Priyadarshan – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 30 Jun 2024 13:04:02 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Priyadarshan – SinhalaSub https://sinhalasub.lk 32 32 Marakkar: Lion of the Arabian Sea (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/marakkar-lion-of-the-arabian-sea-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/marakkar-lion-of-the-arabian-sea-2021-sinhala-subtitles/#respond Sun, 30 Jun 2024 10:40:39 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11447 ‘Marakkar Lion of the Arabian Sea’ portrays the courageous life-events of a rebellious naval chief, Kunjali Marakkar the fourth, who fought against the Portuguese in the ancient times. He was the fourth naval chief of the Calicut Zamorin. The film revolves around him who was also the first Indian Naval Commander and Indian freedom fighter for the war against the Portuguese. He is said to have won 16 such battles with his impeccable strategies and fighting skills.

]]>
https://sinhalasub.lk/movies/marakkar-lion-of-the-arabian-sea-2021-sinhala-subtitles/feed/ 0
Oppam (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/oppam-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/oppam-2016-sinhala-subtitles/#respond Wed, 07 Jun 2023 17:09:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41587 Oppam Sinhala Sub
Oppam Sinhala Subtitles
Oppam (2016) Sinhala Sub
Oppam (2016) Sinhala Subtitles

Oppam (2017)

මේ ලෝකය හරිම සංකීර්ණ දෙයක්. මිනිස් ඇසට නොපෙනන දේවල්, මිනිස් මොළයට තේරුම්ගත නොහැකි දේවල්, අනන්ත අප්‍රමාණ ලෙස මේ ලෝ තලයේ තිබෙනවා. නමුත්, මිනිසාට තේරුම්ගත නොහැකි නිසා හෝ, මිනිසාට නොපෙනෙන නිසාවෙන් හෝ, මේ දේවල් පිළිනොගෙන ඉවත දැමීම නම් කළ නොහැකියි.

සමහර මිනිසුන්, කිසිඳු අඩුපාඩුවක් නොමැතිව සම්පූර්ණ මිනිසෙකු ලෙස මෙලොවට උපත ලබනවා. නමුත්, හැමදෙනෙකුටම මේ වාසනා බල මහිමය පිහිටන්නෙ නැහැ. උපතින්ම ආබාධිත ලෙස උප්පත්තිය ලබන්නාවූ මිනිසුන් අනන්ත අප්‍රමාණ මේ ලෝ තලයේ වෙසෙනවා. නමුත් ඔබ මොහොතකට හෝ සිතුවාද, කිසිඳු ආබාධිත තත්වයක් නොමැති මිනිසුන් සමගින් කෙලෙසද  මෙම ආබාධිත මිනිසුන් එකිනෙකා හා කරට කර සිටිමින්, තම ජීවිත තරඟයෙන් පරාජය නොවී ඉදිරියටම ගමන් කරන්නෙ කියලා… මේ සොබාදහම හරිම පුදුමාකාරයි. කෙනෙක්ගෙන් මොනවා හෝ දෙයක් උදුරා ගන්නවා නම්, ඊට ප්‍රති උපකාරයක් ලෙස වෙනත් උරුමයක් ලබාදීමට තරම් ඔහු ත්‍යාගශීලී වෙනවා. සැමදෙනාටම සාධාරණත්වය. එයයි, සොබාදහම් මාතාව සතු අද්විතීය ලක්ෂණය.

