Vinay Sapru Archives - SinhalaSub https://sinhalasub.lk/director/vinay-sapru/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 26 Jun 2024 20:49:13 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vinay Sapru Archives - SinhalaSub https://sinhalasub.lk/director/vinay-sapru/ 32 32 Yaariyan 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/yaariyan-2-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/yaariyan-2-2023-sinhala-subtitles/#respond Wed, 26 Jun 2024 20:49:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71803 Yaariyan 2 Sinhala Sub Yaariyan 2 Sinhala Subtitles Yaariyan 2 (2023) Sinhala Sub Yaariyan 2 (2023) Sinhala Subtitles

The post Yaariyan 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yaariyan 2 Sinhala Sub
Yaariyan 2 Sinhala Subtitles
Yaariyan 2 (2023) Sinhala Sub
Yaariyan 2 (2023) Sinhala Subtitles

The post Yaariyan 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/yaariyan-2-2023-sinhala-subtitles/feed/ 0
Sanam Teri Kasam (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sanam-teri-kasam-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sanam-teri-kasam-2016-sinhala-subtitles/#comments Mon, 05 Feb 2024 23:30:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=43235 Sanam Teri Kasam Sinhala Sub Sanam Teri Kasam Sinhala Subtitles Sanam Teri Kasam (2016) Sinhala Sub Sanam Teri Kasam (2016) Sinhala Subtitles ගොඩක් කාලෙකින් තවත් සබ් එකක් ගෙනාවේ. වැඩේ කරන්න නම් පරක්කු වුනා. ඒක නිසා ඉස්සෙල්ලම සමාව ඉල්ලනවා. මේ අව්රුද්දෙ පෙබරවාරි මාසයේ තමයි මේ චිත්‍රපටය නිකුත් වුනේ. IMDB 7.7ක් ලැබිලා තියෙනව.මෙහි රංගන දායකත්වය සපයන්නේ නම් […]

The post Sanam Teri Kasam (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sanam Teri Kasam Sinhala Sub
Sanam Teri Kasam Sinhala Subtitles
Sanam Teri Kasam (2016) Sinhala Sub
Sanam Teri Kasam (2016) Sinhala Subtitles

Sanam Teri Kasam (2016ගොඩක් කාලෙකින් තවත් සබ් එකක් ගෙනාවේ. වැඩේ කරන්න නම් පරක්කු වුනා. ඒක නිසා ඉස්සෙල්ලම සමාව ඉල්ලනවා. මේ අව්රුද්දෙ පෙබරවාරි මාසයේ තමයි මේ චිත්‍රපටය නිකුත් වුනේ. IMDB 7.7ක් ලැබිලා තියෙනව.මෙහි රංගන දායකත්වය සපයන්නේ නම් ගොඩක් හුරු පුරුදු නළු නිලියන් නෙමේ. මෙහි ප්‍රධාන චරිතය රඟපාන Mawra Hocane පාකිස්තානු නිලියක්. මේ ඇගේ පළමු බොලිවුඩ් සිනමා පටයයි. ඒවගේම ප්‍රධාන නළුවා Harshvardhan Rane, ඔහුගේත් පළමු හින්දි සිනමාපටය මෙයයි… පළමු රංගනය වුවත් දෙදෙනාම චිත්‍රපටයට සාධාරණයක් ඉටු කරල තියෙන වග මගේ අදහසයි..

