Len Wiseman – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 25 Sep 2025 06:28:02 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Len Wiseman – SinhalaSub https://sinhalasub.lk 32 32 Underworld (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/underworld-2003-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/underworld-2003-sinhala-subtitles/#respond Thu, 25 Sep 2025 06:27:53 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33484 Underworld Sinhala Sub
Underworld Sinhala Subtitles
Underworld (2003) Sinhala Sub
Underworld (2003) Sinhala Subtitles

ශතවර්ෂ ගණනාවක් තිස්සෙ වැම්පයර්වරු සහ ලයිකන්වරු අතර පැවතීගෙන එන යුද්ධය තමයි මේ කතාවට මූලික වෙන්නෙ.ඒ කියන්නෙ ඩ්‍රැක්‍යුලා සහ නරවෘකයො අතර පවතින ගැටුම.සෙලීන් කියන්නෙ වැම්පයර්වරියක්.මෙයාගෙ රාජකාරිය තමා ලයිකානුවන් සොයාගොස් දඩයම්කිරීම.ඉතින් එක දවසක් මෙයා දකිනවා ලයිකානුවන් පිරිසක් මනුස්සයෙක්ව ලුහුබඳිනවා.එතැන ඇතිවන දරුණු සටනකින් පස්සෙ සෙලීන් දැනගනනවා ලයිකානුවන් යමකට එක්රැස් වෙන බව. ඒ වගේම ඔවුන් දියුණු වෙමින් පවතින බව.සෙලීන් මේ ගැන වැම්පයර් පාලකයා වන ක්‍රේවන්ට දැන්වුවත් ඔහු පිලිගන්නෙවත් ඒ ගැන සැලකීමක් කරන්නෙවත් නෑ.ඒ අතරෙ සෙලින් අර මනුස්සයා ගැන හොයන්න ඔහුගෙ නිවසට යනවා.එතනදි ලයිකානුවන් සමඟ තවත් සටනක්.ඒත් මිනිසා,ඔහුගෙ නම මයිකල්.ලයිකන් සපාකෑමට ලක්වෙනවා.ඒ වගේම ඔහු සෙලීන්වත් බේරගන්නවා එක් අවස්ථාවක.ලයිකන් හෝ වැම්පයර් හපා කෑ කෙනෙක් මියයනවා නැත්නම් එම වර්ගයෙ කෙනෙක් බවට පත්වෙනවා.කොහොමනමුත් සෙලින් වැදගත් රහසකුත් අනාවරණය කරගන්නවා.ඒ නිසා ඇය කරන්නෙ උදව් බලාපොරොත්තුවෙන් ශිශිර නිද්‍රාවෙ පසුවෙන වැඩිහිටි වැම්පයරයෙක් වන වික්ටර් නැමති ඔවුන්ගෙ නායකයාව අවදි කිරීමේ න්‍යායපත්‍රයට පිටින් ශත වර්ෂයකට කලින් අවදි කරවීම.
ඉතින් එතනින් එහාට මම ඔයාලට කතාව ඉතිරි කරන්නම්.ත්‍රාසය භීතිය,කුතුහලය,සටන් පිරි සුපිරිතම චිත්‍රපටයක් විදිහට Underworld චිත්‍රපටිය හඳුන්වන්න පුළුවන්.එක හුස්මට බලන්න පුළුවන් චිත්‍රපටියක්. ඉතින් ඔයාලාත් රස විඳලම බලන්නකො.

]]>
https://sinhalasub.lk/movies/underworld-2003-sinhala-subtitles/feed/ 0
Ballerina (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ballerina-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ballerina-2025-sinhala-subtitles/#respond Wed, 02 Jul 2025 05:39:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105227 Ballerina Sinhala Sub
Ballerina Sinhala Subtitles
Ballerina 2025 Sinhala Sub
Ballerina (2025) Sinhala Sub
Ballerina (2025) Sinhala Subtitles

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට පස්සේ, අවුරුදු දෙකකට විතර පස්සේ ආයෙම ආවා බයිස්කෝප්පුව පැත්තේ ෆිලුමකට සබක් කොටාගෙන.

