Karan Johar Archives - SinhalaSub https://sinhalasub.lk/director/karan-johar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 11 Mar 2024 17:03:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Karan Johar Archives - SinhalaSub https://sinhalasub.lk/director/karan-johar/ 32 32 Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rocky-aur-rani-kii-prem-kahaani-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rocky-aur-rani-kii-prem-kahaani-2023-sinhala-subtitles/#comments Mon, 27 Nov 2023 01:30:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54701 Rocky Aur Rani Kii Prem Kahaani Sinhala Sub Rocky Aur Rani Kii Prem Kahaani Sinhala Subtitles Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Sub Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙක් හා නිෂ්පාදකයෙක් වන කරන් ජෝහර් විසින් අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් තමයි […]

The post Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rocky Aur Rani Kii Prem Kahaani Sinhala Sub
Rocky Aur Rani Kii Prem Kahaani Sinhala Subtitles
Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Sub
Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙක් හා නිෂ්පාදකයෙක් වන කරන් ජෝහර් විසින් අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් තමයි මේ අරං එන්නේ. නමින් Rocky Aur Rani Ki Prem Kahaani (රොකී සහ රාණිගේ ආදර කතාව) ඉතින් මේ ෆිල්ම් එක,

IMDb – 6.9/10
Release Date – July 28, 2023
Running Time – 168 minutes
Category – Romantic, Comedy, Family drama

එමෙන්ම මෙය,

Directed By – Karan Johar
Written By – Ishita Moitra, Shashank Khaitan, Sumit Roy
Produced By – Hiroo Yash Johar, Karan Johar, Apoorva Mehta
Production Companies – Dharma Production, Viacom 18 Studios
Music By – Pritam

Cast – රංගනයෙන් දායක වන්නේ,

Ranveer Singh – Rocky

Alia Bhatt – Rani

Anjali Anand – Gayatri (goolu)

Jaya Bachchan – Dhanalakshmi

Dharmendra – Kanwal Lund

Shabana Azmi – Jamini

Tota Roy Chowdhury – Chandon

Churni Ganguly – Anjali

Kshitee Jog – Punam

කතාව ගැන ටිකක් කියන්නම්…

රොකී රන්ධාවා කියන්නෙ ලඩ්ඩු ස්විට්ස් ව්‍යාපරික පවුලේ මීළඟ සභාපති නැත්නම් CEO. රොකී ගොඩක් පොහොසත් වුනත් ඉංග්‍රීසි හොඳින් කතා කළ නොහැකි නූගත් කෙනෙක්. නමුත් ඔහු තමගේ පවුලට ගොඩක් ආදරය හා ගෞරවය කරන පුද්ගෙලයෙක්. විශේෂයෙන්ම තමන්ගේ සීයාට. රොකීගේ සීයා මතකය අඩු, ඇවිදීමට නොහැකි පුද්ගලයෙක්.

එක් සම්මාන උළෙලකදී රොකිගේ සීයා ඒ කියන්නේ කන්වල් ලුන්ඩ්ට ජාමිනි කියන පුද්ගලයෙකු මතක් වෙනවා. පසුව රොකී මේ ජාමිනි කියන පුද්ගලා පිළිබද සොයා බලන විට ජාමිනිගේ මිනිබිරිය එනම් කතාවේ නායිකාව වන රාණිව මුණගැසෙනවා. එතනදි ඔවුන් දෙදෙනාව දැනගන්නවා ජාමිනි සහ කන්වල් අතර ආදර සම්බන්ධයක් තිබුන බව. මේ නිසා රොකීගේ සීයාව සුව කර ගැනීමේ අරමුණෙන් රාණි සහ රොකී ඔවුන් දෙදෙනාව හොර රහසේ මුණගස්වනවා. මේ අතරතුර රාණි සහ රොකී ද එකිනෙකාට ආදරයෙන් බැදෙනවා. පසුව ඔවුන් විවාහ වීමට පෙර තමන්ගේ පවුලේ අයව සම්බන්ධට කැමති කර ගැනීම තමයි ඔවුන් දෙදෙනාට තිබ්බ ඊළඟ අභියෝගය වුනේ. මේ නිසා ඔවුන් එක් උපායක් යොදා ගන්නවා. එනම් රොකී රාණිගේ පවුලේ අයත් සමඟ මාස තුනක් ජීවත් වීම හා රාණි රොකීගේ පවුලේ අයත් සමඟ මාස තුනක් එකට ජීවත් වීමයි.

ඉතින් මොවුන් දෙදෙනා මේ අභියෝගය ජය ගනීවිද?

