Fantasy - SinhalaSub https://sinhalasub.lk/genre/fantasy/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 23 Jul 2025 17:05:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Fantasy - SinhalaSub https://sinhalasub.lk/genre/fantasy/ 32 32 Kannappa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kannappa-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kannappa-2025-sinhala-subtitles/#comments Wed, 23 Jul 2025 17:02:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105054 Kannappa Sinhala Sub Kannappa Sinhala Subtitles Kannappa 2025 Sinhala Sub Kannappa (2025) Sinhala Sub Kannappa (2025) Sinhala Subtitles “කන්නප්පා” කියන්නේ ගොඩක් කාලයක් තිස්සේ හදන්න ප්ලෑන් කරපු, දැවැන්ත වියදමක් දරලා නිර්මාණය කරපු තෙළිඟු චිත්‍රපටයක්. මේක තෙළිඟු භාෂාවෙන් හැදුවට, හින්දි, දෙමළ ඇතුළු භාෂා කිහිපයකින්ම එළියට ආපු නිසා මුළු ඉන්දියාවම ඉලක්ක කරගත් (Pan-Indian) නිර්මාණයක්. මේ චිත්‍රපටය පදනම් වෙලා […]

The post Kannappa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kannappa Sinhala Sub
Kannappa Sinhala Subtitles
Kannappa 2025 Sinhala Sub
Kannappa (2025) Sinhala Sub
Kannappa (2025) Sinhala Subtitles

“කන්නප්පා” කියන්නේ ගොඩක් කාලයක් තිස්සේ හදන්න ප්ලෑන් කරපු, දැවැන්ත වියදමක් දරලා නිර්මාණය කරපු තෙළිඟු චිත්‍රපටයක්. මේක තෙළිඟු භාෂාවෙන් හැදුවට, හින්දි, දෙමළ ඇතුළු භාෂා කිහිපයකින්ම එළියට ආපු නිසා මුළු ඉන්දියාවම ඉලක්ක කරගත් (Pan-Indian) නිර්මාණයක්.

මේ චිත්‍රපටය පදනම් වෙලා තියෙන්නේ හින්දු දහමේ එන සත්‍ය පුරාවෘත්තයක් මත. ඒ තමයි “කන්නප්ප නායනාර්” කියන ශ්‍රේෂ්ඨ ශිව භක්තිකයාගේ කතාව. ඔහු මුලින් “තින්නා” කියන දඩයක්කාර තරුණයෙක්. මේ කතාවෙන් පෙන්නුම් කරන්නේ කිසිම නීති රීතියකට, සම්ප්‍රදායකට කොටු නොවූ, අසීමිත, පිරිසිදු භක්තියේ බලය ගැනයි.

කතාව ගැන කෙටි හැඳින්වීමක් (Spoilers නැතුව)

කතාව දිගහැරෙන්නේ තින්නා කියන, දඩයමේ දක්ෂ, තමන්ගේ ගෝත්‍රයේ පිරිසත් එක්ක ජීවත් වෙන තරුණයෙක් වටා. ඔහු සාමාන්‍ය පූජා විධි ගැනවත්, ශාස්ත්‍රීය දේවල් ගැනවත් දන්නේ නැති සහ ඒවා විශ්වාස නොකරන කෙනෙක්.
නමුත් ඔහුට හම්බවෙන ශිව ලිංගයක් නිසා ඔහුගෙ කථාව වෙනස් වෙනවා.

දවසක් දෙවියන්, තින්නාගේ භක්තිය උරගා බලන අතිශය තීරණාත්මක අවස්ථාවක් එනවා. තමන්ගේ භක්තිය ඔප්පු කරන්න තින්නාට කරන්න වෙන ඒ අදහාගත නොහැකි මහා කැපකිරීම තමයි මේ කතාවේ හදවත.

නළු නිළියන් සහ නිර්මාණකරුවන්

මේ චිත්‍රපටයේ ලොකුම ආකර්ෂණය තමයි නළු නිළි පිරිස.

  • විෂ්ණු මංචු: ප්‍රධාන චරිතය වන “කන්නප්පා” ලෙස රඟපාන්නේ ඔහු. චිත්‍රපටයේ තිර රචනයත් ඔහුගේ.

  • අක්ෂේ කුමාර්: ශිව දෙවියන්ගේ චරිතයට පණ පොවන්නේ බොලිවුඩ් සුපිරි නළු අක්ෂේ කුමාර්.

  • ප්‍රභාස්: “බාහුබලි” චිත්‍රපටයෙ ප්‍රභාස් “රුද්‍ර” කියන බලවත් චරිතයක් නිරූපණය කරනවා.

  • මෝහන්ලාල්: මලයාලම් සිනමාවේ දැවැන්තයෙක් වන මෝහන්ලාල් “කිරාතා” කියන චරිතයෙන් දායක වෙනවා.

  • කාජල් අගර්වාල්: පාර්වතී දේවියගේ චරිතය නිරූපණය කරනවා.

  • මෝහන් බාබු: විෂ්ණු මංචුගේ පියා සහ ප්‍රවීණ නළුවෙක් වන මෝහන් බාබු, චිත්‍රපටයේ ප්‍රධාන පූජක චරිතය රඟපාන අතරම, මෙහි නිෂ්පාදකවරයාද වෙනවා.

