සුභ දවසක් හැමෝටම!!
2019.3.21 දින Netflix ඔස්සේ විකාශන කෙරුණු කොරියානු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවෙ. imdb 6.1 අගයක් ලබාගෙන තියෙන ත්‍රාසජනක කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටිය දූෂිත පොලිස් නිලදාරියෙක් වටා ගෙතුණු කතාවක්. ‘a hard day’,‘The King’s Case Note’ ඇතුළු චිත්‍රපටි ගණනාවකම ප්‍රධාන චරිතය රඟපෑ ලී සුන් ග්‍යුන් කියන කෙනා තමයි මේකට රංගනයෙන් දායකත්වය වෙන්නෙ.
ඉතින් මේ පොලිස් නිලදාරියා රාජකාරියට අමතරව හොරකම් කරන එකත් කරනවා. ඉතින් දවසක් මෙයයි මෙයාගෙ හොර සගයයි හදන්නෙ පොලිස් ගබඩාවකට වැඩේ දෙන්න. ඒත් මේ ගබඩාව පුපුරලා ගිණි අරන් සගය මැරෙනවා. පොලිස් නිලදාරිය ඒ කියන්නෙ ජෝ පිල් හෝ එතනම සිහි නැතුව වැටෙනවා. ඒ නිසා මේකට කෙලින්ම සැක කරන්නෙ ජෝ පිල් හෝව. ඒත් මරණ පරීක්ෂණයෙදි හොයාගන්නවා අර මැරුණු කෙනා ඒ කියන්නෙ හන් ගි චුල් මැරිල තියෙන්නෙ ගින්න ඇතිවෙන්න කලින් කියලා. එතනදි කතාව උඩුයටිකුරු වෙනවා. ඒත් එක්කම හොයාගන්නවා මෙයා මැරෙන්න කලින් වීඩියෝ එකක් යවල තියෙනවා දෙන්නෙක්ට. එක්කෙනෙක් තමයි මේ ජෝ පිල් හෝ. ඒත් මේ යකා ඉස්පිරිතාලෙන් නැගිට්ටගමන් පෝන් එක ටොයිලට් එකට දාල වතුර ගැහුවා.. කාල වරෙන්කො. අනිත් කෙනා තමයි ඉස්කෝලෙ යන වයසෙ ඉන්න කෙල්ලෙක්. ජන්ග් මීනා කියන්නෙ මෙයා තමයි. ඒත් මේ වගක් පොලිසිය දන්නෙ නෑ. මේ ජෝ පිල් හෝ සහ ගබඩාව පුපුරපු එක ගැන හොයන පරීක්ෂකවරුයි විතරයි මේ ගැන දන්නෙ. මේ ගබඩාවෙ තිබිල කොරියාවෙ ලොකු සමාගමක් වෙන ටෙසන් සමාගමට විරුද්ධව තියෙන සාක්ෂිත් විනාශ වෙලා යනවා. ජෝ පිල් හෝ එයාගෙ හංගල තියෙන සල්ලි ගන්න හන් ගි චුල්ගෙ ගෙදරට ගියාම මේ මීනා කියන කෙල්ල සල්ලිත් අරන් පැනල ගිහිල්ලා. ජෝ පිල් හෝ ඉතින් මේ කෙල්ල හොයාගෙන හැම තැනම යනවා. ඒ අස්සෙ තව එකෙක් මේ කෙල්ලව හොයනවා. ඒ තමයි කොරියාවෙ අර සමාගමට වැඩ කරන එකෙක්. මිනිහ හොයන්නෙ කෙල්ලගෙ පෝන් එක. ඒ අර වීඩියෝ එක නිසා.. ඊට පස්සෙ ජෝ පිල් හෝට මූණ දෙන්න වෙන දේවල් ගොඩයි.