ඒ සුප්‍රසිද්ධ John Wick චිත්‍රපටමාලාවේ SpinOff චිත්‍රපටයක් ලෙස 2025 වර්ෂයේ නිකුත් වුන From the World of John Wick: Ballerina සිනමාපටය සමගින්. 2025 වසරේ නිකුත් වුන මේ සිනමාපට IMDB දර්ශකයේ 7.2 ක අගයක් සහ කුණු තක්කාලි දර්ශකයේ 76% අගයක් ලබාගෙන තියෙනවා. ඉතින් John wick චිත්‍රපට එක්ක බලපුවාම මේක අලුත් දෙයක් නෙවේ.

ඉතින් මෙහි ප්‍රධාන චරිතය රග දක්වන්නෙ කවුරුත් දන්නා සුරූපී නිළි Ana de armas විසින්. ඒ වගේම Keanu Reeves, Ian McShaneAnjelica HustonLance ReddickNorman ReedusGabriel Byrne යන නලුනිලියන් මෙහි සෙසු ප්‍රධාන චරිත රග දක්වනවා. චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ලෙස ඩොලර් මිලියන 90ක් වියදම් වී අතර මේ වන තෙක් ඉපයීමට සමත්ව ඇත්තෙ ඩොලර් මිලියන 110ක් වැනි මුදලක් පමණක් වීම විශ්මයට කරුණක්. බොහෝවිට ජෝන් වික් ප්‍රධාන චරිතය නොවීමත් එයට බලපාන්නට ඇති. එහෙනම් ඒ ගැන නොහිතා කතාව ගැන කෙටි විස්තරයක් කරලා ඉන්නම්.

මේ කතාව දිවෙන්නෙ ජෝන් වික් තුන්වැනි සිනමාපටය සහ හතරවැන්න අතර කාලය තුළ සිද්ධ වෙන සිදුවීම්මාලාවක්. මතකයිනේ ජෝන් ජෙය්ෂ්ඨයාව මරන්න මාන බලාගෙන ඉන්න කාලේ රුස්කා රෝමාවලට යනවා උදව්වක් එහෙම ඉල්ලගෙන. අන්න ඒ කාල වකවානුව අතරේ සිදුවීම් මාලාවක් තමයි මේ යන්නෙ. රුස්කා රෝමා කියන්නෙ ඝාතකයන් පුහුණු කරන ස්ථානයක් බවත් ජෝන් වික් එහෙමත් එහි සාමාජිකයෙක් වෙලා හිටි බව කලින් සිනමාපට බලපු අය දන්නවා ඇති. ඉතින් මේ සිනමාපටයේ කතා නායිකාව වෙන්නෙ ඊව් මැකාරෝ කියන රුස්කා රෝමාහි බැලේ නර්තනාවිය.

ඇය කුඩා කාලයේම සිය පියාව අහිමි කරගෙන අසරණ වෙලා ඉන්න කොට තමයි රුස්කා රෝමා වෙත යොමු වෙන්නෙ. එහිදී සියළු පුහුනුවන් නිම කොට උසස් මට්ටමින් ඝාතකයෙක් වෙන්න හැකි වෙන ඇයට දිනක් තමන්ගෙ එක රාජකාරියක් අතරතුර සිය පියාගේ මරණයට සම්බන්ධ පුද්ගලයින් ගැන ලැබෙන හෝඩුවාවක් මත ඔවුන්ව සොයා යාමෙන් තමයි කතාවේ සිද්ධිය පටන් ගන්නෙ. ඉතින් මේකට ජෝන්, වින්ස්ටන් වගේ අය එහෙම සම්බන්ධ වෙන්නෙ කොහොමද යන දේවල් කතාව බලලම දැනගන්න.

ඒ වගේම මීට පෙර John wick සිනමාපට නරබපු නැති කෙනෙක්නම් ඒවත් බලලම ඉන්න. මොකද එතකොට මෙහි තියෙන ආයතන සහ සංවිධාන ගැන හොද අවබෝධයක් ඔබට ලැබෙයි. එහෙනම් යළි හමුවෙන අපේක්ෂාවෙන් මා සමුගන්නවා. ඔබට ජයෙන් ජය.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/ballerina-2025-sinhala-subtitles/feed/ 0