කොහොමද කට්ටියට? සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න ආයෙ සබ් එකක් අරගෙන ආව. මේක ලොකු කුඩා කාටත් එක සේ රස විඳින්න පුලුවන් නිර්මාණයක්. මේකෙ සිංහල නම සූරපප්පා. හැබයි හරිම නම ඇවිල්ලා Astérix & Obélix : Le Combat des Chefs කියන ප්‍රංශ නාමය. ඕක ඉංග්‍රීසියෙන් කියනව Asterix & Obelix: The Big Fight කියල.
ඇස්ටෙරික්ස් සහ ඔබෙලික්ස් 3D කතා මාලාවක් නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිර්මාණය කරනව කිව්වම මම බෝම නොයිවසිල්ලෙන් බලන් උන්නා මේක එනකම් ඇත්තටම. බලං යද්දි මං විතරක් නෙමෙ ලෝකෙ ගොඩක් අය එහෙම බලං ඉඳලා. විනාඩි තිහේ එපිසෝඩ් පහකින් සමන්විත කතා මාලාව මේ වෙනකොට නෙට්ෆ්ලික්ස්වල ලොව පුරා අංක එකේ ස්ථානය අරගෙන තියෙනව.ඒ වගේම imdb වෙබ් අඩවියේ 8.1ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනව මේ වෙනකොට. 1964 වසරේදී නිර්මාණය වුණ මේ ඔර්ජිනල් කතාව 2025 වසරේදීත් අපිට රස විඳින්න පුළුවන් කියන එක ගැන මට නම් හිතාගන්නත් බැහැ.
මේ සීසන් එක නිර්මාණය වෙන්නේ අපි කාටුන් එකේ දැකපු වෙද පප්පට පිස්සු හැදෙන සිද්දිය පාදක කරගෙන. මේකේ සාර්ථක වීම මත අපි කාටුන් එකේදී දැකපු ඉතුරු කතා ටිකත් මේ විදියට හරිම ලස්සනට වර්ණවත් ආකාරයට දැක බලාගන්න ඉඩක් ලැබේවි ඉදිරියේදී.
මේකේ හැබැයි අපි කාටුන් එකේ දැකපු සිදුවීම් වලට වඩා වෙනස් දේවල් ටිකක් මේකෙදි ඔයාලට දකින්න ලැබෙයි. මේ කතාව ගැන අමුතුවෙන් අටුවා-ටිකා-ටිප්පනි ඔයාලට හඳුන්වා දෙන්න දෙයක් නෑනෙ. සුපුරුදු චරිත ටික එහෙම්මම ඉන්නව. සුපුරුදු කතාව ඔස්සේ ඒ ආතල් එක එහෙම්මම දෙනව. හැබයි අපි දන්න කියන සුපුරුදු කතාවක් වුණාට අපිට කාටූන් එකේදි කතාවට කියපු ඔරිජින් ස්ටෝරි එහෙම මේකෙදි අපිට ලස්සනට හෙළි පෙහෙළි කරල දෙනව. විශේෂයෙන්ම ජිම් පප්පා එහෙම නැත්නම් ඔබෙලික්ස් සහ සූර පප්පා විධියට හඳුන්වන ඇස්ටෙරික්ස් දෙන්නගෙ යාළුකම ඇති වුනේ කොහොමද? ජිම් පප්පව අරිෂ්ඨ කල්දේරමට වැටුන වැටුන කිව්වට ඒක වුණේ කොහොමද කියල ඔයාල දන්නෙ නෑනෙ…
ඔන්න එහෙනම් බලාගන්න…