Lee Jang-hoon – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 29 Apr 2025 10:36:39 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Lee Jang-hoon – SinhalaSub https://sinhalasub.lk 32 32 Be with You (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/be-with-you-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/be-with-you-2018-sinhala-subtitles/#comments Tue, 29 Apr 2025 10:36:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=99637 ඔන්න ඉදලා ඉදලා තවත් ලස්සන ආදර කතාවක් අරගෙන ආවා. ඇත්තටම මේක මට අහම්බෙන් හම්බවුනේ. හෙලිලි අක්කගේ crash landing on you සීරීස් එකට පිං සිද්ද වෙන්න මමත්. Son Ye-jin ගේ රසිකයෙක් වුනා. ඉතින් එයාගේ ෆිල්ම් හොය හොය බලනකොට අහ්ම්බෙන් මේකත් හම්බවුනා. අනේ මන්දා මේ වගේ ලස්සන ෆිල්ම් එකක් කොහොම මගහැරුනද කියලා.. ඉතින් මේ චිත්‍රපටය නිකුත් කරන්නේ 2018-04-06 ඉතින් විකාශනය වෙලා පළවෙනි සතියෙදිම ලොකු ආදායමක් ලබා ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා. ඒ වගේම සම්මාන රැසකුත් දිනාගෙන තිබෙනවා. මේකට ලැබිලා තියන IMDb අගය 7.6ක්. ඉතින් වැඩි කතා ඕනී නෑ චිත්‍රපටය පැත්තට යමු.

වූජින් සහ සෝහා පාසල් කාලයේ ඉදන් ආදරේ කරන පෙම්වතුන් යුවලක්. ඉතින් කොහොම හරි අවසානයේදි මේ දෙන්නගේ ආදරය යතාර්ථයක් වෙලා විවාහ වෙනවා. ටික කාලෙකින් මෙයාලට ලස්සන කොලු පැටියෙක් හමබ වෙනවා. එයාගෙ නම ජීහූ. ඉතින් ඊට අවුරුදු 7කට පස්සේ සෝහා අවාසනාවන්ත ලෙස වූ ජින් වයි ජීහූ වයි දාලා මේ ලෝකෙන් සදහටම යනවා.

ඉතින් සෝහා මියයන්න කලින් ජීහුට ලස්සන කතාන්දර පොතක් හදලා දෙනවා. ඒකේ තියෙන්නේ පෙන්ගුයින් අම්ම කෙනෙක්ගෙයි පෙන්ගුයින් පැටියෙකුගෙයි කතාවක්.

“එකමත් එක කාලෙක පෙන්ගුයින් අම්මා කෙනෙකුයි පැටියෙකුයි ජීවත් වෙනවා. ඒත් හදිස්සියේම පෙන්ගුයින් අම්මා මිය යනවා. මිය ගියාට පස්සේ එයා යන්නේ කලවුඩ් ලෑන්ඩ් නමින් හදුන්වන වලාකුළු වලින් නිර්මානය වුන නගරයට. ඒක තියෙන්නේ මිනිස් ලෝකයයි ස්වර්ගයයි අතර අහස් තලයේ. ඉතින් මේ පෙන්ගුයින් අම්මා හැමදාම වලාකුළු අතරින් එබිලා අඩ අඩා තමයි හිටියේ.

ඔහොම කාලය ගතවෙනකොට වැසි සමය ලන් වෙනවා. වැසි සමයෙදි කවුඩ්ලෑන්ඩ් වලින් වැසි බිදු දුම්රියක් මිනිස් ලෝකෙට යනවා. ඉතින් මේ පෙන්ගුයින් අම්මා හොරෙන්ම මේ දුම්රියේ නැගලා මිනිස් ලෝකෙට යනවා. එය දකිනවා තනියම අඩ අඩ ඉන්න පැටියව. ඉතින් ඇය පැටිව අදරෙන් තුරුලු කරන් එයාව සනසනවා. දවසින් දවස ගත වෙනවා. අම්මා පැටියට තනියම ජීවත් වෙන හැටි කියල දෙනවා. ඉතින් ඔහොම කල් යනකොට වැසි සමය අවසන් වෙනවා. ඉතින් මේ අම්මා ආපහු වහිබිදු දුම්රියේ නැගලා කලවුඩ් ලෑන්ඩ් වලට යනවා.”