මීට අමතරව ආර්. සරත්කුමාර්, මධූ, බ්‍රහ්මානන්දම් වැනි ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.

මේක අධ්‍යක්ෂණය කරන්නේ “මහාභාරත්” ටෙලි නාට්‍ය මාලාවෙන් ලොකු ප්‍රසිද්ධියක් ලබාගත් මුකේෂ් කුමාර් සිං.

දැවැන්ත පරිමාණයේ වීර කාව්‍ය චිත්‍රපට, පුරාවෘත්ත කතා සහ භක්තිය මුල් කරගත් නිර්මාණ බලන්න කැමති අයට මේක හොඳ අත්දැකීමක් වේවි. ඒ වගේම, ඉන්දියාවේ විවිධ සිනමා ක්ෂේත්‍රවල සුපිරි තරු එකම තිරයක දකින්න ආස අයටත් මේක අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kannappa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kannappa-2025-sinhala-subtitles/feed/ 5
The Death of Snow White (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-death-of-snow-white-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-death-of-snow-white-2025-sinhala-subtitles/#respond Sun, 20 Jul 2025 15:56:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=106719 The Death of Snow White Sinhala Sub The Death of Snow White Sinhala Subtitles The Death of Snow White 2025 Sinhala Sub The Death of Snow White (2025) Sinhala Sub The Death of Snow White (2025) Sinhala Subtitles ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න […]

The post The Death of Snow White (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Death of Snow White Sinhala Sub
The Death of Snow White Sinhala Subtitles
The Death of Snow White 2025 Sinhala Sub
The Death of Snow White (2025) Sinhala Sub
The Death of Snow White (2025) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Death of Snow White (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-death-of-snow-white-2025-sinhala-subtitles/feed/ 0
How to Train Your Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/how-to-train-your-dragon-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/how-to-train-your-dragon-2025-sinhala-subtitles/#respond Thu, 17 Jul 2025 05:51:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105687 How to Train Your Dragon Sinhala Sub How to Train Your Dragon Sinhala Subtitles How to Train Your Dragon 2025 Sinhala Sub How to Train Your Dragon (2025) Sinhala Sub How to Train Your Dragon (2025) Sinhala Subtitles කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් ආසාවෙන් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. ඒ How […]

The post How to Train Your Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
How to Train Your Dragon Sinhala Sub
How to Train Your Dragon Sinhala Subtitles
How to Train Your Dragon 2025 Sinhala Sub
How to Train Your Dragon (2025) Sinhala Sub
How to Train Your Dragon (2025) Sinhala Subtitles

කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් ආසාවෙන් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ.

 How to Train Your Dragon ඇනිමේෂන් චිත්‍රපට මාලාවේ පළවෙනි live-action රීමෙක් එක.
හරි අපි live-action එක ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් How to Train Your Dragon ඇනිමේෂන් චිත්‍රපට මාලාව සහ ඒ සම්බන්ධ තොරතුරු ටිකක් බලමු.
DreamWorks Animation ආයතනය යටතේ මුලින්ම How to Train Your Dragon (2010) චිත්‍රපටය නිර්මාණය වෙන්නේ ඒ නමින්ම නිකුත්වුණු Cressida Cowell කියන බ්‍රිතාන්‍ය ලේඛිකාව විසින් 2003 වර්ෂයේ රචනා කරපු පොත ඇසුරෙන්.
ඊටපස්සේ පිළිවෙළින් How to Train Your Dragon 2 (2014) සහ How to Train Your Dragon: The Hidden World (2019) කියන චිත්‍රපට නිකුත්වෙලා ඇනිමේෂන් චිත්‍රපට මාලාව අවසාන වෙනවා. ඒත් එක්කම මේහා සම්බන්ධව ඇනිමේෂන් කෙටි චිත්‍රපට කිහිපයකුත් 2010-2019 කාලය අතරතුර නිකුත්වුණා.
දැන් අපි How to Train Your Dragon (2025) චිත්‍රපටය දිහාවට එමු.
ඉතිං මේ live-action රීමෙක් එක Universal Pictures ආයතනය විසින් 2023දී අනවුන්ස් කරනවත් එක්කම ලොකු කතාබහක් ඇතිවෙන්න ගත්තා මේ සම්බන්ධයෙන්. ප්‍රේක්ෂකයන් හුඟාක් කලබලයට පත්වුණා මොකද How to Train Your Dragon ඇනිමේෂන් චිත්‍රපට මාලාව කියන්නේ ඉතා සාර් ථක විදිහට ජනතාව අතරට ගියපු ජනතාව ආදරයෙන් වැළදගත්ත කතාවක් නිසා. ප්‍රේක්ෂකයන්ගේ ඒ කලබලය සාධාරණයි මොකද මේ කාලයේ එහෙම රීමේක් වෙන චිත්‍රපටවල ගුණාත්මකබාවය ඉතාම අඩුයි සහ පරණ කතාවට හානියක් සිද්ධවෙනවා.
කොහොමහරි කාස්ට් එක තෝරගන්නකොට වුණත් සමහර තෝරාගැනීම් වලට ප්‍රේක්ෂකයන් අප්‍රසාදය පළ කළා. කොහොම කොහොමහරි වැඩේ ඉස්සරහට ඇවිල්ලා පහුගිය ජූනි මාසයේ චිත්‍රපටය සිනමාශාලා වලට නිකුත්වුණා. ප්‍රේක්ෂකයන් හිතන් හිටියා වගේ කිසිම හානියක් චිත්‍රපටයටවත් මුල් කතාවටවත් සිද්ධ නොකර විශිෂ්ට විදිහට වැඩේ කරලා තියෙනවා කියලා ප්‍රේක්ෂකයන් අවබෝධ කරගත්තා. ආදායම් පහත වැටෙයි, ආදායම් නැතිවෙයි වගේ කතා පුස්සක් කරමින් හොඳින් තිරගත වෙන්න චිත්‍රපටියට හැකියාව ලැබුණා.
Action/Adventure ගණයට වැටෙන චිත්‍රපටිය  සුපුරුදු පරිදි අධ්‍යක්ෂණය කරන්නේ Dean DeBlois. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 5ක් වෙනවා වගේම බෙදාහරින්නේ Universal Pictures ආයතයනය. ඩො.මි. 150ක වියදමින් නිර් මාණය කරපු චිත්‍රපටය මේ වෙද්දී ඩො.මි 470කට අධික ඉහළ ආදායමක් අරන් තියෙනවා.
ඒ වගේම අප්‍රේල් මාසයේ පවත්වපු CinemaCon එකේදී නිවේදනය කළා 2වෙනි ඇනිමේෂන් චිත්‍රපටයේ live-action රීමෙක් එකත් නිර් මාණය වෙනවා සහ ඒක 2027 ජූනි මාසයේ සිනමාහල් වලට නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Mason Thames, Nico Parker, Gabriel Howell, Gerard Butler, Julian Dennison, Bronwyn James ඇතුළු නළු නිලියන් පිරිසක්.
හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.
හැබැයි චිත්‍රපටිය සුපිරියටම තියෙනවා කියලා නම් කියන්න ඕන.
එහෙනම් අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ඔයාලට ජය
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post How to Train Your Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/how-to-train-your-dragon-2025-sinhala-subtitles/feed/ 0
A Legend (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/a-legend-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/a-legend-2024-sinhala-subtitles/#respond Thu, 17 Jul 2025 04:26:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105279 A Legend Sinhala Sub A Legend Sinhala Subtitles A Legend 2024 Sinhala Sub A Legend (2024) Sinhala Sub A Legend (2024) Sinhala Subtitles          කාගෙත් හද දිනා ගත් සටන් නළු ජැකී චෑන්ගෙ A Legend මුලින්ම තිරගත කෙරුනේ 2024 ජුලි 10 දින චීනෙදි. මෙය ජැකීගෙ Myth (2005) සහ Kung Fu Yoga (2017) යන […]

The post A Legend (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A Legend Sinhala Sub
A Legend Sinhala Subtitles
A Legend 2024 Sinhala Sub
A Legend (2024) Sinhala Sub
A Legend (2024) Sinhala Subtitles

         කාගෙත් හද දිනා ගත් සටන් නළු ජැකී චෑන්ගෙ A Legend මුලින්ම තිරගත කෙරුනේ 2024 ජුලි 10 දින චීනෙදි. මෙය ජැකීගෙ Myth (2005) සහ Kung Fu Yoga (2017) යන චිත්‍රපට වලට සමාන නිර්මාණයක්. එයිනුත් Myth චිත්‍රපටයට ගොඩක් ළගින් යනවා. තවත් විශේෂත්වයක් තමයි මේ චිත්‍රපට තුනම ලියා, අධ්‍යයක්ෂනය කලේ හොංකොං සිනමාවෙ පතාක යෝධයෙක් වන Stanley Tong. බොක්ස් ඔෆිස් ආදායමක් පවා උපයා ගැනීමට සමත්වූ “අ ලෙජන්ඩ්” Action / Adventure / Comedy / Drama / Fantasy වර්ගයේ චිත්‍රපටයක්. පැය 2 විනාඩි 9 ක ධාවන කාලයකින් යුතු මෙහි ජැකී, හැන් රාජ වංශයේ අශ්වාරෝහක හමුදාවේ ජෙනරාල්වරයෙක් ලෙස සහ වර්තමානයේ පුරාවිද්‍යාඥයෙක් ලෙස කාල අවකාශ දෙකක චරිත දෙකක් රඟපානවා. Jackie Chan (ප්‍රොෆෙසර් ෆැන්ග් / ෂාඕ ෂෙන්) සමග Gülnezer Bextiyar (මෙන්ග් යුන්),
Lay Zhang (වැන්ග් ජින්/හුආජුන්), Xiao Ran Peng (ෂින්රන්) සහ Aarif Rahman (හුඩුනා) රංගනයෙන් එකතු වෙනවා.

