ගේ අධ්‍යක්ෂණය සහ තිර රචනය (Elango Kamuravel ද එක්ව) සහ S. Sreekar Prasad ගේ සංස්කරණය සමස්තයක් වශයෙන් ඉතා සාර්ථකව ඉදිරිපත් කර තිබුනා. යම් අඩුපාඩු ලෙස දිස් වූයේ ඇතැම් චරිතයන් වල සම්බන්දකම් ගොඩ නැගීමේදී සහ සිද්දීන් ගලපා ගැනීම තුල අපැහැදිලි ස්වභාවයක් පෙන්නුම් කළා. එම නිසා මෙය ඉතා හොඳ අවදානයකින් නැරඹිය යුතු චිත්‍රපටයක්.

මෙහි ලංකාව සම්බන්දව එන කොටස හැරුණු කොට Thotta Tharani ගේ පසුතල නිර්මාණයන්ද ඉතා ඉහල මට්ටමක තිබුනා. ඒ සමගම Eka Lakhani ගේ ඇඳුම් නිර්මාණකරණයද ඉතා ඉහල මට්ටමක දක්නට ලැබුනා. ලංකාව සම්බන්දව එන කොටස තුල ලංකාවේ තිබෙන පන්සල්, රජවරුන්ගේ ඔටුනු සහ ඇඳුම් පැළඳුම් තුල යම් නොගැලපෙන බවක් දැනුණා. නමුත් කතාවට බාදාවක් වන අයුරින් එය විශාල අඩුපාඩුවක් ලෙස දිස් වූයේ නැත. ඒ කෙසේ නමුත් මෙහි සීමිත දර්ශනයන් වෙනුවෙන් යොදාගත් සිංහල දෙබස්, ශ්‍රී ලංකාවේ නිර්මාණය වුනු ඉතිහාස චිත්‍රපට වල දෙබස් වලට වඩා හොඳ මට්ටමක දක්නට ලැබුනා. ඒ සමගම සිනමාකරණයෙන් සම්බන්ද වන Ravi Varman ද ඉතා හොඳ කාර්යක් කර තිබෙනවා. මෙහි VFX සහ CGI සම්බන්දව ලොකු පැහැදීමක් නැති වුනත්, PS කතාවට වැඩි ඉඩකඩක් ලබා දෙන නිසා එය බාදාවක් වූයේ නැත. තවද A. R. Rahman ගේ සංගීත අධ්‍යක්ෂණයද සුපුරුදු ලෙස චිත්‍රපටයට ප්‍රභල දායකත්වයක්‌ ලබා දුන්නා.

මෙහි රංගනයන්ද ඉතාම ඉහල මට්ටමක දක්නට ලැබුනා. චිත්‍රපටයේ වැඩිම දර්ශන කාලයක් හිමි වන්නේ Karthi ට. Karthi එම චරිතයට අදාලව ඇති දඩබ්බරකම, අධිෂ්ඨානය සහ විටෙක ඇතුලත් වන හාස්‍ය ඉතා හොඳින් ඉදිරිපත් කර තිබුනා. නන්දිනී දේවිය ලෙස Aishwarya Rai ඇයගේ සිනමා දිවියේ තවත් අමතක නොවන රංගනයක් මෙහි ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම එම චරිතයේ ඇති ලාලිත්‍ය සහ seductive ස්වභාවය ඉතා අපූරුවට ඇය ඉදිරිපත් කර තිබුනා. Vikram ගේ බහුතරයක් නිර්මාණ මම නරඹා නැත. එම නිසා ඔහුගේ රංගන පරාසය ගැන ලොකු අවබෝධයක් නැති වුනත්, මෙය ඔහුගේ දුටු හොඳම රංගනයන්ගෙන් එකක්. ඔහුට හිමි වන්නේ සීමිත දර්ශනය ප්‍රමාණයක් වූවත්, එම චරිතය වටා තිබෙන විවිද සංකීර්ණ පැතිකඩවල් ඔහුගේ ප්‍රභල රංගනය හමුවේ ඉස්මතු වුනා. Trisha Krishnan, Aishwarya Lekshmi සහ Shobita Dhulipala ද ඔවුන්ගේ චරිතයන්ට උපරිම සාදාරණයක් ඉෂ්ට කර තිබුනා. ඒ සමගම පස්වන මිහිඳු රජ ලෙස රංගනයෙන් දායක වූ අපගේ ශ්‍යාම් ප්‍රනාන්දු රංගන ශිල්පියාවද අමතක කළ නොහැකි. ඔහුට හිමි වන්නේ ඉතාම සීමිත දර්ශන කාලයක් වූවත්, ශ්‍යාම් ප්‍රනාන්දු එම චරිතයට හොඳ පන්නරයක් ලබා දුන්නා.

අවසාන වශයෙන් මේ කාරණයද සඳහන් කරන්නට කැමතියි. මනී රත්නම් සිනමා නිර්මාණකරුවෙක් වශයෙන් වසර 30 කට ආසන්න සිහිනයක් PS නිර්මාණය කිරීමෙන් සැබෑ කර ගත්තා. එම නිසා තමන්ට යම්කිසි සිහිනයක්‌ තිබෙනවා නම් එය ලෙහෙසියෙන් අත්හරින්නට එපා. යම් දේවල් වෙනුවෙන් ඉවසීම මෙන්ම නිසි කාලය වෙනුවෙන් බලා සිටීම ඉතා වැදගත් බව මෙය හරහා වටහා ගැනීමට පුළුවන්.

The post Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ponniyin-selvan-part-i-2022-sinhala-subtitles/feed/ 0