උපතින්ම දෑස් අන්ධතාවයෙන් පෙලෙන්නාවූ ජයරාමන්… නමුත්, මා ඉහතකී ලෙසටම සොබාදහම් මාතාව, මෙම අවිහිංසක මිනිසාගෙන් සිය දෑස් උදුරා ගනිද්දී, ඒ වෙනුවෙන් වන්දියක් ලෙස හරි අපූරු දායාදයකින් ඔහුව සරසවනවා. මෙලොව, අතිශය සුළු පිරිසකට පමණක් උරුමකම් ඇත්තාවූ ත්‍යාගයක්… විංඥානය. එහෙමත් නැත්නම්, සයවෙනි ඉන්ද්‍රිය විදියට හඳුන්වන්නත් හැකියාව තියෙනවා. දෑස් අන්ධතාවයෙන් පෙළුනත්, මොහු සතු හැකියාව උපයෝගයෙන්, දෑස් පෙනෙන්නාවූ පුද්ගලයෙකුටත් වඩා අති සූක්ෂම ලෙස තමා අවට පරිසරය විමර්ශනය කිරීමේ හැකියාවක් මොහු සතුවෙනවා. අතිශය තියුණු බුද්ධි මහිමය, තමා අවට සිටින පුද්ගලයින්ගේ උස අනුමාන කිරීම, බර අනුමාන කිරීම, ඔවුන්ගේ චර්යා රටාවන් විමර්ශනය කිරීම, ඔවුන් කෙබඳු අන්දමේ පුද්ගලයින්ද යන වග නිර්ණය කිරීම, අතිශය ඉහළ මට්ටමේ ශ්‍රව්‍ය සහ ආඝ්‍රහණ හැකියාව, ඕනෑම අන්දමේ සියුම් වූ ශබ්දයක් සැනෙකින් හඳුනාගෙන, එම ශබ්දය කුමන ශබ්දයක්ද, ශබ්දය පැමිණෙන්නේ කුමන දිශාවෙන්ද යන වග දශමයටම නිර්ණය කිරීම, අතිශය තියුණු ඉව මෙන්ම පාරම්පරික සටන් ශිල්පයේ ප්‍රවීනත්වයද මොහු සතු දායාදයන්ගෙන් කිහිපයක් වෙනවා.

මෙවැනි අපූර්ව වූ හැකියාවන් සමුදායකින් සමන්විත වන්නාවූ මෙම සුන්දරතර මිනිසා, තම ව්‍යාපාරයක් පවත්වාගෙන යමින්, සියළු දෙනාගේම නිබඳ ගෞරවයට පාත්‍ර වෙමින් කල් ගතකරන අතරම, මොහුගේ සමීපතම මිතුරා වන්නෙ, සැඟවුණු අතීතයක් සහිත විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙක්. තමන් හට මුහුණ පෑමට සිදුවුණා වූ අතිශය සෝචනීය අතීත ඉරණමක් හමුවේ, ඊට වගකිවයුතු සියලුම දෙනා සහ ඔවුන්ගේ පවුල් ඝාතනය කරමින්, සිය අවසාන පලිගැනීම ලෙස මෙම මහාධිකරණ විනිසුරුවරයා පසුපස හඹා එන්නාවූ, අතිශය තියුණු බුද්ධියක් සහිත දරුණු මිනීමරුවෙකු හමුවේ අසරණ වන මෙම මහාධිකරණ විනිසුරුවරයා, මෙතෙක් කාලයක් ලොවට රහසක්ව පවත්වාගෙන පැමිණියාවූ සිය දියණියගේ බාරකරුවා ලෙස, ඉහත කී දෑස් නොපෙනෙන ජයරාමන් පත්කරනු ලබනවා. නමුත්, නොබෝ කලකින්ම විනිසුරුවරයා සිය නිවසේදීම මරා දමන අතර, මේ සඳහා දෑස් නොපෙනෙන ජයරාමන් කෙරෙහි නීතියේ දෑත් දිගුවන අතරවාරයෙහි, සිය පලිගැනීම සම්පූර්ණ කරගැනීම උදෙසා මිනීමරුවාගේ ඊළඟ ඉලක්කය වන්නෙ, විනිසුරුවරයාගේ සැඟවුණු දියණියයි. දහසකුත් එකක් වූ බාධක කම්කටොළු හමුවේ සිය නිර්දෝෂී භාවය විදහා පාමින්, අවිහිංසක දියණියකගේ ජීවිතය රුදුරැ ඝාතකයකුගෙන් මුදවා ගැනීමට, විශ්මිත හැකියාවන්ගෙන් පිරිපුන් මෙම මිනිසාට හැකියාව ලැබේවිද….?