මහාචාර්ය ෆැන්ග් පුරාවිද්‍යාඥයෙක්. ඔහුගේ සහායකයින් දෙන්නා තමයි තරුණ වැන්ග් ජින් සහ ෂින්රන්. පුරාවිද්‍යා කැණීමකදී හමුවන ජේඩ් පෙන්ඩනයක බලපෑම නිසා ෆැන්ග්ට සහ වැන්ග් ජින්ට, වසර දහස් ගණනකට පෙර කාලයක සිදුවීම් වගයක් හීනෙන් පෙනෙන්න ගන්නවා. ඒ හීන වලට අනුව කාලයේ මේ දෙන්නා චීන හැන් රාජ වංශයේ අශ්වාරෝහක බල ඇණියේ ජෙනරාල්වරු දෙන්නෙක්, ඒ වගේම යාලුවො. මේ දෙන්නම ආදරය කරන්නෙ එකම කාන්තාවකට. ඇය මෙන්ග්යුන්. හැන් දේශය ආක්‍රමණය කරන හුන් කුමාරයෙක් වන හුඩුනා අතිශය දරුණු අයෙක්. ඔහුත් මෙන්ග්යුන්ව අයිති කරගන්න හැමදේම කරනවා. නමුත් මේ කතාවෙ ඉතුරු ටික කාටත් අභිරහසක්. ඒ වගේම හුන්වරුන් විසින් පැහැරගත් විශාල ධන නිධානයක් ගැනත් අතීත කතාවක් පැන නැගෙනවා. ඉතින් මේ කතාවේ අවසානය කොහොමද වුනේ? සිව්කොන් ආදර කතාව කෙසේ විසඳුනාද? ජේඩ් පෙන්ඩනය මේ කතාවට කොහොමද සම්බන්ධ වෙන්නෙ? අර ධන නිධානයට මොකද වුනේ? ප්‍රශ්න ගොඩයි නේද? පැය දෙකක් පුරා ඔබව අමුතුම අවකාශයකට අරන් යන මේ රසවත් නිර්මාණය නරඹමු.

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post A Legend (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/a-legend-2024-sinhala-subtitles/feed/ 0
Holy Night: Demon Hunters (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/holy-night-demon-hunters-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/holy-night-demon-hunters-2025-sinhala-subtitles/#respond Wed, 16 Jul 2025 16:20:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=106286 Holy Night: Demon Hunters Sinhala Sub Holy Night: Demon Hunters Sinhala Subtitles Holy Night: Demon Hunters 2025 Sinhala Sub Holy Night: Demon Hunters (2025) Sinhala Sub Holy Night: Demon Hunters (2025) Sinhala Subtitles අද අරගෙන ආවෙ Ma Dong-seok ගෙ අළුත් චිත්‍රපටය වන  Holy Night – Demon Hunters චිත්‍රපටය.. වෙනද දකිනවට වඩා වෙනස්ම මාතෘ කාවකින්, වෙනස්ම […]

The post Holy Night: Demon Hunters (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Holy Night: Demon Hunters Sinhala Sub
Holy Night: Demon Hunters Sinhala Subtitles
Holy Night: Demon Hunters 2025 Sinhala Sub
Holy Night: Demon Hunters (2025) Sinhala Sub
Holy Night: Demon Hunters (2025) Sinhala Subtitles

අද අරගෙන ආවෙ Ma Dong-seok ගෙ අළුත් චිත්‍රපටය වන  Holy Night – Demon Hunters චිත්‍රපටය.. වෙනද දකිනවට වඩා වෙනස්ම මාතෘ කාවකින්, වෙනස්ම ඇක්ෂන් ගොඩක් එක්ක අපේ තඩී Ma Dong-seok එහෙමත් නැත්තනම් චිත්‍රපටයෙ විදිහට “කන්ග් බාඕ” ඔබ ඉදිරියට එනවා.. මේ පාරත් අත පුරවල ගහන තඩි මුෂ්ඨි පාරවල් බලාගන්න පුළුවන්, හැබැයි ඒ සාමාන්‍ය මිනිස්සුන්ට විතරක්ම නෙමෙයි..

අපි බලමු චිත්‍රපටිය ඇතුලෙදි මොකක්ද වෙන්නෙ කියලා..

කන්ග් බාඕ කුඩා කාලයෙ දිවි ගෙවන්නෙ පල්ලියක් මගින් පවත්වගෙන යන අනාථ නිවාසයක් තුලයි.. ඔහුගෙ හොඳම යාළුවා ජෝෂප් සමගත් ඔහුගේ අනිත් යාළුවන් සමගත් බාඕ ආසාවෙන් කාලය ගත කරනවා. මේ අතර වැඩිහිටියකු බවට පත්වන බාඕ අනාථ නිවාසයෙන් පිටමන් වී පාතල කල්ලියකට බැදිලා මුදල් හොයන්න පටන් ගන්නවා.. හැබැයි ඔහුගෙ හොදම යාළුවා වන ජෝෂප් වෙනස්ම මගක යමින් යක්ෂ භූත ආත්ම පිළිබදව අධ්‍යනය කරන්නෙකු බවට පත්වනවා. එක් නත්තල් දවසක කද මළු බැදගෙන තමන්ගෙ යහළු යෙහෙලියන් බලන්න බාඕ අනාථ නිවාසෙට එද්දි ඒක ඇතුලෙ වෙලා තිබුනෙ මහ විනාශයක්..

ඉතින් මොකක්ද මේ විනාශෙ.. කාටද මේ යක්ෂ දඩයම්කරුවො කියන්නෙ.. බාඕ ගෙ පළිගැනීමේ පරමාර්ථය කුමක්ද ?  බාඕට ඒ අසාමන්‍ය බලය ලැබුනෙ කොහොමද ?  මේ ඔක්කොටම උත්තර Holy Night – Demon Hunters චිත්‍රපටය නැරඹුවොත් දැනගන්න ලැබෙයි.. එහෙනම් අපේ තඩීගෙ අලුත්ම ෆිල්ම් එකත් බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් මම සමුගන්නවා.. සුභ දවසක්..

