Acharya (2022) Sinhala Subtitles
Action කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටයේ , චිරන්ජීවි, රාම්චරන්, සෝනු සූඩ් සහ පූජා හෙග්ඩේ ප්‍රධාන වශයෙන් රංඟන දායකත්වය ලබා දෙනවා.
එක්තරා වනාන්තර පෙදෙසක තියෙන ගම්මාන කීපයක් ගැනයි මේ කථාව. වසර සිය ගණනක් මුළුල්ලේ වෙද හාස්කම් ඇති පාදඝට්ටම් ගම්මානය සහ මහා දේව ශක්තියක් ඇති ධර්මස්ථලිය අතරයි මේ කථාව. කථාව ඇරඹෙන්නේ ධර්මස්ථලියේ අධර්මය සෑම තැණකම පැතිරිලා තියෙන තැනකින්. ගම්මානෙ සියළු දෙනාම බසවා නම් අයෙක් යටතේ පීඩා විදිනවා. ඉතිං මේ ගම්මානේ අය තමන්ව බේරා දෙන ලෙස තමයි දෙවියන්ගෙන් ඉල්ලන්නේ.
දිනක් පැමිණෙනවා මේ ගමට වඩුකාර්මිකයෙක්. ඉතිං මොහු මෙහි කටයුතු වලට අත පොවන්න ගන්නවා.එහිදී තමයි බසවා සහ මේ වඩුවා අතර ඝට්ටණයක් ඇති වෙන්නෙ. මොහු නමින් ආචාර්‍යා. “පාඩම් කියලා දෙන පුරුද්දක් නැතත්, ජීවන පාඩම් කියලා දෙන නිසාද දන්නෙ නෑ, හැමෝම මට ආචාර්‍යා(ගුරුතුමා) කියලා තමයි කියන්නෙ” කියලා තමයි මේ වඩුවා නම් කියන්නේ. ධර්මස්ථලියේ අතීතය හා බැදී පවතින වර්ථමාන ක්‍රියාවන් කෙසේ නම් විසදෙයිද කියලා ඔයාලම බලන්න.
]]>Jr.NTR ප්‍රධාන චරිතය සඳහා රංඟනයෙන් දායක වුනු ඔහුගේ 30 වෙනි චිත්‍රපටය මීට සුළු මොහොතකට කලින් අන්තර්ජාලයට නිකුත් වුනා. ඇක්ෂන් චිත්‍රපටක් වන මෙය ඉන්දියානු රුපියල් කෝටි 400කට අධික ආදායමක් ලබා ගත් බවට සඳහන් වෙනවා. Ntr සමඟින් සයිෆ් අලී ඛාන්, ජාන්වි කපූර්, ප්‍රකාශ් රාජ් යන අය මෙහි ප්‍රධාන රංඟනයකින් දායක වෙනවා.
කථාව දෙසට හැරුණම.. එක්තරා කඳුකර ප්‍රදේශයක, ගම්මාන 4කින් සමන්විතව ගොඩ නැගුණු බිමක් තියෙනවා. මුතුන් මිත්තන්ගෙ ඉදලා පැවත එන වීරයො ඉදපු ගම්මාන 4ක්. ඒ ඒ ගමට ආවේණික දක්ෂතාවයන් තියෙනවා. මේ වෙනකොට මෙයාලා නැව් හරහා එන හොර බඩු , ඒ ඒ අයිතිකාරයින්ට පන්නලා ගෙනත් දෙන එක තමයි කරන්නේ. ඔහොම යද්දි දවසක් මෙයාල වෙරළ සංරක්ෂණ අධිකාරීන්ට අහුවෙනවා. එතන ඉදලා මේ කථාව දේවරා අතට පත් වෙනවා.
එහෙනම් ඔයාලම බලන්නකො දේවරා කවුද, මොකද වෙන්නෙ කියලා එහෙම.
ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න