මලයාලම් චිත්‍රපට ඉතිහාසයේ ජනප්‍රියතම චිත්‍රපටය මොකක්ද කියලා මං ඔයාලගෙන් ඇහුවොත්, සැකයක් නැහැ ගොඩක් දෙනාගේ පිළිතුර වෙන්නෙ Drishyam (2013) චිත්‍රපටය. නමුත්, මං කිව්වොත් ඔබ වැරදියි කියලා….? වසර ගණනාවක් මුළුල්ලේ මලයාලම් චිත්‍රපට ඉතිහාසයේ ජනප්‍රියතම චිත්‍රපටයට හිමි ස්ථානය රැකගෙන පැමිණි Drishyam චිත්‍රපටය, තෙවැනි ස්ථානය දක්වා පහළට ඇද දමමින්, එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය තහවුරු කරගැනීමට සමත්වූ චිත්‍රපටය තමයි, මෙම Oppam චිත්‍රපටය. Garam Masala (2005), Khatta Meetha (2010), Billu (2009) ආදී අති සාර්ථක චිත්‍රපට රාශියක් අධ්‍යක්ෂණය කරන ලද, Priyadarshan සහ, මලයාලම් චිත්‍රපට ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවූ ජනප්‍රියතම තරුව, Mohanlal යන ද්විත්වයේ සුසංයෝගයෙන් බිහිවූ, Imdb දර්ශකයේ 8.0 ක ඉහළම අගයකින් සමන්විත වන්නාවූ මෙම චිත්‍රපයට, ඉන්දියානු රුපියල් කෝටි 61 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටුවීමද සමත්විය. එමෙන්ම, Asiavision සම්මාන උළෙලේදී, හොඳම අධ්‍යක්ෂණය, වසරේ විශිෂ්ඨතම චිත්‍රපටය, වසරේ ජනප්‍රියතම නළුවා, හොඳම ගායකයා (පිරිමි), හොඳම පද රචනාව, ගායනයේ නව ස්වරය… යන අංශයන් හය සඳහා යෝජනාවී, අදාළ අංශ හයෙන්ම ජයග්‍රහණය ලැබීමට පවා සමත්වූවා. එමෙන්ම, මෙම චිත්‍රපටයේ හින්දි සංස්කරණය, බොලිවුඩයේ ජනකාන්ත නළු අජය දෙව්ගන්ගේ  ප්‍රධාන රංගන දායකත්වය යටතේ, නුදුරු අනාගතයේදීම නිෂ්පාදනය කෙරෙන බැව් නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබ තිබෙනවා.

කැමති අය අරගෙන බලන්න.එක හුස්මට බලන්න පුලුවන් තවත් චිත්‍රපටයක් කියලා සැකයකින් තොරව නිර්දේශ කරනවා. තවමත් සැකයක් තියෙනවා නම්, පූර්ව ප්‍රචාරක පටයත් නරඹලාම නිගමනයකට එන්නකො.

එහෙනම්, මෙවැනි වූ තවත් රසබර සිත්තමකින් හමුවන තුරාවට, හැම දෙනාටම ජය ප්‍රාර්ථනා කරනවා!!!

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ සිසිල ප්‍රසාද් සහෝදරයාගේ ලිපිය

]]>
https://sinhalasub.lk/movies/oppam-2016-sinhala-subtitles/feed/ 0
Corona Papers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/corona-papers-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/corona-papers-2023-sinhala-subtitles/#respond Sun, 07 May 2023 23:10:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40084 Corona Papers Sinhala Sub
Corona Papers Sinhala Subtitles
Corona Papers (2023) Sinhala Sub
Corona Papers (2023) Sinhala Subtitles ]]>
https://sinhalasub.lk/movies/corona-papers-2023-sinhala-subtitles/feed/ 0