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Holy Night: Demon Hunters (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/holy-night-demon-hunters-2025-sinhala-subtitles/feed/ 0
The Old Guard 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-old-guard-2-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-old-guard-2-2025-sinhala-subtitles/#comments Fri, 11 Jul 2025 11:16:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105757 The Old Guard 2 Sinhala Sub The Old Guard 2 Sinhala Subtitles The Old Guard 2 2025 Sinhala Sub The Old Guard 2 (2025) Sinhala Sub The Old Guard 2 (2025) Sinhala Subtitles *කතා සාරාංශය:* සියවස් ගණනාවක් පුරා, සෙවණැල්ලක් සේ හිඳිමින් මනුෂ්‍ය වර්ගයාව ආරක්ෂා කළ ඇන්ඩි සහ ඇගේ අමරණීය රණශූරයන්ගේ කණ්ඩායම, නැවතත් ඔවුන්ගේ මෙහෙයුම සඳහා […]

The post The Old Guard 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Old Guard 2 Sinhala Sub
The Old Guard 2 Sinhala Subtitles
The Old Guard 2 2025 Sinhala Sub
The Old Guard 2 (2025) Sinhala Sub
The Old Guard 2 (2025) Sinhala Subtitles

*කතා සාරාංශය:*

සියවස් ගණනාවක් පුරා, සෙවණැල්ලක් සේ හිඳිමින් මනුෂ්‍ය වර්ගයාව ආරක්ෂා කළ ඇන්ඩි සහ ඇගේ අමරණීය රණශූරයන්ගේ කණ්ඩායම, නැවතත් ඔවුන්ගේ මෙහෙයුම සඳහා කැඳවනු ලබනවා. නමුත් මේ වතාවේ ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන්නේ වෙනදාට වඩා දරුණු, කපටි සහ බලවත් සතුරෙකුටයි. මේ අලුත් සතුරා ඔවුන්ගේ කණ්ඩායමේ පැවැත්මටම සෘජු තර්ජනයක් එල්ල කරද්දී, ‘පැරණි ආරක්ෂකයින්ගේ’ අභ්‍යන්තර බැඳීම් පවා දෙදරුම් කන්නට පටන් ගන්නවා. මේ සියල්ල මදිවාට, කවදාවත් ආයේ දකින්නට ලැබෙන්නේ නෑ, සදහටම නැතිවුණා කියා සිතූ ඔවුන්ගේම අමරණීය සගයෙක්ගේ අනපේක්ෂිත නැවත පැමිණීමත් සමඟ මුළු කතාවම උඩුයටිකුරු වෙනවා. අලුත් සතුරන් සහ පැරණි මිතුරන් අතරේ, ඔවුන්ගේ අමරණීය රහස තවදුරටත් රහසක් ලෙස තබාගන්නට ඔවුන්ට හැකි වේවිද?

*”උපසිරැසිකරුගේ ඇසින්”:*

The Old Guard 2 චිත්‍රපටයට සිංහල අකුරු ගලපපු කෙනා හැටියට මේක ගැන වචන ටිකක් නොකියාම බෑ. පළවෙනි ෆිල්ම් එක බලපු කෙනෙක් නම්, දෙවෙනි එක එනකල් මග බලාගෙන ඉන්න ඇති කියන එක සහතිකයි. 🤩 ඉතින් කියන්න තියෙන්නේ, ඒ බලාපොරොත්තු කොහෙත්ම කඩ වෙන්නේ නෑ! 🔥

මේ පාර ඇක්ෂන්, ෆයිට් සීන්ස් එහෙම තවත් ලෙවල් අප් වෙලා. ඒ වගේම තමයි කතාව. අලුත් villain පට්ටම smart and ruthless. එයා නිසා ‘Old Guard’ ටීම් එකේ අවුරුදු ගාණක බැඳීම් පවා ප්‍රශ්න කෙරෙන තැනට වැඩේ යනවා. 🤔 හැබැයි කතාවේ ලොකුම game changer එක තමයි අර නැතිවුණා කියලා හිතපු කෙනාගේ ආපහු ඒම. ඒකෙන් ඇතිවෙන ගැටුම්, හෙළිදරව් වෙන රහස් එක්ක කතාව නිකන් රෝලර්-කෝස්ටර් එකක් වගේ. 🎢

උපසිරැසි කරනකොට ඒ දෙබස් එක්කම ගලාගෙන යද්දී මට තේරුණේ, මේකේ තියෙන්නේ නිකන්ම නිකන් වෙඩි තියාගන්න, කඩු පාවිච්චි කරන එක විතරක් නෙවෙයි කියලයි. අමරණීය වුණාට ඒ ජීවිතවල තියෙන තනිකම, වේදනාව, මිතුරුකම් වල වටිනාකම ගැන ගොඩක් ගැඹුරට කතා කරනවා. 🎬 Charlize Theron ගේ රංගනය ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. 😎 ඉතින්, පළවෙනි එකට කැමති වුණා නම්, මේක අනිවාර්යයෙන්ම බලන්න ඕන. නොබලපු කෙනෙක් නම්, දෙකම එක දිගට බලන්න. පට්ට experience එකක් වේවි! 👍

