What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (1080p) [No Ads]
  • Player 03 (720p) [No Ads]
  • Player 04 (480p) [No Ads]

Legend of the Seeker:- S01:E01-02: 1x1

Prophecy

ඉතින් අද පටන් ඉදිරියට ඔයාලා අතට තවත් හිත් ඇදගන්නා රූපවාහිනි කතාමාලාවක් ඔබ අතට පත් කරන්නයි මේ සූඳානම් වෙන්නෙ. Legend of the Seeker රූපවාහිනි කතාමාලාවෙ පළමු කතාවාරය අද ඉඳන් ඔයාට සිංහල උපසිරැසි සමඟ නරඹන්න පුළුවනි.

“ලෙජන්ඩ් ඔෆ් ද සීකර්” නැත්නම් “සොයන්නාගේ පුරාවෘත්තය” පාදක වෙන්නෙ Terry Goodkind ලියපු “The Sword of Truth”නවකතාව. මේක ඉතින් ලෝකය පුරා හොඳට ජනප්‍රිය වුන නවකතාවක්. නවකතාව ගැන විස්තර මෙතනින්.

IMDb දර්ශකයෙ 7.5/10 වැනි අගයක් ලබාගන්න සමත් වුන මායාවන්ගෙන්, වික්‍රමයන්ගෙන් සහ ආදරයෙන් පිරුණු Legend of the Seeker කතාමාලාව ඔයාලට නැවුම් අත්දැකීමක් වේවි. සුන්දර නවසීලන්තයෙදි රූපගත කර ඇති Legend of the Seeker කතාමාලාව සඳහා Richerd Cypher නැතිනම් සීකර් (සොයන්නා) ලෙස Craig Horner ද Kahlan Amnell නැතිනම් පාපොච්චාරණය කරන්නිය ලෙස Bridget Regan ද Zeddicus Zu’l Zorander නැත්නම් පළමු ගණයෙ මායාකාරයා ලෙස Bruce Spence ද Darken Rahal ලෙස Craig Parker ද රංගනයෙන් එකතු වී සිටිනවා.

දැන් අපි කතාව පැත්තට හැරෙමු. මිනිස්සු පීඩිත වෙලා අසරණ වෙලා ඉන්න කාලවලදි ඒ මිනිස්සු වෙනුවෙන් වීරයෙක් නැගි සිටිනවා නපුරට එරෙහිව සටන් කරන්න. ඔහු තමා සීකර් නැත්තම් සොයන්නා කියලා හඳුන්වන්නෙ. මේ කාලයේදි ඩාර්කන් රහ්ල් කියන දුෂ්ට පාලකයා නිසා මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. ඔය අතරෙ ශාස්තෘවරයෙක් මරණ මංචකයෙදි අනාවැකියක් පලකරනවා සීකර් (සොයන්නා) ගැන. බ්‍රෙනින්ඩන් කියන නගරයෙ සීකර්ගෙ උපත සිදුවුනා කියලා. ඉතින් ඩාර්කන් රහ්ල් කරන්නෙ තමන්ගෙ ඩ‘හරාන් සේනාව යවලා නගරයෙ හැම කුළුඳුල් දරුවෙක්ම ඝාතනය කරන එක. ඒත් සෙඩ් කියන මායාකාරයා නියම සීකර්වත් අරගෙන හාර්ට්ලන්ඩ් වලට පලායනවා. අවුරුදු ගණනකට පස්සෙ නියමිත කාලයෙදි කෙයිලාන් කියන පාපොච්චාරණය කරන්නිය සීකර්ව හොයාගෙන හාර්ට්ලන්ඩ් වලට එනවා. රිචඩ් සයිපර් මේ වෙනකොටත් මේ අනාවැකිය තමන් සීකර් කියලා දන්නෙ නෑ. සෙඩ් ඔහුට කියලත් නෑ. ඉතින් රිචඩ් පිළිගන්නෙම නෑ මේ කතාව. බලවත් සත්‍යයේ අසිපත දැරිය යුතු රිචඩ්ට තමන්ගෙ දෛවය තමන්ට නියමිත කාර්යය තේරුම් කරවන්න කෙයිලාන්ට සිද්ධ වෙනවා. රිචඩ්, කෙයිලාන්, සෙඩ් එකතු වෙලා ඉස්සරහට මොනවා කරයිද? ඩාර්කන් රහ්ල්ව විනාශ කරන්න ඔවුන් සූඳානම් වෙන්නෙ කොහොමද? අපි කතාව බාගෙනම බලමු නේද?

ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ කොටස් 22 ක් තියෙනවා.

Legend of the Seeker:- S01:E01-02
Legend of the Seeker:- S01:E01-02
Nov. 01, 2008

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope