Ninnu Kori (2017) Sinhala Subtitles
Pallavi invites Uma, her ex-boyfriend, to stay with her and her husband to convince him that she is happy in her marriage. Uma tries to create a rift between the couple, hoping to win Pallavi back.
]]>සුභ දවසක් හැමෝටම!!
අදත් අලුත්ම Romance | Comedy තෙලිඟු ෆිල්ම් එකක් අරගෙන තමයි අරගෙන ආවේ. පසුගිය සැප්තැම්බර් පලවෙනිදා තමයි මේ ෆිල්ම් එක තිරගත වීම ආරම්භ කලේ. අද Netflix හරහා තමයි ෆිල්ම් එකේ ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට නිකුත් කෙරුනේ. ඉතින් ෆිල්ම් එක ගත්තම මික්ස් රිවිව්ස් තමයි මේ ෆිල්ම් එකට ලැබුනේ. ඉන්දියානු රුපියල් කෝටි 50 ක වියදමක් දරලා නිපදවුනු මෙය ඉන්දියානු රුපියල් කෝටි 72 ක බොක්ස් ඔෆිස් ආදායමක් උපයන්න සමත් වුනා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Ninnu Kori , Majili , Tuck Jagadish වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කල ශිව නිර්වාන විසින්. ඒ වගේම මේක Mytri Movies Makers බැනරය යටතේ තමයි නිෂ්පාදනය උනේ. මුල් වරට පසුගිය 2022 වසරේ අප්‍රේල් මාසෙ නිවේදනය නිකුත් වීමත් එක්ක බොහෝ දෙනෙක් පුන පුනා හිටියා මේ ෆිල්ම් එක වෙනුවෙන්.
ඉතින් ඒකට ප්‍රධානම හේතුවක් තමයි විජේ දේවරකොන්ඩා සහ සමන්තා රූත් මෙහි ප්‍රධාන නලු නිලි යුවල ලෙස කටයුතු කිරීම.නමුත් සමන්තාගෙ හදිසි අසනීප තත්වය නිසා වරෙක මෙහි රූගත කිරීම් අතහැර දමන්නට පවා සිද්ද උනා.නමුත් ගොඩක් අයගෙ සිත් ගත් තැනක් උනේ කාශ්මීර් වල රූගත කිරීම් කරන අතරතුර සමන්තාගෙ උපන්දිනය වෙනුවෙන් කට්ටිය දුන්න සප්‍රයිස් එක එහෙම.ඔයාලටත් මතක ඇති මේ ෆිල්ම් එක ගැන ඇලර්ට් එකේ හිටියනම්.
ඒ වගේම මේ ෆිල්ම් එකේ අවදානය ලබාපු තවත් ප්‍රධානම කාරණයක් වෙන්නේ විජේ දේවරකොන්ඩා.ඒ ඔහු පහුගිය කාලය පුරාවටම චිත්‍රපට අතර දිගින් දිගටම අසාර්ථක වීම.ආදායම් වශයෙන් සහ චිත්‍රපට වලට ලැබුනු ප්‍රතිචාර යන දෙකෙන්ම.ඉතින් ඔහු මේ ෆිල්ම් එක කරන්න එන්නෙම තීරණාත්මක අඩියක ඉදන්. ඉතින් අවසානෙ යම් අස්වැසිල්ලක් මේ චිත්‍රපටිය හරහා ලැබුනා කියල හිතන්න පුලුවන්.
හරි මම කතාව පොඩ්ඩක් මතක් කරන්නම්. විප්ලව් කියන්නෙ BSNL ඔෆිසර් කෙනෙක්.ඒ කියන්නෙ රජයේ සන්නිවේදන ක්ෂේත්‍රය සම්බන්ධව ටෙලිෆෝන් ලයින් හදනව වගේ කටයුතු කරන ඔෆිසර් කෙනෙක්.කොහොම හරි මෙයාට හයිද්‍රාබාද් වල පත්වීම ලැබිලත් බලෙන්ම කාශ්මීර් වලට පත්වීම අරගන්නවා ඒ පරිසරයට තියෙන ආසාවට.ඉතින් ඔය අතරේ මෙයාට ගිහින් දවසෙන් දෙකෙන් කාශ්මීරය එපා වෙනව.ඒ ඉන්න අතරේ බුර්කාවක් දාගත්ත පකිස්ථාන් කෙල්ලො දෙන්නෙක් දැකල මෙයාගෙ හිත යනවා.
ඉතින් සෑහෙන්න දේවල් තව ඉස්සරහට තමා වෙන්නේ.ඔයාලම බලල දැනගන්න.අපූරු කතාවක් එහෙනම් පහලින් Download කරගෙනම බලන්නකෝ… ලස්සන සින්දු ටිකකුත් තියෙ රසවිඳින්න ආරාධනා කරන ගමන් දැනට ගිහින් එන්නම්…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
අපි හැමෝම වගේ ආදරේ කරල තියෙනවනේ.. ඉතින් පූර්ණා (Naga Chaitanya) කියන්නෙත් ඒවගේම අංශුට (Divyansha Kaushik) ට පණ වගේ ආදරේ කරන ආදරවතයෙක්.. ඒ ආදර කතාව පටන් ගන්න හැටි බලන්න චිත්‍රපටිය අරගෙන බලන්නම වෙනවා. ඉතින් මෙහෙම මෙයාගේ ආදරේ ඔහොම ගලාගෙන යද්දි එක්තර සිද්ධියක් වෙලා අංශුගේ ගෙදරින් මේ සිද්ධිය දැනගන්නවා.. එතනින් පස්සේ මොකක්ද ඉතින් සමාන්‍යය විදියටම වෙන දේම තමයි වෙන්නේ.. අංශුගේ ගෙදරින් මෙ දෙන්නව ඈත් කරන්න පුලුවන් හැමදේම කරනවා. බැරිම තැන පූර්ණාට තර්ජනය කරන්න මැරයෝ වගයක් යවනවා.. ඉතින් මේක අංශු දැනගෙන පූර්ණාව බේරගෙන එයාව හොටෙල් එකක කාමරයකට එක්කන් එනවා. එතනදී අංශු පූර්ණගෙන් පොරොන්දුවක් අරගන්නවා ඒ තමයි එයා ආයෙත් හෙට හවසට එනවා එතනක් මේ කාමරෙන් එලියටවත් යන්න එපා කියලා… පූර්ණා ඇත්තටම අංශු එනකම් බලන් ඉන්නවා ඒත් අංශු ආවේ නෑ. ඇත්තටම අංශුට මොකද උනේ? දැන් පූර්ණට මොකක් වෙයිද? ශ්‍රාවනී (Samantha) කොහොමද පූර්ණා අංශු ආදර කතාවට සම්බන්ධ වෙන්නේ? මේ හැමදේම දැනගන්න මේක බලන්නම වෙනවා. තවත් උපැසිරසියකින් හම්බවෙමු එහෙනම්.
ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලහිරු උදයංඟ සහෝදරයාගේ ලිපිය
]]>