වැඩි විස්තර නැතුව කතාව ගැන චුට්ටක් කියන්නම්.. මේ කතාවේ ප්‍රධාන චරිත දෙක වෙන්නේ ඉන්දර්( Harshvardhan Rane) සහ සරස්වතී (Mawra Hocane). මේ කතාවේ ඉන්න ඉන්දර් කියන්නේ හුදකලාවේ ජිවිතේ ගෙවෙන මිනිමරුවෙක් කියල හංවඩු ගැහුණු කොල්ලෙක්.. ඒවගේම සරස්වතී කියන්නේ අහිංසක ගැහැණු ළමයෙක්. මේ දෙන්නම ජිවත් වෙන්නේ එකම තට්ටු නිවාසයක මහල් දෙකක.. සරස්වථීට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඉක්මනටම තමන්ගේ නංගිව කසාද බන්දල දෙන එක. හැබැයි ඒක කරන්න නම් ඉස්සෙල්ලම තමන් කසාද බැඳලා ඉන්න ඕනේ. මොකද පවුලේ වැඩිමලා සරස්වතී නිසා. මේ නීතිය ගේන්නේ සරස්වතී ගෙ සැරපරුෂ තාත්තා.. සරස්වතිගේ නංගිටත් ඕනේ කොහොමහරි ඉක්මනට කසාද බඳින්න. එත් සර්ස්වතිට කිසිම කොල්ලෙක් කැමති වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ නිසා ගොඩක් හිත් වේදනාවෙන් ඉන්න සරස්වතී දවසක් මේ ප්‍රශ්නෙට උදව්වක් ඉල්ලගන්න ඉන්දර් ලඟට යනවා. ඒ ගමනේන් පස්සේ සරස්වතී ගෙ මුළු ජිවිතයම උඩු යටිකුරු වෙනවා. සර්ස්වතිට ඇත්තටම මොකද වෙන්නේ? ඉන්දර් සරස්වතිට උදව් කරයිද, ? ඉන්දර් කියන්නේ ඇත්තටම මොනවගේ කෙනෙක්ද? ඔහු ඇත්තටම මිනිමරුවෙක්ද? මේ හැමදේම දැනගන්න චිත්‍රපටිය බලන්න කියල ඔයාල හැමෝටම ආරාධනා කරනවා. ප්‍රමාද වුනාට ආයෙත් සමාව ඉල්ලනවා…ලස්සන සංවේදී චිත්‍රපටයක්. කොහොම වුනත් ඔයා බලලම කියන්න කොහොමද කියල…. එහෙනම් ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ගයේෂා සත්සරණි සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sanam Teri Kasam (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sanam-teri-kasam-2016-sinhala-subtitles/feed/ 4
Lucky: No Time for Love (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/lucky-no-time-for-love-2005-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/lucky-no-time-for-love-2005-sinhala-subtitles/#respond Wed, 30 Aug 2023 02:34:46 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52329 Lucky: No Time for Love Sinhala Sub Lucky: No Time for Love Sinhala Subtitles Lucky: No Time for Love (2005) Sinhala Sub Lucky: No Time for Love (2005) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න ඔයාලට අද අරන් ආවා හින්දි සිනමා වංශ කතාවේ තවත් පැරණි ලස්සනම ලස්සන සංගීතමය සිනමා නිර්මාණයක සිංහල උපසිරැසියක්. චිත්‍රපටය තමයි 2005 අප්‍රියෙල් […]

The post Lucky: No Time for Love (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lucky: No Time for Love Sinhala Sub
Lucky: No Time for Love Sinhala Subtitles
Lucky: No Time for Love (2005) Sinhala Sub
Lucky: No Time for Love (2005) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඔයාලට අද අරන් ආවා හින්දි සිනමා වංශ කතාවේ තවත් පැරණි ලස්සනම ලස්සන සංගීතමය සිනමා නිර්මාණයක සිංහල උපසිරැසියක්. චිත්‍රපටය තමයි 2005 අප්‍රියෙල් මස 08 වන මුලින්ම තිරගත කල Lucky – No Time for Love. බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගන්නටත් සමත්වෙලා තියෙනව. අයත් වෙන්නෙ Musical, Drama, Romance යන කැටගරි වලට. රඟපෑමෙන් එක්වන්නේ Salman khan, Sneha Ullal සමග් Mithun Chakraborty. අයිෂ්වර්යා රායිගෙ පෙනුමට සමාන ස්නේහාව දක්නට ලැබුනු පළමු චිත්‍රපටය වෙන්නෙත් Lucky ම තමයි. ඇත්තටම ඇගේ මුල්ම චිත්‍රපටය වුනේ 2004 වසරේ තිරගතවීමට නියමිතව තිබූ Aryan. නමුත් කුමක් හෝ හේතුවක් නිසා එහි ප්‍රදර්ශනය පමාවුනා. “ලකී” විනාඩි 132 ක ධාවන කාලයකින් යුක්ත වන අතර Radhika Rao සහ Vinay Sapru ගේ අධ්‍යක්ෂනයක්.

