Mathukutty Xavier – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 17 Feb 2023 00:02:34 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mathukutty Xavier – SinhalaSub https://sinhalasub.lk 32 32 Helen (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/helen-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/helen-2019-sinhala-subtitles/#respond Thu, 16 Feb 2023 19:20:13 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1117
  • “අපි කොයි කාටත් උපතින්ම හිමි වන බොහොම සුන්දර ත්‍යාගයක් තමයි සිනහව කියන්නේ. පුද්ගලයෙකුට සිනහවකින් මොනවද කරන්න පුලුවන් ?. ඇත්තටම කියනවා නම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් එක්ක හෘදයාංගමව සිනාසීමෙන් ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ මෙන්න මෙච්චරයි කියලා කියන්න බැරි තරම්.. ඉතින් මේ කතාවත් අන්න ඒ වගේ සුන්දර හෘදයාංගම සිනහවකින් කොයි තරම් දෙයක් කරන්න පුලුවන්ද කියලා ලෝකයට පෙන්වලා දෙන්න වෙර දරපු අතිශය සාර්ථකත්වයට පත් වුණ උත්සහයක් කියලා කියන්න පුලුවන්..”
  • Survival Thriller කාණ්ඩය යටතේ වර්ග කළ විනාඩි 117 ක ධාවන කාලයකින් යුක්ත හෙලන් චිත්‍රපටය තිරගතවීම ආරම්භ කරන්නේ 2019 නොවැම්බර් 15 වෙනිදා. දින 24 ක් තුල Kerala Box Office Collection එක කෝටි 5.23 ක්. IMDb අගය 7.8 ක් විදියට සටහන් වෙද්දි, ගූගල් පරිශීලකයින්ගේ මනාප 95% ක් ලබාගන්නත් සමත් වුණ මේ අපූරු සලරුව අධ්‍යක්ෂනය කරන්නේ Mathukutty Xavier විසින්. නිශ්පාදනය කරන්නේ Vineeth Sreenivasan විසින්. ඒ වගේම සංගීත අධ්‍යක්ෂනය කරන්නේ Om Shanthi Oshaana (2014), Oru Vadakkan Selfie (2015), වගේ සුපිරි මලයාලම් චිත්‍රපට වලට සංගීතය සපයපු Shaan Rahman විසින්. ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Kumbalangi Nights (2019) චිත්‍රපටය තුලින් සිනමාවට පිවිසුන අපි කාගෙත් සිත් වසඟ කරපු Anna Ben. සෙසු චරිත විදියට Lal, Noble Babu Thomas, Rony David, Vineeth Sreenivasan, Aju Varghese රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටයේ අපූරු ගීත කිහිපයක්ම අඩංගුයි. ඒ වගේම චිත්‍රපටයෙන් හෙලන් නම් තරුණියගේ කතාව ඇතුලේ සමාජයේ විවිධ පැතිකඩයන් නිරූපනය කරන්නත් ලොකු උත්සහයක් දරලා තියෙනවා. විවිධ තරාතිරම් වල පොලිස් නිළදාරීන්, ආගම් භේදය, මිත්‍රත්වය, ආදරය වගේ හැම දෙයක්ම චිත්‍රපටය තුල බොහොම අපූරුවට ගළපලා තියෙනවා. මේක බලනකොට මොහොතකට වත් ඇස් අහකට ගන්න නම් බෑ.. මොකද මේ චිත්‍රපටය ඇතුලේ විවිධ සිද්ධීන් වලට අදාල ඉඟි ගොඩක් හොඳට බැලුවම ඔයාලටම පෙනේවි..

    චිත්‍රපට‍යේ අන්තර්ගතය ගැන බොහොම කෙටියෙන් සඳහනක් කරනවා නම්,

    හෙලන් කියන්නේ තමන්ගේ තාත්තව රැක බලා ගන්න ගමන් චිකන් හබ් එකක රස්සාවක් කරන හෙද උපාධිදාරිනියක්. මෙයාගේ එකම හීනෙ තමයි තාත්තව හොඳට බලාගන්න, සල්ලි හම්බ කරන්න කැනඩාවට යන එක. මෙයාට අසාර් කියලා පෙම්වතෙක් ඉන්නවා. දවසක් අසාර්ට චෙන්නායි වල රස්සාවක් ලැබිලා එහේ යන්න වෙනවා කියලා හෙලන්ට කියනවා. ඊට කලින් මේ දෙන්නා හම්බවෙන්න ඕන නිසා ඒ වෙලාවෙම ඒ දෙන්නා හම්බවෙලා බයිසිකලේ පොඩි රවුමක් ගහනවා. හැබැයි ඒ යන්න කලින් අසාර් යාළුවෝ එක්ක එකතුවෙලා බීලා ඉන්නේ. කොහොම හරි දෙන්නව අතර මගදි පොලීසියට කොටු වෙනවා. හෙලන්ගේ තාත්තට හොරෙන් ගෙනියන සම්භන්ධයක් නිසාත්, කොල්ලා මුස්ලිම් කෙනෙක් නිසාත් තාත්තා හෙලන් එක්ක අමනාප වෙනවා. ඒ නිසා පහුවෙනිදා හෙලන් ගෙදර යන්නෙත් නැතුව චිකන් හබ් එකට වෙලා රෑ වෙනකන්ම ඉන්නවා. කොහොම හරි මෙයා පිටවීම පවා සටහන් කරලා යන්න හදකොට තමයි බොහොම අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න වෙන්නෙ. ගෙනාපු බඩු තොගයක් ෆ්‍රීසර් එකට දාන්න කියලා ඒක ඇතුලට ගිය හෙලන්ට ආපහු එළියට එන්න වෙන්නෙ නෑ.. කළමනාකරුගේ නොදැනුවත් කම නිසා ෆ්‍රීසරේ දොර වහලා එයත් ගෙදර යනවා.. මේ දොර විවෘත්ත කරන්න පුලුවනුත් එලියෙන් විතරයි. හෙලන් -17 c විතර බොහොම අඩු උෂ්ණත්වයක් තියෙන ෆ්‍රීසරේ ඇතුලේ හිරවෙනවා..

    මෙතනින් එහාට කතාව කියන්න යන්නෙ නෑ. ඉතින් මේ කතාව සත්‍ය සිදුවීම් කිහිපයක් මුල් කරගෙන නිපදවලා තියෙනවා කියලා එයාලා සඳහන් කරත්, ඒ සිද්දීන් මොනවද, මූලාශ්‍ර මොනවද කියලා සඳහන් කරලා ඒවට Credit එකක් දීලා නෑ.. එහෙම සිද්ධියක් අන්තර්ජාලයේ සඳහන් වුනත් මේක ඊට වඩා නිර්මාණාත්මකව මලයාලම් රහට කරලා තියෙනවා කියන එක තමයි මගේ පෞද්ගලික අදහස..

    ]]>
    https://sinhalasub.lk/movies/helen-2019-sinhala-subtitles/feed/ 0
    Mili (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mili-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mili-2022-sinhala-subtitles/#respond Mon, 02 Jan 2023 12:21:26 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34630 Mili Sinhala Sub
    Mili Sinhala Subtitles
    Mili (2022) Sinhala Sub
    Mili (2022) Sinhala Subtitles

    ]]>
    https://sinhalasub.lk/movies/mili-2022-sinhala-subtitles/feed/ 0