ඕක තමයි කතාව. ඉතින් මේ ජීහු කියන ලමයත් තදින්ම විශ්වාස කරනවා. තමන්ගේ අම්මත් ඒ විදිහට ආපහු ඒවී කියලා. කොහොම හරි එයාගේ හීනය හැබෑ වෙනවා. එයාගේ අම්මා නොහිතපු විදිහට ආපහු එනවා. ඒත් ඇයට කිසි දෙයක් මතක නෑ. ඉතින් ටික ටික එයා ලමයටයි තාත්තටයි ලන් වෙනවා. ඔය අතරදි ඇය වූ ජින්ගෙන් අහනවා අපි දෙන්නා ආදරේ කරලද විවාහ වුනේ. මට ඒ කතාව කියන්න කියලා. ඉතින් වූ ජින් එයාලගේ ආදර කතාව සෝහට කියනවා. එක ලස්සනම ලස්ස්න ආදර කතාවක්. ඉතින් චිත්‍රපටයේ මොනවද වෙන්නේ කියල ඔයාලම බලන්න. මම මේ කිව්වේ 5%ක් විතරයි. මේකේ කතාව ලස්සනට ගලපලා තියනවා. අවසානයේදි නම් අනිවාර්යයෙන්ම ඇහැට කදුලක් උනන එක නතර කරන්න බැරි වෙයි. එහෙනම් තවත් ලස්සන චිත්‍රපටයකින් හමුවෙමු.

ජය.

දිලාන් චන්ද්‍රසේකර සොහොයුරාගේ ලිපිය

ආයුබෝවන් කියලා පිලිගන්නවා බයිස්කෝප් අඩවිය සමඟ එක් වෙලා ඉන්න හැමෝටම!!! ජයග්‍රාහී තුන් වෙනි චිත්‍රපටයටත් සිංහල උපසිරිස දාන්න පුලුවන් උනා. ගොඩක් සතුටුයි ඒ වගේම බයිකෝප් අඩවියට වගේම කලින් උපසිරස වල වැරදි අඩුපාඩු පෙන්නලා ගුණාත්මක විදිහට උපසිරස යොදන හැටි කියලා දුන්න හසන්ත වික්‍රමරත්න අයියට වගේම ශාන් විමුක්ති අයියටත් ගොඩක් ස්තූතියි. ඒ වගේම කමෙන්ට් එකකින් හරි මාව දිරිමත් කරපු හැමෝමට ගොඩක් ස්තූතියි.

හරි එහෙනම් වැඩියේ කතා නැතුව අපි චිත්‍රපටය දිහාවට හැරෙමු මේ පාර මම තෝර ගත්තේ කොරියන් ෆිල්ම් එකක්, ඉතින් කොරියන් ෆිල්ම් වලට කැමති හැමෝටම ආරාධනා කරනවා ගොඩක් සංවේදී ඒ වගේම ලස්සන කතාවක් තියන මේ ෆිල්ම් එක බලන්න කියලා, මාත් ගොඩක් රියැලිටි ෆිල්ම් බැලුවට මේක ෆැන්ටසි ෆිල්ම් එකක් ඇත්‍තටම මේක රොමෑන්ස් ෆැන්ටසි කියන ගණයට තමා අයිති වෙන්නේ, මේ ෆිල්ම් එක නිර්මාණය සදහා පාදක වෙලා තියෙන්නේ ජපන් ලේඛක තකුජි ඉචිකාවාගේ Be with You කියන නවකතාව ඇසුරින් 2004 දී නිශ්පාදනය උන Be with You ජපන් චිත්‍රපටය, මේක ඒ ෆිල්ම් එකේම ප්‍රතිනිර්මාණයක්.