*ප්‍රේක්ෂක නිර්දේශය:*

මෙම චිත්‍රපටිය, එහි අන්තර්ගත දරුණු ප්‍රචණ්ඩකාරී දර්ශන සහ භාෂා භාවිතය හේතුවෙන් *වැඩිහිටි ප්‍රේක්ෂකයින් (18+) සඳහා පමණක්* නිර්දේශ කරනු ලැබේ. 🔞

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Old Guard 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-old-guard-2-2025-sinhala-subtitles/feed/ 1
Sucker Punch (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sucker-punch-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sucker-punch-2011-sinhala-subtitles/#respond Thu, 10 Jul 2025 15:48:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105710 Sucker Punch Sinhala Sub Sucker Punch Sinhala Subtitles Sucker Punch 2011 Sinhala Sub Sucker Punch (2011) Sinhala Sub Sucker Punch (2011) Sinhala Subtitles කතා සාරාංශය: ඇය බේබිඩෝල්… අකාරුණික සුළු පියාගේ කුරිරුකම් නිසා, බිහිසුණු මානසික සරණාගාරයක හුදකලා වූ තරුණියක්. තව දින පහකින් ඇගේ මනස සදහටම නිහඬ කරවන ලොබොටොමි සැත්කමකට ඇයව නියම කරලා! 😱 මේ අඳුරු ඉරණමට […]

The post Sucker Punch (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sucker Punch Sinhala Sub
Sucker Punch Sinhala Subtitles
Sucker Punch 2011 Sinhala Sub
Sucker Punch (2011) Sinhala Sub
Sucker Punch (2011) Sinhala Subtitles

කතා සාරාංශය:
ඇය බේබිඩෝල්… අකාරුණික සුළු පියාගේ කුරිරුකම් නිසා, බිහිසුණු මානසික සරණාගාරයක හුදකලා වූ තරුණියක්. තව දින පහකින් ඇගේ මනස සදහටම නිහඬ කරවන ලොබොටොමි සැත්කමකට ඇයව නියම කරලා! 😱 මේ අඳුරු ඉරණමට මුහුණ දෙන්න බැරිම තැන, බේබිඩෝල් ඇගේම පරිකල්පනයෙන් මවන ලද විස්මිත, ක්‍රියාදාමයෙන් පිරුණු ලෝකයකට කිමිදෙනවා. 🤩 එහේදී ඇය තනිවෙලා නැහැ. තවත් සිරකාරියන් හතර දෙනෙක් ඇයත් එක්ක එකතු වෙනවා. ඔවුන්ගේ එකම අරමුණ මේ බිහිසුණු සිරගෙයින් පැන යාමයි. මේ ෆැන්ටසි ලෝකයෙදි, අභිරහස් මඟ පෙන්වන්නෙකුගේ උදව්වෙන්, ඔවුන්ගේ නිදහසට අවශ්‍ය අයිතම පහක් සොයා දැවැන්ත සටනක නිරත වෙනවා. 🔥 ඒත් ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද? මේ මනඃකල්පිත ලෝකයද ඇත්ත? නැත්නම් මේ සියල්ලම ඇගේ මනසේ මායාවක් විතරද? 🧐 යථාර්ථයයි සිහිනයයි අතරේ සීමාවන් බොඳ වෙලා යනකොට, නිදහස සොයා යන මේ සටන හිතුවට වඩා සංකීර්ණ වෙනවා…

උපසිරැසිකරුගේ ඇසින්:
මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි ගන්වපු කෙනා හැටියට මට මේ ගැන කියන්න තියෙන්නේ, Sucker Punch කියන්නේ නිකම්ම නිකන් චිත්‍රපටියකට වඩා, දෘශ්‍යමය වශයෙන් cựcම අලංකාර, හිත ඇදගන්නාසුළු අත්දැකීමක්! 🤩 Zack Snyder ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු, මන්දගාමී (slow-motion) දර්ශන, සුපිරි ගනයේ ක්‍රියාදාම ජවනිකා පිරිච්ච, නිකන් බලවත් සංගීත වීඩියෝවක් (music video) වගේ තමයි මේක ගලාගෙන යන්නේ. 🎬🔥 බේබිඩෝල් සහ ඇගේ සටන් සගයන් මනඃකල්පිත ලෝකවලදී මුහුණ දෙන අභියෝග, දැවැන්ත සමුරායි රණශූරයන්, පළමු ලෝක යුද්ධයේ සොම්බි සොල්දාදුවන්, ගිනි විදින මකරු වගේ සතුරන් එක්ක කරන සටන්… ආහ්, ඒවට නම් හිත පිස්සු වැටෙනවා! 💣⚔🐉