මෙහි සංගීතය ගැන නම් කියන්නම ඕනෙ. මොකද චිත්‍රපටයේ සාර්ථකත්වයේ වැඩි ගෞරවය හිමිවෙන්නේ සංගීතයට. Adnam Sami ගේ සංගීතයෙන් වර්ණවත් වුනු ලස්සනම ලස්සන ගීත ගොන්නක් මෙයට ඇතුලත් වුනා. ලතා මංගේෂ්කාර්, අල්කා යාග්නික්, සෝනු නිගම්, උදිත් නාරායන්, අනුරාධා පෝද්වාල්, ආශා බෝස්ලේ සහ අද්නම් සාමිගෙ සුමියුරු හඬින් හැඩවුනු ඒ ගීත සියල්ලම පාහේ සුපර් හිට් වුනු අතර අදටත් ඉතාම ජනප්‍රියයි. ඒ විතරක් නෙමේ මෙහි ගීත ඇල්බමය වසරේ පස්වෙනි තැනට වැඩියෙන්ම විකුණුන ඇල්බමය වුනා.
බලන්න මේ ගීත ටික මතකද කියලා?

  1. චොරි චොරි – අල්කා යාග්නික් // සෝනු නිගම්
  2. ජාන් මේරි ජා රහී සනම් – උදිත් නාරායන් // අනුරාධා පෝද්වාල්
  3. සුන් සරා – සෝනු නිගම්
  4. ලකී ලිප්ස් – ආශා බෝස්ලේ
  5. ශායඩ් යහී තෝ ප්‍යාර් හේ – ලතා මංගේෂ්කාර් // අද්නාම් සාමි
  6. හම් දිවා නේ – සෝනු නිගම් // අනුරාධා පෝද්වාල්

එහෙනම් කතාව පැත්තට හැරෙමු. ලකී අවුරුදු 17 ක පාසල් සිසුවියක්. ජීවත්වෙන්නෙ රුසියාවෙ. තාත්තා වැඩ කරන්නෙ රුසියාවෙ ඉන්දියානු තානාපති කාර්‍යාලයේ. දවසක් සයිකලේ පාසල් යනකොට, පාලු ප්‍රදේශයකදී ලකීට මිනිහෙක් කරදර කරන්න හදනවා. ලකී ඒ මිනිහගෙන් බේරෙන්න කාර් එකක් ඇතුලෙ හැංගෙනවා. ඒ කාරෙක අයිති ආදිත්‍ය සේක්රිට. ඔහු රුසියාවෙ ඉන්දීය තානාපතිගෙ පුතා. ලකී කාර් එකේ ඉන්න බව නොදන්න ආදිත්‍ය කාර් එක පදවගෙන යනවා. පොලිස් චෙක් පොයින්ට් එකකදී කාර් එක පරීක්ෂා කරනවා. එතකොට තමයි ලකී ගැන දැනගන්නෙ. ඇයට පාස්පෝට් නැති නිසා ඔවුන්ව අත් අඩංගුවට ගන්න හදනකොට, මුර පොලට දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා. ඔවුන් එතනින් පැනගන්නවා. රට පුරාම දරුණු සටන් ඇවිලෙමින් යනවා. හැම තැනම සටන්. ප්‍රවාහන සේවා අඩාලයි. පෝන් ලයින් ඩෙඩ්. මේ යුධ ගිනි දැල් මැද්දේ අතරමන් වන ලකීගෙ සහ ආදිත්‍යගේ ඉරණම් කෙසේ ලිය වේවිද? ඔයාලම බලන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subsz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lucky: No Time for Love (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/lucky-no-time-for-love-2005-sinhala-subtitles/feed/ 0