කොහොමද අපේ සිනෙරූ යාලුවන්ට හොදින් ඇති කියලා මං අද ඔයාලට අරන් එන්නේ 2025දී A24ලා රිලීස් කරපු Materialists කියන චිත්‍රපටය
Imdb අගය 6.3ක් අරන් තියෙනවා කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Celine Song නිෂ්පාදනය කරලා තියෙන්නේ Christine Vachon,Pamela koffler,David Hinojosa මේ අය
ධාවන කාලය පැ.1 මි.49ක් මේක අයත් වෙන්නේ Romantic,Comedy-Drama ගනයට
Dakota Johnson(මෙයාව දන්නවානේ අර Fifty Shades Of Grey,Madame Web එකේ හිටියේ)-ලුසි ,Chris Evans(අපේ Captain America)-ජෝන්,Pedro Pascal(The Last Of Us එකේ ඉන්නේ)-හැරී විදිහට රංගනයෙන් දායක වෙනවා
හරි එහෙනම් මං කතාව පොඩ්ඩක් කියන්නම්
ලුසී කියන්නේ ගෑනුන්වයි පිරිමින්වයි ජෝඩු කරන කෙනෙක් මෙයා මෙයාගේ පෙම්වතාගෙන් අයින් වෙලා ඉන්නේ පෙම්වතා තමයි ජෝන් ඉතින් මෙයා දවසක් චාලට් කියලා කෙනෙක්ව ජෝඩු කරනවා එයා ඉතින් ජෝඩු කරපු කෙනාවම විවාහ කරගන්නවා එතන ඉන්නවා හැරී කියලා කෙනෙක් එයා මනමාලයාගේ සහෝදරයාගේ පැත්තේ කෙනෙක්
ඉතින් ලුසි එයාට කෙනෙක්ව ජෝඩු කරවලා දෙන්න හැදුවම එයා කියනවා එයාට ලුසි එක්ක හමුවීමකට යන්න ඕන කියලා ඉතින් ඔහොම කතා කර කර ඉද්දි මෙයා බීම එක ඉල්ලපු ගමන් බීම එක අරන් එන්නේ කවුද? (අපේ කැප්ටන් ඇමෙරිකා) ජෝන් ඉතින් ජෝන් දකිනවා මෙයා හැරී එක්ක කතා කර කර ඉන්නවා ඉතින් කොහොමෙන් හරි ලුසි කැමති වෙනවා හැරි එක්ක හමුවීමකට යන්න
මේකයි ලුසි කවදාවත් කැමති උනේ නෑ ජෝන් හැර වෙන කාත් එක්ක හමුවීම් වලට යන්න මෙතනින් එහාට නම් කියන්නේ නෑ බලලම දැනගන්නකෝ
≡උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ≡
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
කොහොමද යහළුවනේ ඔන්න අද ඔයාලට අරගෙන ආවේ ලස්සන රොමැන්ටික් සහ දුක හිතෙන කොරියන් කතාවක්. අවසානයේ ටිකක් දුක හිතුනත් මේ කතාවට ඔයාලා හැමෝම කැමති වේවි. ඒ වගේම මේ චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙලවල් කිහිපයකදීම හොඳම චිත්‍රපටය ලෙස නම් කරගැනීමට සමත් වෙලා තියෙනවා. IMDb දර්ශකයේ 8.1ක අගයක්ද, කුණු තක්කාලි 97% වගේ ඉහල අගයන් ගන්න සමත්වෙලා තියෙනවා.
කතාව දිවයන්නේ නෝරා කියන කෙල්ලයි හේ සුං කියන කොල්ලයි අතර. මේ දෙන්නා පොඩි කාලේ ඉඳලා ගොඩක් හොඳ යහළුවෝ. හැමවෙලේම මේ දෙන්නා සෙල්ලම් කරනවා, එකට ඉස්කෝලෙ යනවා, මේ දෙන්නා අතර යහළුවන්ටත් වඩා එහා ගිය මිත්‍ර ආදරයක් මේ දෙන්නගෙ හිතේ ඇති වෙනවා. ඉතින් ඔහොම ඉද්දි නෝරාගේ දෙමාපියන් තීරණය කරනවා කොරියාව දාලා යුරෝපයේ රටකට යන්න.
ඉතින් මේ දෙන්නාට අවාසනාවන්ත ලෙස වෙන් වෙන්න වෙනවා. මේ දෙන්න ආයේ හමුවේවිද?
ඉතින් ඔතනින් පස්සේ තමා චිත්‍රපටයේ හොඳම දිගහැරුම පටන් ගන්නේ. වැඩි විස්තර කියලා චිත්‍රපටයේ රසාස්වාදයට හානි කරන්නෙ නැතුව ඔයාලටම මේ කතාව බලන්න කියලා මන් ආරාධනා කරනවා.
එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුචිත්‍ර ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න