ඒත් මේක හුදු ඇක්ෂන් ෆිල්ම් එකක් විතරක්ම නෙවෙයි. ගැඹුරට හිතුවොත්, දැඩි මානසික පීඩනයෙන් මිදෙන්න දරන උත්සාහය (escapism), කම්පනය (trauma), ගැහැණුන්ගේ අභ්‍යන්තර ශක්තිය සහ එකමුතුකම වගේ සංකීර්ණ තේමාවන් ගැනත් මේකෙන් සියුම්ව කතා කරනවා. 🤔 හැබැයි ඉතින්, කතාවේ යථාර්ථයයි, බේබිඩෝල්ගේ මනසේ මැවෙන ෆැන්ටසියයි එකිනෙකට මාරු වෙන විදිහ නිසා සමහර වෙලාවට පොඩ්ඩක් “අඩේ, මේ මොකද්ද ඇත්තටම වෙන්නේ?” කියලත් හිතෙන්න පුළුවන්. 😅 ඒත් මම හිතන්නේ ඒක තමයි මේ චිත්‍රපටියේ තියෙන විශේෂත්වය! ඒ වගේම තමයි, මේකේ සංගීතය! 🎶 කතාවේ හැඟීම් එක්ක නියමෙටම මුසු වෙන, ඇඟට වදින සින්දු ටිකක් තියෙනවා. රංගනය ගැන කතා කරොත්, Emily Browning ප්‍රධාන චරිතයට උපරිම සාධාරණයක් කරනවා, ඒ වගේම අනිත් තරුණියන්ගේ චරිතත් මතක හිටිනවා. 💪

මේක සමහරුන්ට ගොඩක් අල්ලලා යන, තවත් සමහරුන්ට එච්චරම සෙට් නොවෙන චිත්‍රපටියක් වෙන්න පුළුවන්. ඒත් එක පාරක් හරි බලන්න වටින, වෙනස්ම විදියේ සිනමා අත්දැකීමක් දෙන නිර්මාණයක් කියලනම් මට සහතික වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා visual effects වලට, සුපිරි action වලට සහ ටිකක් වෙනස් කතා වලට කැමති කෙනෙක් නම්, මේක අනිවාර්යෙන්ම බලන්න! අවසානය ගැනත් විවිධ අර්ථකථන දෙන්න පුළුවන්, ඒකත් කතාවේම කොටසක්. 😉 පොඩ්ඩක් හිතන්නත් දෙයක් ඉතුරු කරන ෆිල්ම් එකක්! 🍿

ප්‍රේක්ෂක නිර්දේශය:
යොවුන් වියේ (13+) සහ වැඩිහිටි ප්‍රේක්ෂකයින් සඳහා වඩාත් සුදුසුයි. (ක්‍රියාදාම දර්ශන සහ ඇතැම් තේමාවන් (මානසික සෞඛ්‍ය ගැටළු, ප්‍රචණ්ඩත්වය වැනි) නිසා දෙමාපිය මගපෙන්වීම යෝග්‍ය විය හැක.) 👍

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sucker Punch (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sucker-punch-2011-sinhala-subtitles/feed/ 0
KPop Demon Hunters (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kpop-demon-hunters-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kpop-demon-hunters-2025-sinhala-subtitles/#comments Tue, 08 Jul 2025 06:40:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105618 KPop Demon Hunters Sinhala Sub KPop Demon Hunters Sinhala Subtitles KPop Demon Hunters 2025 Sinhala Sub KPop Demon Hunters (2025) Sinhala Sub KPop Demon Hunters (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ එළිදක්වන ළද KPop Demon Hunters කියන්නේ ඇමරිකානු සජීවිකරණ සංගීත ෆැන්ටසි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය Sony Pictures Animation විසින් නිෂ්පාදනය කර Netflix විසින් නිකුත් […]

The post KPop Demon Hunters (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
KPop Demon Hunters Sinhala Sub
KPop Demon Hunters Sinhala Subtitles
KPop Demon Hunters 2025 Sinhala Sub
KPop Demon Hunters (2025) Sinhala Sub
KPop Demon Hunters (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද KPop Demon Hunters කියන්නේ ඇමරිකානු සජීවිකරණ සංගීත ෆැන්ටසි චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය Sony Pictures Animation විසින් නිෂ්පාදනය කර Netflix විසින් නිකුත් කර තිබෙනවා.

Maggie Kang සහ Chris Appelhans විසින් අධ්‍යක්ෂණය කර තියෙනවා. kang, Appelhans, Hannah McMechan සහ Danya Jimenez විසින් පිටපත ලියා ඇති අතර, Kang විසින් සකස් කරන ලද කතාව මත පදනම් වෙලා තියෙනවා.

චිත්‍රපටයට හඩින් දායක වන ප්‍රධාන රංගන ශිල්පීන් අතරට Arden Cho, Ahn Hyo-seop, May Hong, Ji-young Yoo, Yunjin Kim, Daniel Dae Kim, Ken Jeong, සහ Lee Byung-hun ඇතුළත් වෙනවා.