එහෙනම් මෙ ලස්සන ෆිල්ම් එක බලන්න ආරාධනා කරන ගමන් දැනට සමුගන්නවා තවත් ලස්සන ෆිල්ම් එකකින් හමුවෙමු…!!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ දැහැමි ධර්මමාලි සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/rocky-aur-rani-kii-prem-kahaani-2023-sinhala-subtitles/feed/ 2
My Name Is Khan (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/my-name-is-khan-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/my-name-is-khan-2010-sinhala-subtitles/#respond Thu, 07 Sep 2023 15:38:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53423 My Name Is Khan Sinhala Sub My Name Is Khan Sinhala Subtitles My Name Is Khan (2010) Sinhala Sub My Name Is Khan (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න මේ අරං එන්නේ My Name Is Khan කියන 2010 වසරේදි නිකුත් උන සුපිරිම චිත්‍රපටියක් මේකෙ කතාවනම් ඉතින් දැන් ඔබට පත්තර වලින් ටී.වී එකෙන්, ගුවන්විදුලියෙන් වගේම […]

The post My Name Is Khan (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
My Name Is Khan Sinhala Sub
My Name Is Khan Sinhala Subtitles
My Name Is Khan (2010) Sinhala Sub
My Name Is Khan (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න මේ අරං එන්නේ My Name Is Khan කියන 2010 වසරේදි නිකුත් උන සුපිරිම චිත්‍රපටියක්

මේකෙ කතාවනම් ඉතින් දැන් ඔබට පත්තර වලින් ටී.වී එකෙන්, ගුවන්විදුලියෙන් වගේම අන්තර්ජාලයෙනුත් දැනගන්න ලැබෙන්න ඇති. ඒත් ඉතින් මම කෙටියෙන් කියන්නම්. මෙහි ඛාන් ලෙස රංගනයේ යෙදෙන ෂාරුක් ඛාන් උපතේ සිටම Asperger’s Syndrome කියන මානසික රෝගයෙන් පෙලෙන පුද්ගලයෙක්. නමුත් ඔහුගේ මවගේ උත්සාහයෙන් ඛාන්ගේ අධ්‍යාපන තත්වය ඇය වර්ධනය කරනවා. නමුත් මවගේ වියෝවෙන් ඛාන් තම බාල සොයුරා ජීවත් වන ඇමර්කාවට ගියපසු ඔහුට හමුවන සුරූපීනිය වන මන්දිරා සමග අදාරමය හැඟීමක් ඇති වෙනවා. මෙතැන්සිට කතාව වෙනස් ස්වරූපයක් අරගන්නවා. කතාව තුල එක් බලාපොරොත්තුවක් වන “I will meat the United state President” යන බලාපොරොතුව ඔහුව අවසානයේ වීරයකු බවට පත් කරනවා.

එහෙනම් මේ ලස්සන ෆිල්ම් එක පහලින් Download කරන් රසවිඳින්න කියලා අරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රොයිලි ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post My Name Is Khan (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/my-name-is-khan-2010-sinhala-subtitles/feed/ 0
Lust Stories (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/lust-stories-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/lust-stories-2018-sinhala-subtitles/#comments Tue, 04 Jul 2023 22:30:52 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12176 මේ සුදානම කවදාවත් නැතුව හින්දි චිත්‍රපටයක් අරගෙන එන්න… හේතුව බොහොම සරලයි කියන්න පුළුවන් ඉතින් මේක Netflix ආයතනය මගින් නිෂ්පාදනය කරපු මුල්ම හින්දි භාෂා නිර්මාණය මිට කලින් ඔවුන් වෙනත් නිෂ්පාදන සඳහා ලොව පුරා බෙදා හැරීමේ අවසරය විතරයි අරගෙන තිබ්බේ නමුත් මේ පිම්මත් එක්ක ඔන්න Netflix Originals හින්දි භාෂාවෙනුත් එක්ක තමයි සුදානම. ආරංචි හැටියට නිර්මාණ 6 ක් […]

The post Lust Stories (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේ සුදානම කවදාවත් නැතුව හින්දි චිත්‍රපටයක් අරගෙන එන්න… හේතුව බොහොම සරලයි කියන්න පුළුවන් ඉතින් මේක Netflix ආයතනය මගින් නිෂ්පාදනය කරපු මුල්ම හින්දි භාෂා නිර්මාණය මිට කලින් ඔවුන් වෙනත් නිෂ්පාදන සඳහා ලොව පුරා බෙදා හැරීමේ අවසරය විතරයි අරගෙන තිබ්බේ නමුත් මේ පිම්මත් එක්ක ඔන්න Netflix Originals හින්දි භාෂාවෙනුත් එක්ක තමයි සුදානම. ආරංචි හැටියට නිර්මාණ 6 ක් වෙනුවෙන් දැනටම මුදල් සම්මාදම් වෙලා අවසානයි මේ අතරේ බොහොම ජනප්‍රිය වේවි කියලා හිතන්න හැකි නිර්මාණයක් බොහොම ලගදී එන්න තියන බවත් පොඩි ඉගියක් දෙන්න ඕන… ?? ඉතින් මේ මුල් පිම්ම සාර්ථක ද? කවුද මේ සාර්ථකත්වය එක්ක ඉන්න පිරිස කියලා පොඩ්ඩක් කතා කරලමු ඉම්මු…