2018 දී එළිදැක්වූ මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.6/10 අගයක් ගන්න මේ චිත්‍රපටය Drama/Fantasy/Romance කියන ගණයට තමා අයිති වෙන්නේ පැය 2 විනාඩි 12 දක්වා දිවෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂනයන කරලා තියෙන්නේ Jang-Hoon lee කියන දකුණු කොරියානු අධ්‍යක්ෂකවරයා, රංගනයෙන් දායක වෙන්නේ Son Ye-jin (සූ-ආ) කියන අපි හැමෝම වගේ කැමති කොරියන් නිලිය, ඇත්‍තම කීවොත් එයා ඉන්න නිසා තමා ගොඩක්ම මේකට උපසිරස දාන්න පෙලඹුනේ ඊට අමතරව So Ji-sub (වූ-ජින්), Ko Chang-seok (හොංගු) වගේම Kim Ji-hwan (ජී-හෝ) කියන පොඩ්ඩත් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කීවොත් ගොඩක් සංවේදී ඇසට කඳුලක් එන දුක හිතෙන කතාවක්, ෆැන්ටසියක් උනත් ඇත්තටම හිතට දැනෙන කතාවක්, අම්ම නැති වුන (මියගිය) පොඩ්ඩෙක් එයාගේ අම්මා ආයේම එනකල් කියලා බලන් ඉන්න හැටි ගැන තමා කතාව දිග හැරෙන්නේ, එයාගේ තාත්තගේ ආදර කතාව ගැනත් හරිම ලස්සනට කියවෙන මේ ෆිල්ම් එක ගැන වැඩි විස්තරයක් මම නොකියා ඉන්නම්, මොකද ඒක බලන අයගේ රසවින්දනයට බාධාවක් වෙන්න පුලුවන්. කොහොම හරි Son Ye-jin (සූ-ආ) රංගනයෙන් දායක වෙන බොහොම ලස්සන තව චිත්‍රපට කීපයක නම් පහලින් දාන්නම්.

The Classic 2003
A Moment to Remember 2004
April Snow 2005
The Last Princess 2016
The Negotiation 2018

එහෙනම් වෙනදා වගේම හැමෝට ආරාධනා කරනවා ෆිල්ම් එක බලන්න කියලා, ඒ වගේම කලින් ෆිල්ම් වල වගේ උපසිරසේ අඩුපාඩු නැති තරමටම මේ ෆිල්ම් එක හොදට කලා කියලා හිතනවා, අඩුපාඩු තියනවා නම් ඒවත් පෙන්නලා කමෙන්‍ට් එකක් දාන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා, එහෙනම් හැමෝටම ජය!!!

 

Be with You Sinhala Sub
Be with You Sinhala Subtitles
Be with You 2018 Sinhala Sub
Be with You (2018) Sinhala Sub
Be with You (2018) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/be-with-you-2018-sinhala-subtitles/feed/ 1
Miracle: Letters to the President (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/miracle-letters-to-the-president-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/miracle-letters-to-the-president-2021-sinhala-subtitles/#respond Mon, 28 Oct 2024 05:30:53 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13626 Drama / Romance ඝණයට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb 7.4 තරම් ඉහළ අගයක් ලැබිලා තියෙනවා. Park Jeong-min, Lee Soo-kyung සහ සුරූපී Im Yoon-ah මේ චිත්‍රපටයට රංඟනයෙන් දායක වෙනවා.

ගමට දුම්රිය ස්ටේශන් එකක් සැදීමට සිහින දකින ඉගෙනීම දක්ෂ පිරිමි ළමයෙකුගේ කථාවක් තමයි මේක. තමන්ගෙ අක්කා ඇතුළු සියළු ගම් වාසීන්ට උදව් කිරීම තමයි මොහුගේ අරමුණ. ඉතිං මොහු ලියුම් බොහෝ ප්‍රමාණයක් ජනාධිපතිතුමන් වෙත යවන්නේ ගමට ස්ටේශන් එකක් ඉදිකරවා දෙන ලෙසට ඉල්ලමින්. නමුත් ජනපතිගෙන් ඉන් එක ලියමනකටවත් පිළිතුරක් නම් ලැබුනේ නෑ.

ඔහොම කාලෙ ගතවෙනකොට මොහු කෝලේජ් එකකට යනවා. එහිදි සල්ලිකාර ගැහැණූ ළමයෙක් මුණගැහෙනවා. ඉතිං ඇයට මොහු ගැන ක්‍රෂ් එකක් තියෙනවා. ඇයගේ උදව් සහිතව යළිත් ජනාධිපතිතුමන්ව මුණ ගැසීමට උත්සහ කරනවා. සිය සහෝදරිය සමග ගෙයක වාසය කරන මොහුගේ එකම පැතුම ස්ටේශන් එකක් ඉදි කිරීමයි. ඇයි මොහුට කුඩා කල සිටම ස්ටේශන් එකක් හදන්න උවමනාව කියලා ඔයාලට දැනගන්න නම් මේක බලන්නම වෙනවා. ඒවගේම ටිකක් විතර සංවේදී චිත්‍රපටයක් මේක. එහෙනම් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. මල් කථාවක් නම් නෙවෙයි.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/miracle-letters-to-the-president-2021-sinhala-subtitles/feed/ 0