කතාව පැත්තට ගියොතින් බලාගන්න හම්බවෙන්නෙ Huntr/x නම් K-pop ගැහැනු කණ්ඩායමක්. එයාලා රාක්ෂයන් දඩයම් කරන්නන් විදියටත් ද්විත්ව ජීවිතයක් ගත කරනවා. එයාලට මුහුණ දෙන්න වෙන්නේ Saja Boys නම් ප්‍රතිවාදී පිරිමි සංගීත කණ්ඩායමකට

K-pop සංගීතය සහ අද්භූත අන්තර්ගතය එකතු කරමින් නිර්මාණය වූ මේ චිත්‍රපටය බලන ඔයාලට සුවිශේෂ අත්දැකීමක් ලබාදෙන්නට සමත් වෙයි.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post KPop Demon Hunters (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kpop-demon-hunters-2025-sinhala-subtitles/feed/ 1
Starve Acre (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/starve-acre-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/starve-acre-2024-sinhala-subtitles/#respond Sat, 28 Jun 2025 17:01:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104853 Starve Acre Sinhala Sub Starve Acre Sinhala Subtitles Starve Acre 2024 Sinhala Sub Starve Acre (2024) Sinhala Sub Starve Acre (2024) Sinhala Subtitles “Starve Acre” (2023) යනු Daniel Kokotajlo විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ රචනා කරන ලද බ්‍රිතාන්‍ය ජනප්‍රිය ත්‍රාසජනක චිත්‍රපටයකි. මෙය Andrew Michael Hurley ගේ 2019 සම්මානලාභී නවකතාව “Starve Acre” පාදක කරගෙන නිර්මාණය කර […]

The post Starve Acre (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Starve Acre Sinhala Sub
Starve Acre Sinhala Subtitles
Starve Acre 2024 Sinhala Sub
Starve Acre (2024) Sinhala Sub
Starve Acre (2024) Sinhala Subtitles

“Starve Acre” (2023) යනු Daniel Kokotajlo විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ රචනා කරන ලද බ්‍රිතාන්‍ය ජනප්‍රිය ත්‍රාසජනක චිත්‍රපටයකි. මෙය Andrew Michael Hurley ගේ 2019 සම්මානලාභී නවකතාව “Starve Acre” පාදක කරගෙන නිර්මාණය කර ඇත.Rotten Tomatoes: 83% සහා IMDb: 5.4/10 ලබා ගෙන තියෙනවා.

මෙම චිත්‍රපටය දිග හැරෙන්නේ 1970 දශකයේ යෝක්ෂයර් (Yorkshire) හි ග්‍රාමීය ප්‍රදේශයක ය. ප්‍රධාන චරිත වන්නේ රිචඩ් (Matt Smith) සහ ජුලියට් (Morfydd Clark) යුවළයි. ඔවුන්ගේ කුඩා පුත් ඕවන් (Arthur Shaw) අමුතු ලෙස හැසිරීමට පටන් ගැනීමෙන් පසුව ඔහු මිය යාමත් සමඟ, ඔවුන් දැඩි ශෝකයකට පත් වේ.
ජුලියටි තම පුතාගේ ආත්මය තවමත් ගෙදර සිටින බවට විශ්වාස කරන අතර, ඔහු සමඟ කතා කිරිමට උත්සාහ කරයි.මෙම ඛේදවාචකයෙන් පසු, ඔවුන්ගේ නිවසට අද්භූත හා අශුභවාදී බලවේග ඇතුළු වෙයි.

මෙය මගේ 03 වන උපසිරැසිය වන අතර තවත් උපසිරියකින් නැවතත් Cineru.lk වෙතිත් හමුවෙමු.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Starve Acre (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/starve-acre-2024-sinhala-subtitles/feed/ 0
Lovely (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/lovely-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/lovely-2025-sinhala-subtitles/#respond Tue, 24 Jun 2025 15:00:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104321 Lovely Sinhala Sub Lovely Sinhala Subtitles Lovely 2025 Sinhala Sub Lovely (2025) Sinhala Sub Lovely (2025) Sinhala Subtitles ලව්ලි යනු 2025 දී තිරගත වූ ඉන්දියානු මලයාලම් භාෂා ආදර මනඃකල්පිත චිත්‍රපටයක් වන අතර එය ඩිලීෂ් නායර් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද අතර මැතිව් තෝමස්, සිවාංගි ක්‍රිෂ්ණකුමාර් සහ මනෝජ් කේ. ජයන් රංගනයෙන් දායක වේ. මේ චිත්‍රපටියේ […]

The post Lovely (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lovely Sinhala Sub
Lovely Sinhala Subtitles
Lovely 2025 Sinhala Sub
Lovely (2025) Sinhala Sub
Lovely (2025) Sinhala Subtitles

ලව්ලි යනු 2025 දී තිරගත වූ ඉන්දියානු මලයාලම් භාෂා ආදර මනඃකල්පිත චිත්‍රපටයක් වන අතර එය ඩිලීෂ් නායර් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද අතර මැතිව් තෝමස්, සිවාංගි ක්‍රිෂ්ණකුමාර් සහ මනෝජ් කේ. ජයන් රංගනයෙන් දායක වේ.

මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය තමයි බොනී කියන්නේ.බොනි මාමාගේ බලකිරිමට තමන්ගේ හීන අත ඇරලා රජයේ රැකියාවකට යනවා.මෙහෙදී වෙන ප්‍රශ්නයක් නිසා බොනීට හිරේ යන්න වෙනවා.හිරේදී මෙයාට පුදුම හිතෙන යාළුවෙක් මුණ ගැහෙනවා.මේ යාළුකම ගැන තමයි කතාව ඉස්සරහට ගලාගෙන යන්නේ.කතාවේ වැඩි විස්තරයක් කියන්නේ නෑ.film එක බලලම ඉන්නකෝ.ලස්සන කතාවක් මේක.

ඉතිං අලුත් film එකකින් ආය මුණ හැහෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්……..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lovely (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/lovely-2025-sinhala-subtitles/feed/ 0