මතකද දන්නේ නැහැ ඈත කාලෙක අපේ දොස්තර මහත්තයා ඔබ වෙත අරගෙන ආවා Bombay Talkies කියල නිර්මාණයක් මේ ඔවුන්ට අනුව නම් එහි දෙවැන්න නමුත් කතා වලවත්, නළු නිළියන්ගේවත් කිසිම සම්බන්ධයක් නැහැ නැහැ ඉතින්, මේ දෙක යා වෙන්නේ කතාවේ මාතෘකාවෙන් කියල තමයි සඳහන්… තවත් යා වෙන එක නිර්නායකයක් තියනවා එකක් කිව්වට එකක්මත් නෙමෙයි…. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිද්ධ වෙන්නේ බොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් සිව්දෙනෙක් අතින් ඔවුන් නමින් Anurag Kashyap, Zoya Akhtar, Dibakar Banerjee, සහ Karan Johar ඉතින් තවත් මොනවා කියන්න ද? හින්දි පිස්සෙක් නොවෙන මමත් මේ මිනිස්සු ගැන අහලා තියනවා… ඉතින් මේ උදවියම තමයි කලින් වතාවෙත් අධ්‍යක්ෂණය වෙනුවෙන් දායක වෙලා තියෙන්නේ… මේ නිර්මාණය තුල ඉන්දියානු සමාජයේ ලිංගිකත්වය සහ කාන්තාව කියන කාරණා කතාබහ වෙන චිත්‍රපට හතරක් තියනවා.. එකිනෙකට වෙනස්, වෙනස් පසුතල තුල ඉදගෙන එක එක සමාජ පන්ති සහ තරාතිරම් එක්ක කාන්තාව සහ ඔවුන්ගේ ලිංගික ජීවිතය සිමාවෙන මායිම ගැන කතා කරන මේ නිර්මාණය වෙනුවෙන් තිරයේ අපි දකින පිරිසත් බොහොම ප්‍රසිද්ධයි…

මුල් කතාව වෙනුවෙන් Anurag Kashyap අධ්‍යක්ෂණයෙන් දායක වෙන අතරේ ඒ වෙනුවෙන් Radhika Apte තමයි ප්‍රධාන චරිතයට පන පොවමින් අපේ සිත් හොරා ගන්නේ. අයගේ කතාව අසම්මත වගේම ටිකක් විනෝදයට බර කතාවක්…. වෘත්තියෙන් ගුරුවරියක් වෙන ඇය තමුන්ගේම පන්තියේ ශිෂ්‍යයෙක් එක්ක ගතකරපු රාත්‍රියක් වටා ගෙතෙන මේ කතාන්දරය තුල පිරිමින්ට පමණයි කිව්ව සිමා බිදගෙන යන හැටි වගේම තමුන්ගේම කියල ආත්මාර්ථකාමී කෝණයකින් ඇය ඔහුව අයිති කරගන්න හදන හැටිත්, ඔහු ලං වෙන මොහොතේ ඔහුව දුරස් කරන හැටිත් දැකගත හැකි වේවි… මේ තමයි පුද්ගලිකවම මම දෙවනියට කැමති කතාව…

දෙවැනි කතාන්දරය Zoya Akhtar අතින් තමයි නිර්මාණය වෙන්නේ මේ තුල ඔබට දැකගන්නට ලැබෙයි Bhumi Pednekar සහ Neil Bhoopalam ප්‍රධාන චරිත හැටියට. කතාව මෙහෙමයි සුධා මුම්බායි නගරයේ නිවහනක මෙහෙකාරියක් මේ නිසාවෙ තරුණ පුතා එක්ක ඇයගේ සම්බන්ධයක් තියනවා නමුත් පෙනෙන හැටියට ඔහුට එය තවත් එක දෙයක් පමණයි දෙමව්පියන් මේ නිවහනට එන්නේ ඔහුගේ අනාගත සහකාරිය එක්ක ඔහුගේ විවාහය එකලාසයක් කිරීම වෙනුවෙන්… ඉතින් තමුන් ආදරය කරන මිනිසා, තමුන්ගේ පිරිසිදුකම හොරාගත් මිනිසා වෙනත් ගැහැණියෙකුට අයිති වෙන මොහොතක ඇය මේ සියල්ල දෙස බලා ඉන්න හැටි එහෙම වෙන්න හේතු වෙන දේ ගැන කතා වෙන මේ කතාන්දරයත් බොහොම අපූරුයි…