කතාව හුඟක් රසවත්.. ටිකක් ලේ හෙල්ලෙන සීන් තිබුනත් සංවේදී පැත්තකුත් මේ කතාවෙ තියෙනවා. ඒ නිසාම තමයි මං හිතන්නෙ මේ චිත්‍රපටිය තවත් රසවත් වෙන්නෙ. ඒ නිසා මේක මග ඇරගන්නෙ නැතුව හැමෝටම බලන්න කියල අපි ආරාධනය කරනවා. එහෙනම් තවත් කතාවක් අරන් එනකල් හැමෝටම තෙරුවන් සරණයි…!!
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චාමල් කැලුම් අතපත්තු සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
ඉතිං යාළුවනේ ඔන්න ඔයාලට ගෙනාවා සුපිරි කොරියානු චිත්‍රපටියක්. 2014 වර්ෂයේ නිකුත් උන මේ චිත්‍රපටිය ක්‍රියාදාම / නාට්‍යය ගණයට ඇතුළත් වෙනවා. ඒ වගේම 6.7/10 ක IMDb අගයකුත් 43% ක කුණු තක්කාලි අගයකුත් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය පැයකුත් විනාඩි 56ක් පුරාවට දිව යනවා.
කතාව ගැනත් කියනවනම් ජින්-ගෝන් කියන්නෙ කුලී ඝාතකයෙක්. ජීවත් වෙන්නෙ ඇමරිකාවේ. එක දවසක් මෙයාට වැඩක් පැවරෙනවා අපරාධමය ගනුදෙනුවක් වෙන ස්ථානයකට ගිහින් ඒ ගනුදෙනුවට සම්බන්ධ සියලුම දෙනා ඝාතනය කරන්න. ඉතිං මෙයා මේ අපරාධමය ගනුදෙනුව වෙන තැනට ගිහින් එතන ඉන්න හැමෝවම ඝාතනය කරනවා. එතනදි අත්වැරදීමකින් ගෝන් ගෙ වෙඩි පාරකට ලක් වෙලා පුංචි දැරියක් මිය යනවා. ඇගේ නම යූමි.
ඒ සිද්ධියෙන් පට්ට අවුල් වෙන ගෝන් ඝාතන වැඩ අත් ඇරලා මත්පැන් වලට ඇබ්බැහි වෙලා තමන් විහින්ම කාළකණ්නි වෙලා ජීවත් වෙනවා. ඒත් මෙයාගෙ ලොක්කා මෙයාට එහෙම ජීවත් වෙන්න දෙන්නෙ නෑ. අර අපරාධමය ගනුදෙනුව සිදු කරන්න මුල් උන පුද්ගලයා නිසා ගෝන් ගෙ ලොක්කට ඩොලර් මිලියන 100ක් අහිමි වෙලා. ඒ මිලියන 100ට උන දේ ගැන හරියටම හොයාගන්න තුන් දෙනෙක්ව මරලා දාන්න කියලා ගෝන් ට ලොක්කා නියෝගයක් දෙනවා. මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් තමයි අර මිය ගිය දැරිය, යූමි ගෙ අම්මා. එයා ඉන්නෙ කොරියාවේ. ඉතිං අර දැරියගෙ අම්මව හොයාගෙන ගෝන් ට කොරියාවට යන්න වෙනවා.
ඉතිං යාළුවනේ.. කතාව ගැන මීට වඩා කියන්නෙ නෑ. ගෝන් අතින් අර දැරිය, යූමි මිය යන්නෙ කොහොමද? ඒ අපරාධමය ගනුදෙනුව වෙන තැන යූමි ඉන්නෙ ඇයි? යූමි ගෙ අම්මව මරන්න කියලා ගෝන් ට නියෝග ලැබෙන්නෙ ඇයි? ගෝන් ට අර ඩොලර් මිලියන 100 ට උන දේ හොයාගන්න පුළුවන් වේවිද? උපතින්ම කොරියානුවෙක් උන ගෝන් ඇයි ඇමරිකාවේ ජීවත් වෙන්නේ? අන්තිමේදි ගෝන් අර දැරියගෙ අම්මවත් මරලා දාවිද කියලා කතාව බලලම දැනගන්න.
හැමෝටම ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිනිඳු සම්පත් සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න