තෙවැනි කතාව Dibakar Banerjee ගේ අධ්‍යක්ෂණයක් මෙහි නම් ඔබ දකින්නේ වැඩිය අහලා නැති නිලියක් කියන්න පුළුවන් ඇය නමින්… Manisha Koirala (මතකද දන්නේ නැහැ….) ඇයත් එක්ක Jaideep Ahlawat සහ Sanjay Kapoor තමයි රංගනයෙන් දායක වෙන්නේ… රීනා දෙදරු මවක් නමුත් ව්‍යාපාර වෙනුවෙන් අවධානය යොමු කරනා තමුන්ගේ සැමියා එක්ක කලකිරීමෙන් ඉන්න ඇය ඇසුරක් ආරම්භ කරන්නේ ඔහුගේම හොඳම මිතුරා එක්කයි…. කොටින්ම තමුන්ගේ බිරිද ගෙදර නැති බව දැනගත් සල්මාන් ඇමතුමක් අරගෙන පැමිණිලි කරන්නේ ඔහුගේම මිතුරාට ඒ තමුන්ගේ බිරිද ඔහු එක්ක බව නොදැන… ඉතින් ආදරයෙන් එහා ගිය පවුල් ජිවිතයක් ගැන කියවෙන මේ කතාව අමුතුම කතාවක් මොකද මේ තුල ඔබ දකින අවසාන තීරණය ගැන මට නම් තවමත් හරි අවබෝධයක් නැහැ කියන්නට හැකි.

සිව්වැනි කතාව තමයි මම කැමතිම කොටස… මෙහි අධ්‍යක්ෂණය විශිෂ්ඨ Karan Johar ගෙන්… තිරයේ දකින මුහුණු වෙන්නේ අති සුරූපි Kiara Advani ?? සහ Vicky Kaushal වගේම සරාගී Neha Dhupia. මෙගා පාසල් ගුරුවරියක් බාලිකා පාසලක කුඩා කල ඉදලම උගත් ඇය පිරිමි ඇසුරක් ගැන හාංකවිසියක් නොදන්නා ලැජ්ජාකාර තරුණියක්… කොහොම නමුත් ඇයට විවාහ වෙන්නට කතා කරගෙන උන් තරුණයාත් පිරිමි පාසලක උගත් ඒ වගේම ලැජ්ජාකාරයෙක්… තරුණ ජිවිතයේ බලාපොරොත්තු පොදියක් එක්ක විවාහ වෙන මේ සුරුපිනියට තමුන් බලාපොරොත්තු දේ නම් ලැබෙන්නේ නැහැ ඒ වෙනුවට ඇයට සිද්ධ වෙනවා තත්පර 5 කට කොටු වෙන්න… බැලුවොත් ඔබට තේරෙයි මම මේ කියන තත්පර පහේ කතාව… ??? ඉතින් මේ නිසා ඇය වෙනත් යමක් වෙන තමුන්ගේ අවදානය යොමු කරන්නේ මහා අකරතැබ්බයක් අවසානය කරමින්…. ඉතින් ඒ මොකක්ද කියන එකත් ඔබට දැකගත හැකි වේවි මේ සිනමා නිර්මාණයට අවස්ථාවක් ලබා දුන්නොත්….

2018 වසරේ ජූනි 15 වැනිදා Netflix මගින් බෙදාහරින ලද මේ නිර්මාණය මිනිත්තු 120 ක කාල සීමාවක් පුරා දිවයන්නක්…. ලබාගන්නට සමත් වෙලා තියන IMDB අගය 6.9 ක්රෝටන් ටෝමාටෝ අගය 100% වගේ ලොකු අගයක්… මොකක් වෙනුවෙන් නොබැලුවත් කරන් ජොහාර්ගේ අවසාන නිර්මාණය වෙනුවෙන් බලන්න කියලා අරාධනා කරනවා… මොකද ඒ නිර්මාණය තුල විහිළුවෙන් ගලා යන ගතයුත්තක් බොහොම අගේට තියනවා…

ඉතින් විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන සිසිල සහෝට මේක කරන්න උනන්දු කලාට මේ නිර්මාණයේ උපසිරස බලලා හින්දි දෙබස් හරි වැරදි බලලා මට උදව් කලාට… ඉතින් එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු එතෙක් ඔබට ජය වේවා !!!

ගැහැණියෙකුගේ ආශාව ළමයෙක් විතරක්ම නෙමෙයි.

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ සමීර කරුණාරත්න සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lust Stories (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/lust-stories-2018-sinhala-subtitles/feed/ 1